Thursday, November 22, 2018

වනමැද පිහිටි බුදුරුවක් සොයා අත්තරගල්ලෑවට

ජුනි 2 වැනි දින නාලන්ද සිට සියළු ගමන්බඩු කරත්තයකට පටවා ගෙන සැතපුම් 4 ක දුරින් වූ නාඋල දක්වා පිටත්වූවෙමි. නාඋල සිට ඇලහැරට යාමට පෙර ගමන් මළු වලින් අඩක් නාඋල ආරක්ෂා සහිත ස්ථානයක තැබූවේ ගමන වඩාත් පහසු කරගැනීම උදෙසාය.  නාඋල සිට ඇලහැර දක්වා මාර්ගය අධික බෑවුම් ඇති කඳු පල්ලම් වලින් යුක්ත දුෂ්කර මාර්ගයක් විය. දවස නිමා වන විට අපට යා හැකි වූවේ නාඋල සිට සැතපුම් 6 ක දුරින් වූ කෝන්ගහවෙල දක්වා පමණි. පසුදින උදෑසනම ගමන් අරඹා මධ්‍යහ්නය වන විට කෝන්ගහවෙල සිට සැතපුම් 8 ක් දුරින් වූ ඇලහැරට ලගාවීමට හැකිවිය. එතැන් සිට නිසි කරත්ත පාරක් නොවූ හෙයින් අත්තරගල්ලෑව දක්වා යාමට සිදුවූවේ පා ගමනිනි. ඇලහැර සිට සැතපුම් භාගයක පමණ දුරකදී අඹන් ගඟින් එතෙර වී පස්වරුව වන විට අත්තරගල්ලෑවට ලඟාවීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
අත්තරගල්ලෑව බොහෝවිට වඳුරු මස් බුදිමින් දිවිගෙවන වෑරුණු පෙනුමින් යුත් ප්‍රාණීන් වෙසෙන පැල්පත් 5 ක් පමණක් වූ ගම්මානයකි. ඔවුන් රටේ විවිධ ප්‍රදේශ වලින් කුඹුරු කිරීම සඳහා පැමිණි පුද්ගලයන් වූහ. ඇත්තවශයෙන්ම වර්තමානයේ මුළු ගම්මානයේම විසුවේ පවුල් 3 පමණි. ඔවුන් විසින්ම සෑදු අමුණක් මගින් අඹන් ගඟේ වතුර හරවා කුඹුරු වලට ජලය සපයාගෙන තිබුණි. එහි වෙනත් කිසිදු වගාවක් නොතිබුණි. අවුරුදු 50 කට හෝ මදක් වැඩි කලකට පෙර අත්තරගල්ලෑව මුස්ලිම් මිනිසුන් විසූ සරුසාර ගමක්ව තිබූ බව පැවසේ. වසංගත රෝග උවදුරක් හේතුවෙන් බොහෝ මිනිසුන් මියගිය හෙයින් ඔවුන් ගම අතහැර ගිය පසු එය පාළු ගමක් බවට පත්වී ඇත. ඔවුන් විසූ ප්‍රදේශය දැනට වර්තමාන ගම්වාසීන් විසින් පිළගම්මන ලෙසින් හඳුන්වයි. අපට මග පෙන්වූ මගපෙන්වන්නා ගමේ ආරච්චිලගේ නිවසේ මිදුල මා සහ මා සමග ගිය කුලීකරුවන් හට නවාතැන් ගැනීම සදහා සූදානම් කරන ලදී. රාත්‍රියේ හිටිගමන් කඩාහැලෙන්නට වූ වර්ෂාව හේතුවෙන් අවදි වූ අපට නිවසේ අගුව විනා අන් පිලිසරණක් නොවූයෙන් පහන් වන යාමයේ වර්ෂාව නවතින තුරුම එහි සිටීමට සිදු විය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
