Monday, December 14, 2015

නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණය

 දෙමළ ත්‍රස්තවාදය යුධමය වශයෙන් විනාශ කර  දැමීමට ලැබූ අනගි අවස්ථාවක්  ලෙස බ්‍රිගේඩියර් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ කර්නල් විජය විමලරත්න මහතුන්ගේ නායකත්වයෙන් 1987 දී සිදුකල වඩමාරච්චි  මෙහෙයුම සැලකිය හැකිය. එය ඉන්දියානු ව්‍යාප්තිවාදීන්ගේ බලපෑම් හමුවේ ජයග්‍රහණය පෙනි පෙනි නතර කර දැමීමට එවකට සිටි නිවට නායකත්වයට සිදුවීමෙන් දෙමළ ත්‍රස්තවාදය අතුගෑ දැමීම තවත් සිංහල, ද්‍රවිඩ සහ මුස්ලිම් දහස් ගනනකගේ ජීවිත අහිමි වීමෙන් පසු වර්ෂ 2009 දක්වාම කල් තැබුනි. නැවතත් නිවට නායකත්වයක් යටතේ අලු ගසා නැගී සිටින දෙමළ ජාතිවාදීන්ගේ නාගදීප, නයිනතිව් කිරීමේ පුරසාරම් කතා අසා සිටින්නට සිදු වී ඇති මෙම අවස්ථාවේ වර්තමාන යාපනය අර්ධද්වීපය දෙවන සියවසේ නාගදීපය ලෙසින් හැදින්වූ බවට ඇති ප්‍රබලම සාක්කිය හමුවන්නේද යාපනය දීස්ත්‍රික්කයේ එම වඩමාරච්චි කලාපයේ වල්ලිපුරම් ගමෙන් බව පෙන්වාදීම මෙම ලිපියේ අරමුණයි.
වල්ලිපුරම් රන්පත
වල්ලිපුරම් ග්‍රාමයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරි පවතින ගොඩනැගිලි පාදම්, ගඩොල්, වලං කැබැලි, පැරණි කාසි ආදි නටබුන් හමුවන ප්‍රදේශයක් ඇත. එහි පිහිටි විෂ්ණු කෝවිලට අයත් ඉඩමක තිබී වසර ගනනකට පෙර හමු වූ අමරාවති සම්ප්‍රදායේ ශෛලමය බුද්ධ ප්‍රතිමාව මෙම නටබුන් විවාදයක් නොමැතිවම පැරණි බෞද්ධ විහාරයක බව පසක් කරයි (එම ප්‍රතිමාව වර්ෂ 1906 දී හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරයා විසින් සියම් රජුට තෑගි කරයි )

මෙම  විෂ්ණු කෝවිල ප්‍රදේශයෙන් 1936 දී හෝ ඒ ආසන්න වසරකදී අකුරු කෙටූ රන් පතක් හමුවේ. පැරණි ගොඩනැගිලි පාදමක පතුලේ තිබී හමු වූ මෙම රන් පත බ්‍රාහ්මි අක්ෂර වලින් සහ දෙවැනි ශතවර්ෂයේ වෙනත් සෙල්ලිපි ආදියේ හමුවන පැරණි සිංහල භාෂාවෙන් ලියැවි ඇත.  වසභ රජුගේ රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 67-111 ) ඉසිගිරිය ඇමතියා විසින් නකදිව පාලනය කරන අවධියේ බදකරඅතනෙ හි පියගුක තිස විසින් විහාරයක් කරවූ බව එම රන් පතින් කියවේ. (මෙම ලිපියේ වෙනත් කියවීමකට අනුව කරඅතනෙහි කල විහාරයේ නම පියගුකතිස වෙහෙර වේ. එවිට එම විහාරය ඉදි කර ඇත්තේ වසභ රජු සහ ඉසිගිරිය ඈමැතියා ලෙස ගත හැක.)

නකදිව - සිංහල 'නක' ශබ්දය පාලියට පෙරලූ විට 'නාග' වේ. ඒ අනුව සිංහලෙන් නකදිව යනු පාලියෙන් නාගදීපයයි.

