Sunday, March 6, 2016

මැකෝලිගේ Half-baked රොබෝ-අප්පුහාමිලා

මෙම බ්ලොග් අඩවියේ ඔහු කියනා අයුරින් "සංවාදයකට පැමිණි" එක්තරා අවිචාරකයෙක් ඔහුගේ මතයට එරෙහිව  මා ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඔහුගේ මහන්තත්වය ගැන වැල්වටාරම් පවසන්නට ගොස් ඒවා පලනොවූ තැන එම පල නොවූ ඒවායැයි කියමින් වෙනත් කරුණුද පවසමින් වෙනත් තැනක මට සහ මෙම බ්ලොග් අඩවියට මඩ ප්‍රහාර එල්ලකරමින් ඔහුගේ විජාතික නඩය සමග බැන අඩගසාගනීමින් ඔහුගේ හීනමානය සංසිඳුවාගත් බව දුටිමි. (බලන්න මෙහි කොමන්ටු  - සිංහල බෞද්ධයනට යුද්ධය අකැපද?
  සහ සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍ය ගැන සුද්දෙක් කතා කරයි ) ඔහු මෙන් නිකමෙකු නොවන මට ඒවාට පිළිතුරු දීමට අව්ශ්‍යතාවයක් හෝ කාලයක් නොමැති අතර ඔහුට කරුණු කාරනා කියාදීමට ගිය වැදගත් මහත්මයෙකු (ලොකු පුතා) කියන දේද තේරුම් ගැනීමට තරම් නිවහල් මනසක් අනුකාරකයෙකු සහ පරයන්ගේ වහලෙකු වන ඔහුට නොමැති බව එම කොමන්ටු කියවන සිහි බුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට දැක ගත හැක. කෙසේ නමුත් ඒ මගින් ඔහු මගේ බ්ලොග් අඩවියට දුන් ප්‍රචාරය සම්බන්ධයෙන් මා ඔහුට අවංකවම ස්තුතිවන්ත වන අතර පෙරලා කලගුණ සැලකීමක් අවශ්‍ය නොවන්නේ ඔහුගේ අරමුණ එය නොවූ බැවිනි. එබැවින් අදාල පෝස්ටුවට ලින්ක් එක  මෙහි පල නොකරමි. ඔහුට අනුව ඉතිහාසය සම්බන්ධ තොරතුරු අඩංගු මෙවැනි බ්ලොග් අනවශ්‍යය. මක් නිසාද යත් ඉතිහාසය හා පුරාවිද්‍යාව සම්බන්ධ උපාධියක් කල ඔහුගේ දියණියගෙන් ඔහු ඒවා අහගන්නා බැවිනි (සිනා නොවන්න..ඔහුට අනුකම්පා කරන්න ). කෙසේ නමුත් ඔහුට දියණියගෙන් ඔහු වැනි විජාතික අනුකාරකයන් මෙරට බිහිවූ ආකාරය අසාගැනීමට හැකි වේවායැයි පතන අතර මේ ඒ සම්බන්ධයෙන්  වූ කෙටි සටහනකි. පැවසිය යුතු තවත් වැදගත් කරුණක් වන්නේ ඔහු හෝ ඔහුගේ බත් බැලයෙකු නිර්නාමිකව අමු කුණුහරුප කොමන්ටු කිහිපයක්ද මට එවා ඇති අතර එයින් ඔවුන්ගේ පහත් මානසිකත්වය එලිකල හැකි මුත් එම සක්කිලියන්ගේ තත්වයට  වැටීමට මා අකමැති බැවින් ඒවාද පල නොකර වාරණය කර තබමි.

1835 දී ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාවට නව අධ්‍යාපන ප්‍රතිශංස්කරණ ඉදිරිපත් කරමින් මැකෝලි (Thomas Babington Macaulay) එම ප්‍රතිශංස්කරණ වල අරමුණ මෙසේ පැහැදිලි කලහ.

"එනම් ලේ වලින් සහ පැහැයෙන් ඉන්දියානු වූ අභිරුචියෙන්, මතවාදයෙන්, සදාචාරයෙන් සහ බුද්ධියෙන් ඉංග්‍රීසි වූ, රජය සහ පොදු ජනතාව අතර සන්නිවේදනය පවත්වාගතහැකි, දේශිය දේවල් ශුද්ධ කරමින් බටහිර හැදෑරීම් පෘථුල ලෙස ව්‍යප්ත කල හැකි පන්තියක් බිහිකිරීමයි."


