සොළී බල සෙන් පරදවා යලි සිංහල බලය තුන් සිංහලය පුරා පැතිරවූ පළමුවැනි විජයබාහු රජු (ක්‍රි.ව. 1055 - 1110) පිළිබඳව එන මහාවංශ විස්තරයේ ඔහු සිදු කල වෙහෙර විහාර ඉදිකිරීම් සහ ආගමික කටයුතු පිළිබඳව සඳහන් කිරීමේදි සමන්තකූටය හෙවත් ශ්‍රිපාද පුද බිමට අදාලව සිදු කල පුණ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් මෙවන් විස්තරයක් හමුවේ.
"....සමන්තකූටයෙහි ශ්‍රීපාද ලංජනය වඳිනු පිණිස දුර්ගමාර්ගයෙහි යන මිනිස්සු වෙහෙසට පත් නොවෙත්වා යි දන් වැට සඳහා හැල් කෙත් ආදියෙන් යුක්ත වූ ගිලීමලය [නමැති ගම] දුන්නේය. කදලිගාම මාර්ගයෙහිද, හූවරට්ඨ මාර්ගයෙහිද වෙන් වෙන්ව ගම් දී සාලාද කරවීය. රජු "අනාගත රජවරු ඒවා නොගනිත්වායි" අකුරු ලියා ශිලාස්තම්භ පිහිටවීය.."
ගිණිගත්හේන-නාවලපිටිය B319 මාර්ගයේ ගිණිගත්හේන නගරයේ සිට කිලෝමීටර් 5 පමණ දුරකින් ප්‍රධාන මාර්ගයෙන් මදක් ඇතුලට වන්නට පිහිටි අකුරු කෙටූ පාණ නම් වූ කුඩා කඳු ගැටයක පැතලි ගල් දෙකක කොටා ඇති සෙල්ලිපියක් දැනට පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කල ස්ථානයක දැකිය හැක. H.C.P. බෙල් මහතා 1906-1912 වර්ෂ කාල පරාසය තුල පරික්ෂා කල සෙල් ලිපි ලේඛනයේ උඩ බුළත්ගම කොට්ඨාශයේ අඹගමුව කෝරලයට අයත් අඹගමුව [අඹගමුව හරහා වර්ෂ 1819 දී ගමන් කල ජෝන් ඩේවිගේ විස්තරය කියවීමට >> ] ග්‍රාමයේ සිරි සංඝ බෝ විජයබාහු නම සඳහන් (පළමුවන විජයබාහු ලෙස ඔහු නිවැරදිව හඳුනාගන්නා) රජුගේ සෙල් ලිපියක් ගැන සටහනක් හමුවේ. පසු කලක Z. වික්‍රමසිංහ මහතාට ලැබුන එහි පිටපත් කිහිපයක් ආශ්‍රයෙන් ඔහු එය කියවා Epigraphia Zeylanica දෙවෙනි වෙලුමට එම සෙල් ලිපියේ විස්තර පර්යේෂණ පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරයි.
Z. වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන විස්තරයේ (1928) සඳහන් වන පරිදි අඹගමුව ග්‍රාමයේ හස්ති ගල නමැති කඳු මුදුනට නැගෙනහිර දෙසින් පිහිටි අකුරු කෙටූ ගල කන්ද නම් ස්ථානයක මෙම ලිපිය පිහිටා ඇත. පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් එය සන්ක්ලයින් නම් තේ වත්තක් මැද අක්කර කාලක පමණ වන ලැහැබක් තුල අකුරු කෙටූ පාන නමින් ගම්වාසීන් හඳුන්වන තැනක පිහිටි බව 1967 දී පවසයි (දැනට සෙල්ලිපිය හමුවන ස්ථානය අවට ගම්මුන්ගේ නිවාස හමුවන මුත් St. Clive නමැති තේ වත්තක් පැරණි අඟලේ සිතියම් වල මේ ප්‍රදේශයේ ලකුණු කර ඇත.).