බදකරඅතන - 'අතන' ශබ්දය වෙනත් සෙල්ලිපි වලද ස්ථාන නාම සමගින් හමුවේ. එවිට බදකරඅතන යනු වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය එවකට හැඳින්වූ නාමය ලෙස ගත හැක.

පියගුකතිස - මහාවංශයේ දුටුගැමුණු රජු හා සම්බන්ධ කතාවකදි පියංඟු දිවයිනේ වැඩසිටි තිස්ස නම් තෙර නමක් ගැන සඳහන් වේ. වල්ලිපුරම් රන්පතේ සඳහන් වන පියගුක තිස යන්න විහාරයේ නම ලෙස ගතහොත් එම විහාරය ඇතැම්විට මෙම පෙර සිටි තෙරණුවන්ගේ නමින් නම් කලා විය හැක. මහනුවර යුගයේ රචිත එවකට වැඳුම් පිඳුම් කල විහාර දේවාල ලේඛනයක් අඩංගු වන නම්පොතේ සඳහන් වන පුවංඟු දිවයින අවිවාදිතවම මෙම පියංඟු දිවයින ලෙස සැලකිය හැක. එය වර්තමාන පුන්කුඩුතිව් විය හැකි බව පරණවිතාන මහතා ඇතුලු විද්වතුන්ගෙ මතයයි.

වල්ලිපුරම් රන්පතින් හෙලිවන වැදගත් කරුණු  මෙලෙස කෙටියෙන් ගෙනහැර දැක්විය හැක : -

  •  එවකට බදකරඅතන ලෙසින් හැදින්වූ වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය පිහිටි යාපනය අර්ධද්වීපය 2 වෙනි සියවසේදී නකදිව හෙවත් නාගදීපය ලෙසින් හැඳින්වූ බව.
  • එහි ප්‍රාදේශීය පාලනය අනුරාධපුරයේ සිට තුන් සිංහලේම පාලනය කල වසභ රජුගේ ඉසිගිර නමැති ඇමැතිවරයා අතින් සිදුවූ බව.
  • එම කාලයේ නාගදීපයේ සිංහල බෞද්ධ ජනතාව විසූ බව සහ ඔවුන් බෞද්ධ වෙහෙර විහාර ඉදි කල බව.
පසුකාලිනව දකුණු ඉන්දීය ආක්‍රමණ හමුවේ යාපනය අර්ධද්වීපයේ සිංහල ජන වර්ගය කෙමෙන් දකුණු ඉන්දීය සංක්‍රමණික හින්දු ද්‍රාවිඩ ජනයාගෙන් ප්‍රතිස්ථාපනය වුවද සියවස් ගණනාවකට පෙර සිටි එක් පුද්ගලයෙකු කිසිදා කිසිවකුට දැකිය නොහැකි වනු ඇතැයි සිතා තම පුණ්‍ය ක්‍රියාව සටහන් කර තැන්පත් කල රන් පතකින් එම සැඟවුනු ඉතිහාසය ඉස්මතු වූ අයුරු කෙතරම් අපූරුද?

සම්බන්දිත පෙර ලිපි -   


මූලාශ්‍ර
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999.
  • නම්පොත

22 comments:

  1. ඊලාම් සටනේ යෙදී, උතුරුකරයේ සෑහෙන කලක් ගතකල නිසා, මා අද්දැකීමෙන් දන්නා දෙයක් කියන්නම්. උතුරේ අහිංසක සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට හෝ, මධ්‍යස්ථ මතධාරී උගත් ජනතාවට හෝ, මේ නම් වෙනස් කිරීම වැනි මානසික රෝග නැහැ. ඔවුන් බලාපොරොත්තු වන්නේ නිදහසේ ජීවත්වීම සහ යටිතල පහසුකම් සංවර්ධනයයි.