මෙසේ ඔවුන්ගේ අරමුණ කෙලින්ම පැවසීමක් සිදුනොවූ මුත් කෝල්බෘක් 1833 මෙරටදී දී සිදුකල ප්‍රතිශංස්කරණ වල අරමුණද එයම විය . එසේම එවන් පරපුරක් මෙරට එදා සිට අද දක්වාම අනුකාරක අධ්‍යාපනය මගින් බිහි කරමින් පවතී. අද මෙරට සිංහලකම හෝ බෞදධ කම ගැන කතාකරන්නන් ජාතිවාදීන් ලෙස දකිමින් දෙමළ ජනවර්ගයට හා මුස්ලිම් ජනවර්ගයට වෙනම කලාප වෙනම රටවල් ලබාදෙන්නට කතා කරන්නන් විමුක්තිවාදීන් ලෙස දකින්නේ එම මැකෝලිගේ Half-baked රොබෝ-අප්පුහාමිලා
. දළදා මාලිගාව අසල පාර විවෘත කිරීමට කැසකවන්නේ, වසරේ එක දිනක පෙරහැරවල අලි ගමන් කිරීම ගැන මහා හඬ නගමින් හබරණ, ගිරිතලේ පැත්තෙ සංචාරක හෝටල් වල දිනපතා කිලෝ ගනනක් බරැති යකඩ රාමුවක් සමග මිනිසුන් 10-12 ඔසවාගෙන වද විදින අලි ඇතුන් ගැන මුනිවත රකින්නේ එම අනුකාරක අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවූ විජාතික පන්තියේ Half-baked රොබෝ-අප්පුහාමිලා. නමුත් අන් ආගම්වල සිද්ධස්ථානයකට හෝ එම ජනවර්ග වලට අයත් පුද්ගලයෙකුට ඇතැම් අන්තවාදී සිංහලයෙකුගෙන් සුළු හෝ වරදක් වුවහොත් මොවුන් අවි අමෝරාගෙන සටනට බසිති. මොවුන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය අරහංය එය නැති කර දැමිය යුතු දෙයක්ය.  මොවුන් පොරවල් වෙන්නේ මෙරට සංස්කෘතිය වන සිංහල බෞද්ධ සංස්කෘතියට බැනවැදීමෙන්ය. ඔවුන්ට අනුව සියළු ජනවර්ග එකම රටේ සමගියෙන් ජීවත් වීමට යෝජනා කරන්නන් ජාතිවාදීන්ය, ජනවර්ග අනුව කෑලි කඩාගනිමින් වෙන්ව යන්නට ඉල්ලන්නන් ඉල්ලන්නේ ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම්ය. 

ඉහතින් සඳහන් කලේ මැකෝලි බිහිකල Half-baked  රොබෝ-අප්පුහාමිලා හඳුනාගැනීමේ සරල ක්‍රම කිහිපයකි. මෙම Half-baked රොබෝ-අප්පුහාමිලා සිතන්නේ තමුන් මහා ලොකු ජාත්‍යන්තරවාදීන් ලෙසය. නමුත් සැබැවින්ම ඔවුන් සංස්කෘතියෙන් බටහිරෙන් විසි කරන කුනුකන්දල් කරගහගෙන පොරවල් වීමට දඟලන අනුකාරකවාදීන්ය. අවම වශයෙන් බටහිර බිහිවන දැනුම කෙලින්ම ලබාගැනීමට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පවා නොමැති මින් ඇතැමුන් ඒවා අහුලාගන්නේද එහෙන් මෙහන්ය, බාගෙටය. විශ්වවිද්‍යාලවල කලා අංශයන්ගෙන් මෙවැන්නන් වැඩි වශයෙන් බිහිවන අතර ස්වභාවිකවම තම හීනමානය වසා ගැනීමට ඔවුන් මෙරට සම්ප්‍රදායයන්ට ගැසීම අවියක් කරගනී. බෙදුම්වාදි දෙමළ ජාතිවාදය මර්ධනයට යුධ මෙහෙයුම් පැවති කාලයේ එයට එරෙහිව කලා නිර්මාණයැයි ඔවුන් පවසන කසි කබල් චිත්‍රපට සහ නාට්‍ය නිර්මානය කලේද මෙම මැකෝලිගේ බාගෙට නිෂ්පාදිත  රොබෝ-අප්පුහාමිලා

