Saturday, February 27, 2016

1660 නැගෙනහිර බලය කාටද? නොක්ස්ගේ සාක්කිය

දෙමළ ජාතිවාදියෙකුගේ ප්‍රකාශයකට උත්තර දීම සදහා මීට පෙර වෙන්වුනු බ්ලොග් පෝස්ට් දෙකට පසුව වෙනත් මාතෘකාවක් ගැන ලිවීමට සිතා සිටිමුත් මෙවරද ඒ ගැනම කතා කල යුතු යැයි සිතුනේ එම පෝස්ටු දෙකින් භූමිතෙල් ගෑවුනු ගැරඩි රැලක් මෙන් ප්‍රකෝප වූ දෙමළ ජාතිවාදයේ වහලුන් රැලක් නොයෙකුත් තැන් වල මට සහ මෙම බ්ලොග් අඩවියට එල්ලකරන ප්‍රහාර දැකීමෙන් පසුවය. විවිධ නම් වලින් පෙනී සිටියද මෙම වහලුන් රැල බොහෝ විට විවිධ නම් භාවිතා කරන එකම පිරිසකි. ඔවුන් තම ගොඩ වැඩි කරගැනීම සඳහා විවිධ නම් වලින් පෙනී සිටී. මෙම බ්ලොග් අඩවියේ පලවන දේවල අන්ත්‍රගතය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට තරම් දැනුමක් නොමැති මෙම පිරිස කරනුයේ වර්තමාන දේශපාලනය සම්බන්ධව මෙහි සදහන් වන කෑලි අහුලාගෙන ඔවුන්ගේ සුපුරුදු සටන් පාඨය එනම් 'මහින්ද හොරා' ,'ගෝඨාභය මිනීමරුවා' ගැන පමණක්ම කියවීමය. ඔවුන් නොදන්නව උනාට මේ නරුම පාලනය බලයට ගෙන ඒමට සිය චන්දය භාවිතා කර දැන් සන්තාප වන බහුතරයකට මේවා දැන් පිලුනු වූ සටන් පාඨය. ඔවුන් එදිනෙදා විරෝධතා දක්වන්නේ තමුන්ගේ වී ටිකට රුපියල් 20 ක වත් අවම මිලක් ලබාගැනීමටය, නැති කල පොහොර සහනාධාරය ලබාගැනීමටය, කුණුකොල්ලයට විකිනෙන තේ වලට රබර් වලට සාධාරණ මිලක් ලබාගැනීමටය, තම රැකියා නුදුරු දිනයේදි එන ඉන්දියානු කල්ලතෝනින්ගෙන් බේරාගැනීමටය, උපාධියට සරිලන රැකියාවක් ලබාගැනීමටය. කුලියට ලියන්නන්ට නම් මේ කිසිදු ප්‍රශ්නයක් නැත. තමුන් බලයට ගෙනා රජය රැක ගැනීමට නම් ඔවුන් නිරන්තරයෙන් කුණු සේදිය යුතුය. ඒ සඳහා ඔවුන්ට ගෙවීම්ද ලැබෙනවාය.  මෙම එක් අපතයෙකුට අනුව මා විමල් විරවංශගෙන් ලැප්ටොප් ගෙන රැකියාවට මේවා ලියනවාය. ඉහල මධ්‍යම පාන්තික ආදායමක් ලබන මට මේ හිඟන්නන්ට මෙන් එක එකාගෙන් ලැප්ටොප් ගෙන කුලියට ලිවීමේ අවශ්‍යතාවයක් නැති බව පමණක් පවසමි.