    මානසිග ව්‍යාධීන්ගෙන් පෙලෙන, බලකාමී දේශපාලුවන්, මතවාදීව පරාජය කිරීම, නොපමාව කළයුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් පැහැදිලිවම මෙතන තිබෙන්නේ බලලෝභී දේශපාලකයන්ගේ ජාතිවාදය ඇවිස්සීමේ උවමනාව. හැබැයි ජනතාව සම්බන්ධයෙන් ඔබගේ නිරීක්ෂණය මැතිවරණ වලින් පිලිඹිඹු වන්නේ නැහැ. ඔවුන් තවමත් එම ප්‍රදේශ වල යටිතල පහසුකම් දියුණු කල පුද්ගලයන්ට වඩා ඔවුන්ගේ දරුවන් පවා බලෙන් පැහැරගෙන ගිය කොටි ත්‍රස්තවාදීන්ගේ දේශපාලන පෙරමුණට පක්ෂපාතී බවක් තමා පෙනී යන්නේ.

      Delete
    2. අහිංසකයන් බහුතරය තවමත් ඉන්නේ, දේශපාලන හස්තයන්ගේ පාලනය යටතේ. ඔවුන්ගේ ස්වාධීන චින්තනය, දීර්ඝ කාලීන යුද්ධය හේතුවෙන් දැඩිව විනාශ වෙලා. තමන්ගේ ගැලවුම්කාරයන් ලෙස, ඔවුන් තවමත් දකින්නේ, විවිධ සුරංගනා කතා කියන දේශපාලකයන්. මේ ලක්ෂණය, වතුකරයේ ද්‍රවිඩ ජනතාව අතරද මෙලෙසමයි. ඔවුන්ගේ නූගත්කම දඩමීමා කරගෙන, තමන් හිතන හිතන ආකාරයට ඔවුන්ව දක්කන්න, අර දේශපාලුවෝ කටයුතු කරනවා. අනික් අතට දකුණේ සිංහල පක්ෂ වල ප්‍රතිපත්ති උතුරට හෝ වතුකරයට හරියට යන්නේ නැහැ. (අද්දැකීමෙන් කියන්නේ) හේතුව අපේ අයට දෙමල බැහැ. මේ මුග්ධ දේශපාලකයන්, දෙමළ ඉගෙනගෙන, එහෙ ගිහින් කතාකිරීමේ වටිනාකම දන්නේ නැහැ. ඔන්න ඔතනයි සියල්ල උඩු යටිකුරු වෙන්නේ.

      Delete
    3. ///උතුරේ අහිංසක සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට හෝ, මධ්‍යස්ථ මතධාරී උගත් ජනතාවට හෝ, මේ නම් වෙනස් කිරීම වැනි මානසික රෝග නැහැ.///

      මේක අදට කොහොමද දන්නේ නැහැ, ඉතිහාසයට නම් ඒ තරම් වලංගු නැහැ, මට තේරෙන විදිහට...

      බ්‍රිතාන්‍ය පාලන යුගයේ රජයේ සේවකයින් බහුතරයක් වූ දෙමළ ජාතිකයින් ගාම්මාන නාමයන් වෙනස් කිරීම ගැන හොඳට දැනගන්න පුළුවන් APA ගුණසේකර මහත්තයාගේ "හොරොව්පතානේ පළවැනි ඩීආර්ඕ" කියන පොතේ...
      ලංකාව සිතියම් ගත කිරීමේදී දෙමළ නිලධාරීන් පැරණි සිංහල ගම්මාන සැළකිය යුතු ප්‍රමාණයකට දෙමළ නම් යොදා තිබෙනවා...

      ඔහු DRO වශයෙන් සේවය කල කාලය තුල එම ප්‍රදේශ තුළ ඇතිකළ නව ගම්මාන නාමකරණයේ ප්‍රතිපලයක් තමයි "ශ්‍රීපුර", "ශ්‍රාවස්තිපුර" වැනි ගම්මාන...
      තව ගොඩක් කරුණු තිබ්බා, මට දැන් ඒවා මතක නැහැ...

