Sunday, March 27, 2016

ඉන්දියානු ආක්‍රමණ පුරාණය

ඇතමුන් පිලිගැනීමට මැලි වුවද අද මේ රටේ ආන්ඩු කෙරෙන්නේ අසල්වැසි ලොකු අය්යාට ඕනේ විදිහටය. විපක්ෂයේ මන්ත්‍රීවරු කල යුතු රාජකාරිය පවා නිර්ණය කරන්නේ ලොකු අය්යාගේ මෙරට නියෝජිත සිංහාය. - Prof. Peiris: Are we back to Viceroy Dixit era of overlordship? මොන කතා කීවද වරාය නගරයේ චීන ඉදිකිරීම් වලට ඉන්දියාවේ එකඟතාවය නොමැති හෙයින් එහි ඉදිකිරීම් නැවතීමට ඉන්දියානු රූකඩ පාලකයනට සිදුවිය. අපට හැම අතින්ම අහිතකර ETCA ගිවිසුම මගින් මෙරට සේවා අංශය ඉන්දියානුවන්ට විවර කිරීම කවුරු විරුද්ධ වුවද කරන බව රූකඩ ආන්ඩුවේ අගමැති සපථ කර හමාරය. ඉන්දියානු ගිලන් රථ සේවය මගින් RAW නියෝජිතයන් රට පුරා ඕනෑම තැනක සැනෙකින් ස්ථාන ගත කිරීමේ ව්‍යාපෘතියද ක්‍රියාත්මක වීමට රජය අවසර දී ඇත. 

ඉන්දියානු අර්ධද්විපයට ආසන්නව පිහිටි භූ දේශපාලනය පිහිටීම නිසාම ක්‍රිස්තු පූර්ව යුගයේ පටන්ම මෙරට සංස්කෘතික, ආගමික සාමාජීය සහ දේශපාලන තත්වයන්ට ඉන්දියානු බලපෑම නොවැලැක්විය හැකි සාධකයක්ව පැවැතුනි. මෙරට වංශ කතාවල දැක්වෙන ආකාරයට එදා පටන්ම අප මෙරට ස්වාධීනත්වය සදහා ඉන්දියානු භූමියේ විවිධ කොටස් වල බලය පතුරාගෙන සිටි චෝල, පාණ්ඩ්‍ය, කේරල ආදී කොටස් සමග නිරන්තර අරගලයක යෙදී සිටියෙමු. වරක ඔවුන් අප රටේ ස්වාධීනත්වය ඩැහැ ගන්නා අතර මේ බිමේ සුජාත දූ පුතුන්ගේ ජීවිත පරිත්‍යාගයන් මතින් නැවතත් නිවහල් ජාතියක් ලෙස නැගි සිටියෙමු. මෙම සදාතනික අරගලය අදද නොයෙක් ස්වරූපයන්ගෙන් එලෙසම පවතින අතර වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්නේද එයමය. නිවට පාලකයන් සිටිනතාක් කල් අප ඔවුන්ගේ යටත්වැසියන් ලෙසට සැලකීම ඔවුන් සිදුකරනු ඇත. ඔවුන්ට විරුද්ධ වන පාලකයන් 2015 ජනවාරි සිදු කල අයුරින් කුමන්ත්‍රණ මගින් පලවා හරිනු ඇත. මේ වංශකතා වල සදහන් එවන් ඉන්දියානු ආක්‍රමණ ගැන විවරණයකි.