කෙටියෙන් පැවසිය යුත්තේ තවලම යන කොට බල්ලෝ බිරුවත් තවලම නවතින්නේ නැති බවය. ඒ අතරම සඳහන් කල යුතු වැදගත් කරුණක් වන්නේ මෙහි පලවන පෝස්ටු වලට කොමන්ටු ගොඩක් දාගැනීමේ බොලඳ මානසිකත්වයක් මා තුල නැති බැවින් අන්තර්ගතයට අදාල නොවන කිසිම කොමන්ටුවක් මෙහි පලනොවන අතර අන්තර්ගතය සම්බන්ධ ඕනෑම විවෙචනයක් සදහා මෙහි ඉඩ විවරව ඇති බවය. ඇතැම් විට එම පෙන්වා දෙන කරුණු අනුව අන්තර්ගතය වුවද වෙනස් කිරීමට මා සූදානම් බවය. මා නොදන්නා මා ඉදිරිපත් කරන මාතෘකාවට අදාල කරුණු තිබිය හැකි අතර මා ඉදිරිපත් කරන කරුණුද ඇතැම්විට වැරදි විය හැක.  ඒවා පෙන්වා දෙන්නන්ට මෙහි ඉඩ කඩ විවරව ඇත. ඊට අමතරව කුලියට ලියන ලියන අප්පුලාගේ මෝඩ කොමන්ටු වලට උත්තර දිදී සිටීමට කාලයක් හෝ අව්ශ්‍යතාවයක් මට නොමැති බැවින් ඒවා පල කිරීමෙන් වැලකී සිටිමි

යාපනය අර්ධද්වීපයේ පෘතුගීසීන් පැමිනෙන විට කුඩා කොටසක තිබූ අර්ධ ස්වාධීන පාලනය මුළු උතුරු නැගෙනහිරම තිබූ බවට මතවාද ගොඩ නගන ඊලාම්වාදීන් අමතක කරන තවත් එක් කරුණක් ගැන පමණක් පවසා තාවකාලිකව මෙම මාතෘකාවෙන් බැහැරව යාමට බලාපොරොත්තු වෙමි. එනම් දෙවෙනි රාජසිංහ රජුගේ කාලයේදි කන්ද උඩරට රාජ්‍යයේ සිරකරුවෙකු ලෙස සිටි රොබට් නොක්ස් සම්බන්ධ විස්තරයයි.

නොක්ස් පවසන පරිදි කුණාටුවකට අසුවී අබලන් වූ ඔවුන්ගේ නැව පිලිසකර කර ගැනීම සඳහා නැගෙනහිර වෙරලේ වූ කොට්ටියාර් (Cotiar එනම් ත්‍රිකුණාමලය ) වරායට පැමිනෙන ඔවුන්ව සිරකරුවන් ලෙස කන්ද උඩරටට රැගෙන යන්නේ කන්ද උඩරට පාලකයා විසින් එවූ දිසාවේ කෙනෙකි. මෙ කොක්ස්ගේ ඒ සම්බන්ධ සටහනයි. "මේ වන විට රටේ රජතුමාට (King of the country) අප මෙහි සිටින බව සැලවී තිබුණි. මා හිතන්නේ අපගේ පැමිනීමේ අරමුණ සම්බන්ධව මේ වනතෙක් පණිවිඩයක් යවා ඔහුව දැනුවත් නොකිරීම පිළිබඳව ඔහු සැක පහල කරන්නට ඇත. එනිසා ඔහු දිසාවේ වරයෙකු සේනාව සමග (Dissauva or General with his army) අප වෙත එවීය..."

නැගෙනහිර පලාතේද ඉංග්‍රීසීන් එනවිට තිබුනායයි ඊලාම්වාදීන් පවසන දෙමළ රාජ්‍යය තිබුණා නම් කන්ද උඩරට පාලකයා කොට්ටියර් වරායට එන නොක්ස් ඇතුළු පිරිස රැගෙන ඒමට දිසාවේ කෙනෙක් එවන්නේ කෙසේද? මේ සිදුවීම සිදුවෙන්නේ 1660 අප්‍රියෙල් මාසයේදිය.

මූලාශ්‍ර

An Historical Relation of the island Ceylon, by Robert Knox together with his autobiography, Edited by J.H.O. Paulusz, Volume II, Second Edition 1989, (First edition -1681)

Tuesday, February 23, 2016

සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍ය ගැන සුද්දෙක් කතා කරයි

Tamil Girls
සම්බන්දන් දේශද්‍රොහි ජාතිවාදියාගේ ඉංග්‍රිසින් සිංහලයන්ට දුන් උතුරු සහ නැගෙනහිර තිබුනායැයි ඔහු කියන දෙමළ රාජ්‍ය පිළිබද තවදුරටත් කතා කල යුතු යැයි සිතුනේ එම ප්‍රකාශයෙන් සතියක්  ඉක්මයන්නටත් මත්තෙන් නිවට ආන්ඩුව විසින් උතුරේ දෙමළ ජාතිවාදින්ගේ මනදොල පිනවමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහි වූ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විරුවා කොලඹට මාරු කිරිමත් සමගය.

