උඩුගම්පොල පතහ පිළිබඳව කෙටි විස්තරයක් ඒ සම්බන්ධ කෙටි වීඩියෝවක්ද සමගින් පසුගිය සතියේ පල කලෙමි.
එම ලිපිය කියවීමට Link >>
වීඩියෝව නැරඹීමට >>
මේ ලිපිය එම පතහ සහ උඩුගම්පොල රාජධානියට අයත් ලෙස සැලකිය හැකි ප්‍රදේශයේ හමුවන වෙනත් නටබුන් සහිත ස්ථාන පිළිබඳව මෙන්ම උඩුගම්පොල රාජධානිය කර වූ සකලකලාවල්ල රජු පිළිබඳව සහ එම යුගයේ වෙනත් දේශපාලන තොරතුරුද ඉදිරිපත් කිරීම සඳහා වෙන්වේ.
කෝට්ටේ රාජධානිය, ප්‍රාදේශීය උප රාජධානි සහ ඒවා අතර දේශපාලන සම්බන්ධතාවය
සිංහල රාජාවලියේ අවසාන වරට මෙරට එක්සේසත් කල හයවන පරාක්‍රමබාහු රජතුමා (1411-1466) පුත් තනතුරේ ඇති කල කුමාරවරුන් දෙදෙනෙකි සපුමල් කුමාරයා සහ අඹුලුගල කුමාරයා. මොවුන් දෙදෙනා පසු කලක පිළිවෙලින් ශ්‍රී බුවනෙකබාහු (හයවන බුවනෙකබාහු [1469-1477]) සහ වීර පරාක්‍රමබාහු (1480-1489) ලෙසින් කෝට්ටේ අගනුවර කරගෙන මෙරට පාලනය මෙහෙයවූහ. වීර පරාක්‍රමබාහු රජු හට සිය අග බිසවට දාව ධර්මපරාක්‍රමබාහු සහ (එක දෝලියක සරණ පාවාගෙන මැණික්කඩවර සිටි) විජයබාහු, සහ රාජසිංහ යන පුතුන් තිදෙනෙක්ද, රයිගම් නුවර විසූ තවත් පුතෙක්ද වූහ. එම අග බිසවගේ බාල සොහොයුරියකට දාව රජුට උඩුගම්පොල විසූ සකලකලාවල්ල සහ මාදම්පේ විසූ තනියවල්ල නම් තවත් පුතුන් දෙදෙනෙකුද සිටි බව රාජාවලියේ සඳහන් වේ.
වීර පරාක්‍රමබාහුගෙන් පසු මොවුන් අතරින් ධර්මපරාක්‍රමබාහු (1489-1513) රාජ්‍යත්වයට පත්වන අතර රාජාවලියටද මූලාශ්‍ර වන අලකේශ්වර යුද්ධය පවසන ලෙසට ධර්මපරාක්‍රමබාහුගේ අනෙක් සොහොයුරන් වූ තනියවල්ල කටුපිටි මාදම්පේ නගරය ඉදිකර එහිද, සකලකලාවල්ල උඩුගම්පොල නගරය ඉදිකර එහිද, ශ්‍රී රාජසිංහ සහ විජයබාහු මැණික්කඩවර නුවර ඉදිකර එහිද, බාලම සොහොයුරා රයිගමද වාසය කර ඇත.
හයවන පරාක්‍රමබාහු තුන් සිංහලය එක්සේසත් කර මුළු දිවයිනටම සිය බලය පැතිරවූ මුත් මේ වන විට ජනගහණයෙන් බහුතරය දිවයිනේ නිරිතදිග කොටසට සංකේන්ද්‍රණය වී තිබූ බව පෙනේ. රාජධානි නිරිතදිගට ව්‍යාප්ත වීමට පෙර රජරට රාජධානිය පැවතී යුගයේ මෙන් ප්‍රදේශ අතර සන්නිවේදනය සාපේක්ෂව පහසු තැනිතලා භූගෝලිය පිහිටීමක් ඒ වන විටත් ඝන වැසි වනාන්තර වලින් වැසී තිබූ මෙම නිරිතදිග පෙදෙසේ නොතිබුනි. මධ්‍යම කඳුකරයේ සිට සාගරය දක්වා ගලායන වසර පුරා ජලයෙන් පිරී පවතින ගංගා පද්ධතිය මෙම සන්නිවේදනය සහ ගමනාගමනය තව දුරටත් අපහසු කරයි. ප්‍රදේශ අතර සම්බන්ධතා පවත්වා ගත් වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල්ද වැසි කාලයත් සමග නැවත හඳුනාගැනීමට නොහැකි අයුරින් ශ්‍රීඝ්‍රයෙන් වනාන්තරයෙන් වැසී යයි (අවාරය නිමා කර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට පෙර ශ්‍රී පාදය රත්නපුර සහ පලාබද්දල මාර්ග ඔස්සේ වන්දනා කරන්නන්ට අදද මේ තත්වය යම් තාක් දුරකට අවබෝධ කර ගත හැක.)
තවද හයවන පරාක්‍රමබාහුගෙන් පසු බලයට පැමිණි බොහෝ රජවරුන් එතරම් ශක්තිමත් රජවරු නොවූ අතර ඔවුන් රාජ්‍යත්වයට පැමිණීමට තිබූ සුදුසුකම්ද අභියෝගයට ලක් නොවූවාම නොවේ. උදාහරණයක් ලෙසට හයවන පරාක්‍රමබාහුගෙන් පසූ ජයවීර පරාක්‍රමබාහු (1466-1469) නමින් කෝට්ටේ පාලකයා වී රටේ බලය ලබාගන්නා හයවන පරාක්‍රමබාහුගේ දියණිය වූ උලකුඩය දේවියට සහ නන්නුරුතුනයාට දාව උපන් කුමරු මරා සපුමල් කුමරු ශ්‍රී බුවනෙකබාහු ලෙසින් රජවන මුත් කළුගඟේ සිට වලවේ ගඟ (වල ඔය) දක්වා කලාපයේ ප්‍රාදේශීය පාලකයන් සමග පස්යොදුන් කෝරලයේ කැකුලන්දොල ශ්‍රී වර්ධන පතිරාජයා සහ කුරගම හිමියාණන් කැරලි ගසයි. මෙම කැරැල්ල "සිංහල පෙරළී " ලෙසින් රාජාවලිය හඳුන්වයි. කැරැල්ල මැඩපැවැත්වීමට සපුමල් කුමරුට හැකිවන මුත් ඔහුට විරුද්ධ සිංහල ප්‍රභූවරු පිරිසක් සිටි බවට මෙයින් හැඟී යයි.
මෙවන් තත්වයක් යටතේ ධර්මපරාක්‍රමබාහු රජු නිරිත දිග කලාපයේම විවිධ ප්‍රදේශ වල ඔහුට විශ්වාසී සිය සොහොයුරන් රඳවා එම පලාත්වල පාලන කටයුතු ඔවුන් ලවා මෙහෙයවූ බව සිතිය හැක. එහෙත් යාපනය රාජධානියේ සිට සපුමල් කුමරු දකුණට පැමිණීමත් සමග දුරින් පිහිටි එම ප්‍රදේශය නැවතත් කෝට්ටේ පාලනයෙන් ක්‍රමයෙන් මිදෙමින් පැවතී අතර සයවන පරාක්‍රමබාහු යුගයේ සිටම කන්ද උඩරට පදනම් කරගනිමින් උපරාජධානියක් ඉදිවීමේ ලකුණු පහල වී තිබුණි. එහෙත් නිරිත දිග කලාපයට සාපේක්ෂව මෙම ප්‍රදේශ අඩු ජන ඝනත්වයක් සහිත හෙයින් පිරිස් බලය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත් කෝට්ටේ පාලකයාට අවනතව සිටීමට මෙම ප්‍රදේශ වල පාලකයන්ට සිදුවිය. එහෙත් එම ප්‍රදේශ පදනම් කරගනිමින් වරින් වර කැරලි පැණ නොනැගුනාම නොවේ.