ලිඛිත ඉතිහාසයේ සදහන් වන පලමු ඉන්දියානු ආක්‍රමණය සිදු කරන්නේ සූරතිස්ස රජු සමයේ ඉන්දියාවේ සිට පැමිණි සේන සහ ගුත්තික නම් දමිලයන් දෙදෙනෙකි. ඔවුන් අශ්වයන් වෙළදාමේ පැමිණි නාවිකයකුගේ පුතුන් දෙදෙනෙකු බව මහාවංශය සදහන් කරයි. ඔවුන් වසර 22 මෙරට පාලනය කල බව එහි වැඩිදුරටත් සදහන් වේ. අසේල නම් සිංහල රජු නැවතත් ඔවුන්ගෙන් බලය අත්පත්කරගන්නා නමුත් ඔහුට වසර 10 ක්වත් පාලනය කිරීමට නොහැකි වන්නේ දෙවෙනි ඉන්දියානු ආක්‍රමණයද එළාර නම් චෝල රට සිට පැමිණි දමිලයෙකු ක්‍රියාත්මක කිරීමත් සමගය. ඔහු එතැන් සිට වසර 44 ක් මෙරට රාජ්‍යය පාලනය කරයි. මෙම ආක්‍රමණයන් සිදුවූ කාලය පිළිබද නිශ්චිත සාධක නොමැති හෙයින් ඒවා ක්‍රි. පූ. 250 ත් ක්‍රි.පූ. 161 ත් අතර සිදුවූ ලෙස අනුමාන වශයෙන් පිළිගැනේ. වංශ කතා වල සදහන් වන අයුරින් මේ ආක්‍රමණිකයන් සියලු දෙනාම දැහැමින් රට පාලනය කර ඇත. කුඩා ප්‍රමානයක් වූ ඔවුන්ගේ බලය මෙරට බහුතරයක් වූ ස්වදේශිකයන් එකමුතු වුවහොත් පහසුවෙන්ම අතික්‍රමණය කල හැකි බැවින් එවැනි හැසීරීමක් අනිවාර්ය බව පැහැදිලිය. කෙසේ නමුත් රජරට ප්‍රදේශයට පමනක් සීමා වූ මේ ආක්‍රමණිකයන්ගේ බලය දකුණේ රෝහණ දේශය යටත් කරගැනීම දක්වා පැතිරීමක් සිදු නොවූ බැවින් රෝහණයේ සිට සේනා සංවිධානය කල කාවන්තිස්ස රජුගේ උත්සාහය මල්ඵල දරමින් ඔහු පුත් දුටුගැමුණු විසින් මෙරට නැවතත් එක්සේසත් කලහ. එළාරගේ මරණයෙන් පසු ඔහුගේ බෑනා වූ භල්ලුක නම් තැනැත්තෙක්ද මෙරටට සේනාවක් සහිතව පැමිණෙන මුත් ඔහුවද පැරදවීමට දුටුගැමුණු සමත්වේ. මෙය තුන්වැනි ඉන්දියානු ආක්‍රමණය ලෙස ගත හැක.

අද ඇතැම් විජාතික මනසින් යුත් මනස්ගාතකරුවන් අර්ථනිරූපනක කිරීමට වලිකන අයුරින් මෙම සටන් කිසිදු ලෙසකින් එකල මෙරට විසූ ජනවර්ග දෙකක් අතර පැවැති වාර්ගික යුද්ධ ලෙස සැලකීමට සාධක නොමැති අතර බෞද්ධ ආගම මෙරටට හදුන්වාදීමත් සමග රාජ්‍ය අනුග්‍රය යටතේ මේ වන විට මෙරට බහුතරයක් එම දහම වැලදගත්තන් වන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇත. මේ යුගයේ දමිල ලෙසින් හැදින්වූවන් වර්තමාන අර්ථයෙන් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව ලෙස ගැනෙන කොටසින් පැමිණි පුද්ගලයන් බව පොදුවේ පිළිගැනේ. ඔවුන් කිසියම් හෝ රාජ්‍ය වංශයකට අයත් වූවන්ට වඩා මෙරට පැවැති සාපේක්ෂව යුධ ශක්තිය අතින් දුර්වල පාලනයන් පහසුවෙන් අත්පත්කර ගත් තනි පුද්ගලයන් වන්නට ඉඩ වැඩිය. කෙසේ නමුත් ඔවුන් ආගමින් හින්දු වීමට වැඩි ඉඩක් ඇති බැවින් ඔවුන්ගේ පාලන යුග වලදි පෙර පැවැති රාජ්‍ය අනුග්‍රය ඒ අයුරින්ම බුද්ධ ශාසනයට නොලැබී යෑම දුටුගැමුණු රජුගේ සේනා සංවිධානයේදී බෞද්ධ භික්ෂුන්ගේ ප්‍රබල මැදිහත් වීමෙන් වටහාගත හැක. එසේම ජනතාව සටන් සදහා යොමු කිරීමටද පොදුවේ බෞද්ධයන් වූ සිංහලයන්ට එල්ල වූ එම අසාධාරණය ඉවහල් කර ගත් බවක් පෙනී යයි.