මේ උපුටා ගැනීම ඉංග්‍රීසීන් උඩරට රාජ්‍ය අල්ලාගැනීමටත් පොරොතුව 1803 දී රචිත ග්‍රන්ථයකිනි. එනම් මුහුදු බඩ පලාත් ලන්දේසීන්ගෙන් අල්ලාගැනීමේන් වසර 7 කට පසු ලිවූ සටහනකි.

"යාපනයේ ජන සංයුතිය විවිධ ජනවර්ගයන්ගේ එකතුවකි. විශාලම ජනවර්ගය මරක්කල සම්භවයකින් (Moorish extraction) යුක්ත වූවන්ගෙන් සමන්විත අතර ඔවුන් ගෝත්‍ර (Tribes)කිහිපයකට අයත්වේ. ඒවා නම් Lubbahs, Mopleys, Chittys සහ Choliars වේ. කොටට කැපූ කොණ්ඩය මත පලදින කුඩා රවුම් තොප්පිය මගින් ඔවුන් පහසුවෙන් හඳුනාගත හැක. පෙනුමෙන් ඉන්දියාවේ ජීවත්වන මලබාර්වරුන්ගෙන් තරමක් වෙනස් වන මලබාර් (Malabar) නම් ජනවර්ගයක්ද මෙහි වෙසේ. යාපනය දිස්ත්‍රික්කයේ මෙම විවිධ ගෝත්‍රවලට අයත් විදේශයන්හි සිට පැමිණ පදින්චි වූවන් (Foreign settles), සංඛ්‍යාවෙන් එහි සිටින ස්වදේශික සිංහලයන්ට (Native Ceylones) වඩා අති විශාලය. මම මුලින් සඳහන් කල ජනයා වසර කිහිපයකට පෙර කොරමන්ඩල් වෙරලින් මෙහි පැමිණ පදිංචි වී කපු ආශ්‍රිත නිෂ්පාදන කරන ලෙස ලන්දේසීන් විසින් දිරිමත් කර මෙහි රැගෙන ආ පුද්ගලයන්ගෙන් පැවතෙන්නන්ය."
A Tambi (Moorman)
 -An account of The Island of Ceylon, Its history, geography, natural history with the manners and customs of its various inhabitants, Robert Percival of his majesty's 19th regiment of foot, 1803.

අවිවාදිතවම පර්සිවල් කියන අයුරින් යාපනය දිස්ත්‍රික්කයේ එවකට බහුතරය මුස්ලිම් ජනයාය. ඔහු පවසන රවුම් කුඩා තොප්පිය සහ ඉංග්‍රීසින් මුස්ලිම් වරු හැදින්වීමට ඉන් පසුවද යොදා ගත් මූර්වරු(Moors) නාමය එයට දෙස් දෙයි. මලබාර් වරු යනුවෙන් ඉංග්‍රීසීන් හඳුන්වන්නේ දමිල ජනයාය. පර්සිවල් කියන පරිදි ඔවුන් එහි සිටි මුස්ලිම් වරුන්ට වඩා අඩු ප්‍රතිශතයක් දැරූහ. ඔහු කියන වැදගත්ම සඳහන නම් මේ සියල්ලන්ම විදේශයන්හි සිට පැමිණ යාපනය දිස්ත්‍රික්කයේ පදින්චි වූ මෑත කාලින් සංක්‍රමණිකයන් යන්නය. කෙසේ නමුත් ඒ වන විටත් යාපනයේ සිටි සිංහලයන්ට වඩා එම සියලුම ජනවර්ගයන් සංඛයාවෙන් ඉහල අගයක් ගෙන තිබිණි. ඉංග්‍රීසීන් පැමිණෙන විට යාපනයේ සිටි බහුතර ජනවර්ගයද දෙමළ නොවේ නම් ඔවුන් පැමිණෙන විට එහි දෙමළ රාජ්‍යයක් තිබුනේ කෙලෙසද? අවාසනාවට ඉතිහාසය නොදන්නා වර්තමාන පරපුරට මේවා "ඇත්ත වෙන්න ඇතිය. අපි ඕවා නොදන්නවාය. ඒක හින්ද ඔන්න ඕක උන්ට දීලා දැමිය යුතුය".

