Tuesday, February 23, 2016

සුද්දෝ එනකොට තිබූ දෙමළ රාජ්‍යය ගැන සුද්දෙක් කතා කරයි

Tamil Girls
සම්බන්දන් දේශද්‍රොහි ජාතිවාදියාගේ ඉංග්‍රිසින් සිංහලයන්ට දුන් උතුරු සහ නැගෙනහිර තිබුනායැයි ඔහු කියන දෙමළ රාජ්‍ය පිළිබද තවදුරටත් කතා කල යුතු යැයි සිතුනේ එම ප්‍රකාශයෙන් සතියක්  ඉක්මයන්නටත් මත්තෙන් නිවට ආන්ඩුව විසින් උතුරේ දෙමළ ජාතිවාදින්ගේ මනදොල පිනවමින්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහි වූ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විරුවා කොලඹට මාරු කිරිමත් සමගය.

මේ උපුටා ගැනීම ඉංග්‍රීසීන් උඩරට රාජ්‍ය අල්ලාගැනීමටත් පොරොතුව 1803 දී රචිත ග්‍රන්ථයකිනි. එනම් මුහුදු බඩ පලාත් ලන්දේසීන්ගෙන් අල්ලාගැනීමේන් වසර 7 කට පසු ලිවූ සටහනකි.

"යාපනයේ ජන සංයුතිය විවිධ ජනවර්ගයන්ගේ එකතුවකි. විශාලම ජනවර්ගය මරක්කල සම්භවයකින් (Moorish extraction) යුක්ත වූවන්ගෙන් සමන්විත අතර ඔවුන් ගෝත්‍ර (Tribes)කිහිපයකට අයත්වේ. ඒවා නම් Lubbahs, Mopleys, Chittys සහ Choliars වේ. කොටට කැපූ කොණ්ඩය මත පලදින කුඩා රවුම් තොප්පිය මගින් ඔවුන් පහසුවෙන් හඳුනාගත හැක. පෙනුමෙන් ඉන්දියාවේ ජීවත්වන මලබාර්වරුන්ගෙන් තරමක් වෙනස් වන මලබාර් (Malabar) නම් ජනවර්ගයක්ද මෙහි වෙසේ. යාපනය දිස්ත්‍රික්කයේ මෙම විවිධ ගෝත්‍රවලට අයත් විදේශයන්හි සිට පැමිණ පදින්චි වූවන් (Foreign settles), සංඛ්‍යාවෙන් එහි සිටින ස්වදේශික සිංහලයන්ට (Native Ceylones) වඩා අති විශාලය. මම මුලින් සඳහන් කල ජනයා වසර කිහිපයකට පෙර කොරමන්ඩල් වෙරලින් මෙහි පැමිණ පදිංචි වී කපු ආශ්‍රිත නිෂ්පාදන කරන ලෙස ලන්දේසීන් විසින් දිරිමත් කර මෙහි රැගෙන ආ පුද්ගලයන්ගෙන් පැවතෙන්නන්ය."
A Tambi (Moorman)
 -An account of The Island of Ceylon, Its history, geography, natural history with the manners and customs of its various inhabitants, Robert Percival of his majesty's 19th regiment of foot, 1803.

අවිවාදිතවම පර්සිවල් කියන අයුරින් යාපනය දිස්ත්‍රික්කයේ එවකට බහුතරය මුස්ලිම් ජනයාය. ඔහු පවසන රවුම් කුඩා තොප්පිය සහ ඉංග්‍රීසින් මුස්ලිම් වරු හැදින්වීමට ඉන් පසුවද යොදා ගත් මූර්වරු(Moors) නාමය එයට දෙස් දෙයි. මලබාර් වරු යනුවෙන් ඉංග්‍රීසීන් හඳුන්වන්නේ දමිල ජනයාය. පර්සිවල් කියන පරිදි ඔවුන් එහි සිටි මුස්ලිම් වරුන්ට වඩා අඩු ප්‍රතිශතයක් දැරූහ. ඔහු කියන වැදගත්ම සඳහන නම් මේ සියල්ලන්ම විදේශයන්හි සිට පැමිණ යාපනය දිස්ත්‍රික්කයේ පදින්චි වූ මෑත කාලින් සංක්‍රමණිකයන් යන්නය. කෙසේ නමුත් ඒ වන විටත් යාපනයේ සිටි සිංහලයන්ට වඩා එම සියලුම ජනවර්ගයන් සංඛයාවෙන් ඉහල අගයක් ගෙන තිබිණි. ඉංග්‍රීසීන් පැමිණෙන විට යාපනයේ සිටි බහුතර ජනවර්ගයද දෙමළ නොවේ නම් ඔවුන් පැමිණෙන විට එහි දෙමළ රාජ්‍යයක් තිබුනේ කෙලෙසද? අවාසනාවට ඉතිහාසය නොදන්නා වර්තමාන පරපුරට මේවා "ඇත්ත වෙන්න ඇතිය. අපි ඕවා නොදන්නවාය. ඒක හින්ද ඔන්න ඕක උන්ට දීලා දැමිය යුතුය".