මෙම ගිරි ලිපියේ එන වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. මේ සඳහා Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම මෙන්ම මෑතකදි නැවතත් Inscription of Ceylon සයවන වෙලුමට මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා සැපයූ පරිවර්තනයද ආධාර විය.
විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
අඹගමුව සෙල් ලිපියේ සඳහන් වන ඇතැම් තොරතුරු මෙම ලිපියෙහි මුලින්ම ඉදිරිපත් කල මහාවංශ විස්තරය සමග කෙතරම් අපූරුවට ගැලපේද යන්න විමසා බලන්න. මහාවංශයේ කදලිගාම මාර්ගය ලෙස හැඳින්වෙන්නේ කෙලගමුව එනම් වර්තමාන කෙහෙල්ගමුව (පාලියෙන් කදලිගාම) හරහා යන මාර්ගයයි. අඹගමුව සෙල්ලිපිය හමුවන්නේ එම මාර්ගයේය. සෙල්ලිපියේ එය රජරට මාර්ගය ලෙස හඳුන්වා ඇත.
මූලාශ්‍ර
"....සමන්තකූටයෙහි ශ්‍රීපාද ලංජනය වඳිනු පිණිස දුර්ගමාර්ගයෙහි යන මිනිස්සු වෙහෙසට පත් නොවෙත්වා යි දන් වැට සඳහා හැල් කෙත් ආදියෙන් යුක්ත වූ ගිලීමලය [නමැති ගම] දුන්නේය. කදලිගාම මාර්ගයෙහිද, හූවරට්ඨ මාර්ගයෙහිද වෙන් වෙන්ව ගම් දී සාලාද කරවීය. රජු "අනාගත රජවරු ඒවා නොගනිත්වායි" අකුරු ලියා ශිලාස්තම්භ පිහිටවීය.."
ගිණිගත්හේන-නාවලපිටිය B319 මාර්ගයේ ගිණිගත්හේන නගරයේ සිට කිලෝමීටර් 5 පමණ දුරකින් ප්‍රධාන මාර්ගයෙන් මදක් ඇතුලට වන්නට පිහිටි අකුරු කෙටූ පාණ නම් වූ කුඩා කඳු ගැටයක පැතලි ගල් දෙකක කොටා ඇති සෙල්ලිපියක් දැනට පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස නම් කල ස්ථානයක දැකිය හැක. H.C.P. බෙල් මහතා 1906-1912 වර්ෂ කාල පරාසය තුල පරික්ෂා කල සෙල් ලිපි ලේඛනයේ උඩ බුළත්ගම කොට්ඨාශයේ අඹගමුව කෝරලයට අයත් අඹගමුව [අඹගමුව හරහා වර්ෂ 1819 දී ගමන් කල ජෝන් ඩේවිගේ විස්තරය කියවීමට >> ] ග්‍රාමයේ සිරි සංඝ බෝ විජයබාහු නම සඳහන් (පළමුවන විජයබාහු ලෙස ඔහු නිවැරදිව හඳුනාගන්නා) රජුගේ සෙල් ලිපියක් ගැන සටහනක් හමුවේ. පසු කලක Z. වික්‍රමසිංහ මහතාට ලැබුන එහි පිටපත් කිහිපයක් ආශ්‍රයෙන් ඔහු එය කියවා Epigraphia Zeylanica දෙවෙනි වෙලුමට එම සෙල් ලිපියේ විස්තර පර්යේෂණ පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරයි.
Z. වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන විස්තරයේ (1928) සඳහන් වන පරිදි අඹගමුව ග්‍රාමයේ හස්ති ගල නමැති කඳු මුදුනට නැගෙනහිර දෙසින් පිහිටි අකුරු කෙටූ ගල කන්ද නම් ස්ථානයක මෙම ලිපිය පිහිටා ඇත. පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල හිමියන් එය සන්ක්ලයින් නම් තේ වත්තක් මැද අක්කර කාලක පමණ වන ලැහැබක් තුල අකුරු කෙටූ පාන නමින් ගම්වාසීන් හඳුන්වන තැනක පිහිටි බව 1967 දී පවසයි (දැනට සෙල්ලිපිය හමුවන ස්ථානය අවට ගම්මුන්ගේ නිවාස හමුවන මුත් St. Clive නමැති තේ වත්තක් පැරණි අඟලේ සිතියම් වල මේ ප්‍රදේශයේ ලකුණු කර ඇත.).