ඡායාරූප උපුටාගැනීම -  Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

Thursday, February 18, 2016

ඉංග්‍රීසීන් සිංහලයන්ට දීපු දෙමළ රාජ්‍ය ආපසු දියව්!!!!

ඉන්ග්‍රිසීන් වරින් වර පළාත් බෙඳූ ආකාරය- මූලාශ්‍ර Wikipedia - විශාලනය කිරීම සදහා පිංතූරය මත ක්ලික් කරන්න
රටේ ජාතික ආරක්ෂාව අඩපන කරමින් සහ කෙරෙමින් තිබූ සංවර්ධනය ආපසු හරවමින් සිදුවූ "ආප්ප විප්ලවයට" සිය උපරිම දායකත්වය සැපයීමේ පිං පලදී "පිං විපක්ෂනායක" කම ලබාගත් දෙමළ ජාතිවාදි නායකයා මෑතකදී පවසා තිබුනේ ඉංග්‍රීසීන් 1948 දී සිංහලයන්ට බාරදීපු දෙමළ රාජ්‍ය නැවත ඔවුන්ට දෙන ලෙසය. ජාතිවාදීන්ට කප්පම් දෙන නිවට පාලකයන්ට නොව මේ නම් මොහු රැවුල පාන්නේ බහුතරයක් ජාතිවාදි නොවන සිංහල ජාතියටය (සිංහල ජාතිය එහි පුළුල් අර්ථයෙන් එනම් ජාතිවාදි නොවන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග ඇතුලත්ව )

මේ ජාතිවාදියාගේ කීමට කිසිවෙකු වැඩි යමක් නොකීවේ "ආප්ප විප්ලවයෙන්" පසු බිහිවූ ජාතිවාදින්ට කප්පම් දෙන ඊණියා "සහජීවනයට" බාදා වේ යැයි සිතු බැවින් විය හැක. නැගුනු විරෝධතාද "සුපිරි මාධ්‍ය නිදහස" හමුවේ යටපත් වූ බවක් පෙණුනි. ඇත්තටම ඉංග්‍රීසීන් ඔවුන්ට ලැබුනු වර්තමාන උතුරු හා නැගෙණහිර පලාත් වල තිබුනා යැයි කියන දෙමළ රාජ්‍යයක් සිංහලයන්ට බාරදුන්නාද?

අප දන්නා පරිදි මේ කියන පලාත් දෙකද ඇතුලත් මුහුදුකර පෙදෙස් ඉංග්‍රිසීන් ලබාගන්නේ ලන්දේසින් යුද්ධයෙන් සහ කූට උපක්‍රම මගින් පලවා හරිමිනි. ලන්දේසින් ඊට පෙර එම පෙදෙස් උදුරා ගන්නේ පෘතුගීසීන්ගෙනි. ඒ අතර කාලය තුලදි වරින් වර සිදුවූ උඩරට, සීතාවක සහ කෝට්ටේ රජුගේ සේනා ඉහත බටහිර ආක්‍රමණිකයන්ගෙන් අපගේ රටේ කොටස් මුදවාගැනීම් සහ නැවත ගිවිසුම් මගින් ලියාදීම් වැනි සියල්ල මොහොතකට පසකින් තබා පෘතුගීසීන් මේරටේ එවකට තිබූ ප්‍රාදේශීය පාලනයන් හා මුලු මහත් රටේම පාලකයා ගැන කිවූ තත් කාලීන වාර්තා විමසා බැලීමෙන් මේ කියන ඊනියා දෙමළ රාජ්‍ය මිත්‍යාව ප්‍රලාඵයක් බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

පෘතුගීසි යුගයේ ඉතිහාසය සම්බන්ධ විශ්වකෝෂයක් බඳු කෘතියක් කල ක්ව්‍රෝස් පියතුමා පෘතුගීසීන් පැමිණෙන විට මෙරට තිබූ දේශපාලනික තත්වය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

