හබරන තානායම අසලින් බෙදී ගමන් කරන (දඹුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා වන කරත්ත පාරේ සැතපුම් 15 ගිය විට) නව කරත්ත පාර දැනට තෝපාරේ හෙවත් තෝපා වැව දක්වා විහිදී ඇත. එය පොළොන්නරුවම වේ. වසරේ බොහෝ මාස වල එය රෝද සහිත වාහන ගමනාගමනයට සුදුසු වේ. මාර්ගය මින්නේරිය වැවේ දිය පැන්නුම් දෙකක් හරහා (හබරන සිට සැතපුම් 15 ගිය තැන) ගමන් කරයි. දෙවැනි දිය පැන්නුම අසලදී සීගිරිය ගලේ මනා දසුනක් නැරඹිය හැක. ..."
බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට සිවිල් සේවා නිලධාරියෙකු වූ, එසේම H.C.P. බෙල්ට ප්‍රථම පුරාවිද්‍යා කටයුතු පිළිබඳව අධිකාරය දැරූ S.M. බරෝස් (S.M. Burrows) වර්ෂ 1905 මෙරට නටබුන් නගර පිළිබඳව රචිත සිය ග්‍රන්ථයේ පොළොන්නරුවේ නටබුන් ස්ථාන නැරඹීම සඳහා යා යුතු දුෂ්කර ගමන පිළිබඳව ඒ ආකාරයෙන් විස්තර කරන්නේ 1905 ට වසර කිහිපයකට පෙර එහි තිබූ තත්වයයි.
![]() |
| ලංකාතිලක පිළිමගෙය උපුටාගැනීම ෆොබ්ස්ගේ Eleven Years in Ceylon |
ෆගාන් සිය විස්තරයේ ගල් විහාරයේ හිටි පිළිමය ඔහු පළමුව දුටු ආකාරය මෙසේ විස්තර කරයි.
"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය විට අඩි 80 ක් පමණ දිග, මධ්‍යයෙහි අඩි 30 පමණ උස, දෙපසට ක්‍රමයෙන් බෑවුම් වන, එක්වරම විශාල කළු ගලක් ලෙස දිස්වන ස්ථානයකට මා ලගාවිය. පියවර කිහිපයක් ඉදිරියට ගිය විට මට වැටහුනේ මා අඩු තරමින් අඩි 25 ක් වත් උස කාල වර්ණ දැවන්ත මිනිසෙකුගේ රූපයක් යට සිටින බවය. ඒ අවස්ථාවේ මට ඇතිවූ හැඟීම් මට විස්තර කල නොහැක. තව දුරටත් පිරික්සීමේදී මට සොයා ගැනීමට හැකිවූවේ මෙය සිටගෙන සිටින ඉරියව්වෙන් ඇති, මනා මිණුම් වලට සහ ආකෘතියකට අනුව, මා සිතන පරිදි නිතර හමු නොවන ආකාරයේ, සිය අත් සුන්දර ලෙස පපුව හරහා තබා ගත්, සිවුර සිය වම් අත මතින් වැක්කෙරෙන ලෙස තැනූ බුද්ධ රූපයක් බවය. "
![]() |
| ගල් විහාරය - උපුටා ගැනීම එමර්සන් ටෙනන්ට්ගේ Ancient Ceylon |
".....විශාල වශයෙන් වලසුන් මෙම නටබුන් සිය වාසස්ථාන ලෙස තෝරාගෙන ඇත. මෙම 'අභයභූමිය' ඔවුන්ගෙන් කිහිප දෙනෙකු හැරගොස් ඇත්තේ අපගේ පැමිණීමත් සමග ඇසුන ශබ්දය ඇසීමෙන් අනතුරුවය. පොරෝ වලින් සන්නද්ධව සිටියද මග පෙන්වන්නන් පිවිසුම වෙත ලඟාවීමේදි නිතරම බොහෝ උනන්දු ඇතිව වට පිට බලා අපගේ තුවක්කු සූදානම් කර තබාගෙන සිටින ලෙස ඉල්ලා සිටියහ. ගොඩනැගිල්ලට ඇතුළු වීමට පොරොතුව මගපෙන්වන්නා දොරකඩ එක් පසක සිටගෙන ඔහුගේ හිස ඇතුලට දමා හයියෙන් කෑ ගසා, කිසියම් 'සහෝදර වලසෙකු' ඇතුලත සිටී නම් කැඳවීමට ඔහුට පිළිතුරු දීමට හෝ ඉදිරියට පැමිණ ඉදිරිපත් වීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී අපට ඇතුලු වීමට අවසර ලබාදේ."
| අංක 1 ශිව දේවාලය |
මූලාශ්‍ර
- Archaeological Survey of Ceylon North-Central Northern And Central Provinces, Annual Report 1907, H.C.P. Bell, 1911
- Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859
- Eleven years in Ceylon, Major Forbes, 1840
- Authors of Books on Sri Lanka. 1796-1948, C.G. Uragoda, 2011
- The Buried Cities of Ceylon, A Guide book to Anuradhapura And Polonaruwa S.M. Burrows, 1906