සකලකලාවල්ල රජු
මෙවැනි තත්වයක් යටතේය සකලකලාවල්ල කුමරා උඩුගම්පොල නුවරක් ඉදිකරන්නේ. සකලකලාවල්ල ගැන රාජාවලියේ ඉන්පසු සඳහන් වන්නේ යොන්ගොල්ලකුත් සමග හලාවතට පැමිණි කායලපට්ටනමේ කදිරායන (අලකේශ්වර යුද්ධයේ සඳහන් වන ලෙසට කායල්පට්ටනමේ අදිරාසරායන් මුදලියා) නම් යොනෙක් (මුස්ලිම් පුද්ගලයෙක්) එහි මුතු කිමිදීමටත්, බලෙන් ඇතුන් අල්ලන්නත් පටන් ගැනීමත් සමග ධර්මපරාක්‍රමබාහු රජු මහා සේනාව සමග සකලකලාවල්ල රජු පිටත් කල බවත්, ඔහු මාදම්පේට ගොස් සිය මලනුවන් වූ තනියවල්ල සමග එහි ගොස් ඔවුන් සමග සටන් වැද බොහෝ යොනුන් මරා, කදිරායන මුදලියාටත් ඇන මරා, මුතු කිමිදීමට පැමිණි බොහෝ යොන්ගොල්ලන් අල්ලගෙන ඔවුන්ගේ සම්බාන් (එනම් එම නමින් හැඳින්වූ ඔරු) ඇතුන් ලවා පොඩි කරවා අසුන් නවදෙනෙකුත් අල්වාගෙන ජයවර්ධන නුවරට පැමිණ පරාක්‍රමබාහු රජුගෙන් බොහෝ තාන්නමාන්න ලැබගෙන තම තමන්ගේ නුවරවල් වලට ගිය බවට වූ සිද්ධිය විස්තර කිරීමේදීය.
මේ කාලය වනවිට කෝට්ටේ රාජ්‍යයට යටත් ප්‍රදේශීය රාජ්‍යයක් ලෙසින් පැවති උඩරට රාජ්‍යය අවම වශයෙන් අවස්ථා දෙකකදී කෝට්ටේ රාජ්‍යයෙන් මිදී ස්වාදීන වීමට උත්සාහ කල බව රාජාවලි වාර්තා වලට අනුව පැහැදීලි වේ. එහි විස්තර වන පරිදි එම රජු (සේනාසම්මත වික්‍රමබාහු [1479-1511] ) සිංහාසනයක් මත හිඳ රාජ්‍යය විචාරීම, කාසි නිකුත් කිරීම (ඔහු නමින්), කෝට්ටේ රාජ්‍යයට ගෙවිය යුතු බදු නොගෙවීම සහ අංගම්පොර සටන් වල නියලීම ආදී උප රාජධානියක රජෙකු විසින් නොකල යුතු කාර්යයන් කරමින් මුල් අවස්ථාවේ මේ උත්සාහය දරා ඇත. එහෙත් එම වෑයම මැණික්කඩවර සිටි ශ්‍රී රාජසිංහ සහ කීරවැල්ලේ රාලහාමි නම් වූ ඔහුගේ මස්සිනා එක්ව ව්‍යර්ථ කරයි. යලිදු අවස්ථාවක සතර කෝරලයේ කැරලි ඇති කරමින් උඩරට රජු එවන් උත්සාහයක් දැරූ විට එය මැඩලීම උදෙසා ධර්මපරාක්‍රමබාහු රජු පිටත් කරන්නේ සකලකලාවල්ල රජුය. යටිනුවර දක්වා ගොස් කඳවුරු ලා ගන්නා සකලකලාවල්ල රජු හමුවීමට පැමිණෙන උඩරට රජු මුතුකුඩයක්, හක්ගෙඩියක්, පලිහක් සහ සිය කර බැඳි මාලය පිරිනමා යටත් වේ. එම මාලය සකලකලාවල්ල රජු සිය පයේ බැඳ, නැවත ඒකනායක මුදලියාගේ කරේ දමා උඩරට රජුට තරවටු කර නැවත එම උත්සාහයද මැඩලයි.
ධර්මපරාක්‍රමබාහු මිය ගිය පසු රාජ්‍යත්වයට පත්වන්නේ 'අලකේශ්වර යුද්ධය' පවසන ලෙසට ඒ වන විට "යුව රජු" ලෙස සිටි සකලකලාවල්ල රජු නොව බාලයා වූ මැණික්කඩවර සිටි විජයබාහු රජුය. මේ වන විට ඔහු සමග මැණික්කඩවර එක් බිසවක තබාගෙන සිටි රාජසිංහ රජු මියගොස්ය. කෙසේ නමුත් රාජාවලිය, අලකේශ්වර යුද්ධය සහ තවත් මූලාශ්‍ර කිහිපයකම දැක්වෙන්නේ ධර්මපරාක්‍රමබාහු මිය ගිය විට ප්‍රබල ඇමතියන් (මහාමන්ත්‍රීන් ) සහ සේනාව උඩුගම්පොල සිටි සකලකලාවල්ල රජු ජයවර්දන නුවරට (එනම් කෝට්ටේට) කැඳවාගෙන පැමිණි මුත් කරුණු කිහිපයක් ඇති බැවින් තුන් සිංහලයේ රජකම ඔහු ප්‍රතික්ශේප කර විජයබාහු හට රජකම පැවරූ බවය. සකලකලාවල්ල රජුගේ මව වීර පරාක්‍රමබාහු රජුගේ අග බිසව නොවීම සහ විජයබාහු රජුගේ මව ඔහුගේ අග බිසව වීම මේ සඳහා බලපා එක් හේතුවක් විය හැක. ඉක්බිති සකලකලාවල්ල රජු නැවතත් සිය රාජධානිය වන උඩුගම්පොලටම පිටත් වේ.
සිංහල මූලාශ්‍ර වල මින් පසුවත් කිහිප විටක්ම සකලකලාවල්ල රජු පිළිබඳව සඳහන් වන මුත් ඒ යම් යම් වෙනත් පුද්ගලයන් හා සකලකලාවල්ල රජු අතරවූ ඥාති සම්බන්ධතා සහ සකලකලාවල්ල රජු ජීවත්ව සිටි කාලයේ එම පුද්ගලයන්ට අදාල තොරතුරු විනා සකලකලාවල්ල රජුට කෙලින්ම අදාල වන තොරතුරු නොවේ. කෙසේ නමුත් ලිඛිත මූලාශ්‍ර නැවතූ තැනින් පදනමක් ඇතිව හෝ නැතිව ප්‍රභවය වී ජනයා අතර පරපුරෙන් පරපුරට නිරන්තරයෙන් කොටස් එකතු වෙමින්, විකෘති වෙමින් සහ කොටස් අඩු වෙමින් පැවත එන ජනශ්‍රැතිය සකලකලාවල්ල රජුගේ පුතෙකු පිළිබඳව තොරතුරු අපට පවසයි. මේ ඒ පිළිබඳවය.