මෙවැනි ආකාරයේම වූ තවත් ආක්‍රමණයක් දුටුගැමුණුගේ මරනයෙන් දශක හතරක් ඉක්මවූ තැන ක්‍රි. පූ. 137 දී වට්ටගාමිණි අභය රජුගේ කාලයේදීද සිදුවේ. වංශකතාවේ සදහන් අයුරින් මහාතිත්තයට ගොඩ බසින දමිලයන් සත් දෙනෙක් වට්ටගාමිණි රජුගේ පදවිප්‍රාප්තියෙන් පස් මසක් ගිය තැන ඔහු පලවා හැර බලය අත්පත් කරගනී. තීය නම් වූ බ්‍රාහ්මනයෙකු ඇති කල කැරල්ලක් නිසා මෙරට ඇතිවී තිබූ අස්ථාවරත්වය සහ දුර්භික්ෂය මෙම ආක්‍රමණිකයන්ගේ අරමුණ ඉටුකර ගැනීම පහසු කෙරුවා විය හැක. මෙම දමිලයන් සත් දෙනාගෙන් දෙදෙනෙකු එක් අයෙකු රජුගේ බිසවක් වූ සෝමාදේවිය සහ අනෙකා බුදුන්ගේ පාත්‍රා ධාතුව රැගෙන ඉන් සෑහිමකට පත්වී නැවතත් ඉන්දියාවට නික්මයන අතර සෙස්සන් එකිනෙකා මරාගනිමින් වසර 14 කුත් සත් මසක් මෙරට පාලනය කරන අතර වට්ටගාමිණී රජු සේනා සංවිධානය කර අන්තිමයාගෙන් නැවතත් බලය අත් පත් කර ගනී.

ඉන්දියානු ආක්‍රමණ පුරාණය ගැන තව දුරටත් ඉදිරියේදි විමසා බලමු. 

චිත්‍රය - ඒකාබද්ධ වෘත්තියවේදීන්ගේ සංගමගේ නිර්මාණයකි.

මූලාශ්‍ර
  • The Indian factor in the security perspectives of Sri lanka, A, Liyanagamagea, 1993
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.

13 comments:

  1. මේ ඉතිහාසය හරියට නොදන්න එක වර්තමාන පරම්පරාවේ ලොකු දුර්වලකමක්. ඉතිහාසය හරියට නොදන්න වත්මන් මෝඩ පරපුර දෙමළ ජාතිවාදයට ඕන විදිහට කියවෙන බොරු ඉතිහාස කතා විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම ඒක තමා වෙන්නෙ. ඒ අතර විකල්ප ගෝත්‍රයේ ඩොලර් හිඟන නරි රැල එම දෙමළ ජාතිවාදී මතවාදය ඔවුන් අතරට පහසුවෙන් ගෙන යනවා. අධික හීනමානයෙන් පෙලෙන උන්ට සිංහලයන්ට සහ බෞද්ධයන්ට ගැසීමෙන් හරි ඉක්මනට පොරවල් වෙන්න පුලුවන්. සිංහලෙන් බ්ලොග් ලියන මේ වැනි මානසික රෝගීන්ද අඩු නැහැ.

      Delete
  2. හොඳ සටහනක්. එදා ඉන්දීය දේශය යැයි කිව හැකි තනි රාජ්‍යයක් තිබුනේ නැති අතර, කාලයෙන් කාලයට අප මුහුණ දුන්නේ වර්තමාන ඉන්දියානු භූමියේ විවිධ කාලවකවානුවල පැවති විවිධ රාජ්‍යවල ආක්‍රම‍ණවලටය. ඉන්දියාව තනි රාජ්‍යක් ලෙස ඉස්මතුවන්නේ බොහෝ පසු කාලයකදීය. හින්දු ආගම පවා සංස්ථාපිත ආගමක් ලෙස වර්ධනය වන්නේ පසුකාලයකදීය.

