"පස්වරු 8 ට පමණ අධිකාරම්ගේ හිතවතෙකු වන හියඹලාපිටියේ මොහොට්ටාල කඳවුරට පැමිණ මාගේ සුවදුක් විමසා බලා සිය හිතවත් බව මා වෙත සැලකිරීම සඳහා අධිකාරම් විසින් ඔහුව එවූ බව පවසා, අපි කන්ද තරණය කිරීමට අදහස් කරන දිනය විමසා සිටියහ. මක් නිසාද යත් එවිට ඔහුට (අධිකාරමට) රජු සමග ඇති සම්බන්ධය නවතා වහාම හතර කෝරලයේ ජනතාව සමග අප හා එක් වීමට හැකි බැවිනි."
1815 පෙබරවාරි 2 වෙනි දින කන්ද උඩරට සිංහලේ බලය යටපත් කරගැනීමේ අරමුණින් බලන කඩවත පාමුල ගණේතැන්නේ කඳවුරු ලා සිටි ඉංග්‍රීසි හමුදා වෙතට එවකට පලමු අධිකාරම් දූරයට අමතරව රජුගෙන් තුන් කෝරල, සතර කෝරල සහ සබරගමුව දිසාවන්ද ලබා සිටි මොල්ලිගොඩගේ පණිවිඩ කරුවෙකු පැමිණ සැල කල දේ, 1815 සිංහලේ යටත් කරගැනිමේ මහා මොළකරු වූ ජෝන් ඩොයිලි සිය දිනපොතේ සටහන් කර තබන්නේ එලෙසිනි. ඔහු කියූ අයුරින්ම කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිවම කන්ද තරණය කර, බලන කොටුව පසු කර ගන්නොරුව හරහා සෙංකඩගල පුරවරය අල්ලාගැනීමට ඊට දින කිහිපයකට පසු ඉංග්‍රීසි හමුදාවන්ට හැකිවිය.
පෙබරවාරි 28 වන දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතභාර ලේඛම්ට යවන රහස් ලිපියකද මොල්ලිගොඩගේ මෙම පොරොන්දුව ගැන සඳහන් කරන අතර ඔහු පවසන අයුරින් ඔහුට ඉංග්‍රිසීන් සහ එක් නොවීමට ඇති එකම බාදාව ඒ වන විටත් මහනුවර රජුගේ බල ප්‍රදේශයේ සිටින සිය අඹු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව පමණක් බවය. ඉංග්‍රිසීන් නුවර ආසන්නයට පැමිණිවිට රජු පලා ගිය පසු ඔවුන්ටද පලා ඒමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවද එතෙක් ඉංග්‍රීසි හමුදාවන්ට කිසිදු හානියක් නොකර හිස් වෙඩි පමණක් තබන බවට මොල්ලිගොඩ අධිකාරම පොරොන්දු වූ බවද ආණ්ඩුකාරවරයාද එම ලිපියේ සඳහන් කරයි. ඔහු කියූ අයුරින්ම ක්‍රියා කල බවද හෙතෙම අවසානයේ පවසයි (He afterward faithfully kept his words)
ඩොයිලිට පොරොන්දු වූ පරිදිම මොල්ලිගොඩ අධිකාරම පෙබරවාරි 8 වන දින හතර කෝරලයේ කොඩිය, ලේඛම් මිටිය සහ අනෙකුත් කොරල ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ පැමිණ ඩොයිලි හමුවේ සිය පාවාදීම ස්ථිර කරනුයේ ඒ වන විට ඔහුගේ අඹුදරුවන් සාර්ථක ලෙස රජුගේ බල ප්‍රදේශයෙන් නික්මුනු බව සැලවීමත් සමගය.
කලගුණ දත් ඉංග්‍රීසීන් මාර්තු 2 වෙනි දින උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මොල්ලිගොඩ පලමු අධිකාරම් ලෙස පත් කරයි.
