Showing posts with label Rajasinghe II. Show all posts
Showing posts with label Rajasinghe II. Show all posts

Saturday, October 16, 2021

රාසිං දෙවියන්ගේ අටුව බිඳ පුහුල් පහනින් තවමත් පුද ලබන කැලණි මිටියාවතේ රන්වල දෙවියන්

 සීතාවකින් පහල පෙදෙසේ කැලණි ගං දෙගම්බඩ පිහිටි හිඟුරල, මල්වාන, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, රන්වල වැනි ගම්  වල පුහුල් පහන් ලෙසින් හැඳින්වෙන ගොක්කොළ වලින් නිර්මිත මේ සමග ඇති ඡායාරූප වල දැක්වෙන ආකාරයේ සැරසිල්ලක් තුල පහන් දැල්වීම අද දක්වාම දැකිය හැකි සම්ප්‍රදායික චාරිත්‍රයකි. මේ සම්බන්ධව තව දුරටත් විමසිලිමත් වුවහොත් එම පහන් රන්වල දෙවියන් උදෙසා දල්වන බව එම ගම්මුන් පවසනු ඇත. රන්වල දෙවියන් උදෙසා වූ දේවාල කිහිපයක්ද මේ ප්‍රදේශ වල හමුවේ. මෙරට බොහෝ පැරණි ගම් පිහිටි ප්‍රදේශ වල එම පෙදෙස් වලටම ආවේනික වූ ප්‍රාදේශීය දෙවිවරුන් වන්දනා මාන කිරීම දැකිය හැකි අතර එම දෙවිවරුන්ගේ උප්පත්තිය අලලා ගෙතුණු විචිත්‍ර ජන කතාද අසන්නට ලැබේ. මේ රන්වල දෙවියන් බිහිවූ ආකාරය පිළිබඳ වූ කතන්දරයයි. උපුටා ගැනීම මහාචාර්ය කේ. එන්.ඕ ධර්මදාස සහ එච්. එම්. එස් තුන්දෙනිය මහතුන් විසින් රචිත සිංහල දේව පුරානය ග්‍රන්ථයෙනි.  

රන්වල නමින් වූ ගමක් වර්තමාන කෑගල්ල නගරය ආසන්නයේද ඇත. රන්වල දෙවියන් සම්බන්ධ වූ එක් ජන කතාවකට අනුව දෙවන රාජසිංහ රජුගේ කාලයේ මෙම ගමේ රජුට අයත් වී අටුවක් තිබී ඇත. එම ගමේ සිටි මිතුරන් දෙදෙනෙකි අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ. ඔවුන් දෙදෙනා දිනක් මෙම වී අටුවෙන් වී සොරාගැනීමක් සිදු කරයි. අද මෙන් නොව එතරම් විශාල පුද්ගලයන් ප්‍රමාණයක් නොසිටි පැරණි සිංහල ගම් වලට එම ගමේ  ගම්මුන්ට රහසේ පිටස්තර ගම් වලින් පුද්ගලයන් පැමිණීම එතරම් පහසු නොවේ. එසේම ගම තුල සිටින ගැමියන්ද ගම තුල සිදු වන ක්‍රියාකාරකම් සහ එකිනෙකාගේ හැසීරිම් ගැන මනා වැටහීමකින් යුතුව සිටි බවට ඓතිහාසික වාර්තා මගින්ද තොරතුරු හෙලිවේ.  එබැවින් මෙම සොරාගැනීම සිදුකලේ අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ යන දෙදෙනා බව කිසිවෙකුටත් රහසක් නොවීය. පත්තෑයම ලෙසින්ද හැඳින්වෙන රජුගේ වී අටුවේ රාජකාරිය සිදුකලේ පත්තෑයමේ ලේකම් විසිනි. ඔහු මේ සිද්දිය රජුට සැල කල පසු රජු සෙංකඩගල පුර සිට ඔවුන් අල්ලා ගැනීම උදෙසා කටුපුල්ලේ රාල සමග පිරිසක් රන්වල ගමට පැමිණීමට පිටත් කරයි. ඔවුන් ගැටඹේ තොටින් නික්මුන ආරංචිය සැල වන අලවතුරේ රාළ සහ ගණේගොඩ රාළ රන්වල ගමින් රහසේ පැනගොස් යටියන්තොට හරහා අවිස්සාවේල්ලට පැමිණ එතැන් සිට උණ ගස් සහ වේවැල් උපයෝගි කරමින් සාදාගන්නා පහුරක නැගී කන්ද උඩරට රාජධානියෙන් තවදුරටත් ඈත් වීම උදෙසා ගඟ පහලට යන අතරේ, අලවතුරේ රාළ එක් ස්ථානයකදීද, ගණේගොඩ රාළ තවදුරටත් ගඟ පහලට ගොස් දන්ගල්ල නම් ගමේදීද පහුරෙන් නික්මෙයි. අලවතුරේ රාළ එම ගමේ තරුණියක් පාවා ගෙන එහි කැළෑ එලි කර නව ගමක් ඉදිකරයි. ඔහුගේ පැමිණීමට පෙර එතරම් සරුසාර ගමක් නොවූ එය කෙටිකලකින්ම දියුණු ගම්මානයක් බවට පත්වී ඇත. තමා පැමිණි රන්වල ගමේ නමම එම ගමටත් තැබීමට අලවතුරේ රාළ ක්‍රියා කර ඇති අතර ඔහු එම ගමේ බොහෝ ගරු බුහුමණට පාත්‍ර වූ පුද්ගලයෙක් බවට පත්ව, කලකින් මිය පරලොව ගියහ. ඉක්බිති ගම්මුන් ඔහුට දේවාලයක් තනා දේවත්වයට පත් කලහ. රන්වල දෙවියන් ලෙසින් හැඳින්වූ එම දෙවියන් කැලණි ගඟට අරක් ගත් දෙවියන් ලෙසින්ද එම ප්‍රදේශ වල පිළිගැනේ. 