පසුදින බුදුරුව පිහිටි ඉසව්ව පිළිබඳව දැනුවත්, කැති ගත් මිනිසුන් දෙදෙනෙකු සමග ගමන් ඇරඹූ අප කෙත් යායක් පසු කර අඹන් ගඟේ දකුණු පස දිගේ ගමන් කලෙමු. කැලෑව තුලින් රිංගා අඹන් ගඟ ඉවුරට පැමිණි පසු නාමල් කුමාර ඇල්ල ලෙසින් හැඳින්වූ ගල්පර සහිත අඩු වතුර ප්‍රමාණයක් සහිත ස්ථානයකින් ගඟ තරණය කර අනෙත් ඉවුරට ලගා වූවෙමු. ගඟ මැද අඩි 3 පමණ පලල් දොරුවක් විය. වතුර අඩු කාලයේදී ගඟ ගලා ගියේ එම දොරුව තුලිනි. එහි ගැඹුර මැන බැලූ මා හට අප පා තබා සිටි ගල් මත සිට අඩි 36 පමණ එම ස්ථානය ගැඹුරු බව පසක් විය. ගල් පරය මත විශාල රවුම් සහ සතරැස් සිදුරු කපා තිබූ හෙයින් එහි අතීතයේ අනෙක් ඉවුරේ වූ මලුවෙයාය දක්වා යාමට පාළමක් තනා තිබූ බව පැහැදිලි වේ. නුදුරෙන් වූ මලුවෙයාය ලෙසින් හැඳින්වූ ස්ථානයේ වනාන්තරයට යාබදව මනා ශෛලමය පොකුණක් විය. එය නශ්ඨාවශේෂ බෙහෙවින් ඇති සුවිසල් ස්ථානයක් බව පැහැදිලිය. එහෙත් එහි නටබුන් පිරිස්සීමට වැඩි කාලයක් මිඩංගු නොකර වනාන්තරය මැදින් වූ අපැහැදිලි අඩි පාර ඔස්සේ බුදුරුව පිහිටි ස්ථානය දක්වා ගමන් කල අපට මිනිසෙකුගේ උසට වැවී තිබූ නෙළු ශාක අතරේ කිහිප වතාවක්ම මග වැරදී එහෙ මෙහෙ යාමට සිදු විය.
බුදුරුවයාය සැතපෙන පිළිමය
පෙරවරු 10 පමණ වන විට අපට බුදුරුව පිහිටි ස්ථානයට ලගාවීමට හැකිවිය. මුළු ප්‍රදේශයම පාහේ නෙළු ශාක වැවී තිබූ අතර වීර, දලුක් වැනි විශාල ගස්ද විය. වන ලැහැබ කපා දමා බුදුරුව මතුකරගත් මුත් එහි චිත්‍රයක් සටහන් කරගනීමට විනා ඡායාරූපයක් ගැනීමට නොහැකි වූවේ ඉදිරිපස වැවී තිබූ විශාල ගස් හේතුවෙනි. මෙම බුදුරුව පොළොන්නරුවේ ගල්විහාර පිළිමයට බෙහෙවින් සමාන මුත් එහි නිමාව පොළොන්නරු පිළිමයේ තරම් උසස් නොවේ. තවද එහි මුහුණ, දකුණු අත සහ පපුව උදරය දක්වා ගිණි තැබීම හේතුවෙන් ගැලවී වැටී ඇත. බුදු රුවට යාර කිහිපයක් බටහිරෙන් දාගැබක්ද ඇති අතර නිදන් සොයන්නන් විසින් එය බිඳ දමා විශාල හානියක් සිදුකර ඇත. බුදු රුවට හානි කල පුද්ගලයන්ම බොහෝවිට එම විනාශයද සිදු කරන්නට ඇත.
බුදුරුවයාය සැතපෙන පිළිමය - උපුටා ගැනීම >1911-1912 පුරාවිද්‍යා පාලන වාර්තාවෙන් 
පසුදින නැවතත අප නැවතී සිටි වාඩියේ සිට අමතරව එක්කරගත් කැති ගත් මිනිසුන්ද යොදවා බුදුරුව අසලට ලඟාවීමට කෙටි මගක් පාදා ගත්තෙමු. හීරටි ඔය ඔස්සේ යන විට සෙල් ලිපියක් කොටා තිබූ ඵලකයක් හමු වූ මුත් එහි අකුරු කියවීමට නොහැකි තරමට බෙහෙවින් ගෙවී තිබුණි. පස්වරු තුන පමණ දක්වා වෙහෙස වී බුදු රුව සහ දාගැබ කැලෑව තුලින් මතු කරගත් අතර මිණුම් සහ චිත්‍ර සටහන් වලට අමතරව බුදුරුවේ ඡායාරූප 6 ක් සහ දාගැබේ ඡායාරූප 3ක් ද ගැනීමට හැකිවිය.