ඡායාරූප උපුටාගැනීම -  Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907

23 comments:

  1. බොහොම ස්තුතියි අප දැනුවත් කළාට

    ReplyDelete
  2. මේ වගේ වැදගත් මුලාශ්‍ර සොය සොයා ඉදිරිපත් කරන එක ගොඩක් වටිනවා...
    ඉතිහාසය නව පරපුරෙන් ඈත් කරන්න කළු සුද්දන් සුද්දියන් විසින් වරින් වර ගත්තු උත්සාහය සාර්ථක බවක් පේනවා දැන් දකින්න තියෙන දේවල් අනුව...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබට පේනව නේද මේවා කියන කොට සමහර ඒ ජාතියේ කොටස් නයාට භූමිතෙල් ගැහැව්වාම වගේ දගලන හැටි. :D

      Delete
  3. ෆන්, මලබාර් කියන්නේ මලයාලම් කතා කරන අය, අහිකුන්ටක ජනයා පැවතෙන්නේ ඹවුන්ගෙන්. Native Ceylones කියන්නේ සිංහලයන්ටම විතරද? වැද්දන් සහ ලාංකික දමිලත් එයට අයත්.

    ReplyDelete
    Replies
    1. මලබාර් කියලා ඉංග්‍රිසි මූලාශ්‍ර සහ රාජකාරි ලේඛන වල දිගටම යොදාගන්නේ පොදුවේ මෙරට සිටින දමිල ජනතාව හඳුන්වන්න. ඉන්දියාවෙදි ඔවුන් මලයාල කතා කරන්නන්ට එහෙම කිව්ව හින්ද එම භාෂා කාන්ඩයේම භාෂාවක් කතා කරන මෙරට සිටින ද්‍රවිඩයන්ද ඔවුන්ට මලබාර් ම උනා. අහිකුණ්ටක ජනයා කියන්නේ සංක්‍රමණික ජන කොට්ටාසයක්නේ. ඔවුන් මලයාලම් හෝ එයින් නිෂ්ඵ්න්න වූ භාෂාවක් තමා කතා කරන්නේ. "ලාංකික ද්‍රවිඩ" කියලා බෙදීමක් මේ කියන කාලයේ තිබුනේ නැහැ(1805) ලාංකික/ඉන්දීය ද්‍රවිඩ වැනි බෙදීම් සිදු උනේ 1830 ගනන් වලින් පස්සේ. මෙතන පැහැදිලිවම පර්සිවල් කියනවානේ උතුරෙ හිටිය මලබාර් වරු ගැන. ඒ කියන්නේ අපි දැන් ලාංකික ද්‍රවිඩ කියන ජනතාව තමා. ඔහු සිය කෘතියේ දිගටම Ceylonese කියලා කියන්නේ සිංහලයන්ට විශේෂයෙන්ම පහත රට සිංහලයන්ට. උඩරට සිංහලයන් ඔහු වෙනම කොටසක් ලෙස සලකනවා. වැද්දෝ ගැනත් ඔහු වෙනමම කතා කරනවා. වර්තමානයේ අපි හිතන අයුරින් නෙමේ මෙම කෘතියේ ඒ කාලයේ සිටි ජනවර්ග හදුනාගන්නේ. පැහැදිලිවම ඔහු කියනවා යාපනයේ සිටින දෙමළ ජනයා ඉන්දියාවේ සිට මෑතකදි පැමිණි ස්වදේශිකයන් (Native) නොවන කොටසක් බව. ඊට පසු කාල වලදි තමා Ceylonese කිව්වම මෙරට පදින්චිව සිටින සියළු ජනයා එයට ඇතුලත් වන ලෙස සලකන්න ගන්නේ.

      Delete
    2. එතකොට අර අනුරාධපුර, පොලොන්නරු යුගවල හිටියා කියන දෙමළ අය සේරම අපි ඒ කාලෙම මරලා ඉවර කරාද?