කළුකුමාර දෙවියෝ
සකලකලාවල්ල(භ) රජුට රජක කුලයේ බිසවකගෙන් උපන් කළුකුමාර නම් පුතෙකු වීලු. හෙතෙම කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල්මද කුමරා ආදි නම් වලින්ද හඳුන්වා ඇත. උඩුගම්පොල රාජ්‍යය තමාට දෙන ලෙස මේ කුමරා පිය රජුගෙන් ඉල්ලා ඇති මුත් ඔහු එය ප්‍රතික්ශේප කල හෙයින් කුමරා පිය රජු මැරවීම උදෙසා ඔහු නාන තොටේ උල් සිටුවා ලීය. එහෙත් එය රජුට සැලවී ඔහු අල්ලා සිරකරන ලෙස අණ කලේය (දිය මතුපිටට ආසන්නව තිබූ එම උල් වල කෙලවර කළු දෙබරුන්/බත් කූරන් වසා සිටීම නිසා රජුට එය හසුවූ බවට එක් ජනප්‍රවාදයක කියැවේ.) බියපත් වූ කලු කුමාරයා වීරා නම් වූ සිය සේවකයාද සමග සමනල අඩවියට පැන ගියේය. එහෙත් එහි ජීවත් වීම අපහසු බැවින් (මෙරට වියලි කලාපීය වනාන්තර වල මෙන් නොව මිනිසාට ජීවත් වීමට අවැසි ශාකමය ආහාර සහ දඩයම් තෙත් සහ කඳුකර කලාපයේ වනාන්තර වල සුලභ නොවේ.) කළුකුමාරයා වීරාද සමග පර්වතයකින් පැන (කුණුදිය පර්වතය ලෙසින් එක් මූලාශ්‍රයක සඳහන් වේ.) දිවි හානි කරගත්තෙලු. මියගිය කළුකුමාරයා කළුකුමාර දෙවි බවටද, වීරා වීරමුණ්ඩ දෙවි (යකු) බවටද පත්විණි.
නමින් පසිදු උඩුගම්පොල පියසා
පියන් මරන ලෙස ඇවිදින වයසා
දෙපන්සියක් උල් සදලා පතසා
කියන් වරුණ බල තෙද පෑ විලසා
කළු කුමාර දෙවි (යකා) ලෙසින් හැඳින්වෙන දෙවිවරු කිහිප දෙනෙක්ම මෙරට ජනයා අතර පුද පූජාවට ලක්වෙන අතර ඔවුන් සඳහා ප්‍රාදේශීයව වෙනස් උත්පත්ති කතාද හමුවේ. මේ ගම්පහ උඩුගම්පොල ප්‍රදේශය ආශ්‍රීතව පැවතෙන එවන් එක් කතාවකි.
අස්වානේ දෙවියෝ
සකලකලාවල්ල රජුගේ පුත් කුමරා පමණක් නොව සකලකලාවල්ල රජුද මරණින් පසු ජනයා අතර දේවත්වයෙන් පුද ලැබීය. ඒ අස්වානේ දෙවි නමිනි. මේ ඔහුගේ කතාවයි. සකලකලාවල්ල රජු මිනුවන්ගොඩ ඔය හරස් කර වානක් බැඳ ප්‍රදේශයේ ජනතාවට කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජල සම්පාදනය කර දී ඇත. එය කළවානේ වැව ( වාන කළ > කළවාන ) ලෙස හඳුන්වයි. එහෙත් ටික කලකදී වැව්බැම්ම කැඩී ගිය හෙයින් රජුගේ අනියම් බිසවක් වන රජක කාන්තාවක එයට බිලී දී ඇත. එයද අසාර්ථක වූ බැවින් රජුද වැවට පැන මිය ගියේය. රජු වෙනුවෙන් ගැමියන් ඒ ආසන්නයේ දෙවොලක් ඉදිකර පුද පූජා කිරීමට පටන් ගත්හ. වාන කැඩී ගිය හෙයින් අස් - වාන (වාන අස් වුනා) යයි ව්‍යවහාර වී දේවාලය, එය පිහිටි ගම සහ දෙවියන් අස්වානේ දේවාලය, අස්වාන සහ අස්වානේ දෙවියන් ලෙසින් හඳුන්වන්නට වීලු. අස්වානේ දෙවි ඇදහිල්ල මෑතක් වනතෙක්ම මේ ප්‍රදේශයේ තිබී ඇත (වර්තමාන තත්වය නොදනී.)
උඩුගම්පොල පතහ සහ වෙනත් නටබුන්
උඩුගම්පොල පතහ ආසන්නයේ පිහිටි මාලිගා ගොඩැල්ල නම් ස්ථානයක මේ වනවිට උත්තරාරාම විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇතත්, ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව සහ එම ස්ථානයේ හමුවන ඇතැම් ශෛලමය අවශේෂ කොටස් වලට අනුව පැරණි රජ මාළිගය මෙම ස්ථානයේ තිබුණ බවට අපට අනුමාණ කල හැක. මෙම පතහ හා ඉහත කළුකුමාරයා සම්බන්ධ ජන කතාවට සාධකයක් විය හැකි ඔහුට හමුවූ උල් කල දැව කොටසක් පිළිබඳව නැසී ගිය කවියෙකු, නාට්‍යය රචකයකු සහ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වූ දයානන්ද ගුණවර්ධනයන් ලියූ "සකලකලාවල්ල උඩුගම්පොල රජතුමා" නම් ග්‍රන්ථයේ සඳහන් බව පැවසේ ( එම මූලාශ්‍රය නොමැති බැවින් එය පිරික්සා බැලීමට නොහැකි විය.) කෙසේ නමුත් මෑතකාලීන කැනීම් වලදි හමුවූ එවැනි දැව කොටසක් උඩුගම්පොල ප්‍රදේශීය සභා පරිශ්‍රයේ තබා ඇති බව පැවසේ (එහි ඡායාරූපයක් මෙම වෙබ් අඩවියේ පලකර ඇත >>) ඇතැම්විට වෙනත් කටයුත්තක් සඳහා යොදාගත් මෙවැනි දැව කොටස් මෙම ස්ථානයේ පැරණි යුගයේ බහුල ලෙස හමුවීම ඉහත ජන කතාව නිර්මාණයට ඉවහල් වූවාද විය හැක.
මූලාශ්‍ර
එම ලිපිය කියවීමට Link >>
වීඩියෝව නැරඹීමට >>
මේ ලිපිය එම පතහ සහ උඩුගම්පොල රාජධානියට අයත් ලෙස සැලකිය හැකි ප්‍රදේශයේ හමුවන වෙනත් නටබුන් සහිත ස්ථාන පිළිබඳව මෙන්ම උඩුගම්පොල රාජධානිය කර වූ සකලකලාවල්ල රජු පිළිබඳව සහ එම යුගයේ වෙනත් දේශපාලන තොරතුරුද ඉදිරිපත් කිරීම සඳහා වෙන්වේ.
කෝට්ටේ රාජධානිය, ප්‍රාදේශීය උප රාජධානි සහ ඒවා අතර දේශපාලන සම්බන්ධතාවය
සිංහල රාජාවලියේ අවසාන වරට මෙරට එක්සේසත් කල හයවන පරාක්‍රමබාහු රජතුමා (1411-1466) පුත් තනතුරේ ඇති කල කුමාරවරුන් දෙදෙනෙකි සපුමල් කුමාරයා සහ අඹුලුගල කුමාරයා. මොවුන් දෙදෙනා පසු කලක පිළිවෙලින් ශ්‍රී බුවනෙකබාහු (හයවන බුවනෙකබාහු [1469-1477]) සහ වීර පරාක්‍රමබාහු (1480-1489) ලෙසින් කෝට්ටේ අගනුවර කරගෙන මෙරට පාලනය මෙහෙයවූහ. වීර පරාක්‍රමබාහු රජු හට සිය අග බිසවට දාව ධර්මපරාක්‍රමබාහු සහ (එක දෝලියක සරණ පාවාගෙන මැණික්කඩවර සිටි) විජයබාහු, සහ රාජසිංහ යන පුතුන් තිදෙනෙක්ද, රයිගම් නුවර විසූ තවත් පුතෙක්ද වූහ. එම අග බිසවගේ බාල සොහොයුරියකට දාව රජුට උඩුගම්පොල විසූ සකලකලාවල්ල සහ මාදම්පේ විසූ තනියවල්ල නම් තවත් පුතුන් දෙදෙනෙකුද සිටි බව රාජාවලියේ සඳහන් වේ.