සංරක්ෂණය කර ඇති ස්ථූපය- බුදුරුවයාය
1911-1912 වර්ෂ සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ H.C.P. බෙල් මහතා පෙරේරා මහතා (Mr. Perera) ලෙසින් හඳුන්වන නිළධාරියෙක් 1912 වර්ෂයේ  දැනට බුදුරුවයාය ලෙසින් හැඳින්වෙන ස්ථානයට ලගාවූ ආකාරය සහ එම ස්ථානය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන වාර්තාවේ අනුවාදයක් අප ඉහතින් ඉදිරිපත් කලෙමු. පිහිටි ගලේ මතු කරගත් එම සැතපෙන පිළිමය අඩි 38 ක පමණ දිගකින් යුක්තය. ඉහත විස්තර කර ඇති පරිදිම එහි මුහුණ, දකුණු අත සහ පපුව ඒ වනවිටත් ගලින් නෙළු බුදුරුවක ඇතුලත නිධන් ඇතැයි සිතූ අමනයෙකුගේ පාපතර ක්‍රියාවන් හේතුවෙන් විනාශ වී තිබී ඇත. අසල පිහිටි ස්ථූපයේද අඩි 12ක් පමණ පළලට හෑරූ වලක් එහි පාදම දක්වාම කැන තිබූ බවට ඉහත පුරාවිද්‍යා කොමසාරිස් වරයාගේ වාර්තාවේ සඳහන් කර ඇත. මෑතක් වනතුරුම වන ප්‍රවාහයට යටවී තිබූ එම ස්ථූපය 2009 වසරේදී කැනීමක් සිදුකර සංරක්ෂණය කර ඇත.
නාමල් කුමාර ඇල්ල ලෙසින් ඉහත විස්තරයේ දැක්වෙන ස්ථානයේ ඉදිකර ඇති නූතන පාළම
ඉහත විස්තරයේ විස්තර වන නාඋල සිට අත්තරගල්ලෑවට වැටී ඇති දුෂ්කර මාර්ගය මේ වන විට කාපට් ඇතිරූ මාර්ගයක් වන අතර එම නිළධාරියා දින තුනක් තිස්සේ ගමන් කල දුර පැයකටත් අඩු කාලයකදී යාමට වර්තමාන සංචාරකයන්ට හැකිවී ඇත. පැරණි මාර්ගයේ කොටසක් මොරගහකන්ද ජලාශය යටවූ මුත් ජලාශයට උතුරු දෙසින් අලුතින් මාර්ගයක් ඒ වෙනුවට ඉදිකර ඇත. නාමල් කුමාර ඇල්ල ලෙසින් හැඳින්වූ ස්ථානයේ බොහෝවිට පැරණි පාලම ඉදිකර තිබූ ස්ථානය ආසන්නයේම නවීන පාලමක් ඉදිවී ඇත. මලුවෙයාය ලෙසින් හැඳින්වෙන ස්ථානයේ නටබුන් සහ අඹන් ගඟ දෑලේ එක් පසකින් වස්ගමුව වනෝද්‍යානය තුල සහ අනික් පස ගම්මානය තුල හමුවන වෙනත් නටබුන් පිළිබඳව වෙනම ලිපියකින් විමසා බැලිය යුතුය.
නාමල් කුමාර ඇල්ල අසල දොරුව (Gorge) ලෙසින් ඉහත විස්තරයේ දැක්වෙන ස්ථානය (?)
අවසාන වශයෙන් ඉහත පරිවර්තනය කර ඉදිරිපත් කල අත්තරගල්ලෑව ගම්මානයේ (Hatara-Gallewa ලෙසින් හඳුන්වන) විසූ ගැමි පවුල් 3 පිළිබඳව පෙරේරා මහතාගේ පහත සඳහන අද සාපේක්ෂව උසස් දිවිපෙවෙතක් ගත කරන බකමූණ, ඇලහැර, අත්තරගල්ලෑව ආදි ප්‍රදේශ වල ජනතාවට කොතරම් අදාලද යන්න ඔබම විමසා බලන්න.

