Saturday, July 18, 2020

කුරුණෑගල රාජකීය නගරය, බුවනෙකබාහු රාජ සභාව, බුවනෙකගේ Rooms පොට් එක සහ එල්ලෙන්න වැල් සොයන විජාතික කඳවුරේ වහල්ලු

බුවනෙකබාහු රජ්ජුරුවන්ගේ රාජ සභාව කඩලලු. කුරුණෑගල නගරාධිපතිලු. ඒ වුනාට වගකියන්න ඕනේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවලු (මේවා කියන අපතයන් එතුමාට අපහාසාත්මක ලෙස යොදාගන්නා වචනය මම මෙහිදී භාවිතා නොකරමි.) එකම විසඳුම ලඟ එන චන්දෙදි මෙරට නිධන් පිළිබඳව... වැරදුනා..පුරාවස්තු පිළිබඳව හසල දැනුමක් ඇති බූරු පුතානෝට (අපහාස නොකල යුත්තන්ට අපහාස නොකල යුතු සේම අපහාස කල යුත්තන්ට අපහාස කිරීමද කල යුතුය) බලය දීමට නොහැකි නම් අඩු ගානේ එයාව ශක්තිමත් කිරීමලු, එතකොට නිධන් සේරම උඩ එනවලු..ආයෙමත් වැරදුනා පුරාවස්තු ඔක්කොම බේරෙනවලු. ඒ සඳහා ඕනේ තරම් මසුරන් පොදි බැඳලා තියෙනවලු මධ්‍යම සංස්කෘතික අරමුදලේ.  ණයට අරන් සල්ලි බෙදීම හැර වෙනත් කිසිම ආර්ථික න්‍යායක් නොදන්නා උන්නැහේ ඒක භාර ඇමැතියා කාලේ ඒකේ සල්ලි එහෙට මෙහෙට බෙදා දුන්නේ නැහැලු. එයාට දෙන්න බැරිනම් උතුර දකුණ මාරු වෙලා ඉන්න ඔරලෝසුවට දෙන්නලු. පිළිම වඳින්නේ ගෝත්‍රිකයන් කියලා එතුමාල කිව්වට තලේබාන් වැඩ කරන්නේ නැහැලු! කැඩිච්ච රාජ සභාව වෙනුවට රාජසභාවක් අයර්ලන්තෙන් හරි ඉම්පොර්ට් කරලා දෙනවලු.

ප්‍රවේශය දිග වැඩි උනාද මන්දා? ඒ උනාට ඕවා නොකියා බැරිය. මෙරට ජනතාව බුද්ධිමත් කියලා කියන්නේ ඒ ජනතාව අන්දන දේශපාලකයන්ම පමණි. ඇත්ත කතාව මෙරට සැලකිය යුතු ප්‍රමාණයක් ජනතාව විශේෂයන්ම හොඳ අධ්‍යාපනයක් සහිත රජයේ සහ පෞද්ගලික ආයතන වල රැකියා කරන මධ්‍යම පාන්තිකයන් ඔවුන් ප්‍රගුණ කල විෂයට පරිබාහිර විෂයන් සම්බන්ධ පට්ටපල් මෝඩයන්ය. මාධ්‍යය, පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යපනය මගින් ඔවුන්ගේ තර්කාණුකූලව සිතීම සහ කරුණු හරිහැටි විමසා බලා නිගමන වලට එලඹීමේ හැකියාව මොට කර නොමැති නම් නැත්තටම නැති කර ඇත. ඔවුන් කතා කල යුතු, සිතිය යුතු, වැඩ කලයුතු ආකාරය ඔවුන්ට ඔවුන් නොදැනුවත්වම කියා දෙන්නේ නැත්නම් ඔවුන්ව මෙහයවන්නේ මෙරට ප්‍රධාන විද්‍යුත් මාධ්‍යය. පසුගිය දශකයේ සිට නම් සමාජ මාධ්‍යය.

රාවණා පොරක් වී ඇත්තේ, බුදුන් ලංකාවේ ඉපදුනනායැයි විශ්වාස කරන්නේ මේ සමාජ කොට්ඨාශයේම එක් කණ්ඩායමකි. ඉතිහාසය ඔවුන්ට ඕනෑ ලෙසට කිසිම පදනමක් නොමැතිව විකෘතිකර ඔවුන්ට පොවා ඇත්තේ වෙනත්ම තක්කඩින් කොටසකි. ඔවුන් එයින් ආර්ථික ප්‍රතිලාභ සහ එම මත විශ්වාස කරන්නන් (නොමැතිනම් අදහන්නන්) අතර දේවත්වයටද පත්වී ඇත. මේ සමාජ කණ්ඩායම ඉතිහාසයට අදාලව ආසන්නතම ඇනගැනීම ඇනගෙන ඇත්තේ මේ බුවනෙකබාහු රාජ සභා කතාව සමගය. මේ වනවිට බොහෝ දෙනෙක් මේ පිළිබඳව වූ සිදුවීම පිළිබඳව අසා ඇති මුත් අවශ්‍ය වැදගත් කරුණු විමසීමට ප්‍රථම එහි අග මුල සම්බන්ධවද යම් විස්තරයක් කිරීම වැදගත්වේ යැයි සිතමි.
ප්‍රස්තුත සිද්ධියට පදනම් වී ඇත්තේ Google Street View මගින් ලබාගත් ඉහත ඡායාරූපයේ දැක්වෙන ගොඩනැගිල්ලය. එහි කොටසක් කුරුණෑගල නගරාධිපතිගේ නියමයෙන් පසුගිය දිනක කඩා දමා ඇත. බැලූ බැල්මට ඉංග්‍රීසි යුගයේ ගෘහනිර්මාණාත්මක ලක්ෂණ පෙන්වන එහි මෑතක් වනතුරු තිබී ඇත්තේ Rooms දෙන හෝටලයකි. නගාරධිපතිවරයා කියන ලෙසට නම් එය බුවනෙක හෝටලය වී ඇත්තේ එහි අයිතිකරුගේ නම බුවනෙක වන බැවිනි. මේ සමග ඇති අනිත් ඡායාරූපය දෙස බැලූ විට එම තොරතුරු සත්‍ය බව පැහැදිලි වේ. තවදුරටත් පැවසෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි ගවේෂණයක් (ඇතැම් මාධ්‍ය වලට අනුව කැනීමක්) නුදුරේම කිරීමට නියමිතව තිබී ඇති අතර එයට පෙර මෙම කඩා දැමීම සිදු කර ඇත. දන්නා තරමින් මේවන තෙක් ගැසට් නිවේදනයක් මගින් මෙම ස්ථානය ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කර නැත. එහෙත් එසේ නොවූවා කියා පැරණි ගොඩනැගිල්ලක් හිතුමතේ කඩා දැමීම විශේෂයෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කිසියම් කටයුත්තක් කිරීමට දින යොදාගෙන තිබීයදී එය සිදුකිරීම බරපතල වරදකි. ඒ සඳහා වගකීම දැනටමත් භාරගෙන තිබෙන නගරාධිපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතුය.
කෙසේ නමුත් වැටී ඇති නරාවලෙන් ගොඩ ඒමට එල්ලෙන්න වැල් නොමැතිව තුත්තිරි ගස් වල එල්ලෙන ප්‍රතික්ශේපිත විජාතික කඳවුරේ දේශපාලන වහලුන් සහ ඔවුන්ගේ නායකයින් පවසන මෙය 13 වන සියවසට (මොවුන් 13 වන සියවසක් ගැන කතා කලත් ඇත්ත වශයෙන්ම කුරුණෑගල අගනගරය ලෙසින් වූ රාජධානිය ආරම්භ වන්නේද 14 වන සියවසෙනි) අයත් බව පැවසෙන කුණුහරුපයට නම් උත්තර දිය යුතුය (මෑතකදී ඔවුන් එල්ලී එම ගස්ද සමග කඩා වැටුණු තුත්තිරි ගස් කිහිපයක්ද මේ සමග සඳහන් නොකරම බැරිය. ඒවා නම් විශ්‍රාම ගිය ත්‍රස්ථවාදියෙකු වන නමුත් පසුව සිව්වන ඊලාම් යුද්ධයේදී එම ත්‍රස්තවාදීන්ව පැරදවීමට ඉමහත් සේවයක් කල කරුණාගේ අලිමංකඩ ප්‍රකාශය, ලෙජන්ඩ් එකක් යැයි කියන බෝර්න් එගේන් සංගා ඔහු විසින්ම සිදු කල පැමිණිල්ලක් විභාග කිරීමට CID ගෙන්වීම, අඟුලානේදී චණ්ඩි අක්කලා ටිකක් පොලීසියට ගල්ගැසීම, සාර්ථකව තමන්ටම ආවේනික ක්‍රමවේදයක් මගින් කෝවිඩ් 19 මර්ධනය කරමින් සිටින රජය වරින් වර එසේ නොකලායැයි කියමින් අලුත් රැලි එනවා කියමින් බිල්ලන් මැවීමට යෑම ආදිය දැක්විය හැක. මේ සියල්ලන්ගෙන්ම ඔවුන් අනාථ වූ මුත් තම වහලුන්ට තාවකාලික වින්දනයක් සැපයීමට නම් හැකි විය. මේ අතරට අර නිදහස් චතුරශ්‍රයේදී දිවිනසා ගත් මහතා සම්බන්ධ සිද්ධියද ඇතුලත් විය යුතුය. අපතයන්ට අනුව ඔහුව මරා ඇත්තේ රජය විසින්ය. නමුත් ඔහු අවසානය දක්වා මේ රජය වෙනුවෙන් සිය ලිපි ලිවීය. මේ ගොඩනැගිල්ල 13 සියවසට අයත් රාජසභා මණ්ඩපයක් නම් එය මෙරට අපට ඉතිරිව ඇති අගනාම ඓතිහාසික ගොඩනැගිල්ල විය යුතුය. මේ ආකාරයෙන් එම යුගයට අයත් එවන් කිසිම ගොඩනැගිල්ලක් අපට ඉතිරිව නොමැති බැවිනි. අනෙක් අතට 18 වන සියවසෙන් පසුව ඉංග්‍රීසීන් අපට හඳුන්වාදුන් ගෘහනිර්මාණාත්මක ලක්ෂණ අප 13 සියවසේ පටන්ම භාවිතා කර ඇති බවත් ඒවායේ මුල් අයිතිකරුවන් අප බවත් ලෝකයට පැවසීමට මීට වඩා අනගි අවස්ථාවක් තවත් නම් හමු නොවෙනු ඇත.