    එහෙත් මේ විවිධ රටවල ආක‍්‍රමණ සියල්ල හමුවේ මෙරට තනි රාජ්‍යයක් ලෙස ඊට මුහුණ දුන්නේය. අද දවසේ අප මුහුණ දී ඇත්තේ හුදු ඍජු ආක්රමණයකට නොව, බහුවිධ ආක්‍රමණයකටය - ආර්ථික, සංස්කෘතික ආදි ලෙස. එයද සුවිසල් ඉන්දීය රාජ්‍යයෙන් මෙන්ම තමිල්නාඩුවෙන්ද එල්ල වන්නකි. මේ අභියෝගය වඩාත් බරපතළ බව සිහියට එන්නේ මෙතැනදිය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔව් වර්තමාන ඉන්දියාව හදන්නේ ඉංග්‍රීසීන්. ඊට කලින් එහෙම රටක් තිබ්බේ නැහැ. භාරත දේශයේ කුඩා රාජ්‍යන් ගනනාවක් තමා තිබ්බේ ඉතිහාසය පුරාම. අසෝකට හෝ ඇලෙක්සැන්ඩර්ට පවා මුලු අර්ධද්වීපයම එක රටක් කරන්න බැරි උනා

      Delete
    2. වර්තමාන ඉන්දියාව ඉංග්‍රීසින්ගේ නොව ඉන්දියානුවන්ගේ නිර්මාණයකි. ඉන්දියානුවන් නිර්මාණය කරන ලද්දේ (මැකෝලි සාමිවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය) ඉංගිරිසින් විසින් වන නිසා ඉන්දියාව නිර්මාණය වීම පිළිබඳව ඉංගිරිසින්ටද වගකීමක් ඇත. මවුන්ට්බැටන් සාමිවරයා ද මේ සම්බන්දව වැදගත් චරිතයකි.
      කියවන්න >>> කේවට්ඨ සූත්‍රය | ඉන්දියාව සෑදුණු හැටි

      අප එළාර ඇතුළු පැරණි ආක්‍රමණිකයන් ගැන පමණක් නොව අශෝක ආදී මිත්‍ර පාලකයින් ගැන සඳහන් කරන විටත් "ඉන්දියාව" ගැන කතා නොකිරීමට ප්‍රවේසම් විය යුතුය. 1947 ට පෙර ඉන්දියාවක් තිබුණේ නැත.

      අපට බුදුදහමත් ශ්‍රී මහා බෝධීන් වහන්සේත් මෞර්ය අධිරාජ්‍යයෙන් ලැබුණු අතර දන්ත ධාතුන් වහන්සේ කලිඟු රටින් ලැබිණි. එළාර සොළී රටින් මෙහි පැමිණි අතර මාඝ කාලිංගයෙන් පැමිණියේය. ඉන්දියාවෙන් මෙතෙක් කල් අපට ලැබුණේ කල්ලතෝනි සහ දේශපාලන-ආර්ථික-සමාජයීය ව්‍යාකුලතා පමණි.

      දැන් නම් ඉන්දියාව අපට ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක්, කථානායක කෙනෙක්, ආණ්ඩුවක් සහ එතැනින් නොනැවතී විපක්‍ෂයක් ද සෙට් කර දී ඇත. අගවිනිසුරු ද පත් කරන ලද්දේ ඉන්දියාව විසින් නොවේ දැයි කිව හැක්කේ කාටද ?

      Delete
    3. 200% ඔබ සමග එකගයි

      Delete
  3. වටිනා තොරතුරු රැසක්..

    ReplyDelete
  4. ETCA ගිවිසුම අපට හැම අතින්ම අහිතකර වන්නේ කෙසේදැයි පහදන්න පුලුවන්ද? මම දන්නා තරමින් තවම ගිවිසුම් ගතවන කරුණු කාරණා මොනවද සහ ඒවා ගැන අවසන් තීරණයකට දෙපාර්ශවයම පැමිණ නැහැ. ගිවිසුම හරියට නොදැන අපට හැම අතින්ම අහිතකර වන බවට පූර්ව නිගමනයකට පැමිණීම වැරදි බවයි මගේ අදහස.