මෙම ගිරි ලිපියේ එන වැදගත් කරුණු කිහිපයක් මෙසේ පෙලගැස්විය හැක. මේ සඳහා Z. වික්‍රමසිංහ මහතාගේ කියවීම මෙන්ම මෑතකදි නැවතත් Inscription of Ceylon සයවන වෙලුමට මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා සැපයූ පරිවර්තනයද ආධාර විය.
- සිරිසඟබෝ විජයභාහු ලෙසින් ලිපියේ හැඳින්වෙන රජතුමාගේ පියා සූර්ය වංශයට (රිවිහු අන්වයැ) අයත් ඔක්කාක (ඔකාවස්) රජ පරපුරෙන් පැවතෙන අභා සලමෙවන් රජු සහ මව දෙවුගොන් රැජින වූ බව සහ ඔහු ආදිපාද (ඈපා), මහාදිපාද (මහයා) පිළිවෙලින් පැමිණ 'ලක්දිවු' හි රජ වූ බව.
- රජුගේ ගුණ වයන ප්‍රශස්ති කොටසේ සඳහන් වන දෙව්වරු කිහිප දෙනෙකුගේ නම් වලින් එම යුගයේ මෙරට ප්‍රචලිත දෙව්වරු පිළිබඳවද යම් අදහසක් ලබා ගත හැක. එහි සඳහන් වනුයේ විජයබාහු රජු බල පරාක්‍රමයෙන් මෙහෙසුරුද (මහේෂ්වර හෙවත් ශිව), අහංකාර ජීවගුණයෙන් උවිඳුද (විෂ්ණු), රාජකීය ගුණයෙන් සුරින්ද්‍රද (දෙවියන්ගේ නායකයා හෙවත් ඉන්ද්‍ර), විපුල ධනයෙන් දිනිසුර ද (කුවේර) සත හට සෙත සැලසීමෙන් කිතිසුරු ද (අවලෝකතිශ්වර), නුවණින් සුරගුරු ද (බ්‍රහස්පති හෙවත් දෙවියන්ගේ ගුරුවරයා), රූපශ්‍රියෙන් කන්දර්පත් ද (අනංගයා) පැරදවූ බවයි.
- හෙතෙම දෙමළ සතුරු අන්දකාරය දුරලා මුළු 'ලක්දිවු' එක්සේසත් කල බව.
- ඔහුගේ රජ්‍යත්වයෙන් 37 වසරක් ගිය තැන රාජ්‍යත්වයට පත් වීමෙන් 38 වන වර්ෂයේ මැඳින්දින සඳ පුර මස් හි පුර සතවක් දවස (First half of the Lunar month of 'Madindhina'[February-March], on the seventh day of the waxing moon.) මේ කල්පයේ බුදු වූ කකුසඳ, කොණාගම, මහා කස්සපෙ, ගොතම (කකුසඳ. කෝණාගම, මහා කාශ්‍යප සහ ගෞතම)යන සිව් බුදුන් ගේ පා පහස ලත් සමනොළකුළෙහි පිහිටි ශ්‍රිපාදයට සත් රුවණින් සැදි නොයෙකුත් අබරන පුද කර, නොයෙක් පට රෙදි , වියන් දද, කොඩි නගා, සිව් දෑ සුවඳින් අභිෂේක කරවා, ඔහුගේම මිණි කිරුලෙන් එය සරසා පුද පූජා පැවත්වූ බව.