එසේ නම් මෙම ස්ථානයේ අවම වශයෙන් රාජ සභා මණ්ඩපය හෝ එම යුගයට අයත් කිසියම් ගොඩනැගිල්ලක් පෙරදී හෝ තිබී ඇත්ද? මේ ලිපිය මූලිකව එම කරුණු විමසා බැලීම උදෙසා වෙන්වේ. එම යුගයේ රජ කල රජවරුන් පිළිබඳවද මෙහිදී විමසා බැලීමට අදහස් කල මුත් ලිපිය දිගවැඩිවූ බැවින් එය වෙනත් දිනක් සඳහා කල්තැබේ. මේ අඳ බාල වහලුන් පිරිස පවසන දෙවන බුවනෙකබාහු හෙවත් වත්හිමි බුවනෙකබාහු රජු ක්‍රි.ව. 1293-1302 අතර කාලයේ කුරුණෑගල අගනගරය කරගනිමින් රාජ්‍යය විචාල බව පමණක් මෙහි සඳහන් කරන්නේ මේ කතන්දර කියන බහුතරය බුවනෙකබාහු සිටි කාලය පවා හරිහැටි නොදන්නා ඔලමොට්ටලයන් පිරිසක් බැවිනි (ඔහු කුරුණෑගල සිටම රාජ්‍ය විචාල තෙවන බුවනෙකබාහු හෙවත් වන්නි බුවනෙකබාහු නම් ඔහුගේ රාජ්‍ය කාලය හරිහැටි නොදනී)
සිතියම 1 
පුෂ්පදේව තෙරුන් නම් හිමිනමක් විසින් ක්‍රි.ව. 1344 ට ආසන්න කාලයකදී එහි මුල් ග්‍රන්ථය රචිත ලෙස හඳුනාගත හැකි කුරුණෑගල විස්තරය නම් ග්‍රන්ථයේ ක්‍රි.ව. 1293 සිට 1344 දක්වා කාලය තුල පැවති බවට අප අද හඳුනාගන්නා කුරුණෑගල රාජධානියේ ආරම්භය පිළිබඳව මෙසේ සඳහන් වේ. විජය රජු කුවෙනි නම් යක්ෂණිය පලවා හල පසු ඇය නික්ම ගොස් සත්වෙනි දින විල්බා නම් ගල් ලෙනක සිට ඇත. ඒ බැව් සක්දෙව් රජ දිවසින් දැක නුවරක් කරවමියි සිතා විල්බාවට උතුරු දිග ඇතුගලටත්, ඉබ්බාගලටත්, කුරුමිණියාගලටත් දෙමැද අහසේ වැඩ සිට මවන ලද...නුවර කුරුණෑගල නුවරයි. කුරුණෑගල විස්තරය ලියැවෙන්නේ කුරුණෑගල මෙරට උතුම්ම නගරය බව පැවසීමේ අරමුණෙනි. ඒ සඳහා එහි ආරම්භය සිංහල ජාතියේ "ලිඛිත ආරම්භය" දක්වාම ගෙන යෑමට එහි කතුවරයාට අවශ්‍යය විය. ඇත්ත වශයෙන්ම ගෞතම බුදුන්ට පෙර සිටි බුදුවරයන්ගේ කාල වලදීද මෙහි නුවරවල් වූ බව එහි සඳහන් වේ. එම මනඃකල්පිත කරුණු සහ සක් දෙවි රජු එම නුවර මැවූ ලෙසට වූ සඳහන අමතක කර බැලූ විට මෙයින් අපට ගත හැකි වැදගත්ම කරුණ නම් ඉහත සඳහන් ඇතුගල, ඉබ්බාගල සහ කුරුමිණියාගල යන ගල් පර්වත තුනට මැදිව එම නුවර මැවූ (ඉදිකල) බව එන සඳහනයි. එම ගල්පර්වත එම නම් වලින් අදද හඳුනාගත හැක (ඉහත සිතියම බලන්න)
ඉහල සිට පහලට, කුරුමිණියාගල, ඉබ්බාගල සහ ඇතුගල රවුම් කර දක්වා ඇත.
කුරුණෑගල විස්තරයේ සඳහන් වන කුවෙනිය සිටි ලෙන ලෙස හඳුනාගත හැකි අදටත් විල්බාව ලෙසින් හඳුන්වන ඉහත සිතියම 1 හි සලකුණු කර ඇති ස්ථානයේ වර්තමානයේ මහනුවර යුගයේ ඉදිකල ලෙස පැවසෙන ප්‍රතිමාගෘහ දෙකක්, පත්තිනි දේවාලයක් සහ දාගැබක් සහිත විහාරයක් තිබේ. මෙහි පිහිටි එක් ගුහාවක පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපියක්ද හමුවේ. තිශ (තිස්ස) නම් වෙළෙන්දෙකු (වණිච) විසින් එම ලෙන සංඝයාට පූජා කල බව එහි සඳහන් වේ. එහි කුවෙනිය සිටි ජනප්‍රවාදයේ සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් එම ප්‍රදේශයේ ජනයා සිටි බව සහ එම ලෙන තිශ නම් වෙළෙන්දෙකුට අයත්ව තිබී සඟ සතු කල කරුණ අපට පිළිගත හැක. එයට උතුරින් කුරුණෑගල විස්තරයේ ඇතැම් අවස්ථා වල 'ත්‍රීකූටය' ලෙසින්ද හඳුන්වන ගල් පර්වත තුනක් පාමුල පුරාණ නගරය ඉදිකර තිබූ කරුණද මේ අනුව අපට පිළිගත හැක.