වැඩිකල් නොගොස්ම තමන් රැවටුන බව තේරුම් ගත් ඉංග්‍රීසීන්ගේ කර පිටින් ගොස් බලය ලබාගැනීමට තැත් කල ඇහැලේපොල ඇතුළු සිංහල රදලයන් 1818 නිදහස් අරගලයට අඩු වැඩි වශයෙන් නායකත්වය දුන් මුත් මොල්ලිගොඩ එයට එක්නොවූ අතර තම බල ප්‍රදේශය වූ සතර කොරලයේ ජනතාව එයට එක්වීමෙන්ද වලක්වාලූහ. නැවතත් කලගුණ සැලකූ ඉංග්‍රිසීන් ඔහුට මසකට රික්ස් ඩොලර් 200 ක මාසික විශ්‍රාම වැටුපක්ද සහිතව පල්ලේගම්පහේ මහා අධිකරම් සහ සතර කෝරලයේ දිසාව යන තනතුරුවලට අමතරව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සහ මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයද පිරිනැමූහ.
රජු සමග එකට සිටිමින්ම, පුස් වෙඩි පත්තුකරමින් එදා මොල්ලිගොඩලා සුද්දට පාවාදීමේන් බිලි දුන්නේ සිංහලේ අවසාන රජුව නොව මුලු මහත් තුන් සිංහලයමය. ඉන් වසර 200 ක් ඉක්මවූ පසු 2015 දී මෙදා 'මොල්ලිගොඩලා' එකට ආප්ප කමින් සිටි බවට කට මැත දොඩවමින් ගොස් බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේද පෙර සිටි පාලකයන්ව නොව මුලු මහත් ශ්‍රි ලංකාවමය.
History repeats itself, first as tragedy, then as farce. - Karl Marx
වර්තමානයේ අප ඉතිහාසයේ ඒ විකාරරූපි (farce) පුනරාවර්තන විදිමින් සිටිමු. මාර්ක්ස් බොනපාට්වාදයට අදාලව කියූ පරිදි නොවී වසර 200 කට පසුවද මෙරටදී එය ඛේදාන්තයක්ම (tragedy) වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මක් නිසාද යත් මේ දිවයින වනාහී මේ ලෝකයේ වෙන කොහේවත් සිදු නොවන ආකාරයේ සිදුවීම් සිදුවන අරුම පුදුම මිනිසුන් වෙසෙන රටක් බැවිනි.
මූලාශ්‍ර
| සිංහලේ අවසාන රජුගේ කිරුල |
"මාගේ විමසීම් වලට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ අධිකාරම් පෙර දිනයේ අලුත්නුවර ආසන්නයේ සිටි බවත් අපට පෙර දින ඇසුන වෙඩි හඬවල් කිහිපය අපට පහර දෙන බවට බලන කොටුවට හැඟවීමේ අරමුණින් පමණක් කල බවත් අධිකාරම් කිසි විටකත් අපගේ හමුදාවන්ට පහර දීමට අවිගත් බල සේනා අපගේ පෙරමඟට යොදවන්නේ හෝ අපගේ කඳවුරු වලට එවන්නේ නැති බවත්, හිස් වෙඩි පමණක් පෙර දිනයේ මෙන් විටින් විට පත්තු කරනුයේ ඔහු රජුට පක්ෂපාතී බව පෙන්වීමට සහ අපට පහර දෙන බව රජුට හැඟවීමට පමණක් බවත්ය."
1815 පෙබරවාරි 2 වෙනි දින කන්ද උඩරට සිංහලේ බලය යටපත් කරගැනීමේ අරමුණින් බලන කඩවත පාමුල ගණේතැන්නේ කඳවුරු ලා සිටි ඉංග්‍රීසි හමුදා වෙතට එවකට පලමු අධිකාරම් දූරයට අමතරව රජුගෙන් තුන් කෝරල, සතර කෝරල සහ සබරගමුව දිසාවන්ද ලබා සිටි මොල්ලිගොඩගේ පණිවිඩ කරුවෙකු පැමිණ සැල කල දේ, 1815 සිංහලේ යටත් කරගැනිමේ මහා මොළකරු වූ ජෝන් ඩොයිලි සිය දිනපොතේ සටහන් කර තබන්නේ එලෙසිනි. ඔහු කියූ අයුරින්ම කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිවම කන්ද තරණය කර, බලන කොටුව පසු කර ගන්නොරුව හරහා සෙංකඩගල පුරවරය අල්ලාගැනීමට ඊට දින කිහිපයකට පසු ඉංග්‍රීසි හමුදාවන්ට හැකිවිය.