"රාජපුරේ (Rajapure එනම් අනුරාධපුරය) අගනුවර වී තිබූ යුගයේ මුලු දිවයිනම එක් රජෙකු යටතේ පාලනය විය. නමුත් කෝට්ටේ නගරය (City of Cota) අගනුවර වීමත් සමග දිවයිනේ කෝට්ටේ රාජධානියට යටත් ප්‍රාදේශිය රාජධානි 15 ක් තිබුණි. එමනිසා කෝට්ටේ පාලකයා අධිරාජ්‍යයා (Emperor) ලෙස සැලකුණි. එම විරුදය දැන් කන්ද උඩරට පාලකයා විසින් දරනු ලබයි*. එම රාජධානි නම් දෙනවක (Dinavaca), ඌව (Uva), වලවේ (Valave) , පුත්තලම (Putelao), මාන්තොට (Mantota), තණගම(Tanagama), මුලියාවුලි(Muliauali), ත්‍රිකුණාමලය(Triquilimale), කොට්ටියාර්(Cutiar), මඩකලපුව(Batecalou), පානම(Paneva), බින්තැන්න(Vintena), ඔරුපොල(Orupula), මාතර(Mature), කන්ද උඩරට(Candea) සහ උතුරු කොනේ යාපනපටුනය (Point of the North, Jafanapatao). ඒවා සහ කෝට්ටේ රාජධානිය එකතු වීමෙන්  16 ක් සැදේ. "

*ක්ව්‍රොස් සිය කෘතිය රචනා කරන්නේ ඔවුන්ට දිවයිනේ අයිතිය නැතිවූ පසුව රටේ වැඩි ප්‍රදේශකය බලය  උඩරට පාලකයාට තිබූ අවධියේය.

ප්‍රාදේශිය රජුන් යටතේ හෝ දිසාවේ වරුන් යටතේ වූ මේ කුඩා රාජධානි සැම එකක්ම පාහේ කෝට්ටේ වූ රටේ රජතුමාට යටත් ව තිබූ බව නොවේද ක්වේරෝස් මේ පවසන්නේ? එසේ නම් ඉහත කී දෙමළ ජාතිවාදියා කියන "ඉංග්‍රිසීන් විසින් 1890 පමණ වන විට වර්තමානයේ ඇති ආකාරයෙන් බෙදාවෙන් කර අවසන් කල උතුරු හා නැගෙණහිර පලාත්" වල තිබුනා යැයි කියන ස්වාධීන දෙමළ රාජ්‍ය තිබුනේ මොන දිල්ලියෙන්ද? ක්වේරෝස්ම මෙහි කියන අයුරින් උතුරු කොනේ කුඩා ප්‍රාදේශිය රාජ්‍යක් ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේ පාලනයෙන් සැලකිය යුතු කාලයක් (බොහෝ විට දඹදෙනි යුගයේ සිදුවූ චන්ද්‍රභානු ආක්‍රමණයෙන් පසුව ) තිබූ බවට පිළිගත හැකි සාක්කි හමුවන මුත් ආර්ය චක්‍රවර්තිවරුන් දෙමළද නොමැති නම් මලයාසියානු කලාපයෙන් පැමිණි ආක්‍රමනිකයන්ද යන්න විවාදාත්මක පැනයකි. පරණවිතාන මහතාට අනුව නම් ඔවුන් ආර්යයන්ය ( එනයින්ම ඔවුන් ද්‍රාවිඩ නොවන බව ගම්‍ය වේ ). එසේම එම රාජ්‍යයේ සිංහලයන් සිටි බවට සාධක ක්වේරෝස්ම සිය කෘතියේ වරින් වර පවසයි. ඒ පිලිබඳව පසුව සලකා බලමු. කෙටියෙන් පැවසිය යුත්තේ මේ ජාතිවාදියා කියන ආකාරයේ කොයිකලක හෝ තිබූ දෙමළ රාජ්‍යක් නම් 1948 ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ට පවරා නොදුන් බවය.