මෙම කුරුණෑගල විස්තරයේ සඳහන් වන ඉසව්වේම දැනට වයඹ ආණ්ඩුකාර කාර්යාලය සහ වයඹ ප්‍රධාන අමාත්‍යංශ කාර්යාලය ආදි ගොඩනැගිලි පිහිටි ප්‍රදේශය පෙර රජ මැදුර ආදි කුරුණෑගල රාජධානියට අයත් ස්ථාන පිහිටි භූමිය ලෙස පොදුවේ සැලකේ. මේ ප්‍රදේශයේ දැනටද අතරින් පතර හමුවී තිබෙන ඇතැම් නෂ්ඨාවශේෂ ආදිය එය සත්‍ය බවට දෙස් දෙයි. අදටද 'මාලිගාව' ලෙසින් හැඳින්වෙන මෙහි පිහිටි ගොඩනැගිල්ල ඉංග්‍රීසි පාලන සමයේ 1880 දී පමණ ඉංග්‍රිසී ඒජන්තවරයාගේ නිල නිවස ලෙසින් පැරණි මාළිගාව පිහිටි ස්ථානයේ ඉදිකල බව පැවසේ (රංගන කුරුවිට,  2015). සයිමන් කාසි චෙට්ටි මුදලිවරයා 1834 වර්ෂයේ පල කල Ceylon Gazetteer ග්‍රන්ථයේ ඇතුගල පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විස්තරයේ පවසන්නේ ඇතුගලේ බටහිර අන්තයේ පැරණි රජවරුන්ගේ මාළිගාව තිබූ බවයි. 1893 වර්ෂයේ රාජකීය ආසියාතික සමිතියේ සඟරාවට ලිපියක් සපයමින් F. Modder සඳහන් කරන්නේ එම ස්ථානයේ ඒ වනවිට පළාතේ රජයේ ඒජන්තවරයාගේ නිල නිවස පිහිටි බවත්, එය මාලිගාව ලෙසින් හැඳින්වූ බවත්ය. ඔහුටත් පෙර යුගයක මෙරට පිළිබඳව  බොහෝ වැදගත් තොරතුරු අන්තර්ගත කර වෙලුම් දෙකක අගනා කෘතියක් කල එමර්සන් ටෙනන්ට් 1859 වසරේදී සඳහන් කරන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සිවිල් නිලධාරියාගේ නිල නිවස පිහිටි භූමියේ පැරණි මාළිගය පිහිටි බවත්, එහි භූමිය පුරා රාජකීය ගොඩනැගිලි වල තිබූ ගල්කණු, කැටයම් ගල්, ආදියේ සුන්බුන් විසිරී තිබූ බවත්ය. ටෙනන්ට්ටත් පෙර 1821 වර්ෂයේදී මෙම ස්ථානයට ගිය ඉංග්‍රීසි ජාතිකයෙකු වන J.W. Bennett එවකට එහි කච්චේරිය තිබූ බවත්, දිස්ත්‍රික්කයේ මුල් යුගයේ සිටි ආණ්ඩුවේ ඒජන්තවරයා වන Henry Pennell ඔහුට එහි තිබූ විවිධ සතුන්ගේ කැටයම් සහිත විශාල ප්‍රමාණයේ ශෛලමය පුවරු විශාල ප්‍රමාණයක් පෙන්චූ බවත් පවසයි.. ඔහුගේ විස්තරයට අනුව එම කැටයම් අතර සිංහ, අශ්ව සහ ඇත් රූප තිබී ඇති බව පෙනේ. බෙනන්ට් මෙහිදී සඳහන් කරන වැදගත්ම කරුණ නම් හෙන්රි පෙනල් විසින් ඔහුට ඒවා කැමති නම් රැගෙන යන ලෙස පැවසූ මුත්, අධික බරකින් යුක්තවීම ඒවා රැගෙන නොයෑමට ඔහුට තිබූ එකම හේතුව වූ බවය. එම ගල් කැටයම් වලට පසුව සිදුවූ දේ මේ අනුව හිතාගත හැක.
ඇතුගල, ඉබ්බාගල සහ කුරුමිනිහාගල කුරුණෑගල වැව ඉවුරේ සිට
කෙසේ නමුත් මේ විස්තර අනුව අවම වශයෙන් 1820 පමණ සිටවත් පැරණි මාළිගය පිහිටි ස්ථානයේ ඉංග්‍රීසි රජය විසින් විවිධ ගොඩනැගිලි ඉදිකල බවත් මාළිගාවක කිසිදු ගොඩනැගිල්ලක් ඒවායේ ශෛලමය සුන්බුන් විනා එහි ඉතිරි වී නොතිබූ බවත් පැහැදිලි වේ.. කුරුණෑගල අවසාන වරට රජකල රජුගෙන් පසු මේ වන විට (1820 වන විට) වසර 500 කට නොඅඩු කාලයක් ගෙවී ගොස් තිබූ අතර එම මාලිගය සහ නුවර අතහැර දැමීමෙන් පසුව ඒවායේ තිබූ දැවමය අවශේෂ ආදියේද කිසිවක් ඉතිරි වී තිබීමට හැකියාවක් නොමැති බව මෙහිදී හැඟී යා යුතුය. (බුවනෙක හෝටලෙයේ පේකඩ සහ ලී කණු 13 වන සියවසට අයත්යැයි කියන උදවියද මේ ගැන සිතා බැලීම මෙහිදී වැදගත් බව පවසමි.) මේ කරුණු අනුව මාලිගය පිහිටි තැන නිශ්චිතව අපට පැවසිය හැකි වන අතර එය පහත සිතියමේ සලකුණු කර ඇත. එහි වර්තමානයේ ඉහත සඳහන් කල රජයේ කාර්යාල පිහිටා ඇත. ඒවා කලින් කල අලුත් වැඩියා වෙමින් පැමිණි මුත් මුල් ගොඩනැගිලි ඉංග්‍රීසි පාලන කාලයට අයත්විය යුතුය. අද ඇත්තේ එම පැරණිම ගොඩනැගිලිද නොමැති නම් ඒවා පිහිටි තැන් වල පසුව ඉදිකල ගොඩනැගිලිද යන්න වෙනම සොයා බැලිය යුතුය. එසේම ඒවා එහි මුල් ගෘහනිර්මාණ ශිල්පීය ලක්ෂණ රැකගනිමින් ප්‍රතිශංස්කරණයද විය යුතුය (මෙහිදී කොළඹ නගරයේ Dutch Hospital, Independent Arcade, ආදී ඇතැම් පැරණි ගොඩනැගිලි ප්‍රතිශංස්කරණය කල ආකාරය ආදර්ශයට ගත යුතුය )
ඉහත සිතියමට අනුව පැරණි රජ මාලිගය ඇතුළු පැරණි ගොඩැනැගිලි තිබී ඇත්තේ ඇතුගල පාමුලටම ආසන්න කොටසක බව පෙනේ. මෙහි කොළ පැහැති රවුමෙන් ලකුණු කර ඇති ස්ථානයේ දැනටද ආණ්ඩුකාර කාර්යාලය පිහිටා ඇති අතර මාලිගාව තිබූ බවට ඉහත සියළුම මූලාශ්‍ර වල පැවසෙන්නේ එම ස්ථානයේය. එයට මදක් දකුණට වන්නට දැනට කච්චේරිය ඇතුළු රජයේ ගොඩැනැගිලි සංකීර්ණයක් ඉදිකර ඇති අතර ඒවා මෑතකාලීන මහල් ගොඩනැගිලිය (බ්‍රිතාන්‍ය යුගයේ පැරණි කච්චේරි ගොඩනැගිල්ලද එහි තවමත් සුරැකිව ඇත.). දැන් මතභේදයට ලක්වී ඇති බුවනෙක හෝටලය පිහිටි ස්ථානය මෙම ස්ථාන වලට සාපේක්ෂව පිහිටා ඇති ආකාරය පහත සිතියමෙන් දැකගත හැක.
ඉහත ගොඩනැගිලි රවුම් කර දක්වා ඇති අතර ඒවට වම්පසින් ඇතින් බුවනෙක හෝටල් ගොඩනැගිල්ල රතු පාට සලකුණකින් දක්වා ඇත.
පැරණි නගරයේ ආරක්ෂාව උදෙසා කුරුමිණියාගලේ කෙලවරේ සිට ඇතුගලේ එම අන්තය දක්වා තිබෙන්නට ඇති ප්‍රාකාරයක් මගින් බටහිර දෙසින් එම ප්‍රාකාරය සහ ගල් පර්වත අතර කොටස වටකර මාලිගාව ඇතුළු රාජකීය ගොඩැනැගිලි සහිත ඇතුළු නුවර තිබෙන්නට ඇති බව රංගන කුරුවිට මහතා සිය ග්‍රන්ථයේ අනුමාණ කරයි. දැනට කුරුණෑගල-දඹුල්ල මාර්ගයේ කොතලාවල විද්‍යාලය ආසන්නයේ ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පිටුපසට වන්නට ඉතිරි වී ඇති ප්‍රාකාරයක කොටසක් සහ වත්හිමි මාවතේ 'මාලිගාව' දෙසට එනවිට හමුවන ගලේබණ්ඩාර දේවාලය ආසන්නයෙන් ඇතුගල දෙසට නැගි විට හමුවන එම ප්‍රාකාරයේ කොටසක් දැනටද දැකගත හැකි බව ඒ මහතා සඳහන් කරයි. මෙවන් ප්‍රාකාරයක් පිළිබඳව කුරුණෑගල විස්තරයේද මෙසේ සඳහන් වේ. "සැතපෙන මාලිගාවේ සිට බස්නා අත (එනම් බටහිර) තිබෙන මහ ගල් තාප්පේ විසි බඹයක් හා.."..එවන් ප්‍රාකාරයක් තිබුනේ නම් මතභේදයට ලක්වී ඇති මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ එම ප්‍රාකාරයට පිටතින් බව පහත සිතියමින් හඳුනාගත හැක. රාජ සභාවක් හෝ වෙනත් එවැනි රාජකීය ගොඩැනැගිල්ලක් ඒ අනුව කිසිසේත්ම ඇතුළු නුවර ප්‍රාකාරයෙන් පිටත පිහිටිය නොහැකි බව තවදුරටත් සනාථ වේ.  (මාලිගාවෙන් නැගෙනහිර දෙසට වන්නට ඇතැම් ස්ථාන වල දැනටද දැකිය හැකි තවත් එවන් වෙනත් ප්‍රාකාර කොටස් පිළිබඳව රංගන කුරුවිට මහතා මෙන්ම F. මොඩර් ද විස්තර ඉදිරිපත් කර ඇති මුත් මෙම ලිපියේ අරමුණට ඒවා අදාල නොවන බැවින් ඒ සම්බන්ධව මෙහිදී වැඩිදුර තොරතුරු ඉදිරිපත් නොකරමි.)
දම් පැහැ කවය තුල පැරණි රජ මාලිගය ඇතුලු ගොඩනැගිලි පිහිටි ප්‍රදේශය ලකුණු කර ඇති අතර උතුරේ සිට දකුණට යොමුවන නිල් පැහැති රේඛාවෙන් ප්‍රාකාරය තිබූ ආකාරය නිරූපනය වේ.  බුවනෙක හෝටලය තවදුරටත් බටහිර දෙසට වන්නට රතු පාට තිතකින් ලකුණු කර ඇත.
එසේ නම් මෙම බුවනෙක හෝටලය කුමක්ද? එහි කිසියම් හෝ ඓතිහාසික වටිනාකමක් නොමැතිද? ඉහත ඉදිරිපත් කල කරුණු අනුව එය කිසිසේත්ම 13 සියවසට අයත් ගොඩනැගිල්ලක් නොවේ. එය අපතයන් නොවන ඕනෑම කෙනෙකුට අවබෝධ විය යුතුය. එසේම එම ගොඩනැගිල්ල ඉදිවී ඇත්තේ ඇතුළු නුවරට පිටිනි. එබැවින් අවම වශයෙන් එය රාජ සභාව වැනි රාජකීය ගොඩනැගිල්ලක් තිබූ ස්ථානයකවත් තැනූවක් නොවේ. නමුත් නගරයේ ප්‍රාකාරයෙන් පිටත එයට ඉතාම ආසන්නව පිහිටි මෙම ස්ථාන වලද කිසියම් ගොඩනැගිලි කුරුණෑගල යුගයේ ඇතැම්වීට තිබෙන්නට ඇත. පොලවෙන් උඩ තිබෙන එතරම් පැරණි නොවන මෙම ගොඩැනැගිල්ල පිහිටි භූමිය යටට කැනීම් කර බැලුවොත් එවැනි දේවල අවශේෂ හමුවිය හැක. මීටත් වඩා ඉහත සිතියම් වල ඇතුළු නුවර ලෙස සලකුණු කර ඇති ප්‍රදේශයේ කැනීම් මගින් බොහෝ දේ හමුවීමේ ඉඩකඩ ඇත. දැනටද එවන් බොහෝ ශෛලමය අවශේෂ එම භූමියේ තැන් තැන් වලින් වරින් වර හමුවී ඇති බව පැවසේ. එහෙත් එම ප්‍රදේශයේ මෑතකාලීන ඉදිකිරීම් බහුලය. ඒවා ඉදිකිරීමේදි බොහෝ වටිනා ස්ථාන වල අවශේෂ විනාශ වන්නට ඇත. උක්ත ගොඩනැගිල්ල සම්බන්ධව නම් පැවසීමට ඇත්තේ පැහැදිලිවම ඉංග්‍රීසි පාලන සමයේ 19 වන සියවසේ අවසාන කාලයෙන්  පසුව ඉදිවූවක් වන එය කිසිසේත්ම එයට පෙර යුගයකට කාලනිර්ණය කල නොහැකි බවය. ඇතැම්විට එහි පාදමට ප්‍රදේශයේ ඒ වනවිට සුලභව තිබූ ගල් පාදම් සහ වෙනත් දේ යොදාගන්නට ඇත. පෙරලුන පිට හොඳයි කියා මෙම විනාශයත් සමග ඒ පිළිබඳව කැනීම් කර තොරතුරු සොයාගත හැක. නමුත්  හැකි නම් මෙම ගොඩනැගිල්ල පෙර තිබූ ලෙසට ප්‍රතිනිර්මාණය කර මෙතෙක් යොදාගත්තා මෙන් කුරුණෑගල පෞද්ගලික උපකාරක පන්ති වලට යන බාලවයස්කාර පෙම්වතුන්ට කාමර සපයන ස්ථානයකට වඩා වැදගත් කාර්යයක් උදෙසා භාවිතා කල යුතුය. අවසාන වශයෙන් අත්තනෝමතික ලෙස මෙය විනාශය කල පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කිරීමද අනිවාර්යයෙන් කල යුතුය. අගෝස්තු 5 කොහොමත් ඇප නැතිවෙන්න පරදින ගොන් අලි, රතු අලි සහ ඔරිජිනල් කොළ අලි මෙය විකුණාගෙන ලිප ගිණි මෙලවෙන තෙක් කකුළු නැටුම් නැටුවාට අපට නම් කම් නැත. මෙතෙක් මෙරට ජාතික සම්පත් විනාශ වෙද්දී බවුන් වැඩූ ජේතවනාරාමයට කුණු පුරවන්න කතා කල, ශ්‍රීමහා බෝධිය යට අඩියක් ගසන්න කතා කල, අන්තවාදීන් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කරද්දි නෑසූ කන්ව සිටි විජාතික කඳවුරේ අපතයන් සිය ඓතිහාසික පරාජය හමුවේ හෝ ඒවා ගැන කතා කිරීමම වැදගත් නොවේද? එහෙත් ඒ සඳහා කිසිදු පදනමක් නොමැති මනස්ගාත දොඩවා මෙරට ඊනියා "උගත් බුද්ධිමත් ජනතාව" ඇන්දීමට නම් ඉඩදිය නොහැක.