      Delete
    4. ඉතින් හරිනේ. ඔය සමහර ද්‍රවිඩ පරිපාලන නිළධාරීන් තමා ප්‍රාදේශීය නම් වෙනස් කරන්න උපක්‍රමශීලීව කටයුතු කලේ. පදවි ශ්‍රීපුර පැත්තේ මම අවුරුදු කීපයක් සේවය කළා. ඔබ දන්නවාද, පදවිය වැව, 'කඤ්ඤං පඤ්ඤ කුලම්' යනුවෙන් නම වෙනස්කරන්න, සෑහෙන කාලයක් උත්සාහ කර තිබෙනවා, ද්‍රවිඩ ජාතික වාරිමාර්ග ඉංජිනේරුවකු විසින්. හැබැයි මේවා දැකලා, අපි ද්‍රවිඩ ජාතිය සමග තරහ වියයුතු නැහැ.

      Delete
    5. ඔව් එවැනි ඕනෑ කමින්ම වෙනස් කරපු ප්‍රදේශ වගෙම ස්වභාවිකවම දෙමළ ජනගහණය වැඩි වීම නිසා වෙනස් වූ ප්‍රදේශත් තියෙනවා. ඒ වගේම කලින් දෙමළ වෙලා තිබිලා දැන් සිංහල ජනගහනය වැඩි වීම නිසා සිංහල වූ ප්‍රදේශත් තියෙනවා, ආනයිවිලුන්දාව, ආරච්චි කට්ටුව, නල්ලදරන් කට්ටුව වගේ වයඹ ප්‍රදේශයේ එවැනි ගම් තියෙනවා. මේ සියලු දේ සම්බන්ධයෙන් සාධක සහිතව විස්තර ඉදිරියේදි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  2. මාත් ආව ඕං
    වටිනා බ්ලොගයක්
    ලේ බොන එකෙක්ගෙන් තමා දැනගත්තේ..
    ජයවේවා!

    ReplyDelete
  3. දෙවියනේ මේ බ්ලොග් එක මග හැරුනේ ඇයි කියන පසුතැවිල්ලෙන් මේ සටහන තියන්නෙ. ඩ්‍රැකීගේ පෝස්ටවේ කියාදුන්න පාර නෙවෙයි නම් මග හැරෙනවා. දිගටම ලියන්න හිතවත. බොහොම වටිනා සේවයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා ගුණසිංහ මහත්තයෝ. මටත් මේ බ්ලොග් එක දැකපු දවසේ පුදුම හිතුනා කලින් දැක්කේ නැත්තේ ඇයි කියලා. හොඳ සංවාද ගොඩනගන්න පුළුවන් තැනක් බව පෙනෙනවා. නමුත් පාඨක අවධානය ප්‍රමාණවත් තරම් යොමුවී නැහැ.

      Delete
    2. ඇත්තටම බ්ලෝග් එක පටන් අරන් දැන් වැඩි කාලයක් නැහැ. හරියටම මාස 3.5 වගේ තමා වෙන්නේ

      Delete
  4. N.s.k. warnakulasooriya & MPP Gunasinghe. ස්තූතියි අදහස් දැක්වීමට සහ දිරි වඩන වදන් වලට. බ්ලොගයට එන්න පාර කියපු ඩ්‍රැකියටත් තුති!!

    ReplyDelete
  5. ඩ්‍රැකියාගේ පාරෙන් ආවෝය... මුල ඉඳන් කියෝගෙන එන්නම්

    ReplyDelete
  6. ඩ්‍රැකියාගේ පාරෙන් ආවෝය... මුල ඉඳන් කියෝගෙන එන්නම්

    ReplyDelete
  7. වටිනා කරුනු ඉදිරිපත් කිරීමක් භූෂණ...

    ..//1987 දී සිදුකල වධමාරච්චි මෙහෙයුම//...