    සිංහලේ බ්ලොග් අඩවියට ආවේ අද, මාතලන්ගේ සින්ඩියෙන්. ලිපි කිහිපයක් කියවූවා. ලිපිවල ඉතිහාස කරුණු ගෙන හැරපෑම අපූරු වගේම රසවත්. ඇතැම් අදහස් වලට පෞද්ගලිකව එකඟ නොවුවත් ඔබේ සමාජ දැක්මට සහ අදහස් දැක්වීමට ඇති අයිතියට ගරු කරමි. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. පලමුකොටම ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්. මෙය ඉතිහාසය සම්බන්ද බ්ලොග් අඩවියක් බැවින් වර්තමාන ආර්ථික සහ දේශපාලන කරුනු වලට වඩා ඉතිහාස සිද්ධි සම්බන්ධව මෙහි වැඩිපුර කතා කිරීමට මා කැමැති නමුත් , බොහෝවිට ඉතිහාස සිද්ධි වර්තමාන දේශපාලනය හා ගැලපීම මා විසින් සිදු කරන බැවින් ඒ පිලිබද ප්‍රශ්න කිරීමට ඔබට ඇති අයිතිය සම්බන්ධයෙන් විවාදයක් නොමැත. එබැවින් ECTA ගැන කෙටියෙන් යමක් පවසා එහි හානිකර බව පිළිබද වැඩිදුර විසතර දැනගතහැකි ලින්ක් කිහිපයක් ඔබට සපයන්නම්. පලමුකොටම එවැනි ගිවිසුමක් නැතැයි පැවසීම වර්තමාන රජය විසින් ජනතාව මුලාකිරීමට යොදන උපායක් පමණි. එවැනි ගිවිසුමක් තිබුණි. ඒපිලිබදව කතිකා කිරීමට ගිය වෘත්තිකයන් පිරිසකට මලික් සමරවික්‍රම ඇමැතිතුමා විසින් එහි කෙටුම්පත ලබාදී තිබුනි. ඉන්පසු ඔවුන් ඒ මත පිහිටා එහි අහිතකර බව පහදාදෙන්නට උත්සහා කල විට අගමැති විසින් පැවසූ මුසාවක් තමා ඔබ ඔය කියන එවැන්නක් නැතැයි කීම. කෙසේ නමුත් එම ගිවිසුමද සන්ෂොධනය වී අවසාන කෙටුම්පත දැනට මෙම අඩවියේ පලකර ඇත. http://www.gmoa.lk/index.php/2016/02/indo-sri-lanka-economic-technology-cooperation-framework-agreement-draft-proposal-by-sri-lanka/ ඉන්දියාව සමග ඇති කරගන්නා වෙළද ගිවිසුම් වල හානිකර බව පෙන්වීමට ඇති හොදම නිදසුන චන්ද්‍රිකා රජය විසින් අත්සන් කල භාණ්ඩ ගිවිසුම සහ එහි අහිතකර ප්‍රතිඵ්ල විමසා බැලීමයි. සවන් දෙන්න මේ කතාවට. https://www.youtube.com/watch?v=t1Grhz4OEyQ වර්තමාන සේවාද ඇතුලත් ගිවිසුම ගැන විමසා බැලීමේදි එහි ඇති අහිතකරබව නම් ඉන්දියානු ශ්‍රමිකයන්ට මෙහි පැමිණ රැකියා කිරීමට ඉඩ විවර කිරීමත් (ඔවුන්ගේ පවුල්ද සමග ) අපට එහි ගොස් රැකියා කිරීම දැනටමත් ඔවුන් විවිධ ක්‍රම යටතේ සීමා කර තිබීමත්ය. හිතන්න මිලියන 40 වන ඉන්දියාවේ උපාධිදාරි රැකිය විරහිත පිරිසෙන් 10000 මෙහි පැමිනියද නැතිවන්නේ මේ රටේ 10000 කට ලැබෙන්න තිබෙන රැකියා නොවේද? Mode 4 ලෙස හැදින්වෙන රටවල් අතර සේවා සැපයීම මෙම ගිවිසුමේ නැති බව ඇතැම් වාචාල ඇමැතියන් පවසන මුත් එය ඇති හෝ නැති බවක් මෙම කෙටුම්පතේ නම් නැත. එසේම මෙම කෙටුම්පත සැකිල්ලක් පමණක් වන අතර එයට ඇමිණිම් ඉදිරියේදී වරින් වර ඉන්දියාව බලහත්කාරයෙන් හෝ මේ වැනි නිවට පාලකයන් සිටින විට නම් කිසිදු ප්‍රතිවිරෝධයක් නොමැතිවම එකතුඉ කරනු ඇත. ඒ කිසිවක් අපට වාසි සහගත නොවන බව කීමට අනජනම් එලි බැලිය යුතු නැත. ඉන්දියාව කිසිදා අපට හිතකර කිසිවක් 1947 න් පසු නම් සිදුකර නැත. ඉදිරියටද එහි වෙනසක් නොවනු ඇත. ගැන වැඩිවිසතර සදහා මෙම ලින්ක් වලින් ගොස් බලන්න. 1) https://www.youtube.com/watch?v=UanqGn13aeE 2) https://www.youtube.com/watch?v=QsJ3Ug02HcM 3) https://www.youtube.com/watch?v=M4PTwNypsM8 4) https://www.youtube.com/watch?v=VsXMa8iLyzY 5) https://lookaside.fbsbx.com/file/Salary%20and%20ECTA.pdf?token=AWwSLfDio3ao0In1rt24Caqt9l8C3T3UGvmSvmDu3AtRztsBD9df4cEVvrLHeQOhevMu8cQKIWzYp7ta8l1uUq4TyoS0UB6_c3QNjdGY5Tfrzdu5dxLMp0ZXYzetJ6pWT0JHIOlusQhsN4ux8ApFb-Wh 6) https://www.facebook.com/gmoasl/videos/1706012759667531/ 7) https://www.facebook.com/gmoasl/videos/1705789426356531/ 8) https://www.facebook.com/gmoasl/videos/1705964486339025/