මූලාශ්‍ර

  • කුරුණෑගල විස්තරය, ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනය, රංගන කුරුවිට, 2015
  • Ceylon and Its Capabilities, An Account of Its Natural Resources, Indigenous productions and commercial facilities, J.W. Bennett, 1843
  • Ceylon, An Account of the island Physical, Historical and Topographical with notices of its natural history, antiquities and productions Vol 1 and 2 , Sir James Emerson Tennent, 1859
  • පෞරාණික ස්ථානහා ස්මාරක - කුරුණෑගල දිස්ත්‍රික්කය, ර්‍.ඛ්.ශ් අනුරාධා, අජන්තා සමන් කුමාරි, 2015
  • Ceylon Gazetteer, Simon Casie Chitty, Modliar, 1834
  • Paranavitana s., 1970, Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume 1, Early Brahmi Inscriptions.
  • Modder F., Kurunegala Vistaraya; with notes on Kurunegala, Ancient and modern, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Volume 13 Part 44 , 1893

35 comments:

  1. මහත්මයා මම කාලයක පටන් ඔබතුමාගේ බ්ලොග් එක බලනවා. ඉතිහාසඥයෙකු ලෙස ඔබතුමා විශිෂ්ඨයි. ඒක ගැන කතා දෙකක් නෑ. ඔබතුමාගේ ගවේශනාත්මක තොරතුරු වාර්ථා ආදිය අමිලයි. නමුත් දේශපාලනිකව අන්තවාදී නොවී සිටිය හැකිනම් හොඳයි. ඔබට කැමති දේශපාලන අදහසක් දැරීමට අයිතියක් තියෙනවා. මම කියන්නේ ඒක ගැන නෙමෙයි. යූ ඇන් පිය හෝ ජවිපෙ ගැන මගෙත් පැහැදීමක් නෑ. නමුත් ඔබ දක්වන විදිහට මහින්ද පාර්ශ්වය සර්ව නිර්දෝශී ද? 2015ට පෙර 2/3 බලයක් තිබූ මහින්ද එදා නොකළ අද කරන්නට සැරසෙන අමුතු දේ මොකක්ද? එදා 2/3 තිබූ මහින්ද සම්මත කරගත් පනත් මොනවාද? මද්‍රාසා පාසැල්වලට අවසර දුන්නේ කවුද? බදුර්දීන්ට විල්පත්තුව පවරා දුන්නේ කවුද? මම හිතන්නේ මේ ඔක්කොම එකට සිටින අයවලුන්. ඔවුන් අපව ගොනාට අන්දවා ඔවුන්ගේ සුඛවිහරණය සහ ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන පමණක් තකන පිරිසක් නොවේද?

    ReplyDelete
  2. ඉතිහාසය කියන්නේ දේශපාලනය තමා මහත්මයා. දේශපාලනයට ඉතිහාසය ගාව ගත්තම දේශපාලනය ගැන කතා නොකර ඉතිහාසය ගැන කතා කරන්න බැහැ. මන් කොහේ හරි කියලා තියෙනවද මහින්ද සර්ව නිර්දෝශීයි කියලා. පෙන්නන්න බලන්න. මහින්ද නෙමේ අපි කිසි කෙනෙක් සර්ව සම්පූර්න නැහැ. සාපේක්ෂව අවස්ථාව අනුව රටට දැයට වඩා හොඳ කියන එක තීරණය කරන්න විතරයි අපිට පුළුවන් මම කරන්නේ ඒක. අනික මන් අන්තවාදී උනේ කොතනද කියලා හරියටම පෙන්නන්න. එතකොට ඒකට අදාලව මට පුලුවන් උත්තර දෙන්න. ඔය කියපු ලිස්ට් එක ගැන කතා කරන්න මේක අවස්ථාව නෙමේ. අනික ඒවා වෙලා ඉවරයි. දැන් රටේ නායකයා මහින්ද නෙමේ ගෝටාභය. අනිත් එක දේශපාලඥයෝ කියලා මහින්ද හෝ රනිල් හෝ තමන්ගේ දූදරුවන් ගැන නොබල සිටිය යුතුද? රනිල්ට ලමයි නැති එක වෙනම කතාවක් ඇයි ඔවුන් බෝධිසත්වයෝද? මහින්ද එදා නොකල දේ තම රටයි ජාතියි කොටියටයි සුද්දටයි අරූටයි මූටයි පාවා නොදීපු එක. රනිල් ඇවිල්ල කලේ ඒකේ අනිත් පැත්ත. ආයේ මහින්ද අගමැති විදිහට ඕනේ ඒ දේ සඳහා ගෝටාභයට උදව් වීම. ඊට වඩා හොඳ විකල්පයක් තිබ්බ නම් මමත් කැමැතියි. ඒත් මේ වෙලාවේ වෙන නැහැ. අනික ඔබ කිව්ව සමහර කරුණු විශේෂයෙන් මද්‍රසා පාසල් වලට මහින්ද අවසර දුන්නේ මොන නීතියෙන්ද කවද්ද? මම නම් එහෙම එකක් දැක්කේ නැහැ මෙතෙක් කල් මන් දන්න විදිහට ඒවා එහෙම නීතියට අනුව පවත්වාගෙන අවිල්ල නැහැ. ඒවා නීතිගත කරලා උගන්වන දේවල් නියාමනය කරන්න නම් නීති ගේන්න හැදුව මේ ආණ්ඩුව. ඒ ගැන අලුත්ම තත්වය නම් මන් දන්නේ නැහැ. ඒක හොඳ දෙයක් කලයුතු දෙයක්. මහින්ද සම්මත කල පනත් මොනවද කියලා මගෙන් අහන්නේ මන් ඕවා ඔබට සපයන්න මේක ලියනවා කියලා හිතුවද? ඒවා ලබාගන්න අන්තර්ජාලයෙම තැන් තියෙනවා . ගිහින් බලාගන්න. මන් කලින් කිව්වා වගේ රටේ නායකත්වයෙන් මන් බලාපොරොත්තු වන්නේ රට අභ්#යන්තර සහ බාහිර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම සහ රට දියුණු කිරීම . ඒ දෙක මහින්දගෙන් ඕනෑවටත් වඩා හොඳට සිදු උනා. ජඩපාලනයෙන් සිදු නොවුන ප්‍රධාන දේත් ඒකයි. ආයේ මහින්ද ඕනේ ඒ දේ ඉදිරියට අරන් යන්න. නාමල් රේස් පදින ඒවා වගේ දේවල් වලට ඉරිසියා කරන ලෙඩේ මට නැහැ. එහෙම දේවල් කරන්න මට ආසවක් තියෙනවා නම් මමත් මගේ උත්සාහයෙන් ඒවා කරන තත්වෙකට පත්වෙනවා මිසක් එක එකාට ඉරිසියා කර කර ඉන්න කුහකයෙක් නෙමේ