    අපේ ගම්පැතිවල බොහෝ දෙනෙක් මේ මෙහයුමට කියන්නේ වඩමාරච්චි මෙහෙයුම කියලයි

    ReplyDelete
    Replies
    1. ඔව් නිවැරදි උච්චාරනය වඩමාරච්චි වගේ තමා. මම නිවැරදි කරන්නම්. ස්තුතියි

      Delete
  8. භූෂණ ඔබේ අනිත් බ්ලොග් එකේ ඉංග්‍රීසි සහ සිංහල යන දෙකෙන්ම ශාක ආදිය සම්බන්ධව සුළු හෝ විස්තරයක් දානවනම් හොඳයි...
    ඔබ ඉදිරිපත් කරන ඉතා සරළ සහ කුඩා විස්තරය කියවන්නකුගේ අවධානයක් දිනා ගන්න තරම් මදි බවයි මගේ අදහස...

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම ස්තූතියි. කාරණා කීපයක්ම තියෙනවා ඒ සම්බන්ධයෙන් නම් කියන්න. මුලින්ම ඒ බ්ලොග් එක මම කරන්නේ ප්‍රධාන වශයෙන්ම ඡායාරූප ඇසුරින් මෙරට ජෛව විවිධත්වය ගැන ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ට දැනුමක් ලබාදෙන්න. එතෙන්දි පෝස්ට් එකේ අන්තර්ගතයට වඩා ඡායාරූපයට තැනක් දෙනවා එතෙන්දි සමහර සතුන් සහ ශාක සම්බන්ධයෙන් ඇත්තටම කියන්න තරම් ලොකු දෙයක් නැති තරම්. ඒකට හේතුව ඒ සම්බන්ධයෙන් කෙරී ඇති පර්යේෂණ වල මදි කම. නමුත් ගොඩක් විස්තර ලියන්න පුලුවන් උන් ගැන උනත් මම එච්චර දිගට ලියන්නේ නැහැ තමා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් අන්තර්ජාලයට එන හුග දෙනෙක් මම අත්දැකීමෙන් දන්නවා ගොඩක් කියවන්න අකමැති කට්ටිය. ඇත්තටම කියවන්න තරම් වෙලාවකුත් ඔවුන්ට නැහැ (අනිත් එක මට උනත් එච්චර දිගට ලියන්න තරම් වෙලාවක් හොයාගන්න බැහැ). විශේෂයෙන්ම නව පරපුර හරි අඩුවෙන් කියවන්නේ. මේ හේතු නිසාම මගේ මේ 'සිංහලේ' බ්ලෝග් එකේ උනත් මම හැම විටම උත්සාහ කරන්නේ කියන්න තියන දේ අඩුම වචන ගානකින් කියන්ඩ බලන්න. ඇත්තම කියනවා නම් මේ දේවල් මීට වඩා විස්තරාත්මකව ලිව්වා නම් තමා හොඳ ඒත් එතකොට කියවන කට්ටිය අඩු වෙනවා. මගේ පෝස්ට් ගැන අදහස් කියන හුඟ දෙනෙක් මට කියන දෙයක් තමා කියවන්න ආසයි වෙලාවක් නැහැ කියන එක. හැබැයි මගේ මේ සින්හලේ බ්ලෝග් එකේ අරමුණත් අන්න ඒ කියවන්නෙ නැති රටේ ඉතිහාසය දන්නේ නැති සෙට් එකට කතා කරන එක. මන් දන්නවා එතකොට සමහරවිට ඔබ වැනි කට්ටියකට අසාධාරණයක් වෙනවා. දිග ලිපි කියවන්න කැමැති කට්ටියක් ඉන්නවා (ඒත් මම හිතන්නේ ඒ කට්ටිය මේ රටේ මේ වෙනකොට හරි අඩු ප්‍රතිශතයක් තමා ඉන්නේ.) කෙසේ නමුත් biodiversityofsrilanka එකේ hits ගානෙන් නම් පෙනී යන්නේ එය කියවන කරන කට්ටිය දිනකට 300-400 අතර වන බවයි. එය සැලකිය යුතු ගානක්. අනික පසුගිය අවුරුදු 5 තුල 400000 කට අධික පිරිසක් එයට පැමිණ තියෙනවා. සිංහලෙන් විස්තරයක් දැමීම ගැන නම් තව ටිකක් හිතන්න වෙනවා. එකක් අන්තර්ජාලය භාවිතා කරන බහුතරයකට මෙහි තිබෙන සරල කෙටි ඉංග්‍රීසි වගන්ති තේරුම් ගැනීමට පුලුවන් කියා මම විශ්වාස කරනවා. අනිත් කාරනය කිඹුල් හූනෝ, වල්ලපට්ටා, වගේ දේවල් හොයන ජෛව හොරුන්ගෙන් අපේ වනජීවින් රැක ගැනීමට නම් මේ තොරතුරු නොයා යුතු පිරිසක් මේ රටේ ඉන්නවා. සිංහලෙන් මේවා ඉදිරිපත් කිරීමෙන් එම පිරිස අතරට නොයා යුතු තොරතුරු යාම වැඩි වෙන්න පුලුවන් කියා මට හිතේනවා (මේ වන විටත් මේ හේතුව නිසාම මම මෙම බ්ලොගයේ හුගක් තොරතුරු පාලනය කරනවා. උදාහරනයක් විදිහට Orchid වර්ග සහ එවැනි අලංකාරයට වවන්නන් එකතු කරන ශාක වල වල මල් හටගන්නා කාලය වගේ දේවල් සහ දැකිය හැකි ප්‍රදේශ මම පෝස්ට් වල අඩංගු කිරීමෙන් වැලකෙනවා. මොකද එහෙම කලොත් ඔවුන්ට හරි පහසුවෙන් ඒවා ස්වාභාවික පරිසර වලින් එකතු කරන්න හැකි වෙනවා.)