වීර පරාක්‍රමබාහුගෙන් පසු මොවුන් අතරින් ධර්මපරාක්‍රමබාහු (1489-1513) රාජ්‍යත්වයට පත්වන අතර රාජාවලියටද මූලාශ්‍ර වන අලකේශ්වර යුද්ධය පවසන ලෙසට ධර්මපරාක්‍රමබාහුගේ අනෙක් සොහොයුරන් වූ තනියවල්ල කටුපිටි මාදම්පේ නගරය ඉදිකර එහිද, සකලකලාවල්ල උඩුගම්පොල නගරය ඉදිකර එහිද, ශ්‍රී රාජසිංහ සහ විජයබාහු මැණික්කඩවර නුවර ඉදිකර එහිද, බාලම සොහොයුරා රයිගමද වාසය කර ඇත.
හයවන පරාක්‍රමබාහු තුන් සිංහලය එක්සේසත් කර මුළු දිවයිනටම සිය බලය පැතිරවූ මුත් මේ වන විට ජනගහණයෙන් බහුතරය දිවයිනේ නිරිතදිග කොටසට සංකේන්ද්‍රණය වී තිබූ බව පෙනේ. රාජධානි නිරිතදිගට ව්‍යාප්ත වීමට පෙර රජරට රාජධානිය පැවතී යුගයේ මෙන් ප්‍රදේශ අතර සන්නිවේදනය සාපේක්ෂව පහසු තැනිතලා භූගෝලිය පිහිටීමක් ඒ වන විටත් ඝන වැසි වනාන්තර වලින් වැසී තිබූ මෙම නිරිතදිග පෙදෙසේ නොතිබුනි. මධ්‍යම කඳුකරයේ සිට සාගරය දක්වා ගලායන වසර පුරා ජලයෙන් පිරී පවතින ගංගා පද්ධතිය මෙම සන්නිවේදනය සහ ගමනාගමනය තව දුරටත් අපහසු කරයි. ප්‍රදේශ අතර සම්බන්ධතා පවත්වා ගත් වනාන්තර මැදින් වැටී තිබූ අඩි පාරවල්ද වැසි කාලයත් සමග නැවත හඳුනාගැනීමට නොහැකි අයුරින් ශ්‍රීඝ්‍රයෙන් වනාන්තරයෙන් වැසී යයි (අවාරය නිමා කර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වීමට පෙර ශ්‍රී පාදය රත්නපුර සහ පලාබද්දල මාර්ග ඔස්සේ වන්දනා කරන්නන්ට අදද මේ තත්වය යම් තාක් දුරකට අවබෝධ කර ගත හැක.)
උඩුගම්පොල පතහ - කබොක් ගලින් කල නැගෙනහිර බැම්ම |
මෙවන් තත්වයක් යටතේ ධර්මපරාක්‍රමබාහු රජු නිරිත දිග කලාපයේම විවිධ ප්‍රදේශ වල ඔහුට විශ්වාසී සිය සොහොයුරන් රඳවා එම පලාත්වල පාලන කටයුතු ඔවුන් ලවා මෙහෙයවූ බව සිතිය හැක. එහෙත් යාපනය රාජධානියේ සිට සපුමල් කුමරු දකුණට පැමිණීමත් සමග දුරින් පිහිටි එම ප්‍රදේශය නැවතත් කෝට්ටේ පාලනයෙන් ක්‍රමයෙන් මිදෙමින් පැවතී අතර සයවන පරාක්‍රමබාහු යුගයේ සිටම කන්ද උඩරට පදනම් කරගනිමින් උපරාජධානියක් ඉදිවීමේ ලකුණු පහල වී තිබුණි. එහෙත් නිරිත දිග කලාපයට සාපේක්ෂව මෙම ප්‍රදේශ අඩු ජන ඝනත්වයක් සහිත හෙයින් පිරිස් බලය අතින් මෙන්ම ආර්ථිකමය වශයෙන්ද ශක්තිමත් කෝට්ටේ පාලකයාට අවනතව සිටීමට මෙම ප්‍රදේශ වල පාලකයන්ට සිදුවිය. එහෙත් එම ප්‍රදේශ පදනම් කරගනිමින් වරින් වර කැරලි පැණ නොනැගුනාම නොවේ.
සකලකලාවල්ල රජු
මෙවැනි තත්වයක් යටතේය සකලකලාවල්ල කුමරා උඩුගම්පොල නුවරක් ඉදිකරන්නේ. සකලකලාවල්ල ගැන රාජාවලියේ ඉන්පසු සඳහන් වන්නේ යොන්ගොල්ලකුත් සමග හලාවතට පැමිණි කායලපට්ටනමේ කදිරායන (අලකේශ්වර යුද්ධයේ සඳහන් වන ලෙසට කායල්පට්ටනමේ අදිරාසරායන් මුදලියා) නම් යොනෙක් (මුස්ලිම් පුද්ගලයෙක්) එහි මුතු කිමිදීමටත්, බලෙන් ඇතුන් අල්ලන්නත් පටන් ගැනීමත් සමග ධර්මපරාක්‍රමබාහු රජු මහා සේනාව සමග සකලකලාවල්ල රජු පිටත් කල බවත්, ඔහු මාදම්පේට ගොස් සිය මලනුවන් වූ තනියවල්ල සමග එහි ගොස් ඔවුන් සමග සටන් වැද බොහෝ යොනුන් මරා, කදිරායන මුදලියාටත් ඇන මරා, මුතු කිමිදීමට පැමිණි බොහෝ යොන්ගොල්ලන් අල්ලගෙන ඔවුන්ගේ සම්බාන් (එනම් එම නමින් හැඳින්වූ ඔරු) ඇතුන් ලවා පොඩි කරවා අසුන් නවදෙනෙකුත් අල්වාගෙන ජයවර්ධන නුවරට පැමිණ පරාක්‍රමබාහු රජුගෙන් බොහෝ තාන්නමාන්න ලැබගෙන තම තමන්ගේ නුවරවල් වලට ගිය බවට වූ සිද්ධිය විස්තර කිරීමේදීය.