රන්වල දේව උප්පතිය සම්බන්ධ වූ තවත් කතාවකට අනුව රන්වල ගමේ සිටි මිතුරන් දෙදෙනා අස්වාන් රාළ සහ රන්කිරි රාළ නම් වේ. ඔවුන් දෙදෙනාගේ රාජකාරිය වී ඇත්තේ රජුට අයත් පත්තෑයම හෙවත් වී අටුව බලාගැනීමය. එහෙත් ඔවුන් දෙදෙනා කෙරෙහි ඊර්ෂ්‍යා කල පිරිසක් එම අටුවට ගිනි තබා ඒ බව මහ වාසලට දන්වා තිබේ. රජතුමා ඔවුන්ට දඩුවම් කිරීමට යන ආරංචිය කෝහල්පිරි රාළ  නම් පුද්ගලයෙකුගෙන් දැනගන්නා ඔවුන් දෙදෙනා රහසේ ගමින් නික්මී අරන්දරට පැමිණ පහුරු දෙකක් තනා ගුරුගොඩ ඔය දිගේ පහලට පැමිණ ඇත. අතරමගදී ගඟ බඩ සිට ගී කියන කතකගේ ගී රාවයක් ඇසී ඇය සමග පිළිතුරු ගී කියා ගන්නා අස්වාන් රාළ ඇයගේ ගී හඩට වශී වී එම ගමින් ගමන නතර කරන මුත්, රන්කිරි රාළ තව දුරටත් ගඟ පහලට ගොස් සියනෑ කෝරළයේ ගිරිදර නම් ගමේ නතර වේ. අස්වාන් රාළ ගී ගැයූ තරුණිය සමග ඇයගේ නිවසට යන මුත් ඇයගේ මව්පියන් ඔවුන් ප්‍රතික්ශේප කරන හෙයින්, ඔවුන් අසල පිහිටි දන්ගොල්ල නම් ගමේ ලැගුම් බිම නම් ගල් ලෙනක වාසය කරමින් හේන් ගොවිතැන් කිරීමට පටන් ගනී. ජන කතාවට අනුව අද හේනේ ගම ලෙසින් හැඳින්වෙන්නේ එම බිමයි. අස්වන් වෙල ලෙසින් අද හැඳින්වෙන්නෙ ඔවුන්ගේ කුඹුරු වේ. නමුත් කෙටි කලකින් යුග දිවිය අත් හරින අස්වන් රාළ කැලණි ගඟ බඩ අසපුවක් ඉදිකරගෙන එහි වාසය කරයි. හෙතෙම තම අසපුව වටා රාත්‍රියේ පහන් දැල්වීම සිරිතක් කරගනී. එම පහන් ගඟේ ඉහල පහල යන පාරුකරුවන්ට පහසුවක් වී ඇත. එනිසා අස්වන් රාළ මියගිය පසුද එම පහන් දැල්වීම පාරු කරුවන් සහ අසල්වැසියන් නොකඩවා සිදු කර ඇත. එසේම ඒ අසල වූ තොටුපොළ භාරකරුවන්ද එය නොකඩවා සිදු කර ඇත. එසේම එම තොටුපොල භාරකරු වෙත පැමිණි පොඩියා නම් ද්‍රවිඩ ජාතිකයෙකුද එම චාරිත්‍රය නොකඩවා සිදු කර ඇත. පසුව අවිස්සාවේල්ල දුම්රිය මාර්ගය ඉදිවීමත් සමග පහන් දල්වන ස්ථානය මහාමාර්ගය අසලට ගෙන ගොස් ඇත. 