මූලාශ්‍ර

Sunday, February 14, 2016

රජ්ජුරුවන්ගේ මල් වත්තේ හැදූ මූන්ගේ බොටනිකල් ගාර්ඩන් එක


පේරාදෙනිය උද්භීද උද්‍යානය - අද
ඉංග්‍රීසීන් විසින් මෙරට පලමුවරට උද්භීද උද්‍යානයක් පිහිටුවන්නේ 1812 වසරේ පමන කොළඹ Slave island වලය* (කොම්පඥ්ඥ වීදිය ලෙසින්ද හඳුන්වන පෙදෙස) එය Kew උද්‍යානය ලෙසින් හඳුන්වන ලදී. එහි නේවාසික පාලකයා (Resident Superintend) ලෙසින් පත් වන්නේ විලියම් කර් (William Kerr) වන අතර වර්ෂ 1814 සිදුවූ ඔහුගේ මරණයත් සමග ඇලෙක්සැන්ඩර් මූන් (Alexander Moon) එම තනතුරට පත් වී වර්ෂ 1817 දී මෙරටට පැමිණේ. Slave Island වල පිහිටි උද්‍යානයේ ඉඩ මදි කම නිසා කළුතරට ගෙන යාමට සැලසුම් තිබූ මුත් කිව් උද්‍යානය මුළුමනින්ම කළුතරට ගෙන නොගොස් කළුතර උද්‍යානය කොළඹ කිව් උද්‍යානය හා සමාන්තරව පවත්වාගෙන ගිය බවට සාධක ඇත..

වර්ෂ 1821 දී මහනුවර අවටින් උද්භීද උද්‍යානයක් සඳහා සුදුසු ස්ථානයක් සොයාගන්නා ලෙසට මූන් ට පවරන අතර එම වසරේ දෙසැම්බර් 24 වන දින ඒ සඳහා පේරාදෙනිය සුදුසු බව පවසා මූන් වාර්තාවක් සපයයි. මේ එම වාර්තාවෙන් උපුටා පරිවර්තනය කල කොටසකි.

"වටපිටාවේ වූ සෑම දිශාවකම ගවේෂණය කිරීමෙන් පසු, මාගේ අදහස නම් හිටපු කන්ද උඩ රට රජතුමාගේ පේරාදෙනියේ පිහිටි උද්‍යානය අනෙකුත් සියළු ස්ථාන වලට වඩා යෝජිත උද්භීද උද්‍යානය සඳහා සුදුසු බවය. රාජකීය ඉන්ජිනේරු කැප්ටන් ඩෝසන් (Captain Dawson) නිර්ණය කරගත් පරිදි ගලන ජලයෙන් යුත් මනා දිය පාර වගා කල හැකි ඉඩම් වලින් වැඩි හරියකට ජලය සැපයීමට යොදාගත හැකිය. එහි පස තදින් ඇලී සිටින ගතියෙන් යුතු වන අතර මතුපිටින් දිරායන ශාක කොටස් සමඟ මද වශයෙන් මිශ්‍රව ඇත. කඳු වල බොරළුමය කබොක් ඇති අතර ඒවා අඩි පාරවල් වලට යෙදීමට හැකි අතර ඇතැම් පැල වලටද සුදුසු විය හැක. හුණු ගල්ද එම උද්‍යානයේ සිට මද දුරකින් සොයාගත හැක."

"දැනටද එම ස්ථානය පුරාම පාහේ  විශාල ප්‍රමාණයක් පළතුරු සහ වනයේ ඇති දිවයිනේ සුලබ ගස් වර්ග ඇති අතර ඒවා හඳුන්වාදීමට අදහස් කරන ලපටි විදේශිය (Exotic) සහ දේශිය ශාක වලට හෙවන සඳහා ඉවහල් කරගත හැක....."
පේරාදෙනිය උද්භීද උද්‍යානය - 1906

