Saturday, September 26, 2015

තම්බි මුදියන්සේලාගේ පරපුර

සුදු අධිරාජ්‍යවාදීන්ට චරපුරුෂ සේවය කරමින් සිංහලය පාවාදීමට කැපවූ දකුණු ඉන්දිය සම්භවයක් සහිත තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන පිලිබඳ වූ මෙම ලිපියේ මුල් කොටස මෙතනින් කියවන්න.

යැංකි ඩිකීගේ මීමුත්තා - තම්බි මුදලියර් හෙවත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන


රූපය - ග්‍රෑන්ඩ්පාස් හි පිහිටා තිබූ ජයවර්ධන පරපුරේ පාරම්පරික වලව්ව -  උපුටා ගැනීම Twentieth Century Impression of Ceylon - Arnold Wright, 1907 
  • 1815 ඉංග්‍රීසි හමුදා උඩරට රාජ්‍යය ආක්‍රමණයේදීද ඒඩ්‍රියන් එම සේනාංක වලට අවශ්‍ය චරපුරුෂයන් සපයාදීම් ආදියෙන් මනා සේවයක් කලේය. එපමනක් නොව ඔහු හේවා කණඩායමක් සමග ගොස් රජු අල්ලා ගෙනවුත් ඩොයිලිට භාර දුන් බවද ඔහු වෙනුවෙන් ලියූ සිලෝන් ගැසට් ලිපියේ සදහන් වේ (කෙසේ නමුත් රජු අල්ලාගැනීමට ගිය පිරිස අතර ඔහු සිටි බව දැක්වෙන සදහන වෙනත් මූලාශ්‍ර වලින් තහවුරු නොවේ. ඩොයිලි[Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917] පවසන්නේ අධිකාරමගේ [එක්නැලිගොඩ විය හැක] පිරිස විසින් රජුගේ නෑදෑ මලබාර් වරුන්ගෙන් කොල්ල කන ලද වටිනා දෑ අතර තිබූ වඩාත් වටිනා දේවල් මැද මහනුවරට සැතපුම් 5-6 පමණ පෙර ස්ථානයකදි තම්බි  මුදලියර් විසින් ඔවුන්ගෙන් ලබාගත් බවය. තම්බි මුදලිගේ පසුකාලීනයකු වූ  T.F. ජයවර්ධන විසින් කොළඹ කෞතුකාගාරයට භාර දී ඇති සිංහලේ අවසාන රජුට අයත්යැයි පැවසෙන රජුට ලන්දේසීන් පිරිනැමූ රත්තරන් ඔරලෝසුවක් තම්බි මුදලියර්ද රජුට සහ ඔහුගේ නෑදෑ පිරිසට අයත් වස්තුව කොල්ලකන ලද බවට සාක්කි සපයයි. කෙසේ නමුත් ඔවුන් පවසන්නේ එම ඔරලෝසුව රජු අල්ලාගෙන කොළඹට ගෙන එන අතරතුරේදී තම්බි මුදියන්සේ විසින් රජුට හොදින් සැලකූ බැවින් රජු විසින් එය ඔහුට පිරිනැමූ බවය. 
  • උඩරට අල්ලාගැනීමෙන් පසු නැවතත් ඉංග්‍රීසින්ට විරුද්ධව කැරලි ඇතිවිය හැකි බව පවසා ඒ සදහා නායකත්වය දිය හැකියැයි සැකකෙරෙන උඩරට ප්‍රධානීන් 18 දෙනෙකුගේ ලැයිස්තුවක් ඉංග්‍රිසීන්ට ඉදිරිපත් කල ඒඩ්‍රියන් එම නායකයන් අත් අඩංගුවට ගෙන මුහුදු බඩ පෙදෙස් වලට ගෙන යා යුතු යැයි යෝජනා කලමුත් ඉංග්‍රීසීන් නැවතත් ඔහුව නොසලා හරින ලදී.
  • එහි ප්‍රතිඵලය 1818 දී ඉංග්‍රීසීන්ට අත්විදින්නට සිදුවූවේ නිදහස උදෙසා ඇතිවූ උඩරට මහ කැරැල්ල පැනනැගීමත් සමගිණි. තමන්ව විශ්වාස නොකල සිය හාම්පුතුන් කෙරෙහි කිසිදු අහිතක් නොසිතා ඒඩ්‍රියන් නැවතත් සිංහල කැරලි නායකයන් සම්බන්ධ තොරතුරු ඉංග්‍රීසින්ට සපයමින් කැරැල්ල මර්ධනයට අනුපමේය සේවයක් සැපයීය.
1970-77 සමගි පෙරමුණු ආන්ඩුව ගෙනගිය දේශීය ආර්ථිකයක් සහ නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක් යන තේමාවන්ගෙන් බැහැරව නැවතත් රට නව යටත්විජිත්වාදී ආර්ථික ක්‍රමයක් කරා ගෙනයාමට සුවිශේෂ කාර්යභාරයක් ඉටුකල, සිය ඇමෙරිකන් ගැති  විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන්  'යැංකි ඩිකී' යනුවෙන් විරුදාවලි ලැබූ මෙරට පලමු ඩිධායක ජනපතිවරයා වන J.R, ජයවර්ධන යනු E.W. ජයවර්ධන සහ එකල ධනවත් ව්‍යාපාරිකයකු වූ තුඩුගලගේ දොන් පිලිප් විජේවර්ධනගේ* වැඩිමල් දියණිය වූ ඇග්නස් හෙලන් යුවළගේ වැඩිමහල් දරුවාය. E. W. ජයවර්ධන හෙවත් ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධනගෙ පියා ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන නම් විය. ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන යනු පුත්තලම කච්චේරියේ භාෂා පරිවර්තක මුදලි තනතුර හෙබවූ දොන් එබ්‍රරම් විජේසිංහ ජයවර්ධනගේ පුතෙකි. දොන් එබ්‍රරම් විජේසිංහ ජයවර්ධන යනු අපගේ කතා නායකයා වූ තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධනගේ එක් පුත්‍රයෙකි. දොන් එඩ්‍රියන්ගේ බිරිඳ ක්‍රිස්ටිනා කොරෙයා නම් තැනැත්තියකි**.

