Showing posts with label Robert Percival. Show all posts
Showing posts with label Robert Percival. Show all posts

Tuesday, February 23, 2016

සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍යය ගැන සුද්දෙක් කතා කරයි

Tamil Girls
සම්බන්දන් දේශද්‍රොහි ජාතිවාදියාගේ ඉංග්‍රිසින් සිංහලයන්ට දුන් උතුරු සහ නැගෙනහිර තිබුනායැයි ඔහු කියන දෙමළ රාජ්‍ය පිළිබද තවදුරටත් කතා කල යුතු යැයි සිතුනේ එම ප්‍රකාශයෙන් සතියක්  ඉක්මයන්නටත් මත්තෙන් නිවට ආන්ඩුව විසින් උතුරේ දෙමළ ජාතිවාදින්ගේ මනදොල පිනවමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහි වූ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විරුවා කොලඹට මාරු කිරිමත් සමගය.

මේ උපුටා ගැනීම ඉංග්‍රීසීන් උඩරට රාජ්‍ය අල්ලාගැනීමටත් පොරොතුව 1803 දී රචිත ග්‍රන්ථයකිනි. එනම් මුහුදු බඩ පලාත් ලන්දේසීන්ගෙන් අල්ලාගැනීමේන් වසර 7 කට පසු ලිවූ සටහනකි.

"යාපනයේ ජන සංයුතිය විවිධ ජනවර්ගයන්ගේ එකතුවකි. විශාලම ජනවර්ගය මරක්කල සම්භවයකින් (Moorish extraction) යුක්ත වූවන්ගෙන් සමන්විත අතර ඔවුන් ගෝත්‍ර (Tribes)කිහිපයකට අයත්වේ. ඒවා නම් Lubbahs, Mopleys, Chittys සහ Choliars වේ. කොටට කැපූ කොණ්ඩය මත පලදින කුඩා රවුම් තොප්පිය මගින් ඔවුන් පහසුවෙන් හඳුනාගත හැක. පෙනුමෙන් ඉන්දියාවේ ජීවත්වන මලබාර්වරුන්ගෙන් තරමක් වෙනස් වන මලබාර් (Malabar) නම් ජනවර්ගයක්ද මෙහි වෙසේ. යාපනය දිස්ත්‍රික්කයේ මෙම විවිධ ගෝත්‍රවලට අයත් විදේශයන්හි සිට පැමිණ පදින්චි වූවන් (Foreign settles), සංඛ්‍යාවෙන් එහි සිටින ස්වදේශික සිංහලයන්ට (Native Ceylones) වඩා අති විශාලය. මම මුලින් සඳහන් කල ජනයා වසර කිහිපයකට පෙර කොරමන්ඩල් වෙරලින් මෙහි පැමිණ පදිංචි වී කපු ආශ්‍රිත නිෂ්පාදන කරන ලෙස ලන්දේසීන් විසින් දිරිමත් කර මෙහි රැගෙන ආ පුද්ගලයන්ගෙන් පැවතෙන්නන්ය."
A Tambi (Moorman)
 -An account of The Island of Ceylon, Its history, geography, natural history with the manners and customs of its various inhabitants, Robert Percival of his majesty's 19th regiment of foot, 1803.

අවිවාදිතවම පර්සිවල් කියන අයුරින් යාපනය දිස්ත්‍රික්කයේ එවකට බහුතරය මුස්ලිම් ජනයාය. ඔහු පවසන රවුම් කුඩා තොප්පිය සහ ඉංග්‍රීසින් මුස්ලිම් වරු හැදින්වීමට ඉන් පසුවද යොදා ගත් මූර්වරු(Moors) නාමය එයට දෙස් දෙයි. මලබාර් වරු යනුවෙන් ඉංග්‍රීසීන් හඳුන්වන්නේ දමිල ජනයාය. පර්සිවල් කියන පරිදි ඔවුන් එහි සිටි මුස්ලිම් වරුන්ට වඩා අඩු ප්‍රතිශතයක් දැරූහ. ඔහු කියන වැදගත්ම සඳහන නම් මේ සියල්ලන්ම විදේශයන්හි සිට පැමිණ යාපනය දිස්ත්‍රික්කයේ පදින්චි වූ මෑත කාලින් සංක්‍රමණිකයන් යන්නය. කෙසේ නමුත් ඒ වන විටත් යාපනයේ සිටි සිංහලයන්ට වඩා එම සියලුම ජනවර්ගයන් සංඛයාවෙන් ඉහල අගයක් ගෙන තිබිණි. ඉංග්‍රීසීන් පැමිණෙන විට යාපනයේ සිටි බහුතර ජනවර්ගයද දෙමළ නොවේ නම් ඔවුන් පැමිණෙන විට එහි දෙමළ රාජ්‍යයක් තිබුනේ කෙලෙසද? අවාසනාවට ඉතිහාසය නොදන්නා වර්තමාන පරපුරට මේවා "ඇත්ත වෙන්න ඇතිය. අපි ඕවා නොදන්නවාය. ඒක හින්ද ඔන්න ඕක උන්ට දීලා දැමිය යුතුය".

ඡායාරූප උපුටාගැනීම -  Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907