සිංහල බ්ලොග්කරුවන් අතරද මට දකින්නට ලැබෙන ආකාරයට  මෙවන් මැකෝලිගේ Half-baked  රොබෝ-අප්පුහාමිලා විරල නොවේ. එවැන්නන්ට මෙහි පලවන අදහස් ජාතිවාදිය. නමුත් ජාතිවාදය යනු කුමක්ද මේවා ජාතිවාදිවන්නේ කෙසේදැයි ඇසූ විට ඔවුන්ගේ දත කට පූට්ටු වේ. (බලන්න මෙහි කොමන්ටු -
සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍ය ගැන සුද්දෙක් කතා කරයි )

මැකෝලිගේ සඳහන උපුටාගැනීම - Colonialism in Sri Lanka, Asoka Bandarage, 1950

11 comments:

  1. Replies
    1. රාවණා ගැන දැන ගන්න මේවා කියවන්න. 1) http://trisinhala.blogspot.com/2015/10/1.html 2) http://trisinhala.blogspot.com/2015/11/2.html. නාථ දෙවියෝ ගැන පස්සේ කියලා දෙන්නම්

      Delete
    2. මේ තියෙන්නෙ පසුගාමී ගෝත්‍රිකයා මුලින් දාලා දැන් අයින් කරල තියෙන කොමන්ට් එක - "රාවණා සරණයි, නාට දෙවි පිහිටයි. "

      Delete
  2. Replies
    1. වහලෙකුට සෑහෙන්න රිදිලා :D

      Delete
  3. ඔය අවිචාරක ඇවිල්ලා පරණ අමි උණ පෙන්වලා අනික් ඒවුන්ට චණ්ඩිපාට් දාන එකෙක්.එකා අනික් බ්ලොග්වල කොමන්ට් දාන්නේ කොහොම හරි අමි කෑල්ලකුත් ගාවගෙන.හරියට බල්ලාගේ කතාවේ මැක්ක ඉන්නවා වගේ . ඕකට සර් කියන එවුනුත් ඉන්නවා බ්ලොග් ලියන එල ගන්කබරයෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ බව නම් පේනවා. මට නම් හිතෙන්නේ ආමි කාරයෙක් නෙමේ මේකා පැන්ෂන් ගිය සිංහල කොටියෙක්. මොනවා උනත් මිනිහට හීනමානය නම් උපරිමයෙන් පිහිටලා තියෙනවා

      Delete
  4. සිංහල බෞද්ධ කමට ගරහන්නේ සිංහල බෞද්ධයෝම වීම දීර්ඝ කාලින ව්‍යාපෘතියක ප්‍රථිපලයක් කියලයි මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු එයට නොදැනීම අසු වෙලා. සමහරු නම් තමුන්ගේ හීනමානය වහගන්න ඕක තමා යොදාගන්න ආයුධය. පොරවල් වෙන්න නම් මේ රටේ මිනිස්සු පිලිගත් සම්ප්‍රදායට පහර දෙන්න ඕනේ කියලා උන් හිතන්නේ. හැබැයි ඉතින් උන්ව පොරවල් ලෙස පිලිගන්න ඔලමොට්ටලයෝ ටිකකුත් බිහිවෙලා ඉන්නවනේ. සරත් විජේසූරිය, සන්නස්ගල වගේ මානසික රෝහියෝ වැජඹෙන්නේ උන් නිසානේ.

      Delete
    2. භූෂනව අහම්බෙන් හම්බ වුණේ. හුඟක් ලිපි කියෙව්වා. සහේතුකව මිසක් හිතළු ඉතියාස කතා ඉදිරිපත් නොකරන්නෙක් බව පේනවා. ඒත් ඔබගේ දේශපාලන මතවාදය(එය මබ තර්කානුකූලව බොහෝ දුරට තහවුරු කරන්නේ වුවද) අඩුවෙන් අන්තර්ගත කලොත් වඩාත් හොඳයි නේද? එබගේ ඊ තැපෑලට ප්‍රශ්න යොමු කලොත් ඔබට පිළිතුරු දෙන්න පුඔවන්ද? පුඔවන්නම් ඊ තැපාල් ලිපිනය පල කරන්න

      Delete
  5. නියම ලිපි පෙලක් ඉතිහාසය ගැන මේහි තියෙනවා අහම්බෙන් වගේ දැකලා ඔක්කම වගේ කියෙව්වා, සිංහලයා පවා දෙන්න සිංහලයාම ඉදිරිපත් වීම ගැන රටේ පුරවැසියෙක් ලෙස කනගාටුව ප්‍රකාශ කරනවා, අදටත් ඒ බලපැම් වල ට ලක්වෙමින් යන.

    ReplyDelete