    ReplyDelete
    Replies
    1. https://www.lankahotnews.net/2020/07/blog-post_79.html

      Delete
    2. දිනුක..එතුමා ඊයේ එහි නිරීක්ෂණය කිරීමක් කරලා මාධ්‍ය වලට දීපු ප්‍රකාශය මන් බැලුව. මට මතක හැටියට නම් එතුමා කිව්වේ ගොඩනැගිල්ලේ කොටසකට විතරක් හානි වී ඇති බව මිසක් රාජ සභා මණ්ඩපයේ කොටසකට හානි වී ඇති බවක් නොවේ. මේ ගොසිප් සයිට් එක රාජ සභා කෑල්ල එකතු කලා වෙන්නත් පුලුවන්. එතුමා ඇත්ත වශයෙන්ම එහෙම කිව්වා නම් එතුමාගෙන්ම තමා අහන්න ඕනේ එච්චර වටින එකක් නම් ඕක මෙච්චර කල් ආරක්ෂක ස්මාරකයක් නොකර මොකද බකන්නිලන් හිටියේ කියලා පලමුවෙන්ම. එතුමාගේ ගම් පලාතත් මන් දන්න විදියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එතුම ගොඩක් ගවේෂණ කරලා පොත් හිටන් ලියලා තියෙන්නේ ඔය ප්‍රදේශ්ශය ගැන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඓතිහාසික ස්ථාන ගැන කල කිසිම පොතක මෙච්චර කාලෙකට ඔහොම රාජ ස්සභාවක් ගැන නම් කියලා නැහැ දෙවනුව එතුමා ඒක් කියන්නේ මොන සාධක පදනම් කරගෙනද කියලා අහන්න වෙනවා. දැන් නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය ගත්තොත් ඒකේ සෙල්ලිපි තියෙනවා ඒ ගැන සඳහන්. මේකෙත් ඒ වගේ මොනවා හරි තියෙනවද කියලා එතුමා අපිට් අනොකිය තියන් ඉන්නවා ඇති සමහරවිට. අනිත් අතට තාමත් අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරයට වෙස්සගිරිය කියලා බෝඩ් ගහගෙන ඉන්නෙත් මේ උන්නැහෙලම තමා. තව ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. එකක් දෙකක් මම මේ බ්ලොග් එකේ පෙර ලිපි වලින් පෙන්නලා දීලත් තියෙනවා. කවුරුත් මන් වැරදියි කියලා නම් තාම කියලා නැහැ. සමහරවිට ඒ වගේ විද්වත් පොරවල් මේ වගේ බ්ලොග් පඩංගු වල තියෙන ඒවා බලන්නේ නැතිව ඇති. මම ඉහත සඳහන් කර ඇති කරුණු වැරදියි රාජ සභාව ඔතන තිබ්බ දැන් තියෙන්නෙත් ඒකමයි කියලා කවුරු හරි ක්කියනවා නම් ඒකත සාධක සහිතව එන්න ඕනේ. පුරාවිද්‍යා කොමසාරිස් හෝ කවුරු හෝ නිකන් එහෙම කිව්ව කියලා මම බාරගන්නේ නැහැ. මෙතුමාම සාමහර Youtube වීඩියෝ වල අසත්‍ය දේවල් කියනවා මන් ඕනේ තරම් දැකලා තියෙනවා. අමතක වීම් වගේ දේවල් හින්ද වෙන්න ඕනේ. රාවණ ගැන සංවාදෙකත් එහෙම දේවල් උනා. (මතකයේ තියාගෙන යම් යම් දේවල් කියන්න ගිහාම කාටත් ඒ වගේ දේවල් වෙනවා. එතුමාගේ ග්‍රන්ථ වල නම් එහෙම දේවල් මට හමුවෙලා නැහැ )

      Delete
    3. තව දෙයක් මට දැන් පෙනීයනවා. ඒ මේකෙන් දේශපාලන වාසි ගන්න මුලින් හැදූ කඳවුර වෙනුවට මමද සහයෝගය දක්වන කඳවුර සාර්ථකව මෙය නැවත ඔවුන්ගේ පැත්තට පෙරලා ගන්න හදනවා. ඒක සමහරවිට ඉදිරි දින වලදි බලාගන්න පුලුවන් වෙයි. මම හැමදාම කියන්න වගේ මේ රටේ බලය ගන්න නම් රටේ ඉන්න මෝඩයන්ව අන්දන්න ඕනේ. ඒක හින්දා ඒකේ වරදක් නැහැ. ඒත් මම මෙතන කතා කරන්නේ ඉතිහාසය සහ පුරවිද්‍යාව ගැන එතෙන්දි කවුරු උනත් වැරදි තොරතුරු සමාජගත කරනවා නම් ඒ විෂයන් හා සම්බන්ධව මම මෙහි ඒවා පෙන්වාදෙනවා. (සමහරවිට මෝඩයෝ ටික අන්දලා වැඩේ කරගත්තට පස්සේ හරි.) මේ සිද්දියෙදි එහෙම ඕනේ නැහැ ඔය ගොඩනැගිල්ල ඇත්තටම මොකක්ද කියන එක ගැන මන් දන්න මිතුරන් කරුණු සොයන් යනවා. සමහරවිට ඒක ඉදිරියේදි එලියට එයි. දැනට අනුමාන කරන කරුණු තහවුරු කරගනන් පුලුවන් උනොත් ඕක 20 වන සියවසේ මුල් යුගයට අයත් එකක්. කිසිසේත්ම ඊට වඩා පැරණි නැහැ.

      Delete
    4. දිනුක. ලංකාවේ ජනප්‍රියම ගොසිප් සයිට් එක උනත් මෙන්න මේකේ (https://www.gossiplankanews.com/2020/07/kurunegala-raja-sabha-mandapaya-destroy.html#more) තියෙනවා. මමත් අහපු සෙනරත් දිසානායක මහතා ඇත්තටම කියපු කත්න්දරේ. මෙකේ කොහෙවත් එතුමා කියන්නේ නැහැ ඕක රාජ සභා මණ්ඩපයක් කියලා. පැරණි ගොඩනැගිල්ලක් කියන එක මමවත් මේකේ නැහැ කියලා නැහැ. කඩා දැමීම සාදාරණයි කියලා නැහැ. පේනවා නේද අන්තර්ජාලයේ තැන් තැන් වල තියෙන ගොසිප් සයිට් වලින් ඔබලවා කොච්චර නොමග යවනවද කියලා. ඕකට තමා මන් කියන්නේ දේශපාලන අරමුණු උදෙසා ඔය වෙබ් සයිට්, පෙස්බුක් පිටු ආදිය මිනිසුන්ව ගොනාට අන්දනවා කියලා. ඔය හැම එකක් පිටුපසම ඕවට මුදල් යොදවන දේශපාලන කණ්ඩායම් ඉන්නවා. සමහර ජනප්‍රිය ඒවා කරන්නේ කවුද කියලත් මම දන්නවා. මංගල සමරවීර ඒ අතින් ප්‍රදානයි. එතුමාගේ රුවන් ෆර්ඩිනන්ඩස් කියන ලේකම් වරයා තමා ඒවා පිටුපස ඉන්නේ. ඊට අමතරව රාජිත, පාඨලි චම්පික සහ විමල් වීරවංශ මෙරට ජනප්‍රියම වෙබ් අඩවි සහ කිහිපයක් ඔවුන්ගේ සමීපතමයන් යොදවලා කරන් යනවා.