Saturday, February 27, 2016

1660 නැගෙනහිර බලය කාටද? නොක්ස්ගේ සාක්කිය

දෙමළ ජාතිවාදියෙකුගේ ප්‍රකාශයකට උත්තර දීම සදහා මීට පෙර වෙන්වුනු බ්ලොග් පෝස්ට් දෙකට පසුව වෙනත් මාතෘකාවක් ගැන ලිවීමට සිතා සිටිමුත් මෙවරද ඒ ගැනම කතා කල යුතු යැයි සිතුනේ එම පෝස්ටු දෙකින් භූමිතෙල් ගෑවුනු ගැරඩි රැලක් මෙන් ප්‍රකෝප වූ දෙමළ ජාතිවාදයේ වහලුන් රැලක් නොයෙකුත් තැන් වල මට සහ මෙම බ්ලොග් අඩවියට එල්ලකරන ප්‍රහාර දැකීමෙන් පසුවය. විවිධ නම් වලින් පෙනී සිටියද මෙම වහලුන් රැල බොහෝ විට විවිධ නම් භාවිතා කරන එකම පිරිසකි. ඔවුන් තම ගොඩ වැඩි කරගැනීම සඳහා විවිධ නම් වලින් පෙනී සිටී. මෙම බ්ලොග් අඩවියේ පලවන දේවල අන්ත්‍රගතය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට තරම් දැනුමක් නොමැති මෙම පිරිස කරනුයේ වර්තමාන දේශපාලනය සම්බන්ධව මෙහි සදහන් වන කෑලි අහුලාගෙන ඔවුන්ගේ සුපුරුදු සටන් පාඨය එනම් 'මහින්ද හොරා' ,'ගෝඨාභය මිනීමරුවා' ගැන පමණක්ම කියවීමය. ඔවුන් නොදන්නව උනාට මේ නරුම පාලනය බලයට ගෙන ඒමට සිය චන්දය භාවිතා කර දැන් සන්තාප වන බහුතරයකට මේවා දැන් පිලුනු වූ සටන් පාඨය. ඔවුන් එදිනෙදා විරෝධතා දක්වන්නේ තමුන්ගේ වී ටිකට රුපියල් 20 ක වත් අවම මිලක් ලබාගැනීමටය, නැති කල පොහොර සහනාධාරය ලබාගැනීමටය, කුණුකොල්ලයට විකිනෙන තේ වලට රබර් වලට සාධාරණ මිලක් ලබාගැනීමටය, තම රැකියා නුදුරු දිනයේදි එන ඉන්දියානු කල්ලතෝනින්ගෙන් බේරාගැනීමටය, උපාධියට සරිලන රැකියාවක් ලබාගැනීමටය. කුලියට ලියන්නන්ට නම් මේ කිසිදු ප්‍රශ්නයක් නැත. තමුන් බලයට ගෙනා රජය රැක ගැනීමට නම් ඔවුන් නිරන්තරයෙන් කුණු සේදිය යුතුය. ඒ සඳහා ඔවුන්ට ගෙවීම්ද ලැබෙනවාය.  මෙම එක් අපතයෙකුට අනුව මා විමල් විරවංශගෙන් ලැප්ටොප් ගෙන රැකියාවට මේවා ලියනවාය. ඉහල මධ්‍යම පාන්තික ආදායමක් ලබන මට මේ හිඟන්නන්ට මෙන් එක එකාගෙන් ලැප්ටොප් ගෙන කුලියට ලිවීමේ අවශ්‍යතාවයක් නැති බව පමණක් පවසමි.