 මූන් නවීන උද්භීද විද්‍යාත්මක සහ කෘෂිකාර්මික දැනුම උපයෝගි කරගනිමින් සොයාගත් මහනුවර අවට උද්භීද උද්‍යානයක් සඳහා සුදුසුම භූමිය එයට පෙර අවසාන සිංහල රජුගේ උද්‍යානය ලෙස තෝරාගත් අපේ පැරන්නන් ඒ සඳහා කිසියම් දැනුමක් උපයෝගි කරගත්තාද? අප දන්නා පරිදි හේන් ගොවිතැන, මඩ බිම් වල කරන වී වගාව සහ තම ගෙවතු වල වැඩි සැලකිල්ලක් නොදක්වා වවන පළතුරු ආදි ශාක වගාවන් සහ ඒ හා සම්බන්ධව ගොඩනැංවූ දැණුමට අමතරව උද්‍යාන නිර්මාණය පිළිබඳ පැරණි දැනුමක් මේ වන විට නම් ඉතිරිව නොමැත.
කෙසේ නමුත් එවැනි උද්‍යානයක් සඳහා බටහිර විද්‍යාත්මක අර්ථයෙන් සුදුසු භූමිය, එහි භූ විෂමතාව සහ ශාක සඳහා සුදුසු පස පිළිබඳ මනා වැටහීමක් එම පැරණි උද්‍යාන නිර්මාණකරුවන් හට තිබෙන්නට ඇති බව නම් මින් සනාථ වේ. එම දැනුම එය සතුව තිබූ කුල හෝ පරම්පරාවන් වලින් කාලයත් සමඟ භාවිතයේ නොමැති වීම නිසාම අභාවයට යන්නට ඇත.
පේරාදෙනිය උද්භීද උද්‍යානය - 1906
* කෙසේ නමුත් ඊට පෙර 1799 දී පෑලියගොඩ ප්‍රදේශයේ උද්යානයක් සෑදිමට උත්සාහ කල බවටද සාධක ඇත.

මූලාශ්‍ර
  • The Centenary of The Royal Botanic Gardens, Peradeniya, 1822-1922, F.A. Stockdale, T. Petch & H.F. Macmillan, 1922.
  • Illustrated Guide to the Royal Botanic Gardens, Peradeniya, H.F. Macmillan, 1906

Thursday, February 4, 2016

සිංහල බෞද්ධයනට යුද්ධය අකැපද?

1948 දී සුද්දාගෙන් ලැබුනායැයි කියන නිදහසේ 68 වැනි සංවත්සරය අද දින සමරන්නේ උත්සවය අව් රශ්මියෙන් මිදීමට දවසේ කොටස් දෙකකට කඩා ජාතීන් දෙකක් නියෝජනය කිරීමට භාෂා දෙකකින් ජාතික ගී දෙකක්ද ගයාය. බටහිර අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණ අප රටේ සිදුවූවායැයි කියන යුධ අපරාද පිළිබඳ නඩු ඇසීමට තරම් අපි අද ස්වාධීනය. ඉන්දියාවේ බලහත්කාරයෙන් අපට මුලුමනින්ම අවාසි සහගත වෙළඳ ගිවිසුම් වලට එකඟ වීමට තරම් අපි අද නිවහල්ය. සිදුවිම් සිදුවන වේගය හා සසඳා බලීමේදි 69 වන 'නිදහස' ජාතික ගී දෙක රටේ කොන් දෙකක ගයා රටවල් දෙකක් ලෙස සැමරීමද සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. 'නිදහස' සැමරීමේදිද ගල් පිලිම යට ගොස් ඊනියා 'ජාතික වීර' බොල් පිලිම වලට මල්මාලා පලඳවනු පෙනේ.

මේ රටේ නිදහස උදෙසා සියවස් ගණනාවක් ලෙයින් යකඩින් සටන් කල විරුවන් අවතක්සේරුවට ලක් කිරීමේ ව්‍යාපාරයක්ද සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනේ. යුධ විරුවන් දඟ ගෙට යැවීමෙන් නොනැවති මතවාදීමය වශයෙන් සිංහල බෞද්ධයනට රට වෙනුවෙන් සටන් වැදීම අකැප බව ඉස්මතු කරලීම උදෙසා 'NGO ඩොලර් හිඟන්නන්ද' සිය කලා නිර්මාණ යොදා ගන්නා ආකාරයක් පෙනී යයි . මින් ඇතමුන්ට අනුව දුටුගැමුණු රජු රැවන්වැලිසෑය සැදුවේද යුද්ධයෙන් කල පව් නිසා ඇතිවූ සන්තාපය නිසාය.

එවන් තත්වයක් යටතේ. එවකට පුරාවිද්‍යා කොමසාරිස් දූරය දැරූ H.C.P. බෙල් මහතා 1896 වසරේදී වර්තමාන විල්පත්තු වන උද්‍යානයට අයත් වෙලන දමන නම් ප්‍රදේශයෙන් සොයා ගත් ගල් පුවරුවක අර්ථකතනය පිළිබඳ විමසීම කාලින යැයි සිතුවේ සිංහල බෞද්ධයනට යුද්ද කිරිමට එපා යැයි කියන උන්මන්තකයනට අවශ්‍ය පිළිතුර එහි ගැබ්ව ඇති බැවිණි.

