මෙරට රාජාවලියේ වැඩිම සෙල්ලිපි ප්‍රමාණයක් කල රජතුමා බොහෝ විට පොළොන්නරු යුගයේ රට පාලනය කල කාලිංග වංශික නිශ්ශංකමල්ල රජතුමා විය හැක. ඔහු පිහිටවූ ලෙස හඳුනාගත් සෙල්ලිපි අවම වශයෙන් 87 මේ වනවිට කියවා ප්‍රකාශයට පත් කර ඇත. ඉන් භගවා ලෙන නොහොත් ඇතැමුන් දිවාගුහාව ලෙස හඳුන්වන ලෙනේ ඇති සෙල්ලිපි දෙක පමණි මෙතෙක් ශ්‍රීපාදස්ථානය ආශ්‍රිතව හමුවී ඇත්තේ. මීට අමතරව මාගම්පත්තුවේ වාඳුරුප්පේ පුවරු ලිපියේත්, ගිරුවා පත්තුවේ රම්බා විහාරයේ ඇති තවත් පුවරු ලිපියකත්, බුත්තල කටුගහ-ගල්ගේ ටැම් ලිපියේ සහ පඩුවස්නුවර ගල් ආසන ලිපියේත් එතුමා බොහෝ දුෂ්කරතා මැද සමනොල නැඟි බව පමණක් සඳහන් කරයි.
![]() |
රූපය 1 - නිශ්ශංකමල්ල රජු සිරිපා පුදන ආකාරය දැක්වෙන භගවාලෙන ලිපිය |
රූපය 2 - බලු කපුටු සහ ඉර හඳ ලකුණු සහිත ටැම් ලිපියක් - අලුත්වැව විහාරය, මැදගම |
කෙසේ නමුත් පැරණි රජ දරුවන් විසින් දිවයිනේ නන්දෙස පිහිටුවා ඇති ඇතැම් සෙල්ලිපි වලින් කිසියම් පරිත්‍යාගයක් බොහෝවිට විහාරයකට පිරිනමා එම දේවල් අයථා ලෙස පරිහරණය කරන්නන් සහ එම නියෝගය කඩ කරන්නන් මතු බලු කපුටන් ලෙස ඉපදෙන බව නම් සඳහන් කර ඇත. එවන් ඇතැම් ලිපි වල බලු කපුටන්ගේ රූප සහ එය සඟ සතු කල බව කියා පෑමට වටාපතක ලකුණ දැක්වෙන රූපද, එම නියෝගය ඉර හඳ පවතින තුරා පැවතිය යුතු බව පැවසීමට ඉර, හඳ ලකුණුද කොටා ඇත. (රූපය 2)
මෙහි කොහේ හෝ පැටලැවීමක් නම් සිදුවී ඇති බව පෙනේ. එනිසා රාජය දේපල සොරාකන්නනි, තොපට බිය වීමට හේතුවක් නොමැත රාජ්‍ය දේපල සොරාකන්නන්ට බලු කපුටන් වන්නට සිදුවන වන වග නිශ්ශංකමල්ල රජු ශ්‍රිපාදස්ථානයේ සෙල්ලිපියක නම් කියා නැත.
මූලාශ්‍ර:
- සපරගමු දර්ශන, රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල හිමි, 1967
- Achaeological survey of Ceylon, Inscription of Ceylon, Volume VI, G.S. Ranawella, 2007
අලුත් දැනුමක්
ReplyDelete/රාජය දේපල සොරාකන්නනි, තොපට බිය වීමට හේතුවක් නොමැත රාජ්‍ය දේපල සොරාකන්නන්ට බලු කපුටන් වන්නට සිදුවන වන වග නිශ්ශංකමල්ල රජු ශ්‍රිපාදස්ථානයේ සෙල්ලිපියක නම් කියා නැත./
ReplyDeleteජයවේවා!!!