කෙටියෙන් පැවසිය යුත්තේ තවලම යන කොට බල්ලෝ බිරුවත් තවලම නවතින්නේ නැති බවය. ඒ අතරම සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ මෙහි පලවන පෝස්ටු වලට කොමන්ටු ගොඩක් දාගැනීමේ බොලඳ මානසිකත්වයක් මා තුල නැති බැවින් අන්තර්ගතයට අදාල නොවන කිසිම කොමන්ටුවක් මෙහි පලනොවන අතර අන්තර්ගතය සම්බන්ධ ඕනෑම විවෙචනයක් සදහා මෙහි ඉඩ විවරව ඇති බවය. ඇතැම් විට එම පෙන්වා දෙන කරුණු අනුව අන්තර්ගතය වුවද වෙනස් කිරීමට මා සූදානම් බවය. මා නොදන්නා මා ඉදිරිපත් කරන මාතෘකාවට අදාල කරුණු තිබිය හැකි අතර මා ඉදිරිපත් කරන කරුණුද ඇතැම්විට වැරදි විය හැක.  ඒවා පෙන්වා දෙන්නන්ට මෙහි ඉඩ කඩ විවරව ඇත. ඊට අමතරව කුලියට ලියන ලියන අප්පුලාගේ මෝඩ කොමන්ටු වලට උත්තර දිදී සිටීමට කාලයක් හෝ අව්ශ්‍යතාවයක් මට නොමැති බැවින් ඒවා පල කිරීමෙන් වැලකී සිටිමි

යාපනය අර්ධද්වීපයේ පෘතුගීසීන් පැමිනෙන විට කුඩා කොටසක තිබූ අර්ධ ස්වාධීන පාලනය මුළු උතුරු නැගෙනහිරම තිබූ බවට මතවාද ගොඩ නගන ඊලාම්වාදීන් අමතක කරන තවත් එක් කරුණක් ගැන පමණක් පවසා තාවකාලිකව මෙම මාතෘකාවෙන් බැහැරව යාමට බලාපොරොත්තු වෙමි. එනම් දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේදි කන්ද උඩරට රාජ්‍යයේ සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් සම්බන්ධ විස්තරයයි.

නොක්ස් පවසන පරිදි කුණාටුවකට අසුවී අබලන් වූ ඔවුන්ගේ නැව පිලිසකර කර ගැනීම සඳහා නැගෙනහිර වෙරලේ වූ කොට්ටියාර් (Cotiar එනම් ත්‍රිකුණාමලය ) වරායට පැමිනෙන ඔවුන්ව සිරකරුවන් ලෙස කන්ද උඩරටට රැගෙන යන්නේ කන්ද උඩරට පාලකයා විසින් එවූ දිසාවේ කෙනෙකි. මෙ කොක්ස්ගේ ඒ සම්බන්ධ සටහනයි. "මේ වන විට රටේ රජතුමාට (King of the country) අප මෙහි සිටින බව සැලවී තිබුණි. මා හිතන්නේ අපගේ පැමිනීමේ අරමුණ සම්බන්ධව මේ වනතෙක් පණිවිඩයක් යවා ඔහුව දැනුවත් නොකිරීම පිළිබඳව ඔහු සැක පහල කරන්නට ඇත. එනිසා ඔහු දිසාවේ වරයෙකු සේනාව සමග (Dissauva or General with his army) අප වෙත එවීය..."

නැගෙනහිර පලාතේද ඉංග්‍රීසීන් එනවිට තිබුනායයි ඊලාම්වාදීන් පවසන දෙමළ රාජ්‍යය තිබුණා නම් කන්ද උඩරට පාලකයා කොට්ටියර් වරායට එන නොක්ස් ඇතුළු පිරිස රැගෙන ඒමට දිසාවේ කෙනෙක් එවන්නේ කෙසේද? මේ සිදුවීම සිදුවෙන්නේ 1660 අප්‍රියෙල් මාසයේදිය.

මූලාශ්‍ර

An Historical Relation of the island Ceylon, by Robert Knox together with his autobiography, Edited by J.H.O. Paulusz, Volume II, Second Edition 1989, (First edition -1681)