1947 වසරේ අනුරාධපුර පුරාවිද්යා කෞතුකාගාරයට ගෙනියන එම ගල් පුවරුව අද දක්වාම එහි තැන්පත් කර ඇත. පනේල දෙකකින් සමන්විත එහි ඉහල පනේලයේ දෙපස පවන් සලන කාන්තා රූප දෙකක් සහිත ධ්‍යානි බුද්ධ රූපයක්ද, පහල පුවරුවේ යුද්දයක අවස්ථාවක්ද නිරූපණය කර ඇත. එහි කඩුවක් සහ පලිහක් අතින් ගත් යුද්ධ භටයකු සහ හෙල්ලයක් අතින් ගත් ඔහුගේ ආධාර කරුවෙකු නිරූපිත අතර ඔවුන් දුණු ඊතල ගත් සතුරන් සිව් දෙනෙකු සමග සටන් කරනු පෙනේ. ඉන් තිදෙනෙකු මැරී වැටී ඇති හෝ පණ අදිමින් සිටින බවක් පෙන්වයි. මුලින් සඳහන් කල විරුවා ඊතල දෙකක් වැදී තුවාල ලබා ඇති මුත් එක් සතුරෙකුගේ බඩට අනිණ ආකාරයක් පෙන්වයි.

බෙල් විසින් මෙය නන්දිමිත්‍ර යෝධයා නිරූපිත කැටයමක් ලෙස අර්ථ දක්වන මුත් ඊට වඩා පිලිගත හැකි මට්ටමේ අර්ථකතනයක් පසු කාලයකදි පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරයි. එය මහායාන බෞද්ධ ඵලකයක් ලෙස හඳුනා ගන්නා එතුමන් එහි ඉහල කොටසේ ඇති බුදුරුව අක්සෝබ්ය ධ්‍යානි බුද්ධ (Aksobhya) රූපයක් ලෙස හඳුනා ගනී. මහායාන ඇදහීම් වලට අනුව අක්සෝබ්ය බුද්ධ මගින් නිරූපණය වනුයේ විඥ්ඥාණයයි (Consciousness) එනම් ආත්මයයි(Soul). ඉහල සහ පහල පුවරු අතර සම්බන්ධය ඔහුට අනුව යුද්ධ භූමීයේ සිඳුවන මරණය ආත්මය දෙව්ලොව සම්පත් සාක්ෂාත් කරගැනීමෙන් කෙලවර වේ. කියවිය නොහැකි මට්ටමේ සෙල්ලිපියක්ද මෙම පුවරුවේ පහල කොටසේ ඇති අතර එම අකුරු මඟින් මෙය 10 -12 ශතවර්ෂ වලට අයත් බව පරණවිතාන මහතා හඳුනාගනී.

රටක ජාතියක පැවැත්ම උදෙසා ඒ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුය. ජාතියක් වශයෙන් එහි අභ්‍යන්තර සහ බාහිර සතුරන්ගෙන් එය රැක ගත යුතුය. අවිහිංසාවාදී ථෙරවාද බුදු දහම කුමක් කීවද ධර්මය රැකෙන්නේද ඒ හා බැඳුන ජාතියේ පැවත්ම මතය. මහායාන ඇදහීම් ඒ යුගයේ මෙරට විසාල බලපෑමක් කල බවට සාධක ලිබිත සහ පුරාවිද්යාත්මක වශයෙන් ඉමහත්ය. එය ඇතැම් විට පර සතුරු උවදුරු වලින් රට ජාතිය රැක ගැනීමට ඒ යුගයේ අවශ්‍යතාවයක් වූවා විය හැක. යුධ භටයා මරණින් පසු සැබවින්ම යන්නේ අපායටද දෙව්ලොවටද යන්න මෙහිදී එතරම් අදාල නොවේ මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගී සිටිය යුතුය. යුගයේ ගායිකාව නන්දා මාලනියගේ හඩින් මෙසේ ගැයෙන්නේද එම අවශ්‍යතාවයයි



මූලාශ්‍ර
Mahayana monuments in Ceylon , Nandasena Mudiyanse, 1967