කිසියම් පරපුරක ආදිතමයන් රට පාවාදුන් අධිරාජ්‍යවාදීන්ගේ සුරතලුන් වූ පමනින් ඔවුන්ගෙන් පැවතෙන්නන්ද එසේම පරගැතියන් වන්නේයැයි පැවැසිය නොහැක. සිය පියාගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත හේතුවෙන් ඔඩු දිවූ තුවාලයක් බවට පත්වූ දෙමළ ඊලාම් බෙදුම්වාදි අරගලය මැඩපැවැත්වීමට ( LTTE සංවිධානය යනු අධිරාජ්‍යවාදින්ගේ බලල් අතකි) තිරෙන් පිටුපස සිට අනගි වැඩපිලිවෙලක් දියත් කල J.R. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන වුවද එයට දෙස් දෙයි***. නමුත් එය එසේ නොවන්නේද නොවන බව තම්බි මුදියන්සේ -යැංකි ඩිකී චරිත හැදෑරීමෙන් වටහා ගත හැක.

* තුඩුගල පවුලේ ඉතිහාසය සදහා The Tudugala Family, Some notes on the Tudugalas in the reign of Rajasinghe 2 - J.H.O. Paulusz බලන්න
** තම්බි මුදලියර්ගේ පරපුරේ වෙනත් පසුකාලිනයන් සම්බන්ධ තොරතුරු සදහා කියවන්න - තම්බි මුදියන්සේ,  රට පාවා දීමේ පුරෝගාමියා - ධර්ම ශ්‍රී කාරියවසම්
*** වැඩිදුර විස්තර සඳහා - For a Sovereign State, A True Story on Sri Lankan Separatist War - Malinga H. Gunaratne.




5 comments:

  1. balagena giyama mun ekekwath sinhala paramparawala ewn nemei.ekanisa thamai sinhala miniha gana kakkumak naththe

    ReplyDelete
  2. any body know..? who is the Neelaperuml..?????

    ReplyDelete
  3. neela perumaal
    crast -pandaram -flower makers
    navagamuwa kannagi amman kovil.


    ReplyDelete
  4. තම්බි මුදියාන්සේ හංවැල්ල ආස්‍රීත දේවාලයක කපුවෙක් වී ...



    ReplyDelete