උඩුගම්පොල පතහ - කබොක් ගලින් කල දකුණු බැම්ම |
රාජාවලියට අනුව පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටද මෙරට පාලකයා වූවේ ධර්මපරාක්‍රමබාහු රජුය (රාජාවලිය පවසන පරිදි එය සිදුවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ1522 දීය.) එම අවස්ථාවේ ධර්මපරාක්‍රමබාහු රජ සිය සොහොයුරන් සිව්දෙනා (පෙර සොහොයුරන් පස් දෙනෙකු පිළිබඳ විස්තර හමුවන මුත් මේ අවස්ථාවේ එම ගනන 4 ක් ලෙස දැක්වේ.) කැඳවා කුමක් කල යුතුදැයි සාකච්චා කර ඇත. මේ අවස්ථාවේ ඔහුගේ එක් සොහොයුරෙකු වූ චක්‍රායුධ රජ වෙස්වලාගෙන ගොස් ප්‍රතිකාලුන් පිළිබඳව විමසා බලා ඔවුන් හා යුද කිරීම නුවණට හුරු නොවන බව පවසා තෑගී භෝග හුවමාරුවක් සිදුකර ඇත. (මේ නමින් යුත් සොහොයුරෙක් ගැන පෙරදී සඳහන් නොවේ. අඩු වැඩි වශයෙන් රාජාවලි පිටපතක් ආශ්‍රයෙන්ම රචිත ලෙස හැඟෙන ඕලන්ද ජාතික වැලන්ටයින්ගේ [Francois Valentijn] විස්තරයේ මෙම කාර්යය සඳහා ගිය රජු ලෙස දක්වන්නේ උඩුගම්පොල රජතුමාය (King of Oedoegampala). ඒ අනුව චක්‍රායුධ යනු සකලකලාවල්ලගේම වෙනත් නමක් ලෙස හඳුනාගත හැක. එම අදහස තවදුරටත් ශක්තිමත් කිරීමක් පෘතුගීසි ජාතික ක්වේරෝස් පියතුමාගේ [Fernao de Queyros] විස්තරයේ හමුවේ. ක්වේරෝස් පියතුමාගේ වාර්තාවේ ධර්මපරාක්‍රමබාහුගෙන් පසු වැඩිමහළු චක්‍රායුධ [Chacrauade Bau] වෙනුවට බාලයා වූ විජයබාහු [Vigia-Bau] තෝරාගත් බව පවසයි. මෙය පහත විස්තර වන රාජාවලි විස්තරය හා සැසදූ විටද චක්‍රායුධ යනු සකලකලාවල්ලම බව හඳුනාගත හැක. සැ.යු. මේ අදහසට විරුද්ධ අදහසක් හැඟෙන තොරතුරක්ද ක්වේරොස් වෙනත් ස්ථානයක දක්වයි)
ධර්මපරාක්‍රමබාහු මිය ගිය පසු රාජ්‍යත්වයට පත්වන්නේ 'අලකේශ්වර යුද්ධය' පවසන ලෙසට ඒ වන විට "යුව රජු" ලෙස සිටි සකලකලාවල්ල රජු නොව බාලයා වූ මැණික්කඩවර සිටි විජයබාහු රජුය. මේ වන විට ඔහු සමග මැණික්කඩවර එක් බිසවක තබාගෙන සිටි රාජසිංහ රජු මියගොස්ය. කෙසේ නමුත් රාජාවලිය, අලකේශ්වර යුද්ධය සහ තවත් මූලාශ්‍ර කිහිපයකම දැක්වෙන්නේ ධර්මපරාක්‍රමබාහු මිය ගිය විට ප්‍රබල ඇමතියන් (මහාමන්ත්‍රීන් ) සහ සේනාව උඩුගම්පොල සිටි සකලකලාවල්ල රජු ජයවර්දන නුවරට (එනම් කෝට්ටේට) කැඳවාගෙන පැමිණි මුත් කරුණු කිහිපයක් ඇති බැවින් තුන් සිංහලයේ රජකම ඔහු ප්‍රතික්ශේප කර විජයබාහු හට රජකම පැවරූ බවය. සකලකලාවල්ල රජුගේ මව වීර පරාක්‍රමබාහු රජුගේ අග බිසව නොවීම සහ විජයබාහු රජුගේ මව ඔහුගේ අග බිසව වීම මේ සඳහා බලපා එක් හේතුවක් විය හැක. ඉක්බිති සකලකලාවල්ල රජු නැවතත් සිය රාජධානිය වන උඩුගම්පොලටම පිටත් වේ.
සිංහල මූලාශ්‍ර වල මින් පසුවත් කිහිප විටක්ම සකලකලාවල්ල රජු පිළිබඳව සඳහන් වන මුත් ඒ යම් යම් වෙනත් පුද්ගලයන් හා සකලකලාවල්ල රජු අතරවූ ඥාති සම්බන්ධතා සහ සකලකලාවල්ල රජු ජීවත්ව සිටි කාලයේ එම පුද්ගලයන්ට අදාල තොරතුරු විනා සකලකලාවල්ල රජුට කෙලින්ම අදාල වන තොරතුරු නොවේ. කෙසේ නමුත් ලිඛිත මූලාශ්‍ර නැවතූ තැනින් පදනමක් ඇතිව හෝ නැතිව ප්‍රභවය වී ජනයා අතර පරපුරෙන් පරපුරට නිරන්තරයෙන් කොටස් එකතු වෙමින්, විකෘති වෙමින් සහ කොටස් අඩු වෙමින් පැවත එන ජනශ්‍රැතිය සකලකලාවල්ල රජුගේ පුතෙකු පිළිබඳව තොරතුරු අපට පවසයි. මේ ඒ පිළිබඳවය.
උඩුගම්පොල පතහ |
සකලකලාවල්ල(භ) රජුට රජක කුලයේ බිසවකගෙන් උපන් කළුකුමාර නම් පුතෙකු වීලු. හෙතෙම කුමාර බණ්ඩාර, මැණික් සාමි, මල්මද කුමරා ආදි නම් වලින්ද හඳුන්වා ඇත. උඩුගම්පොල රාජ්‍යය තමාට දෙන ලෙස මේ කුමරා පිය රජුගෙන් ඉල්ලා ඇති මුත් ඔහු එය ප්‍රතික්ශේප කල හෙයින් කුමරා පිය රජු මැරවීම උදෙසා ඔහු නාන තොටේ උල් සිටුවා ලීය. එහෙත් එය රජුට සැලවී ඔහු අල්ලා සිරකරන ලෙස අණ කලේය (දිය මතුපිටට ආසන්නව තිබූ එම උල් වල කෙලවර කළු දෙබරුන්/බත් කූරන් වසා සිටීම නිසා රජුට එය හසුවූ බවට එක් ජනප්‍රවාදයක කියැවේ.) බියපත් වූ කලු කුමාරයා වීරා නම් වූ සිය සේවකයාද සමග සමනල අඩවියට පැන ගියේය. එහෙත් එහි ජීවත් වීම අපහසු බැවින් (මෙරට වියලි කලාපීය වනාන්තර වල මෙන් නොව මිනිසාට ජීවත් වීමට අවැසි ශාකමය ආහාර සහ දඩයම් තෙත් සහ කඳුකර කලාපයේ වනාන්තර වල සුලභ නොවේ.) කළුකුමාරයා වීරාද සමග පර්වතයකින් පැන (කුණුදිය පර්වතය ලෙසින් එක් මූලාශ්‍රයක සඳහන් වේ.) දිවි හානි කරගත්තෙලු. මියගිය කළුකුමාරයා කළුකුමාර දෙවි බවටද, වීරා වීරමුණ්ඩ දෙවි (යකු) බවටද පත්විණි.
නමින් පසිදු උඩුගම්පොල පියසා
පියන් මරන ලෙස ඇවිදින වයසා
දෙපන්සියක් උල් සදලා පතසා
කියන් වරුණ බල තෙද පෑ විලසා
ජනප්‍රවාදයට අනුව සකලකලාවල්ල රජු මෙම ගල් ආසනය මත සිට දිය නෑමට පතහට පනින ස්ථානයේ කළු කුමාරය උල් සිටුවා ඇත. |
අස්වානේ දෙවියෝ
සකලකලාවල්ල රජුගේ පුත් කුමරා පමණක් නොව සකලකලාවල්ල රජුද මරණින් පසු ජනයා අතර දේවත්වයෙන් පුද ලැබීය. ඒ අස්වානේ දෙවි නමිනි. මේ ඔහුගේ කතාවයි. සකලකලාවල්ල රජු මිනුවන්ගොඩ ඔය හරස් කර වානක් බැඳ ප්‍රදේශයේ ජනතාවට කෘෂිකර්මය සඳහා අවශ්‍ය ජල සම්පාදනය කර දී ඇත. එය කළවානේ වැව ( වාන කළ > කළවාන ) ලෙස හඳුන්වයි. එහෙත් ටික කලකදී වැව්බැම්ම කැඩී ගිය හෙයින් රජුගේ අනියම් බිසවක් වන රජක කාන්තාවක එයට බිලී දී ඇත. එයද අසාර්ථක වූ බැවින් රජුද වැවට පැන මිය ගියේය. රජු වෙනුවෙන් ගැමියන් ඒ ආසන්නයේ දෙවොලක් ඉදිකර පුද පූජා කිරීමට පටන් ගත්හ. වාන කැඩී ගිය හෙයින් අස් - වාන (වාන අස් වුනා) යයි ව්‍යවහාර වී දේවාලය, එය පිහිටි ගම සහ දෙවියන් අස්වානේ දේවාලය, අස්වාන සහ අස්වානේ දෙවියන් ලෙසින් හඳුන්වන්නට වීලු. අස්වානේ දෙවි ඇදහිල්ල මෑතක් වනතෙක්ම මේ ප්‍රදේශයේ තිබී ඇත (වර්තමාන තත්වය නොදනී.)