      Delete
    3. හොඳ ප්‍රශ්නයක් මන් හිතන්නේ මේ බ්ලොග් එකේ කලින් දාපු සමහර පෝස්ට් බැලුවා නම් උත්තරේ ඒවායෙත් තියෙනවා. දැනට කෙටියෙන් කියන්නම් ඉදිරියට සාධක ඇතිව ඒවා පෙන්වාදෙන්නම්. කාලෙන් කාලෙට දකුණු ඉන්දියාවෙන් දෙමළ ජනයා මෙහි ආවා තමා. ඔවුන් සිය අනන්‍යතාව තබා ගෙන සෑහෙන කාලයක් ඉන්නත් ඇති හැබැයි සිංහල බහුතරයක් ඉන්න ප්‍රදේශ වලදි ඔවුන් ක්‍රම ක්‍රමයෙන් එම සමාජයට අවශෝෂනය උනා. වයඹ හා බටහිර වෙරල තීරයේ අදටත් තියෙන දෙමළ ග්‍රාම නාම (රජරට ප්‍රදේශ වල පවා ) ඒවාට සාක්කි. අදටත් විවිධ කුල වලින් ඔවුන්ගේ අතීතය දකුණු ඉන්දීය බව පෙන්වාදිය හැකි දැන් සිංහල වෙච්ච කොටස් ඉන්නවා. හැබැයි ඒ වගේම විශේෂයෙන්ම උතුරු පලාතේ පසුගිය සියවස් කීපය තුල සංක්‍රමණය වෙලා මෙරට ජාතිය තුලට අවශෝෂණය නොවූ දෙමළ ජන කොටස් ඉන්නවා. මෙම පෝස්ට් එක හරියට කියේව්වා නම් මේකේ මන් කියන්නෙත් ඔවුන් සිටියෙ නැහැ කියලා නෙමේ. ඔවුන් සිංහල ජාතිය තුලට අවශෝෂණය වීම සිදු නොවූවේ ඉංග්‍රීසීන්ගේ බෙදා වෙන් කර පාලනය නිසා. ඒ ගැනත වරින් වර මෙහි සාකච්චා කර තිබෙනවා. ඒ වගේම කුඩා ප්‍රදේශයකට සීමා වූ සංකිලි නම් පාලකයෙක් අවසාන වරට පාලනය කල ප්‍රදේශයක් උතුරේ තිබුනා. හැබැයි ඊට කලින් සිටි ආර්ය චක්‍රවර්තීන් නම් දෙමළ කියලා කියන්න අමාරුයි. උත්‍රේ පමණක් නොව අවම වශයෙන් ගම්පල යුගයේ සිටවත් දකුණු ඉන්දීය සංක්‍රමණික ප්‍රභූ පවුල් මෙරට දේශපාලනයේ ඉහල තැන් වල සිටියා අලගක්කෝනාර, සේනාධිලංකාර වගේ ඒ විතරක් නෙමේ උඩරට රදල පවුල් බොහෝමයක මුල් දකුණු ඉන්දියාවෙන් 13 වන සියවසෙන් පසු මෙරටට පැමිණි පුද්ගලයන්ගෙන් පැවතෙන්නන්. හැබැයි ඔවුන් ක්‍රමයෙන් ඔවුන්ගේ සංස්කෘතික අංගද සිංහල බෞද්ධ සංස්කෘතියට එකතු කරමින් මේ රටේ එකම ජාතිය එනම් සිංහල බවට පත් වුනා. මේ ඉතාම කෙටියෙන් කිව්වේ. ඉදිරියට විස්තර වශයෙන් සාධක සහිතව කතා කරමු

      Delete
    4. මරල ඉවර කරාද ඇහැව්වනේ. එහෙම පිටින් එන මිනිසුන් මැරීමේ සංස්කෘතියක් අපේ තිබ්බේ නැහැ. අපි කුල ක්‍රමය තුලින් ඔවුන් අපේ ජාතියට ඇතුල් කර ගත්තා. දැන් කාලේ ඉන්න පණ්ඩිතයෝ කියන ජාතියේ දෙමළ -සිංහල වර්ගවාදි සටන් ඒ කාලේ තිබ්බා කියලා කියන්න සාධක නැහැ. හැබැයි ආක්‍රමණිකයන් ට පහර දීම මෙතෙන්දි මේකත් එක්ක පටලවා ගන්න එපා. දුටුගැමුණු එලාර සටනවත් ඊට පෙර හා පසු සිදුවූ සටනුත් දෙමළ -සිංහල වර්ගවාදී සටන් නෙමේ විදේශ ආක්‍රමන වලට මුහුන දීම්. ඒවා එලෙස අර්ථදක්වන්නේ වර්තමාන ඊනියා සාම කාක්කෝ