      Delete
  3. විල්පත්තුව ගැන කිව්වනේ ඒකටත් පොඩ්ඩක් උත්තර දෙන්න ඕනේ. විල්පත්තු වනොද්‍යානයට අයත් කිසිම කොටසක් මහින්ද හෝ කවුරුන් හෝ බදුර්දීන්ට පවරා දී නැහැ. ඔය කියන දේවල් වෙලා තියෙන්නේ විල්පත්තු වලට පිටින් කල් ආරු රක්ෂිතයට අයත් කොටසේ අක්කර 2000 කටත් වඩා අඩු ප්‍රමාණයක. ඒක දේශපාලන ප්‍රශ්නයක් කර ගත්ත තවත් එක පරිසර ප්‍රශ්නයක් විතරයි. යුද්දෙන් පස්සේ උතුරු නැගෙනහිර පලාත් වල ඔයිට වඩා කැලෑ ප්‍රදේශ එලි කල නැවත පදිංචි කිරීමට සහ වෙනත් සංවර්ධන කටයුතු වලට ඔය පරිසර කාක්කෝ ඒවා කිසි දෙයක් නැතිව මේ අක්කර 2000 විතරක් අල්ලගත්තෙම දේශපාලන අරමුණකින්. ඒක තාම පාවිච්චි කරනවා. සජිත් හම්බන්තොට ඔයිට වඩා ප්‍රදේශ බෙදාදුන්න පහුගිය අවුරුදු 5. ඒවට ඔය කවුරුත් කෑ ගහන්නේ නැහැ. මම පරිසරය සම්බන්ධ උනන්දුවක් දක්වන කෙනෙක් හැතියට ඔය හැම එකටම විරුද්දයි. විලපත්තුව විතරක් පත්තු කරන් කෑ ගහන්නේ නැහැ ඕවට අහුවෙන මේ රටේ බහුතරයක් වගේ.

    ReplyDelete
  4. Cogently argued, excellent article Bushana. .

    ReplyDelete
  5. වැරදිනේ.
    ඕක බුනනෙකබාහුගෙවත් , ඉන්ග්‍රීසින්ගෙවත්, මිස්ටර් බුවනෙකගෙවත් නෙමේනෙ.
    ත්‍රිකූටය කියන්නෙ අප මහා හැල අදිරාජ රාවණා ඇල්ෆා සෙන්ටෝරි ග්‍රහ මණ්ඩලයේ රතු කුරු තරුවක් වන රස්සු පීවණා ග්‍රහලෝකයේ පිහිටවපු රතු රසදිය පතල්වලින් ගෙනෙන බොර රසදිය පිරිපහදුගාර තුන තිබුන ස්ථානයනෙ. ඔය ගොඩනැගිල්ලෙ තිබුනෙ ඒ පිරිපහදුවේ වැඩකරපු සේවකයින් ලන්ච් ටයිම් එකේ පංචකෙලපු විවේකාගාරය. මේ විජයගෙන් පැවතෙන අයයි සුද්දොයි එකතුවෙලා විකෘති කරපු ඉතිහාසයෙන් හැල යක් ඉතිහාසය ඩෝසර් කරනවා.

    ReplyDelete
  6. භූෂණ මහත්තයෝ, මෙහාට ගොඩ වැදෙන්න කලින් 'ඉකොනොමැට්ටාගෙ බොජුන්හල'ටත් ගොඩවෙලා ආවේ. ඒකේ අද පෝස්ටුව අනුව නම් අන්න 'සිවිල් ගුවන් සේවා අධිකාරිය' රාවණ රජ්ජුරුවන්ව ගොඩගන්න හදනවාලු.... ඒ ගැනත් ඓතිහාසිකව විමර්ශනය කරන්නකෝ, තරහ නැතිව!



    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් දැක්කා පුවත්පත් දැන්වීමකුත්. ඇත්ත එකක්ද කියලා නම් හොයලා බලන්න බැරි උනා බුකියේ තමා දැක්කේ. ඕවා කරලා හොයාගන්න කියන්නකෝ රාවණා හිටියා කියලා. ඒකේ අපෙන් පොත් ඉල්ලනවා නේද රාවණා ගැන තියෙන. ඒකෙන්ම හිතා ගන්න පුළුවන් ඒවා හොයා බලන්න ඉන්න විද්වතුන්ගේ තරම ( එහෙම අය ඉන්නවා නම් ) රාවණා මිත්‍යාව ගැන මම මේකේ වෙනම කොටසක්ම වෙන් කරලා තියෙනවා වම් පැත්තේ පල්ලෙහට වෙන්න. ඒ ලිපි වල රාවණා ගැන ලියන්න තියෙන සේරම ලියලා තියෙන්නේ. ඔයිට වඩා තියෙනව නම් තියෙන්නේ මහනුවර යුගයේ සහ ඒ ආසන්න කාලයේ ලිය වුන සමහර විත්ති පොත් කඩයිම් පොත් වෙඩ පොත් වගේ ඒවයේ තියෙන වැදගැම්මකට නැති යාන් හෑලි තමා රාවණා ගැන. ඒ වෙනකොට රාවණ කතන්දර දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහෙ පැලපදියම් වෙලා ඉවරයි. පරණවිතාන මහත්තය කිව්වා වගේ රාවණා කියලා තිරිසනෙක්වත් මේ රටේ හිටියෙ නැහැ.

      Delete
    2. ඔය රාවණ රැල්ලෙත් දේශපාලනයක් තියෙනවා කියලා මම හිතනවා. මම අනුමාණ කරනවා ඔය රාවණ රැල්ල යුද්දෙ කාලේ ඇති කලේ මේ රටේ "මෝඩ ජනතාව" අතරේ කිසියම් පිබිදීමක් ඇති කරගන්න කියලා. ඒකට දුටුගැමුණු යොදාගන්න බැහැ. එකක් ඒ වෙනකොට මෙරට සුදු නෙළුම් තවලම් කල්ලි නඩ දුටුගැමුණු ජාතිවාදියෙක් කරලා ඉවරයි. විජයබාහු. පරාක්‍රමබාහු චරිතත් හරි අමාරුයි. අපේ මිනිස්සු වඩාත් කැමැති මිත්‍යාවටනේ. සහ වැව් හදපු, සුවිසල් දාගැබ් හදපු රජවරුන්ට වඩා මිසයිල් හදපු, න්‍යෂ්ටික බෝම්බ හදපු රාවණා කෙනෙකුට. මට එහෙම රැල්ලක් එවකට මෙරට බුද්දි අංශ වලින් හෝ රජයෙන් හැදුවා කියන්න කිසිම සාක්කියක් නැහැ. මේක අනුමානයක් විතරයි. ඊට පස්සේ සංචාරක මණ්ඩලයෙන් උත්සාහයක් තිබ්බා රාමායනයට සම්බන්ද දේවල් මෙරට තියෙනවා කියලා ඉන්දීය සංචාරකයන් ගෙන්වන්න. ඒකත් එතරම් සාර්තක උනේ නැහැ. ඒත් ඒ සඳහා ඔවුනුත් මිත්‍යාව මෙරට වැපුරුවා. දැන් නම් ඒක තනිකරම YouTube චැනල් කාරයෝ ටිකකගේ හිට්ස් වැඩිකරගන්න වෙන දෙයක්. ඊට අමතරව හීනමාන රෝගීන් පිරිසකට පොරවල් වෙන්න. ඔය තිලක් කන්දේගම, ජයන්ත පතිර ආරච්චි වගේ මනෝවිකාර කාරයෝ කරන්නේ ඒක. වර්තමානයේ දේසපාලන අරමුණු තියෙනවද කියන්න තාම පැහැදිලි නැහැ. ඒත් මේ වගේ ආයතන ඕවට බහින්නේ ඒකට වෙන්න පුලුවන්. අනික දෙරණ වගේ නාලිකාවක් ටෙලි නාට්‍යය නිශ්පාදනය කරන්නේ. දෙශපාලකයන්ට බලය ගන්න නම් මෙරට මෝඩ රැල අන්දන්න ඕනේ. ඒකට ඔවුන් ඕවා පාවිච්චි කරනවා. බහුතරය අහුවෙනවා. එහෙම බලය ලබාගත්තත වුන් රටට මට ඕනේ දේ නම් කරන්නේ මට ප්‍රශ්නයක් නැහැ. ඒත් මිත්‍යාවට විරුද්ධව සාධක සහිත ඉතිහාසය මම මේකේ කතා කරනවා.(මම සැබෑ ඉතිහාසය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ මොකෝ එහෙම එකක් නැහැ. ඇත්තටම උනේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. අඩු ගානේ වර්තමානේ උනත් ඇත්තටම වෙන්නේ මොනවද කියලා කවුරුත් දන්නවද? තියෙන්නේ අනුමාන විතරයිනේ. බණ්ඩාරනායක මහතා ඝාතනය කලේ කවුද කියලා හරියටම කියන්න දන්නවද? විජේවීර පාවලාදුන්නේ කවුද කියලා කිසිවෙක් හරියට දන්නවද? ඇතැම් සාදක අනුව ඒක සෝමවංශ මහතා වෙතත් යොමුවෙනවා ඒ වගේ තමා.)

      Delete
    3. මේ ඔය ගැන වාර්තාවක්. - https://www.news18.com/news/world/sri-lanka-says-enough-facts-prove-ravana-used-aircraft-to-fly-asks-people-to-help-with-in-depth-research-2723371.html?fbclid=IwAR2Bh6wuWidY6kgiPjhffPS_Rlr69hBAKVGOm3ngw5yaAKTE4Q-DLU3NibU#:~:text=Speaking%20to%20News18%20over%20telephone,He%20was%20an%20aviator මේකේ මේ කොටස තමා හරිම ආර්තල් “King Ravana was a genius. He was the first person to fly. He was an aviator. This is not mythology; it’s a fact. There needs to be a detailed research on this. In the next five years, we will prove this,” he said." නියම විද්‍යාත්මක ක්‍රම වේදයක් භාවිතා කරන්න යන්නේ. නිගමනය කරලා ඉවරයි පර්යේශන කරන්න කලින්. පර්යේශණය ඉවර කරන්න නම් අවුරුදු 5 ක් යනවලු. මන් හිතන්නේ රාවණාගේ බොඪිය සහ දඪුමොණරය හොයගන්න එකත් මෙකෙන්ම කරයි වගේ. :D

      Delete
    4. මේකට 100%ක් එකඟයි

      Delete
    5. ස්තුතියි භූෂණ, හැබැයි රාවණ කතන්දරේ ඇත්ත වෙනවා නම් මාත් හරි කැමතියි.