- තවද පදලස් දා (ශ්‍රි පාදය) පිහිටි සමනොළකුලෙහි නඩත්තු කටයුතු සඳහාද, පුද පූජා සඳහාද, පහන් දල්වනු උදෙසාද අවශ්‍යය පියවර ගැනීමට සහ සිරිපා වැඳීමට සිව් දෙසින් එන මහා සංඝයා වහන්සේගේ පිඩු පසයටද, සෙසු සිරිපා වැඳීමට පැමිණෙන දුබල ජනයාගේ දන් වැට සඳහාද, සිරිපා වැඳීමට බැතිමතුන් පැමිණෙන 'රජරට මාර්ගයේ' අවසන් ගව් පහ තුල ගව්වෙන් ගව්වට රජු ඔහුගේ නමින් දන්සැල් ඉදි කල බව.
- රජු පදලස් දා පිහිටි මළුවට පහතින් තවත් මළුවක් කරවා සෙසු 'අධම ජාතීන්ට අයත් ජනයාට' (People of inferior status) වන්දනා මාන කිරීමට අවස්ථාව සලසා දුන් බව සහ පළමු මළුව වට කර ප්‍රාකාරයක් බඳවා එයට පිවිසෙන සහ පිටවන ස්ථාන වල දොරටු පිහිටුවා ඒවායෙහි දොර අගුලු සවි කර ආරක්ෂාව සැලසූ බව.
- ශ්‍රිපාද සලකුණ වසා දැලක් (Net) පිහිටවූ බව.
- රජු ශ්‍රිපාදය අවට සියළු ප්‍රදේශ තුල කෙත් (කුඹුරු) කරවා, විල්බා නම් පෙදෙසේ පිහිටි පහත දැක්වෙන ඉඩකඩම් ශ්‍රිපාදයට කැපකරන ලදි. එනම් කෙලගමුව පුවක් අරඹක් සහ තිනියගල, සොරගොඩ, ලියවළ, බදුලුවනැ යන ප්‍රදේශයන්හි එක් ස්ථානයකින් කොටවැලි එකක ප්‍රමාණයේ ඉඩම් කැබලි. තවද උඩුහො කොටවැල්ලේ සහ කළඟ වෙල බද මකුළුමුල, අඹගමුව, වැලිගම්පොළ සහ උලපනා යන ප්‍රදේශ වල පුවක්. මෙම සියළු ප්‍රදේශ වලට රාජපුරුෂයන් ඇතුළු නොවිය යුතු අතර, බදු නිලධාරින් බදු අය නොකල යුතුය. එසේම මෙම නියෝග රජුගේ 38 වන රාජ්‍ය වර්ෂයේ සිට ඉදිරියට බලපැවත්විය යුතුය.
- මෙම රාජ නියෝගය සඳහන් කර අත්තාණි කණුව (සෙල් ලිපිය) පිහිටුවීමට පැමිණි රාජ්‍ය නිලධාරීන්ගෙ නම් ලිපියේ අවසානයේ දක්වා ඇත. එනම් මෙකාප්පර් වැදෑරුම් [Commander of the bodyguard] කළුන්නරුබිම් ආසත්තානාවන් ගේ නියමයෙන් පැමිණි හක්කගම කිතු, කොළොඹගලු දොවු, මහකිලිංගම් කිතල්දෙටු සහ 'රක්කමණන් වරැ' [Chief Guardian] රමුක්කඩු අගා ගේ නියමයෙන් පැමිණි කුඩසලා කිතු.
අඹගමුව සෙල්ලිපියේ එන ග්‍රාම නාම කිහිපයක්ම සුළු වෙනස් කම් ඇතිව අද දක්වාම හඳුනාගත හැක. එම ස්ථාන හඳුනාගැනීම සම්බන්ධව මෙයට පෙර ලිපියකින් විස්තර ඉදිරිපත් කර ඇති අතර, එම අදාල ඡේදය පහත දැක්වේ. සම්පූර්ණ ලිපිය කියවීමට >> මලය රට සොයා සමනොළගිරෙන් දුම්බරට
විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
![]() |
| පැරණි විල්බා ප්‍රදේශයේ ගම් |
මූලාශ්‍ර
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
- Bell H.C.P., 1915, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1911-1912
- Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
- Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
- ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
- සපරගමු දර්ශන, කිරිඇල්ලේ ඤාණවිමල හිමි, 1967