මාලිගාගොඩැල්ල හෙවත් උත්තරාරාම විහාරභූමියෙන් හමුවන නටබුන් (2007 වසරේදී ගත් ඡායාරූප) |
උඩුගම්පොල පතහ ආසන්නයේ පිහිටි මාලිගා ගොඩැල්ල නම් ස්ථානයක මේ වනවිට උත්තරාරාම විහාරය නම් වූ විහාරයක් ඉදිකර ඇතත්, ජනප්‍රවාද ගත තොරතුරු වලට අනුව සහ එම ස්ථානයේ හමුවන ඇතැම් ශෛලමය අවශේෂ කොටස් වලට අනුව පැරණි රජ මාළිගය මෙම ස්ථානයේ තිබුණ බවට අපට අනුමාණ කල හැක. මෙම පතහ හා ඉහත කළුකුමාරයා සම්බන්ධ ජන කතාවට සාධකයක් විය හැකි ඔහුට හමුවූ උල් කල දැව කොටසක් පිළිබඳව නැසී ගිය කවියෙකු, නාට්‍යය රචකයකු සහ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වූ දයානන්ද ගුණවර්ධනයන් ලියූ "සකලකලාවල්ල උඩුගම්පොල රජතුමා" නම් ග්‍රන්ථයේ සඳහන් බව පැවසේ ( එම මූලාශ්‍රය නොමැති බැවින් එය පිරික්සා බැලීමට නොහැකි විය.) කෙසේ නමුත් මෑතකාලීන කැනීම් වලදි හමුවූ එවැනි දැව කොටසක් උඩුගම්පොල ප්‍රදේශීය සභා පරිශ්‍රයේ තබා ඇති බව පැවසේ (එහි ඡායාරූපයක් මෙම වෙබ් අඩවියේ පලකර ඇත >>) ඇතැම්විට වෙනත් කටයුත්තක් සඳහා යොදාගත් මෙවැනි දැව කොටස් මෙම ස්ථානයේ පැරණි යුගයේ බහුල ලෙස හමුවීම ඉහත ජන කතාව නිර්මාණයට ඉවහල් වූවාද විය හැක.
මාලිගාගොඩැල්ල හෙවත් උත්තරාරාම විහාරභූමියෙන් හමුවන නටබුන් (2007 වසරේදී ගත් ඡායාරූප) |
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය
- සිංහල දේව පුරාණය, කේ. එන්. ඕ ධර්මදාස, එච්. එම්. එස්. තුන්දෙනිය, 2015
- සිංහල රණවිරු දෙවිවරු, විභාවි විජයශ්‍රීවර්ධන
- University of Peradeniya, History of Sri Lanka, Volume II (c1500 to c1800), Editor K.M. de Silva 1995
- The Rajavaliya, A Comprehensive Account of the Rulers of Sri lanka, And the first ever translation of the Alakesvara Yuddhaya, A.V. Suraweera, 2000
- ශ්‍රී ලාංකේය ඉතිහාසය වෙළුම 3 සංස්කාරක ආචාර්ය W.M.K. විජේතුංග, 2012
- Francois Valentijn's Description of Ceylon, Translated and Edited by Sinnappah Arasaratnam, 1978
- The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
ස්තූතියි භූෂණ...නොදත් කරුණු රැසක් මතු කොට පෙන්වුවාට. මහැදුරු මැන්දිස් රෝහනධීරයන් ගේ ධර්ම පරාක්‍රමබාහු නම් ව්‍යාජ රාජයා අදහසට ඔබ එකග නොවන්නේ ඇයිදැයි දැන ගැනීමට කැමතියි. ඒ අදහස හරිනම් මේ ලිපියේ සමහර කරුණු ද යම් තරමකට සංශෝධනය වෙනවා නේද?
ReplyDeleteමම එම ග්‍රන්ථය කාලයකට පෙර කියෙව්වේ. එමනිස එහි සඳහන් කරුණු නැවත විමසා නොබලා හරියටම යමක් කියන්න අමාරුයි. එම මතයට බොහෝ වෙනත් වියතුන් එකඟ නොවන්නේ ප්‍රධාන වශයෙන් ඔහුගේ ප්‍රධාන මූලාශ්‍රයක් වන අස්ගිරි තල්පතේ විශ්වාසනීයත්වය පදනම් කරගෙන. අස්ගිරි තල්පතට වඩා රාජාවලිය විශ්වාස කරන්න පුළුවන් කියලා තමා මට හිතෙන්නේ. මොකෝ එහි පිටපත් ගණනාවක් තියෙනවා ධර්මපරාක්‍රමබාහු ගැන කියවෙන. අනික ඊටත් පැරණි අලකේශ්වර යුද්ධය තියෙනවා ඒ ගැන විස්තර සඳහන්. කෙසේ නමුත් මම මේ ලිපිය ලිවීමේදී මැන්දිස් රෝහණදීර මහතාගේ කෘතිය හෝ අස්ගිරි තල්පත කියෙව්වේ නැහැ. ඇතැම් විට රාජාවලියට වඩා වෙනස් විධිහට කරුණු ඉදිරිපත් කරන තොරතුරු සඳහන් ක්වේරෝස් හෝ වැලන්ටයින් ගේ විස්තරත් අඩුවෙන් භාවිතා කලේ. පැහැදිලිවම ඔවුන් දෙදෙනාම මෙරටට පැමිණියේවත් නැහැ. ඔවුන් මේ යුගයේ තොරතුරු ලබාගන්නේ එම සිදුවීම් සිදුවී කලකට අපසු වෙනත් පුද්ගලයන්ගේ සටහන් හරහා.
Deleteගොඩක් ස්තුතියි පාඨක අප වෙනුවෙන් වෙහෙසී ලිවීම පිළිබඳව.... රසවත්ව හා හරවත්ව!
ReplyDeleteසේනාසම්මත වික්‍රමබාහු රජ කළායැයි කියන, උපරාජයෙකුට අයිති නැති කාර්යයන් ගැන කියද්දි, අංගම්පොර සටන්වල නියැලීම මට එච්චර පැහැදිලි වුණේ නෑ. ඒ කියන්නේ ඔහු අර රෝමයේ කොමඩස් මෙන් අංගම්පොර සටන්වලට සහභාගී වුණා ද, නැතිනම් අංගම්පොර පැවැත්වීම සහ සංවිධානය උපරාජයෙකුට අයිති නැති රාජකාරියක් කියන එක ද?
ReplyDeleteරාජාවලියේ එය සඳහන් කර ඇති ආකාරය අනුව අංගම්පොර පුහුණු කිරිම් කිරීම සහ එවැනි පිරිසක් පවත්වාගෙන යෑම යටත් රජෙකු විසින් නොකල යුතු දේ බවයි හැඟෙන්නේ (රජාවලියේ එම කොටස සඳහන් වන්නේ මේ ලෙසින් - සිංහාසන පැන නැගී පණම් රන් ගස්සවමින් අංගම්පොර අරිමින් අය බදු නොදී ඉදිනා... ) ඒ අනුව ඔබ සඳහන් කරන දෙවැන්න බවයි පේන්නේ
Deleteඅංගම් සටන් කලාව ප්‍රගුණ කළවුන් සේවය කලේ රටේ ප්‍රධාන රජුට...රට තුල ස්වාධීන රජ වරු කීප දෙනෙක් පැන නැගීම සේනා සම්මත වික්‍රමභාහු යුගයේ එතරම් ජනප්‍රිය අදහසක් උනේ නෑ. විශේෂයෙන්ම අම්බුලුගල කුමාරයාට හතර කෝරළේ එක්ක තිබුණු සම්බන්ධකම් අනුව. කාසි නිකුත් කිරීමත් එහෙමමයි. යුව රාජයා ප්‍රධාන රජුට අය බදු දෙන්න ඕන. එය පහර හැරීමට බලය තියෙන්නේ තවත් ස්වාධීන රජෙකුට විතරයි. ඒ කියන්නේ වික්‍රමභාහු තමන් ස්වාධීන රජෙක් බව පෙන්නමින් හිටියා. කොමොඩස් වගේ නරි නාටක නටලා ඇණ ගත්තේ 'නිදහසට' පසු කට්ටිය කියලයි මට හිතෙන්නේ.