"It is a village with five huts, occupied by haggardly looking creatures, mostly living on monkey flesh..."

D.S. සේනානායක මහතාගේ පටන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දක්වා මෙරට පාලනය කල ජනනායකයන්ගේ ගොවි ජනපද ව්‍යාපාර එම ප්‍රදේශ වල ජනයාගේ ජීවන තත්වය ඉහල නැංවීමට සිදු කල මෙහෙය, 1948 න් පසු මෙරට ජනනායකයන් සිදු කලේ කුමක්දැයි අසමින් ඉතිහාසය නොදන්නා අඳබාල පරපුර කඩේ අරිමින් සමාජවාදී විප්ලවය "විජාතික කොළ අලින්ගේ" පස්ස පැත්තෙන් එලියට ගන්නට මේ දිනවල වලිකන "රතු අලින්ගේ" නිරුවත හෙළි කරනවා නොවේද?

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Annual Report 1911=1912, H.C.P. Bell
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972

26 comments:

  1. මෙම පිලිමය පොලොන්නරැ යු‍ගයේ නිර්මාණයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව නිශ්චිත මතයක් ඉදිරිපත් කරන්න කරුණු මදි. මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක මහතා එය 8-9 ශතවර්ෂ වලට අයත් විය හැකි බව පවසනවා. නමුත් පිළිමය වටා තනා තිබී ඇති බවට සාධක හමුවන පිළිම ගෙයි ශෛලිය අනුව එය 12 වන ශතවර්ෂයෙන් මෙහා යුගයකට අයත් විය හැකි බවයි ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පවසන්නේ. මහාචාර්ය H. T. බස්නායක මහතාද මෙය පොළොන්නරු යුගයට අයත් විය හැකි යැයි පවසනවා

      Delete
  2. සංරක්ෂණය කරේ 2009 දී. වාව්

    ReplyDelete
  3. Hey, quite a coincidence ! Yesterday I travelled from Dambulla to Katugastota. through Lenadora, Naula. Matale etc.
    That comment about the abandoned Muslim village is interesting. I met a couple of Muslim youths working in a restaurant we stopped for lunch a little beyond Naula. They are from a fairly old village nearby. I can't remember the name exactly but it sounded something similar to "Kawudanpellessa". How, when and why were Muslim settlements established in such a remote area those days?

    Btw, the Kalundewa road that runs almost parallel to Matale road and from which Alahera can be reached is spectacularly beautiful. About a month ago I took that road. There is a mountain with an unusually shaped rock on the left when you are going past Kalundewa, Kiralessa area.

    ReplyDelete
    Replies
    1. This is the mountain. Do u know the name?
      http://www.kalundewaretreat.com/gallery.html

      Delete
    2. This is the mountain range bordering Kandalama tank from its eastern side. Several peaks are marked on one inch map with names, such as Dickandahena (Right most peak in the picture of the above link) Left most peak in it is Kandalama, at the foot of which the Kandalama hotel is situated.

      Delete
    3. The mountain with a pointed rock on its side?

      Delete
    4. It is Dickandahena as per metric and one inch maps. Perhaps known by some other name by the nearby villagers by now.

      Delete
  4. That village is "Kawudupelella", I think.

    ReplyDelete
    Replies
    1. කවුඩුපැලැල්ල is a village on A9 road (Which you traveled on your way from from Naula to Mathale )between Nalanda and Palapathvala. I am not sure whether it is an old village or not but seems there are Muslim people also inhabiting there since several mosques can be seen on google map in the vicinity. There was a fort at Nalanda and also later on tea cultivation was blooming around the hills of Mathale. As it is always happens as a race Muslims are pond of trade and businesses so I suppose they followed British military men and planters and settled closer to them. Because lot of business opportunities were emerging with new economical and agricultural changes occurs at that time. It was Muslims also who provided beef the most wanted meat item for the British civil and military men which Sinhalese even now hesitate to engage with.

      Delete
    2. If you analyse the spread of muslims in Sri Lanka you could find traces of early trade routes. They were dominating internal and external trade beforr the arrival of western nations.