      Delete
    5. මෙයට අදාලවම තව දෙයක් කිව යුතුයි. පර්සිවල් කියන විදියට සුලුතරයක් වී ඒ වන විටත් යාපනයේ සිටි සිංහල ජනයාට මොකද උනේ. ඔවුන්ට සිදු උනෙත් වයඹ ආදි දකුණු මුහුදු කරයේ පදින්චි වූ දෙමල සංකරමණිකයන්ට සිදු වූ දෙමයි . එනම් ඔවුන් උතුරේ බලවත් වූ මහා සම්ප්‍රදායට යටපත් වී දෙමළ උනා. ඇතැමුන් කියන ලෙසට වර්තමානයේ උතුරේ සිටින කොය්යාර් කුලය (ඉතාම පහත්යැයි සලකන කුලයක්) එම ජනතාවගෙන් පැවතෙන්නන්ගෙන් සමන්විතයි. ඒ ගැනැ මට හරියටම කියන්න සාධක හමුවී නැහැ. ඔවුන් කියන්නේ සිංහල ගොවියා යන්න කොය්යාර් ලෙස දමිල වූ බවඉ. දකුණු ඉන්දියාවේ එවැනි කුලයක් නැති බවත් කියනවා. ඒගැනත් මට නිශ්චිතවම යමක් කිව නොහැකියි . හැබැයි ඔවුන් කාලයත් සමග දෙමළ වූ බවට නම් සාධක තියෙනවා. එම තොරතුරු ඉදිරියේදි හැකි වුවහොත් ඉදිරිපත් කරන්නම්

      Delete
  4. ඔයාගේ මොලේ තියෙන්නේ සිංහල ජාතිවාදය කිව්වොත් පිළිගන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔහේගේ මොලේ තියෙන්නේ දෙමල ජාතිවාදය සහ ඒකට කප්පම් දීම කියලා කිව්වොත් පිලිගන්නවද? මම කියපුසිංහල හෝ මොනයම්ම හෝඅ ජාතිවාදි එක වාක්‍යක් පෙන්නනවද? තමුන්ගේ නමින්ම පෙනී හිටියා නම් වඩාත් හොඳයි

      Delete
    2. දෙමල ජාතිවාදීන්ට කප්පම්දීම අනුමත කිරීම කියලා වෙන්ස කර ගන්න

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. පෞද්ගලික මඩ ප්‍රහාර නැතිව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න

      Delete
  5. පර්සිවල්ගේ පොත හොයාගත්තා, පොත ගැන ඹත්තුවට තුති.

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. විචාරක නමට මුවා වී දේශය පාවා දීමේ ක්‍රියාවලියට අවශ්‍ය ප්‍රචාරය සදහා බ්ලොග් අවකාශයේ සැරිසරන මහතාට කීමට ඇත්තේ ඔබව මා නිසි ලෙස හඳුනාගෙන ඇති බවත් ඔබ නිරත ක්‍රියාවලිය එනම් රට බේරාගත් යුධ සහ දේශපාලන නායකත්වය දංගෙඩියට දැක්වීම උදෙසා ඔවුන් දූෂිතයන් බව සමාජගත කිරීමේ හිටංගේ සහ නපුන්සක හුටංගේ දේශද්‍රොහී වැඩපිලිවෙල උදෙසා මගේ බ්ලොගය භාවිතා කිරීමට ඔබට මා ඉඩ නොදෙන බවත්ය. එබැවින් ඔබ හමුදාවේ අභ්‍යන්තර තොරතුරු දන්නා හිටපු හමුදා නිලධාරියෙකු බව හඟවමින් ගෙන යන බොරු ප්‍රචාර සඳහා මෙම බ්ලොගය භාවිතා කර නිකරුනේ ඔබගේ කාලය නාස්ති කර නොගන්න. ඒ සඳහා ඇතැම්විට ඔබට ගෙවීම් ලැබෙනවා වෙන්න පුලුවන් එබැවින් එම මුදල් යොදවන්නන්ගේ අරමුණ ඉටු කරගත හැකි තැන් වල ඔබගේ පට්ටපල් බොරු වපුරන්න. මෙම සන්දර්භය අදාලව ඔබ ලියන කිසිම කොමන්ට් එකක් මෙහි පල නොවෙනු ඇති.

      Delete
    2. අම්මට සිරි,එතකොට මහින්දව පරාජය කරපු සේරම ජාතිදෝහියෝ ඈ!

