Saturday, February 27, 2016

1660 නැගෙනහිර බලය කාටද? නොක්ස්ගේ සාක්කිය

දෙමළ ජාතිවාදියෙකුගේ ප්‍රකාශයකට උත්තර දීම සදහා මීට පෙර වෙන්වුනු බ්ලොග් පෝස්ට් දෙකට පසුව වෙනත් මාතෘකාවක් ගැන ලිවීමට සිතා සිටිමුත් මෙවරද ඒ ගැනම කතා කල යුතු යැයි සිතුනේ එම පෝස්ටු දෙකින් භූමිතෙල් ගෑවුනු ගැරඩි රැලක් මෙන් ප්‍රකෝප වූ දෙමළ ජාතිවාදයේ වහලුන් රැලක් නොයෙකුත් තැන් වල මට සහ මෙම බ්ලොග් අඩවියට එල්ලකරන ප්‍රහාර දැකීමෙන් පසුවය. විවිධ නම් වලින් පෙනී සිටියද මෙම වහලුන් රැල බොහෝ විට විවිධ නම් භාවිතා කරන එකම පිරිසකි. ඔවුන් තම ගොඩ වැඩි කරගැනීම සඳහා විවිධ නම් වලින් පෙනී සිටී. මෙම බ්ලොග් අඩවියේ පලවන දේවල අන්ත්‍රගතය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට තරම් දැනුමක් නොමැති මෙම පිරිස කරනුයේ වර්තමාන දේශපාලනය සම්බන්ධව මෙහි සදහන් වන කෑලි අහුලාගෙන ඔවුන්ගේ සුපුරුදු සටන් පාඨය එනම් 'මහින්ද හොරා' ,'ගෝඨාභය මිනීමරුවා' ගැන පමණක්ම කියවීමය. ඔවුන් නොදන්නව උනාට මේ නරුම පාලනය බලයට ගෙන ඒමට සිය චන්දය භාවිතා කර දැන් සන්තාප වන බහුතරයකට මේවා දැන් පිලුනු වූ සටන් පාඨය. ඔවුන් එදිනෙදා විරෝධතා දක්වන්නේ තමුන්ගේ වී ටිකට රුපියල් 20 ක වත් අවම මිලක් ලබාගැනීමටය, නැති කල පොහොර සහනාධාරය ලබාගැනීමටය, කුණුකොල්ලයට විකිනෙන තේ වලට රබර් වලට සාධාරණ මිලක් ලබාගැනීමටය, තම රැකියා නුදුරු දිනයේදි එන ඉන්දියානු කල්ලතෝනින්ගෙන් බේරාගැනීමටය, උපාධියට සරිලන රැකියාවක් ලබාගැනීමටය. කුලියට ලියන්නන්ට නම් මේ කිසිදු ප්‍රශ්නයක් නැත. තමුන් බලයට ගෙනා රජය රැක ගැනීමට නම් ඔවුන් නිරන්තරයෙන් කුණු සේදිය යුතුය. ඒ සඳහා ඔවුන්ට ගෙවීම්ද ලැබෙනවාය.  මෙම එක් අපතයෙකුට අනුව මා විමල් විරවංශගෙන් ලැප්ටොප් ගෙන රැකියාවට මේවා ලියනවාය. ඉහල මධ්‍යම පාන්තික ආදායමක් ලබන මට මේ හිඟන්නන්ට මෙන් එක එකාගෙන් ලැප්ටොප් ගෙන කුලියට ලිවීමේ අවශ්‍යතාවයක් නැති බව පමණක් පවසමි.

කෙටියෙන් පැවසිය යුත්තේ තවලම යන කොට බල්ලෝ බිරුවත් තවලම නවතින්නේ නැති බවය. ඒ අතරම සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ මෙහි පලවන පෝස්ටු වලට කොමන්ටු ගොඩක් දාගැනීමේ බොලඳ මානසිකත්වයක් මා තුල නැති බැවින් අන්තර්ගතයට අදාල නොවන කිසිම කොමන්ටුවක් මෙහි පලනොවන අතර අන්තර්ගතය සම්බන්ධ ඕනෑම විවෙචනයක් සදහා මෙහි ඉඩ විවරව ඇති බවය. ඇතැම් විට එම පෙන්වා දෙන කරුණු අනුව අන්තර්ගතය වුවද වෙනස් කිරීමට මා සූදානම් බවය. මා නොදන්නා මා ඉදිරිපත් කරන මාතෘකාවට අදාල කරුණු තිබිය හැකි අතර මා ඉදිරිපත් කරන කරුණුද ඇතැම්විට වැරදි විය හැක.  ඒවා පෙන්වා දෙන්නන්ට මෙහි ඉඩ කඩ විවරව ඇත. ඊට අමතරව කුලියට ලියන ලියන අප්පුලාගේ මෝඩ කොමන්ටු වලට උත්තර දිදී සිටීමට කාලයක් හෝ අව්ශ්‍යතාවයක් මට නොමැති බැවින් ඒවා පල කිරීමෙන් වැලකී සිටිමි

යාපනය අර්ධද්වීපයේ පෘතුගීසීන් පැමිනෙන විට කුඩා කොටසක තිබූ අර්ධ ස්වාධීන පාලනය මුළු උතුරු නැගෙනහිරම තිබූ බවට මතවාද ගොඩ නගන ඊලාම්වාදීන් අමතක කරන තවත් එක් කරුණක් ගැන පමණක් පවසා තාවකාලිකව මෙම මාතෘකාවෙන් බැහැරව යාමට බලාපොරොත්තු වෙමි. එනම් දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේදි කන්ද උඩරට රාජ්‍යයේ සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් සම්බන්ධ විස්තරයයි.

නොක්ස් පවසන පරිදි කුණාටුවකට අසුවී අබලන් වූ ඔවුන්ගේ නැව පිලිසකර කර ගැනීම සඳහා නැගෙනහිර වෙරලේ වූ කොට්ටියාර් (Cotiar එනම් ත්‍රිකුණාමලය ) වරායට පැමිනෙන ඔවුන්ව සිරකරුවන් ලෙස කන්ද උඩරටට රැගෙන යන්නේ කන්ද උඩරට පාලකයා විසින් එවූ දිසාවේ කෙනෙකි. මෙ කොක්ස්ගේ ඒ සම්බන්ධ සටහනයි. "මේ වන විට රටේ රජතුමාට (King of the country) අප මෙහි සිටින බව සැලවී තිබුණි. මා හිතන්නේ අපගේ පැමිනීමේ අරමුණ සම්බන්ධව මේ වනතෙක් පණිවිඩයක් යවා ඔහුව දැනුවත් නොකිරීම පිළිබඳව ඔහු සැක පහල කරන්නට ඇත. එනිසා ඔහු දිසාවේ වරයෙකු සේනාව සමග (Dissauva or General with his army) අප වෙත එවීය..."

නැගෙනහිර පලාතේද ඉංග්‍රීසීන් එනවිට තිබුනායයි ඊලාම්වාදීන් පවසන දෙමළ රාජ්‍යය තිබුණා නම් කන්ද උඩරට පාලකයා කොට්ටියර් වරායට එන නොක්ස් ඇතුළු පිරිස රැගෙන ඒමට දිසාවේ කෙනෙක් එවන්නේ කෙසේද? මේ සිදුවීම සිදුවෙන්නේ 1660 අප්‍රියෙල් මාසයේදිය.

මූලාශ්‍ර

An Historical Relation of the island Ceylon, by Robert Knox together with his autobiography, Edited by J.H.O. Paulusz, Volume II, Second Edition 1989, (First edition -1681)

No comments:

Post a Comment