      Delete
    3. Yes. This Kawudupelella is on the same route I described previously by the blog post on Pybus's route (http://trisinhala.blogspot.com/2018/04/3.html). It was the main highway connecting Kanda Uda rata and Trincomallee port. Which was no doubt a historical trade route.

      Delete
    4. But i don't think that Muslim traders did settle on internal places of the country prior to British domination but only coastal areas. Hence my argument above that those settlements in the center of the country were come of since the British period and not before that.

      Delete
    5. I think there were a number of Muslims (traders, physicians and a few farmers ) living in Kandy and outlying villages during Kandyan kings' time. Some Muslim physicians were given titles too - Weda Mudiyanse etc. There are some families in kandyan areas having those "ge" names.

      Delete
    6. Yes some references are there in Lawries gazetteer of Muslim physicians and 'Madiye people' or those who supplied salt, cloth and such commodities to the Kandyan provinces. Even some Muslims provided certain stuffs to the Temple of Tooth as the 'Rajakariya' service. But were there permanent settlements in mass scale other than isolated individuals? Interesting topic to look into more.

      Delete
    7. That explains the large muslem population around Mawanella (Closer to fort King), Colombo, Galle etc.,

      Delete
    8. I think that the earlier Muslim traders were using the "Thawalam" method to travel inland. We should not forget that the precursor to the 1815 British invasion was due to the harassment of the Muslim traders from Puttalama. Probably salt traders.

      Delete
    9. King Senerath has donated some areas around Madawala to the Moors to settle in. These were possibly the people who were banished from the lowlands. It is said that there were sizable Muslim population around Gelioya during the time of King Rajasighe the second.

      Delete
    10. Shenal with regards the harassment of the Muslims by Sinhalese as far as I can remember it was not 1815 but before 1803 invasion and they were arecanut traders or British spies who pretended as traders. Also it was not at Madawala but at Batticola or Madakalapuwa where king Senerath settled some Muslims who were chased from Portuguese controlled areas - mainly from Colombo.

      Delete
    11. They were traders all right used to spy for the British in the meantime. British were their guardians all along. Madawala also has some connection with a Kandyan king, I highly suspect it to be Senerath above all else.

      Delete
  5. නිදන් හොරු බෙල් මහත්තයාගේ කාලෙත් ඉඳලා තියනවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. මේ ඊටත් පෙර සිදුවීම්. පොළොන්නරුවේ ඇතැම් ස්ථාන මෙරට ඇතැම් දේශීය ප්‍රභූවරුන් විසින්ද හාරා විනාශ කල බවටද සාධක තිබෙනවා. ( මේ ලිපිය බලන්න - http://trisinhala.blogspot.com/2018/02/monastery-of-mi-baume.html )

      Delete
  6. අවසාන ලිපිය පලවුණු නොවැම්බර් 4 වෙනිදා ඉඳලා 20 වෙනිදා වෙනකම්ම මම දිනපතා ඇවිත් මේ බ්ලොග් එකේ අළුත් ලිපියක් ඇවිත් ද කියලා චෙක් කලා..
    මම දැකපු වටිනාම බ්ලොග් එකක්. රචනා ශෛලිය වගේම ඔබගේ දේශපාලනික මතවාදයත් ප්‍රිය කරන නිසාම මේ ලිපි කියවීම මට ඉතාමත් රසවත් . ඔබ ලියූ සියළුම ලිපි එක හුස්මට කියෙව්වා . තවත් ලිපියක් ඉක්මනින්ම පල කරන්න කියලා ඉල්ලන්නත් කැමති 💟

    ReplyDelete
    Replies
    1. ස්තූතියි Maduka Pathum. ඔබගේ ඊමේල් ලිපිනය ආදාල කොටසේ (Follow by Email) දැමූවිට අලුත් ලිපි පල කල සැනින් දැනගන්න පුලුවන්. හැකිතරම් උත්සහා කරන්නේ සතියකට එක් ලිපියක් හෝ පලකිරීමට එහෙත් වෙනත් වැඩකටයුතු නිසා බොහෝවිට එය සිදුවෙන්නේ නැහැ

      Delete
  7. වෙනදා වගේම හරවත්! මුලින්ම නම් හිතුනෙම නැහැ මේ බුදුරුවයායය කියලා.

    ReplyDelete