      Delete
    3. අනේ ගොනෝ තොගේ මොලේ තරම. මෙතන ප්‍රශ්නේ මහින්දව පරාජ කිරීම නෙමේ කරලා ආපු දේශද්‍රොහී හැත්ත අද කරන දේ. උන් රටේ ආරක්ෂාව අනතුරේ දාලා කොටින්ට ඕනේ දේවල් දිදී රට බේරගන්න කැප වෙච්ච මිනිස්සු ටික කූඩුවට දානව. කවුද චාගි ගාල්ලගේ එක්ක ප්‍රශ්නයක් ඇති කරගෙන එතුමාව කොලඹට මාරු කල තැන හිටියේ. යුද්දෙ වෙලාවේදි ඒක නවත්තන්න කරන්න පුලුවන් හැම දෙයක්ම කරපු මොන්ගලයි, පාක්කසෝතියයි. ඊට අමතරව එක්ට ගෙනල්ල මේ රට ඉන්දියාවේ පිලිකන්නක් කරනවා. ඔන්න ඕකයි ප්‍රශ්නය. ඔය ටිකයි කිව්වේ මේ රටේ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ කෙනෙකුට තේරෙනවා මුන් මොකටද එන්නේ කියලා. බත් කන හරක්ට හැර. මහින්දව පරදවපු ඔලමොට්ටල මී හරක් ටික කලේ මුන්ට මේ දේවල් කරන්න පාර හදලා දීපු එක.

      Delete
    4. // ආපු දේශද්‍රොහී හැත්ත
      ඔයි කියනඅය බොහොම බයානක මිනිස්සු ටිකක් නොවැ.කොටින්ටත් අන්තයි වගේ.
      කොහොම බං චෝදනා නැතුව රණ විරුවන්ව කූඩු කරන්නේ?

      Delete
    5. රටක් ජාතියක් කියලා දෙයක් තියෙන අවජාතකයෝ නොවන ඕනේ එකෙකුට ඒක මේ වෙන කොට තේරෙන්න ඕනේ. ඔන්න අද කිරිමලේ ප්‍රදේශයෙනුත් හමුදාව අයින් වෙලා. උතුරේ ගුවන් හමුදාවට උඩින් යන්න අවසර නැහැ. එක තහනම්. කොටි හොදයි යකෝ. උන් මේ වගේ හිඟන වැඩ කලේ නැහැ. මේ වගේ නපුංසක වැඩ කරන්නේ කොන්ද පන නැති පෙන්දෝ. උන්ට කඩේ යන තොපි වගේ අලුගුත්තේරුවෝ ගැන කියලා වැඩක් නැහැ. චෝදනා නැතිව නෙමේ පිම්පියෝ උන්ව කූඩු කරලා තියෙන්නේ. චෝදනාව තමා එක්නැලිගොඩ කියන කොටියව මැරුවා කියන එක. ඌ කොටියෙක් කියන්න අමුතුවෙන් පරීක්ෂණ කොරන්න දෙයක් නැහැ. ඌ වැඩ කල වෙබ් සයිට් එක යුද්දේ කාලේ කඩේ ගියේ කාටද කියලා හොයලා බැලුවා නම් පේනවා. අදටත් උන් කඩේ යන්නේ රට බෙදන්න දගලන අවලම් හැත්තට. කොටි මරන කොට උන් විත්‍රක් මරලා හරියන්නේ නැහැ උන්ට කඩේ යන දේශපාලකයොත් ඉවර කරන්න ඔනේ මහින්දට වැරදුනේ උන් ටික ඉතිරි කල එකෙන්. එහෙම තමා නාසිවාදය ලෝකෙන් තුරන් කලේ. දෙමළ ජාතිවාදයත් තුරන් කරන්න තිබ්බේ එහෙමයි. මහින්ද ඒක හරියට කලේ නැහැ. එකෙන් තමා උටත් කෙලවිල දැන් ආයෙත් රටටත් කෙලවෙන්නේ. ඒ අස්සේ තොපි වගේ ජාතියක් ජම්මයක් නැති අවජාතක මූකලන් බස්සෝ තව උන්ට කඩේ යනවා

      Delete
  7. කවුද පොඩිඑකෙක් විචාරකට පාට එකක් දාලා

    අහෝ අඬනවා හිමියනි ....විචාරයා

    ඌරා ගේ මාළු ඌරාගේ පිටේ තියලා කපලා හාමුදුරුවනේ ...පව් ඔයි

    ReplyDelete