යාපනයේ සිට කන්කසන්තුරෙයි දක්වා වැටී ඇති මාර්ගයේ චුන්නාකම් මංසන්දියේ සිට මද දුරක් ගමන් කිරීමෙන් මල්ලාකම් උඩෙයියාර් ග්‍රාමයෙහි පිහිටි වර්තමානයේ කන්තරොඩෙයි ලෙසින් හැදින්වෙන, නමුත් මහනුවර යුගයේ හෝ ඊට පෙර කාලකයදි ලියැවුන නම්පොත නම් එකල පැවති බෞද්ධ විහාර නාමලේඛනයක කදුරුගොඩ විහාරය ලෙසින් සදහන් වන මෙම පුරාවිද්යාත්මක ස්ථානයට පැමිණිය හැක. මෙම ස්ථානයේ කුඩා දාගැබ් 57 ක නටබුන් දැකගත හැකි අතර වරින් වර කල කැනීම් වලින් කවන්ධ බුද්ධ ප්‍රතිමාවක්, විශාල බුද්ධ ප්‍රතිමාවක කොටසක්, බෝධිසත්ව ප්‍රතිමා, පිළිම ගෙයක අවශේෂ, පබළු, කානේලියන් මුදුවක්, මැටි මුද්‍රාවක්, බ්‍රාහ්මි අක්ෂර සහිත මැටි බඳුන් කැබැල්ලක් (එහි ලියා ඇති "දතහ පත" යන අකුරු වලින් දතහගේ පාත්‍රය යන අර්ථය ගත හැක. එම අකුරු ක්‍රිස්තු පූර්ව යුගයට අයත්ය.) කාසි ආදිය හමුවී ඇත. තවද මෙම ස්ථානයේ තිබී හමුවූ අත්තාණි කණුවක ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසට අයත් සිංහල අකුරින් කිසියම් රජකෙනෙකු විසින් බෞද්ධ විහාරයකට කල පිරිනැමිමක් ගැන තොරතුරු සඳහන් වේ.
Showing posts with label Kadurugoda. Show all posts
Showing posts with label Kadurugoda. Show all posts
Saturday, March 21, 2026
Sunday, April 10, 2016
නාගදීපයෙන් බුදුන් පැන්නීම
| වර්තමාන නාගදීප විහාරය |
| නාගදීප දිවයිනේ ඇති පැරණි හුණුගල් පිළිමයක් |
නාගදීපයට එනම් වර්තමාන යාපනය අර්ධද්වීපයට බුදු පිළිම අරහංද? මේ එම ප්‍රදේශයෙන් වරින් වර හමුවූ ඉපැරණි බුදු පිළිම කිහිපයක් ගැන ඓතිහාසික වාර්තා විමසා බැලීමකි.
වල්ලිපුරම් බුදු පිළිමය
මීට ඉහතදීද සාකච්චා කරනු ලැබූ වල්ලිපුරම් ප්‍රදේශයෙන් (නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණය) ඉතාම හොඳ තත්වයේ තිබූ අමරාවති සම්ප්‍රදායේ බුදු පිළිමයක් වර්තමාන විෂ්ණු කෝවිල ආසන්නයෙන් පස් යට තිබී මතු කරගෙන වර්ෂ 1906 පමණ වන තුරුත් යාපනයේ පැරණි උද්‍යානයේ තිබී ඇත. නමුත් එම වසරේදී එය එවකට සිටි ඉංග්‍රීසි ආන්ඩුකාරයා වූ හෙන්‍රි බ්ලේක් විසින් සියම් රටේ (වර්තමාන තායිලන්තය ) රජුට තෑගි කර ඇත. එය මේ වන විට තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි
Wat benjamaborpit විහාරයේ ඇති බව පැවසේ.
චුන්නාකම් හුනුගල් බුදු පිළිමය
![]() |
| අනුරාධපුර කෞතුකාගාරයේ ඇති යාපනයෙන් හමුවූ බව සඳහන් හිටි පිළිමයක් |
නම්පොතේ සඳහන් වන කඳුරුගොඩ හෙවත් වර්තමාන කන්තරෝඩෙයි ප්‍රදේශයේ නිවසක ලිදක් අසල රෙදි ඇපිල්ලීමට භාවිතා කරමින් තිබූ පැරණි විශාල පිළිමයක කවන්දයක කොටසක් පිළිබඳවද පෝල් ඊ. පිරිස් මහතා ඉහත ලිපියේ සඳහන් කරයි. ඒ වන විට කන්තරෝඩෙයි නටබුන් විශාල වශයෙන් ඒ අවට නිවාස ඉදිකිරීමට සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් යොදාගනිමින් තිබූ බව ඒ මහතා පවසයි. බුදු පිළිමයක තවත් කොටස් දෙකක් සහ තවත් සුවිසල් බුදු පිළිමයක හිසක් කුඹුරකින් සොයාගැනීමටද පෝල් ඊ. පිර්ස් මහතා සමත්වේ.
එම නටබුන් සොයාගන්නා අතර තුරේ ඒ අසල තිබූ ගල් කණු පාදම් කිහිපයක් අතරින් උඩට මතු වී තිබු හුණුගල් කොටසක් රාසනායගම් මුදලියර් මහතා පෝල් ඊ. පිරිස් මහතාගේ අවධානයට යොමු කල පසු, දවසක් පුරා කැනීම් කරන පෝල් ඊ පිරිස් මහතා අවසානයේ ටොන් තුන් කාලක් පමණ වන බුදු පිළිමයක කඳ කොටසක්ද මතු කර ගනී. එය උරහිස් හරහා අඩි 5.5 පමණ පලලට පිහිටි පිළිමයක් වන්නට ඇති බව ඒ මහතා අනුමාණ කරයි.
| කඳුරුගොඩ විනාශ වූ දාගැබ් වල පාදම් |
මූලාශ්‍ර
- Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
- Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Royal Asiatic Society Ceylon Branch, Vol 26 Part 70.
Subscribe to:
Posts (Atom)