Deleteතේරුණා. ඒ කියන්නෙ උප රාජයෙකුට හමුදාවක් පුහුණු කරවන්න සහ පවත්වාගෙන යන්න තහනම් ඇති...?
Deleteඔව් හේතුව පැහැදිලිනේ. එහෙම කලොත් මොකෝ වෙන්නේ කියලා
Deleteඅංගම්පොර ඔට්ටු දාන්නත් ඇද්ද?
Deleteමගෙ අදහස: අර අකාල සන්ධ්‍යා එකේ පෙන්නුව, මරු වලේ සටන වගේ, චැලෙන්ජ් බැට්ල් තිබුණා. ඒ වගේම රණ සංදර්ශන වගේ දේවල් රජු ඕගනයිස් කළා, ජනතාවගේ සහ සේනාවේ සෙන්පතියන්ගේ මොරාල් එක නග්ගන්න...
Deleteඇත්තටම සකලකලාවල්ලභ රජු ගැන දැක්වෙන මේ විස්තර අතරින්, කලු කුමාර සහ අස්වානේ දෙවි ගැන විතරයි මම දැනගෙන උන්නේ. ගොඩක් ස්තූතියි මේ ඉතිහාසගත තොරතුරු සංග්‍රහ කරලා ඉදිරිපත් කිරීම ගැන.
ReplyDeleteමේ ලිපි එකතු කරලා පොතක් ගැහුවොත් අපේ අනාගත පරම්පරාවටත් වටියි කියලා හිතෙනවා.
ඩ්‍රැකී
Deleteඉතිහාස පොත් කොච්චර ගැහැව්වත් ඒ සම්බන්ද ශාස්ත්‍රිය ලෙසින් උනන්දුවක් තියෙන සීමිත පිරිස මිසක් බහුතරයක් ඒවා කියවන්නේ නැහැ. රාවණ, බුදුන් ලංකාවේ උපන්නා වගේ මනස්ගාත කියවන තක්කඩින්ගේ පොත් වලට නම් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒක හින්ද මන් හිතෙනවා මේ වගේ හුඟ දෙනෙකුට කැමැති නම් සහ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව තියෙනවා නම් ලගාවිය හැකි මාද්‍යයක් ඒ සඳහා ඉදිරියටත් යොදාගැනීම හොඳයි කියලා. වර්තමානයේ පොත් කියවන පිරිස ඉතාම අඩුයි. අලුත් පරම්පරා වල නැත්තටම නැති තරම්. මේ වගේ ඉතිහාසය සම්බන්ද අතේ රෝල් නොවන දේවල් තියෙන පොත් කියවන ප්‍රමාණය ඉතාම අඩුයි. අනිත් එක ඉතිහාසය සම්බන්ද කිසිම විදිමත් (Formal) අධ්‍යාපන සුදුසුකමක් නැති (මම පාසැලේදිවත් ඉතිහාසය ඉගෙනගෙන නැහැ. ඒ කියන්නේ අපිට ඉගැන්නුවේ නැහැ ඒ කාලේ) මන් වගේ කෙනෙක් පොතක් ලිව්වොත් ඉතිහාසය් ගැන උනන්දුවක් දක්වන ඔය මන් මුලින් කිව්ව කෙනෙක්වත් ගනීද දන්නේ නැහැ LOL
වැඩේ තියෙන්නෙ... බොරුව ටික කාලයයි මාකට් වෙන්නෙ. ඊට පස්සෙ වෙන ආකර්ෂණීය මාතෘකාවක් එනව.
Deleteඅනික, බ්ලොග්වලට වඩා පොතක් කාලයක් තියේවි කියල මට හිතෙනව.
ඉස්කෝලෙකින් ඉගෙනගන්න උදවියට හෝ උගන්වන උදවියට වඩා ඉතිහාසය (හෝ වෙන ඕනෙම විෂයයක්) ගැන අයිතිවාසිකමක්, ඒකට උනන්දුවෙන සහ ශාස්ත්‍රීය අධ්‍යයනයක ඉන්න තැනැත්තාට තියෙනවා.
එහෙමම කියන්න අමාරුයි . උදාහරණයක් වශයෙන් රාවණ බොරුව ගත්තොත් ඒක මන් දන්න තරමින් අහුබුදු මහත්තයා පටන් ගත්තේ දශක ගණනාවකට කලින්. සූරිය ගුණසේකර ඒකට අඩු වැඩිය දාල තව දුර ගෙනගියා. වර්තමානයේ සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ද මාධ්‍ය උපයෝගි කරගෙන කිසිම පදනමක් නොමැතිව බොරු වපුරලා ඊටත් වඩා විශාල පිරිසක් එය මෙරට සමාජයේ ඉතාම විශාල පිරිසක් විස්වාස කරන තත්වයට ගෙනල්ලා තියෙනවා. මේ රටේ බහුතරය හරිම ලේසියෙන් කරුණු කියලා යමක් පහදලා දෙනවට වඩා ආකර්ශණීය බොරු වපුරලා රවට්ටන එක ලේසියි. ඒකට හොඳ මාර්කට් එකකුත් තියෙනවා. මිනිස්සු සල්ලි දීලා ආකර්ශණීය බොරු ගන්නවා.බොරුව ටික කාලයකින් මාකට් වෙන්නෙ නැතිව ගියොත් අලුත් බොරුවක් ගේනවා. නැත්නම් ඒ බොරුවම මොඩිපයි කරලා අලුත් විදිහකට ගේනවා. ඒ නැතත් එක කොටසක් බොරුව තේරුම් ගන්නකොට තව අලුත් කොටසක් ඒ බොරුවටම හසු කරගන්න පුලුවන්. මේක මේ රටේ දේශපාලනයටත් අදාලයි.
Deleteපොතක් ලියන්නම බැරිනම් අඩුගාණෙ ශාස්ත්‍රීය සඟරාවක ලිපියක්වත් පල කරන්නකො.
Deleteඅන්තර්ජාලය දැන් රාවණාගේ පුන්චි අම්මගෙ හයි හීල්ස්වලට ගහපු අඟහරුලෝකෙ ලෝහ ගැන ලිපි පලවන තැනක්නෙ
අන්න එක හින්දයි අන්තර්ජාලයෙම මේවා දාන්න ඕනේ පුළුවන් තරම් කියලා තමා මට හිතෙන්නේ. ශාස්ත්‍රිය සඟරා ඒවායේ ඉන්න සාමාජිකයවොත් බලන්නේ නැහැ නිකන් හම්බුනාට. සල්ලි දීලා නම් ගන්න අය ලංකාවෙම අඩුගානේ 100ක්වත් ඉන්නවද දන්නේ නැහැ.