      Delete
    2. "මම දන්නා තරමින් තවම ගිවිසුම් ගතවන කරුණු කාරණා මොනවද සහ ඒවා ගැන අවසන් තීරණයකට දෙපාර්ශවයම පැමිණ නැහැ." මේ ඔබේ අදහසයි.

      මේ ඉන්දීය ගැති ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුව, කවුරු විරුද්ධ උනත් මේක අස්සන් කරනවා යැයි ජුන්ටාධිපති විසින් ගෝරනාඩු කෙරෙන කළ, ගිවිසුමට එරෙහි විද්වතුන්ට 'පාහරයා' ආදී නම් වලින් ජුන්ටාවේ බැලයින් විසින් ආමන්ත්‍රණය කෙරෙන කළ මේ ගිවිසුමේ විරුද්ධ විය යුතු කරුණු මිස පක්‍ෂ විය යුතු කරුණු අඩංගු වීමේ ඉඩක් නැත.

      Delete
    3. පැහැදිලිවම. අවාසනාවට කාරණය තවමත් ඇතැමුන්ට මේ පැහැදිලි සත්‍ය තේරුම් ගැනීමට බැරි වීම. දැකලා නැති දෙයකට විරුද්ධ වෙනවා කියන පට්ටපල් බොරුව මේ ජුන්ටාව සමාජ ගත කරලා ඉවරයි. අනිත් එක මේ පාණ්ඩුවේ අගමැති කියන්නේ අපිට පෙන්නලා ගිවිසුම් අත්සන් කල කෙනෙක් නෙමේනේ. මතකනේ කොටින්ට ඊලම් දෙන්න ඊනියා සාම ගිවිසුම අත්සන් කල විදිහ.

      Delete
  5. අදහස් වලට සහ ලින්ක් වලට ස්තුතියි! අවස්ථාවක් ලද විගස ඒවා බලන්නම්.

    ReplyDelete
  6. Walagamba raju raja wuye 103 B.C, RAJA WEE MASA 5KIN TAMA akramanaya enne.. Newata 2weni para raja wenne 89 B.C. Anek karunu hari.. Warsha tama weradi... Maa histroy teacher knk a nisa api pothpatin labagath denuma anuwa poduwe piliganne a warsha.

    ReplyDelete