| සිංහලේ අවසාන රජුගේ සිහසුන |
ඩොයිලිට පොරොන්දු වූ පරිදිම මොල්ලිගොඩ අධිකාරම පෙබරවාරි 8 වන දින හතර කෝරලයේ කොඩිය, ලේඛම් මිටිය සහ අනෙකුත් කොරල ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ පැමිණ ඩොයිලි හමුවේ සිය පාවාදීම ස්ථිර කරනුයේ ඒ වන විට ඔහුගේ අඹුදරුවන් සාර්ථක ලෙස රජුගේ බල ප්‍රදේශයෙන් නික්මුනු බව සැලවීමත් සමගය.
කලගුණ දත් ඉංග්‍රීසීන් මාර්තු 2 වෙනි දින උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මොල්ලිගොඩ පලමු අධිකාරම් ලෙස පත් කරයි.
වැඩිකල් නොගොස්ම තමන් රැවටුන බව තේරුම් ගත් ඉංග්‍රීසීන්ගේ කර පිටින් ගොස් බලය ලබාගැනීමට තැත් කල ඇහැලේපොල ඇතුළු සිංහල රදලයන් 1818 නිදහස් අරගලයට අඩු වැඩි වශයෙන් නායකත්වය දුන් මුත් මොල්ලිගොඩ එයට එක්නොවූ අතර තම බල ප්‍රදේශය වූ සතර කොරලයේ ජනතාව එයට එක්වීමෙන්ද වලක්වාලූහ. නැවතත් කලගුණ සැලකූ ඉංග්‍රිසීන් ඔහුට මසකට රික්ස් ඩොලර් 200 ක මාසික විශ්‍රාම වැටුපක්ද සහිතව පල්ලේගම්පහේ මහා අධිකරම් සහ සතර කෝරලයේ දිසාව යන තනතුරුවලට අමතරව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සහ මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයද පිරිනැමූහ.
රජු සමග එකට සිටිමින්ම, පුස් වෙඩි පත්තුකරමින් එදා මොල්ලිගොඩලා සුද්දට පාවාදීමේන් බිලි දුන්නේ සිංහලේ අවසාන රජුව නොව මුලු මහත් තුන් සිංහලයමය. ඉන් වසර 200 ක් ඉක්මවූ පසු 2015 දී මෙදා 'මොල්ලිගොඩලා' එකට ආප්ප කමින් සිටි බවට කට මැත දොඩවමින් ගොස් බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේද පෙර සිටි පාලකයන්ව නොව මුලු මහත් ශ්‍රි ලංකාවමය.
History repeats itself, first as tragedy, then as farce. - Karl Marx
වර්තමානයේ අප ඉතිහාසයේ ඒ විකාරරූපි (farce) පුනරාවර්තන විදිමින් සිටිමු. මාර්ක්ස් බොනපාට්වාදයට අදාලව කියූ පරිදි නොවී වසර 200 කට පසුවද මෙරටදී එය ඛේදාන්තයක්ම (tragedy) වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මක් නිසාද යත් මේ දිවයින වනාහී මේ ලෝකයේ වෙන කොහේවත් සිදු නොවන ආකාරයේ සිදුවීම් සිදුවන අරුම පුදුම මිනිසුන් වෙසෙන රටක් බැවිනි.
මූලාශ්‍ර
- Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917.
- Sri Wickrema, Brownridgg and Ehelepola, Tennakoon Vimalananda, 1984
- The chieftains in the last phase of the Kandyan kindom (Sinhale), Revised and Enlarged edition, Ananda S. Pilimatalavuva, 2008