      Delete
    6. අපි කවුද අකමැති එහෙම සිරා දෙවල් කල රජෙක් අපේ ඉතිහාසයේ හිටියා කියලා සනාත වෙනවා නම්. ඒත් ඉතිහාසය කියන්නේ අපේ කැමැත්ත අක්මැත්ත අනුව කතන්දර ගෙතීම නෙමේනේ.

      Delete
  7. විස්තර ටික මසුරං වටිනව.

    මනුෂ්‍යයා පිළිබද සියල්ල දේශපාලනිකයි තමා. ඒත් භූෂණ දක්වන දේශපාලනික කොටස් මේ වගේ පෝස්ට් එකක තියෙන ඇකඩමික් ගතියට දරුණු අන්දමින් හාණි කරනව. මම යෝජනා කරනව, මේ වගේ ලියවිලි කොටස් දෙකකට කරන්න. පළමුව මේ සිදුවිමෙ පසුබිමේ තියෙන දේශපාලනික පැත්තෙන් භූෂණට කියන්න තියෙන දේ පෝස්ට් එකක් විදිහට දාන්න. ඒකට ලිංක් කරලා, පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික පෝස්ටුව වෙනම දාන්න.

    තරහ වෙන්න එපා, මට පෙනුනු දේ තමා කිව්වෙ. භූෂණ ගෙ ලිවීම ගොඩක් අගය කරන සහ එයින් පෝෂණය වන කෙනෙක් හැටියට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකි අදහසට. ඒත් එකෙන් මගේ අරමුණ ඉටුවෙන්නේ නැහැ. ඔබේ අදහස හරි මම මේක ශාස්ත්‍රීය සඟරාවකට පර්යේශණාත්මක ලිපියක් ලෙසට ලිව්වා නම්. ඒත් බ්ලොග් එකකට එහෙම හරියන්නේ නැහැ. මේ කරුණු ටික එහෙම ලිපියක් ලෙසින් ලියනවා නම් මීට වඩා දීර්ඝ ලෙස කරුණු දක්වන්න ඕනේ. මම කරන්නේ ඉතාම කෙටියෙන් විනාඩි 5 වගේ කාලයක් තුල කෙනෙකුට කියවන්න පුලුවන් දෙයක් ලියන එක. ශාස්ත්‍රිය ලිපි ලිව්වා නම් මේ තරම් වත් කට්ටියක් මේක කියවන්නේ නැහැ. ඉතින් ඒ කෙටි ලිපියෙ මට කියන්න ඕනේ සේරම දේ මම ඇතුලත් කරනවා. ඔය කොටස් දෙක වෙන් කරනවා කියන්නේ මිනිහෙක්ගේ ඔලුව ගලවලා පැත්තකින් තියලා කඳට ඇවිදින්න කියනවා වගේ වැඩක්. මම මේ බ්ලොග් අඩවිය පටන් ගත්තෙම 2015 මේ රටේ ජනතාව ඉතිහාසය නොදැන කල ගොන් දේශපාලන ආප්ප විප්ලවයට විරුද්දව මේ රටේ ජනතාවට ඉතිහාසය තුලින් අපි ජාතියක් විදිහට දේශපාලනිකව කුමක් කල යුතුද කියන දේ පෙන්වා දෙන්න. අදටත් කරන්නේ ඒක.එක එක පාට කණ්නාඩි දාන් මේ දිහා බැලුවම තමා සමහරුන්ට මේ රාජපක්ශ කඳවුරට මම කඩේ යනවා කියලා පේන්නේ ගන්නේ. මට ඕනේ දේ මේ මොහොතේ කරන්න ඒ කඳවුර නිසා ඒක කඩේ යෑමක් නම් ඒකට කරනන් දෙයක් නැහැ. 2005 ට පෙර මට ඕනේ ඒ දේ කලේ ජනතා විමුක්ති පෙරමුණ. එතකොට මේවා ලියපු නැති හින්දා කවුරුත් දන්නේ නැහැ මම ඒකට කඩේ ගියා කියලා. හෙට මට ඕනේ දේ කරන්නේ එක්සත් ජාතික පක්ෂය නම් මම එතන ඇති. හැබැයි එක්සත් ජාතික පක්ශයේ මේ ඉන්න කිසිම නායකයෙක් යටතේ නම් මම ඒක වෙයි කියලා හිතෙන්නේ නැහැ. ඒක තම අද මේ රටට තියෙන ලොකුම අඩුව ඔය පක්ශෙට ජාතිකත්වයක් තියෙන නායකයෙක් ඕනේ නැත්නම් අපෙ රටේ ගොන් හරක් ටික ආයේ අවුරුදු 5 කින් හෝ 10 කින් මේක අනිත් පැත්ත ගැහැව්වම නාමල් බේබිලා රේස් පැද්දා වගේ සිල්ලර ඉරිසියා සහගත කරුණු අනුව රට ආයෙමත් 2015 වැටුනා වගේ ලොකු විනාශයකට වැටෙනවා ඒවා ආයේ අනිත් පැත්ත හරවන්නත් බැහැ.

      Delete
    2. තේරුණා. භූෂණගෙ ලිවීමෙන් මම උකහාගන්නා දේ පමණක් අන්තර්ගත කරලා ලියන්න නොවේ නේ භූෂණගේ අරමුණ. අපි ඒක තේරුම් ගත යුතුයි. මේ ඔබේ තැන. මෙතැන කතා කරන්නේ ඔබට අවශ්‍ය දේ. ඒ වෙනුවෙන් සෘජුව පෙනී හිටින්න ඇති හැකියාවට සහ දක්වන පෞරුෂයට ගරු කරනවා. ඔබේ අරමුණ කරා යන අතර අප පෝෂණය කිරීම අගය කරනවා. ජය වේවා!

      නමුත් මීට කලින් පෝස්ට් කිහිපයක මම දුටුවා, දේශපාලනික විචාරවලින් තොර ශ්‍රාස්ත්‍රීය කරුණු පමණක් අන්තර්ගත වුණු බව. ඒවා කියවන්න වඩා පහසු බවක් දැණුනා.

      අනික් පැත්තෙන්, ඔබ දරණ දේශපාලනික අදහසට වඩා වෙනස් පැත්තක් දකින කෙනෙකුට මෙවැනි පෝස්ට් වලින් පෝෂණයක් ලබන්නට බැරි වෙන්න පුළුවන්. "ඒත් ඒකට මට මොකද?" කියා ඔබට කියන්නත් පුළුවන්.

      ඔබ ඔබේ ලිවීම දිගටම කරගෙන යන්න. අපට වඩාත්ම වැදගත් වන්නේ ඔබ මේ කරන ශාස්ත්‍රීය මෙහෙවර යි.

      Delete
    3. අන්න හරි. සතුටුයි!!
      ඔව් හැම විටම කාලීන දේශපාලන තොරතුරු ගාව ගන්න ඕනේ නැහැ. රට මට ඕනේ විදිහට යනවා නම් ඒවා ගැන කතා නොකර ඉතිහාසය සහ පුරාවිද්‍යාව ගැන විතරක් ලියන්න පුලුවන්. අනික් අතට ඒවා ලියන එකෙන් උනත් මම බලාපොරොත්තු වන්නේ කියවන අයට ඒවා උගන්වන එක නෙමේ. ජාතියක් ලෙස අතීතයේ අපි ලබා ගත් ජයග්‍රහන ගැන මෙන්ම අපිට වැරදුන තැන් ගැන කතා කරල වර්තමානයට ඒවා අදාල කරගන්න (ඒක දේශපාලනිකයි). අපිට ඉතිහාසය ඕනේ ඒකට. ඊට අමතරව ජාතික හැඟිම කියන දේ ඇති කිරීමටත් ඉතිහාසය වැදගත් වෙනවා. බොහෝ දියුණු බටහිර රටවල් ඒක කරනවා. හැබැයි ඔවුන් සහ ඔවුන්ගේ මෙහෙ ඉන්න ගැත්තෝ අපෙන් අහන්නේ ඉතිහාසය කන්නද කියලා. ඒ කරුමේ තමා අපි අද ගෙවන්නේ. මම හොඳට නිරීක්ෂණය කලා මෙ කෙහෙල්මල් බුවනෙකබාහු රාජ සභාව ගැන බුකියේ කිඹුල් කඳුලු හලපු එකෙක්වත් පෙර එවන් ස්තාන විනාශ වෙන කොට කටක් ඇරපු උන් නෙමේ. ඔකුන් අපි ඉතිහාසය සහ ජාතික උරුමයන් ගැන කතා කරන කොට ඒකට කිව්වේ 2500 අම්මගේ රෙද්ද ගැන කියවනවා කියලා. මම පහර ගහන්නේ ඔන්න ඔය ජාතියක් ජම්මයක් නැති සෙට් එකට. එතකොට ඔවුන්ට මග කියන දේශපාලන පක්ෂ වලටත් වදිනවා තමා.
      ඔව් ඔබ කිව්වා වගේ මේ දෙවල් තේරුම් නොගෙන ඔය විජාතික කඳවුරේ දේශපාලනයට සේවය කරන උන්ගෙන් මට වැඩක් නැහැ. ඔකුන්ව මලපන්නන එක තමා මම කරන්නේ මේ ලියන ඒවායින්.