      Delete
    2. ඔබ සමග බොහෝ දුරට එකඟයි...

      ///උදාහරනයක් විදිහට Orchid වර්ග සහ එවැනි අලංකාරයට වවන්නන් එකතු කරන ශාක වල වල මල් හටගන්නා කාලය වගේ දේවල් සහ දැකිය හැකි ප්‍රදේශ මම පෝස්ට් වල අඩංගු කිරීමෙන් වැලකෙනවා. මොකද එහෙම කලොත් ඔවුන්ට හරි පහසුවෙන් ඒවා ස්වාභාවික පරිසර වලින් එකතු කරන්න හැකි වෙනවා.)///

      ඒක ඇත්ත, සැඟවිය යුතු දත්ත කොටසක් තියෙනවා කියල මමත් විශ්වාස කරනවා...

      Delete
  9. / 'අතන' ශබ්දය වෙනත් සෙල්ලිපි වලද ස්ථාන නාම සමගින් හමුවේ. එවිට බදකරඅතන යනු වර්තමාන වල්ලිපුරම් ප්‍රදේශය එවකට හැඳින්වූ නාමය ලෙස ගත හැක./
    තෝනිගල ගිරි ලිපියෙ තියෙනවා “කලහුමණක නියමතන“ කියා සඳහනක්. ඒක කාල සුමන නම් නියම් ගමෙ ස්ථානයෙහි යනුවෙන් පරිවර්තනය කෙරෙනවා. නියම් ගමක් යනු අවට ගම්මාන රැසක වෙළෙඳාම් කටයුතු සහ අධිකරණ කටයුතු සිදු වුනු ස්ථානයක් ලෙස පෙනෙනවා. ඒ අනුව, බදකර “අතන“ ද ඒ වගේම ඊට වඩා පරිපාලන වැදගත්කමින් තරමක අඩු තැනක් වෙන්න පුළුවන් කියා මට හිතෙනවා...

    ReplyDelete
  10. "සිදහ වසඹ මහරජ අමතේ ඉසිගිරි නකදිව බුජමිනි බදකර අතන පියගුකතිස වෙහෙර කරිතේ "

    ReplyDelete
  11. දැන් මේ බ්ලොග් එක නැද්ද මාවත් ඇඩ් කරගන්න

    ReplyDelete