රට පර සතුරන්ගෙන් මුදවා ගැනීම, සහ එහි දියුණුව සඳහාම පමනක් සිය කාලය යෙදවූ, අසල්වැසි රටක කුමන්ත්‍රන තුලින් සිහසුන ලද රූකඩ පාලකයන් නොවූ බැවින් රට කල යුතු ආකාරය ගැන නියෝග අන් අයගෙන් නොලැබූ සහ ඒ සඳහා සිය කාලය මිඩංගු කල යුතුව තිබූ බැවින්, එවකට සිටි රජ දරුවන්ට අසභ්‍ය කවි රචනා කිරීමේ වරදට මඩු වලිගෙන් තැලීමට නොහැකි වූ පැරණි කවීන් කිහිප දෙනෙකුගේ නිර්මාණ කිහිපයක් කාලීන වැදගත් කමක් ඇති බැවින් මෙසේ උපුටා දැක්වීමට සිතුනි. මෙවැනි නිර්මානශීලි කවි බෙහෙවින් කෝට්ටේ යුගයේ කල වෙනත් සංදේශ කාව්‍ය වලද එනමුත් කිහිපයක් පමනක් මෙහිදී උපුටා දක්වමි.
මයුර සන්දේශය
ළඳුන් කැකුළු තන පට බැම්මකින් යුතේ
එවන් දඟේ දුටුවන්ද බැඳ ලතේ
මෙයින් මිදී මුන් පැලඹුම් ලැබුණ හොතේ
සෙදින් මෙමුළු ලොව වුව බැඳලතී සිතේ
අර්ථය: - ළඳුන්ගේ රෙදි බැම්මකින් යුත් තන එවැනි හිරවීමක සිටත් දුටුවන් බැඳදමන්නේ නම් එයින් මිදී මොවුන් වැජඹීමක් ලදහොත් මේ මුළු ලෝකය වුවත් වහා බැඳදමතියි සිතෙයි
යුගය සහ කතෲ: - ගම්පොල යුගයේ 5 වන බුවනෙකබාහු රජු කල. කවීශ්වර නම් විරුදාවලි ලත් කවියෙකු විසින් කරන ලද බව ඇතැම් පිටපත් වල කියවේ.
තිසර සන්දේශය
ඉන් ගිය කල තගෙ මෙයතුරට රවටන
මෙන් අඟනෝ ඇවිදිති සුරඟන වටන
උන් පියවුරු දුර දැක හසුනැයි නටන
මන් තුටු කර නොලගව මාපාපටන
අර්ථය: - එතැනින් ගිය කල්හි තොපගේ මේ ගමනට විහිළු කරනු මෙන් සුරංගනාවන් බඳු කාන්තාවෝ ඇවිදිති. උන්ගේ පයෝධර දුරදී දැක නටන්නා වූ හංසයනැයි සිතා සතුටු කොට මාපාපටුනෙහි නොලගින්න.
යුගය සහ කතෲ: - කෝට්ටේ යුගයේ 6 වැනි පැරකුම්බා රජු කල යතිවරයෙකු විසින් කල බව සැලකේ. ඇතැම් පිටපත් වලට අනුව වීදාගම හිමියන් විසින් රචිතය
සැළලිහිණි සන්දේශය
සලා දුලා පියොවුරු තඹර රොන් රත
පුලා නිලා උපුලන් ලාගෙන කනත
කලාපිලා නොව ඇල් ගෙවි කෙළින ඉත
බලා පලා යව අස්වන් ගුරුළු කෙත
අර්ථය: - දිලිසෙන්නා වූ පියොවුරු වල රතු නෙළුම් රේනු තවරාගෙන, පිපුනාවූ නිල් මහනෙල් කනෙහි පැලද ගෙන, කෝලාහලයන්ගෙන් පීඩා නොවිද හිතවත්ව ඇල් ගෙවිලියන් ක්‍රීඩා කරන, වපුරන ලද ගුරුළු කෙත බලා වහා යන්න.
යුගය සහ කතෲ: - 6 වැනි පැරකුම්බා රජුගේ කාලයේදි (කෝට්ටේ යුගය ) තොටගමුවේ රාහුල හිමියන් විසින් විරචිතය
ගිරා සන්දේශය
දිය කෙළි වැනුමකදී: -
කෙළනා ලිය පියොවිරු බීත ගැසෙමිනි
විදුනා රළ රොන් වැද වැද වෙසෙසිනි
සොබනා සොලි වුවනත නඳ විලසිනි
රදනා අම කිරණින් පිරි සඳ වැනි
අර්ථය: - ළඳුන්ගේ පියවුරු පෙදෙසේ රළ වැදී සිහින් දිය බිඳු මුහුණට විහිදෙයි. එවිට මුහුණින් රැස් විහිදෙන වැන්න. එමුහුණ අමා කිරණින් බබළන පුන්සඳ වැනි වේ.
යුගය සහ කතෲ: - කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජු කල.
| ධාතුසේන රජුට මඩු වලිගෙන් තලා හදා ගැනීමට බැරිවූ පුත් කාශ්‍යප කරවූ නිර්මාණයක් |