      Delete
    4. බූෂණට දේසපාලනේ ලියන්න එපා හෝ වෙනම ලියන්න කියන එකත් හරියට බූෂණට ඉතිහාසය ගැන ලිපි වෙනත් ශාස්ත්‍රීය මාධ්‍යයක පල කරන්න කියන එක වගේ තමයි. ඒ දෙකේ පොඩි සම්බන්ධයකුත් තියනව. මොකද බූෂණ කැමතියි මෙවා දේශපාලනයට සම්බන්ධව ලියන්න. එනිසා මේ මාධ්‍යය.
      බූෂණ එන්ජෝයි කරන්නේ එහෙම ලියන එක. අපිට බූෂණගෙ ලිපි කියවන්න ඕනෙ නම් අපි එයා ලියන විදිහට කියවන්න ඕනෙ. ලිපියක් කියවන්නාටත් වඩා ලියන්නා එන්ජෝයි කරන්න ඕනෙ. එතකොට තමා හොඳටම ලියවෙන්නෙ.
      අපි ඕනෙතරම් ටීවී බලන්නෙ, ඉන්ටර්නෙට් ලිපි කියවන්නෙ, විඩියෝ බලන්නෙ අග මුල මැද ඇඩ්වර්ටීස්මන්ට් එක්ක. ප්‍රධාන වැඩ සටහන හොඳනම් ඒවත් එක්ක බලන්න පුරුදුවෙනවනෙ.
      How is my analysis B? I am rather slow and a bit dim, but in the end I get it !

      Delete
    5. හරියටම හරි ප්‍රා. පොඩි අවුලයි තියෙන්නේ මම සාමාන්‍යයෙන් නම ලියන්නේ භූෂණ කියලා. ඒකත් හරිගියා නම් පංකාදු පහයි.

      Delete
    6. Sorry boss, as I told you I am rather dim-witted.
      So, for me you have to write it as Bhushana. But, since you will always write the way you want and I am not too bright I guess you will write Bushana, and I will write බූෂණ !
      See, you are stubborn out of scholarship and I am the same out of slowness.

      Delete
    7. It is a sort of mistake I have been doing since my childhood. Always I feel it is too much letters if I would go for Bhushana or Booshana. LOL

      Delete
  8. මෙක ඔච්චර වටින, පැරණී ගොඩනැගිල්ලක්නම් කෑගහන අය කෑගහන්න ඕනා කඩපු වෙලේ නෙමේ, rooms පොට් එකක් කරපු වෙලාවෙයි..

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම එකකට එද කෑ නොගහපු එක මෙන්ම මෙදා කෑ ගහන එකද දේශපාලනිකයි. ඊට වඩා දෙයක් මෙතන නැහැ. කවුරු මොන කතා කිව්වත් මේක අවුරුදු 100 කට අඩු වැඩි කාලයකදි මිසක් ඊට වඩා පරණ නැහැ. සමහරවිට ඊට වඩා පරණ රජකාලේ ගොඩනැගිල්ලකින් කොටස් ගන්න ඇති. ඒත් බොහෝවිට ශෛලමය කොටස් මිසක් දැව කුළුනු නෙමේ. යටත්විජිත යුගයේ ගොඩනැගිල්ලක් නම් එයට හානියක් නොවන විදිහට වෙනත් කටයුතු වලට බදු දුන්නට අවුලක් නැහැ.

      Delete
  9. මේක යටත් විජිත සමයේ ඉදි කෙරුණු ගොඩනැගිල්ලක් බව මගෙ අදහස. නිරීක්ෂණයෙන් සහ දන්නා කරුණු අනුව... ඒ ගැන මොනවත් හොයාගන්න තියෙනවද?

    ReplyDelete
    Replies
    1. නැහැ ඒ ගැන කිසිම දෙයක් තවම හොයාගන්න බැහැ. ඕක ගැන කුරුනෑගල පුරාවස්තු ගැන පලවුන කිසිම පොතක නැහැ. අවම වශයෙන් ඕක පුරාවිද්‍යා ස්මාරකයක්වත් කරලා නැහැ. ගෘහනිර්මාණාත්මක ලක්ශණ වලින් 1900 මුල ගනන් වලින් පසු කියන දේ කියනන් පුලුවන්. ඒත් එකෙන් විතරක් කාල නිර්ණයක් කරන්න බැහැ. මොකද පැරණි ගෘහ නිර්මානාත්මක ලක්ශණ අනුව අලුත් ගොඩනැගිලි හැදෙනවා. නිදහස් චතුරශ්‍රය බලන්න. ඒක හදලා තියෙන්නේ නුවර මගුල් මඩුවේ ලක්ශණ වලට. හැබැයි ඒක හැදුවේ නුවර යුගයේ නෙමෙනේ. ඒ වගේ ගොඩනැගිලි ඕනෙ තරම් මහනුවර තියෙනවා පසුව හදපු. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල ගොඩනැගිලි බලන්න. මේ ගොඩනැගිල්ල පිළිබඳව අගමැති තුමා පත් කල කමිටුවේ වාර්තාව අද නිකුත් වෙනවනේ බලමු ඒකේ මොකෝ කියන්නේ කියලා.දැන්ම කියන්නම්. හේතු සාදක නැතිව ඕක බුවනෙකබාහුගේ මගුල් මඩුව කිව්වොත් ඒ කියන්නේ ඒක දේශපාලන තීරනයක්. ඊට පස්සේ ඕනේ නම් නගරාදිපතිවත් ඇරෙස්ට් කරලා නාට්‍යක් රඟ දක්වලා මේක උස්සන් යන්න හදපු උන් වෙනුවට රජයට පුලුවන් චන්දෙට වාසියක් කරගන්න. හේතු සාධක ඇතිව කිව්වොත් එක වෙනම කතාවක්. කොහොමත් ඔය වාර්තාඅව් ආගමැතිතුමාට කැමති නම් විතරයි ප්‍රසිද්ද කරන්නේ. MCC ගිවිසුමේ විද්වත් කමිටු වාර්තාවත් ප්‍රසිද්ද කල නිසා මේකත් කරයි කියලා හිතනවා. මේ ආණ්ඩුවට ඒවා හන්ඟන්න ඕනේ කියල හිතන්නේ නැහැ.

      Delete
    2. පුරපති නිල මෙහෙවර - කුරුනෑගල මහනගර සභාව - කියන අඩවියේ 2018 නොවැම්බර් 9 පලවුනැයි කියන post එකක් අද මුහුණු පොතින් දැක්කා. ඒක ඇත්ත නම් එදා පුරපතිතුමා කියා තිබුනේ මෙහෙමයි.

      '.... වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වා ගෙන ගිය කුරුණෑගල ඓතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත........' කියල තියෙනවා.

      එදා සහ අද කියන දේවල වෙනස!

      Delete
    3. දේශපාලකයන්ට කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවනේ. ඊට වඩා දෙයක් ඒ ප්‍රකාශයේ නැහැ. මේ සම්බන්දව මොන පක්ශයක හෝ දේශපාලකයන් කියන දේ මට අදාලම නැහැ.මෙතන රාජ සභාවක් තිබ්බෙත් නැහැ. ඒකෙ ඉතිරි වෙච්ච මොකක්වත් තිබ්බෙත් නැහැ. මේක නූතන කොටස් එක් කල තරමක් පැරණි ගොඩනැගිල්ලක් එච්චරයි. සංරක්ශණය කල යුතු තරම් වැදගත් කමක් තියෙනවා නම් කල යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගවේශණයක් කිරීමට තීබීමේදී එය හොර රහසේ විනශ කල නගරාදිපතිට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊට වඩා මේකේ කතා කරන්නම දෙයක් නැහැ. ජාතික උරුමයන් වෂයෙන් ගත්තොත් මේවා විනාශ කරනකොට (https://www.youtube.com/watch?v=IqaTyGlyfI4&feature=youtu.be&fbclid=IwAR0aat8YGf89_2pposYXOkSkWu5objQMN858idbQhHnF-a8Wn9SVlABbOTo) කිසි කෙනෙක් කතා කලේ නැහැ. මෙතුමත් දැනුයි මේවා කියන්නේ. ඔය සමහර ගුහා වල තිබ්බ සෙල්ලිපි ග්‍රයින්ඩර් එකකින් විනාශ කලා ඒ කාලේ මේ හෝටලය හදන්න මෙතන පුරාවිද්‍යාත්මක වටිනාකමක් නැහැ කියලා පෙන්වන්න. අද කෙහෙල්මල් රාජ සභාවක් අල්ලන් බුදුවෙන්න හදන පච රනවකලා ඒ කාලේ ඔය ඇමති මණ්ඩලේ පුටු රත් කරනවා අකිල විරාජ් මේවා කරනකොට https://www.youtube.com/watch?v=IqaTyGlyfI4&feature=youtu.be&fbclid=IwAR0aat8YGf89_2pposYXOkSkWu5objQMN858idbQhHnF-a8Wn9SVlABbOTo

      Delete
    4. ඇන්කෝර්!!! වරේවා.............

      Delete
  10. https://lankacitizens.com/political/බුවනෙකගේ-rooms-පොට්-එක-සහ-එල්ලෙ/

    ReplyDelete