Deleteපරාක්‍රමබාහු, වීරපරක්‍රමබාහු , ධර්මපරාක්‍රමබාහු වගේ නම් රාජ්‍යත්වයට පත්වෙනකොට ගන්න ඒවා වෙන්න ඇති නේද? කීර්ති- විජයබාහු, සපුමල් = බුවනෙකබාහු, ටිකිරි බණ්ඩාර= රාජසිංහ, කන්නසාමි = රාජසිංහ වගෙ. සපුමල් කුමරු වගේ ඒවත් සමහරවිට ලමා කාලයේ නම් නෙමෙයි පසුව ජනතාව විසින් හැඳින්වුන නම් වෙන්න පුලුවන්
ReplyDeleteසිංහල පෙරළියට ප්‍රධාන හේතුව සපුමල් කුමරුගේ පියා සිංහල නොවීමද?
ඔව් රාජ්‍යත්වයට පත් වීමේදි නමක් ලැබෙනවා. නායක්කර් රජවරුන්ගේ යුගයේදි එය සිදුවූ ආකාරය සඳහන් වෙනවා කොහේ හරි. මහනුවර නාත දේවාලය එයට සම්බන්ද වෙනවා වගේ මතකයි. නම් කිහිපයකින් එකක් අහඹු ලෙස තෝරාගැනීමක් තමා වෙන්නේ. විස්තර හොයලා බලන්නම් ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්. සපුමල් කුමරුගේ නම සෙම්බගප් පෙරුමාල්. ඔව් ඔහුට පිරිසිදු සිංහල සම්භවයක් නොමැතිවීමත් එයට හේතු වෙන්න ඇති.
Deleteඋඩරට අවදියේ රජවරුන්ට නම් පට බැඳීම ගැන තිබුණේ, එක්කෝ රොබට් නොක්ස් ගෙ පොතේ, නැත්නම් මේජර් ඩේවි ගෙ පොතේ කියලයි මට මතක.
Deleteඅනික් කාරණය තමයි මට මතකයි මිණිවන් පී තිලකරත්නගෙ පොතක තිබුණා මෙහෙම: උඩරට දරුවන්ට නම් තියන්නෙ, නම් තිය නැකතට. ඒක කරන්නෙ ළමයගෙ මාමෙක්. ඒ නම දන්නෙ ඒ මාමා විතරයි. ළමය වඩාගෙන, එයාගෙ කණට කොඳුරලා නම කියනව. ඒ නම පිට කෙනෙක් දැනගත්තොත් ඒකට හූනියං කරයි කියල විශ්වාසයක් තියෙනව. ඒකයි එහෙම කරන්නෙ. පස්සෙ ළමය ලොකු වෙද්දි පටබැඳපු නමක් තියාගන්නව, කතා කරන්න. ඔය විදිහට තමා, ලොකු බණ්ඩාර, මද්දුම බණ්ඩාර, කිරි මැණිකා, වගේ නං ප්‍රසිද්ධ වෙන්නෙ.
සපුමල් කුමාරය නැත්තං සෙම්බගප්පෙරුමාල් කියන නමත් ඒ වගේ පට බැඳපු නමක් වෙන්න ඇති, ටිකිරි කුමාරය වගේ...
Bushana,
Deleteරජෙකුගේ පිරිසිදු සිංහලද කියන එකට සැලකෙන්නේ පියා විතරයිනෙ. මව දකුණු ඉන්දියානු වුනාට කමක් නැහැනෙ, රජ වංශිකනම්?
Dracky,
ලංකාවෙ විතරක් නෙමෙයි
https://books.google.lk/books?id=B8LQCwAAQBAJ&pg=PT330&lpg=PT330&dq=names+to+be+kept+secret+in+tribal+societies&source=bl&ots=x22IYWfFS1&sig=ACfU3U3XifXg9HIOnl_fiUkbWuhuRc2g2g&hl=en&sa=X&ved=2ahUKEwjX-MzzgcrqAhUNT30KHaUYA7sQ6AEwC3oECA0QAQ#v=onepage&q=names%20to%20be%20kept%20secret%20in%20tribal%20societies&f=false
https://www.psychologytoday.com/us/blog/whats-in-name/201107/names-and-identity-the-native-american-naming-tradition
මේ කියන යුගයෙත් එහෙම පිලිගත්තද කියන එක පැහැදිලි නැහැ මහනුවර යුගය වෙනකොට නම් එහෙමයි කියලා හිතන්න සාදක තියෙනව. ඒත් සිංහල රදලවරු නිතරම ඔවුන්ගේ දකුණු ඉන්දීය පුරුදු දිහා වපරැහින් බැලීම ඒ කාලෙත් තිබ්බා කියලා පේනවා. අවසන් නායක්කාර් රජු නලලේ අලු ගෑම වැනිදේ ඔවුන් විවේචනය කල බව සඳහන් මේකත් එහෙමද දන්නේ නැහැනේ. කොහොම උනත් මේ සපුමල් කුමාරයා ඔහුට විරුද්දව කැරලි ගහපු නායකයන් දෙපලට තමා අවසානයේ ඔහුගේ පුතාවත් , ඒ කියන්නේ ඔහුට පසුව රජ වූ පණ්ඩිත පරාක්‍රමබාහුව භාරදෙන්නේ. නමුත් ඔහුව මරණවා සපුමල්ගේ අනිත් සහෝදරයා අඹුලුගල කුමාරයා.
Deleteප්‍රා ජේ,
Deleteඔව් මටත් තැනිං තැනිං ඇහිල තියෙනව, crazy horse, sky walker වගේ නම්. අමෙරිකානු ස්වදේශිකයො ඒ උදවියගෙ ජීවිත කාලෙදි මුහුණපාන අත්දැකීම් අනුව නම් පට බැඳ ගන්න එක ගැන.
භූෂණ,
කොහොමත් මට හිතෙන්නෙ ඓතිහාසික මූලාශ්‍රවල තියෙන්නෙත්, ඒ මූලාශ්‍ර ලියපු අය පටබැඳපු නාම කොටසුත් එක්ක කියල... උදාහරණයක් තමා: දුටුගැමුණු කියල මහා වංශයෙ තිබුණට, සෙල් ලිපිවල කියන්නෙ "දෙවනපිය මහරඣ ගමණි අබය" කියල. අනික ඔය "දෙවනපිය" කියන අභිධානයත් සෑහෙන රජවරු කොටසක් භාවිත කරනවනෙ...
මාර සංවාදයක්.... පෝස්ටුව තරම්ම වටිනවා!
Deleteඔව් පැහැදිලිවම. රාජාවලියට නම් බොහෝවිට එන්නේ ගැමියන් අතර තිබ්බ නම්. එහි භාෂා ව්‍යවහාරය බැලුවම මහාවංශය වගේ මහා සම්ප්‍රදායේ පුද්ගලයෙකු අතින් නෙමෙනේ එය ලියවිලා තියෙන්නේ. බොහෝවිට භික්ෂුවකුත් නෙමේ. එහි එක් වාක්‍යක් පමණක් උපයෝගිකරගනිමින් ඇතැම් වියතුන් කියන පරිදි එය ලියලා තියෙන්නේ ක්‍රිස්තියානි ආගම වැලඳගත්තෙකු. මහාවංශය රජවරුන්ට නම් පට බැඳිම අතින් එහි උපරිමයටම ගිහිල්ලන්නේ. චෝර නාග, ගෝඨ අභය, ඛල්ලාට නාග වගේ මහාවංශ කතුවරයා නම් පටනොබැඳපු කෙනෙක් නැති තරම්.
Deletehttps://en.wikipedia.org/wiki/Category:Viking_Age_monarchs
Deleteප්‍රා, ඒ්ක නං මට වටිනව...
Deleteභූෂණ,
කාකවන්න තිස්ස, වංකනාසික තිස්ස... වගේ නම් දාල තියෙන්නෙ ශාරීරික ලක්ෂණයක් මුල් කරගෙන. ඒ්ක හාමුදුරු කෙකෙතුට තියා, උගත් ගිහියෙකුටවත් ගැළපෙන්නෑ කියල හිතෙනව...