Sunday, May 29, 2016

සිරස්පත සිඳ බිඳ දැමීමටTemple Trees වලට වැඩම්මවූ වෙහෙරගල හිඳි පිළිමය

වෙහෙරගල පිළිමය
2015 ජනවාරි 8 "මෝඩයාගේ විප්ලවයට" පෙර නම් අරලිය ගහ මන්දිරයෙන් පෝදාට ඇසුනේ බුදු බණය. ඒත් මෙදා වෙසක් පෝය අභිමුවේ මෙරටට පැමිණි ඉන්දියානු කට්ටඩියෙක් "ටෙම්පල් ට්‍රීස්" වල තොයිල් නටන විසූක දර්ශන දක්නට මෙරට සිංහල බෞද්ධයා "පිං" කර තිබුණි. (පෝදා බණ නෑසෙන අරලියගහ මැදුරේ ශ්‍රී රවි ශන්කර්තුමන්ගේ පූජා.. [Photo]) ඒ අව් අස්සේ බටහිර ගැති සිංහල බෞද්ධ විරෝධී රජයට පොඩි "බුඩිස්ට් ලුක්" එකක් දෙන්නට සිතූ දේවදත්ත නිකායේ භික්ෂුවක් පකිස්තානයෙන් ගෙනා ධාතු ප්‍රදර්ශනයක් සංවිධාන කලේ මේ කියන ටෙම්පල් ට්‍රීස් වලමය. ධාතු නිකන්ම පෙන්නන්න බැරිය අඩු ගානේ සයිඩ් එකෙන් බුද්ධ රූපයක්වත් තිබ්බා නම් පොඩි එලියක් වැටේයැයි ඒ උන්නාන්සේට නිකමට මෙන් සිතුනේය. අරලිය ගහ මන්දිරය නිඝණ්ඨයන්ගේ වාස භූමියක් වූ පසු එහි කොහිද බුදු පිළිම? බුදු පිළිම ඕනේ පදන් තිබෙන තැනක් ඔහුගේ ඔලුවට ආවේ ගණදෙවියෝ නුවණ දුන්න නිසාදැයි අපි දන්නේ නැත. එහෙත් කෞතුකාගාරයේ අදාල බලධාරීන්ටද පාර්ට් එකක් දමා බලෙන්ම පිළිමයක් සොරකන් කරගෙන වැඩ්ඩේ ලොක්කාගේ හයිය ඉහලින්ම මේ උන්නාන්සේට ඇති නිසා විය යුතුය. වැඩේ දෙල් වෙන්ට වැඩි වෙලා නොගියේ එහි සිටි එකෙක් අතපසු වීමකින් පිළිමය බිම දමා එහි සිරස් පතට හානි කිරීමත් සමගය (කටුගෙයි තිබූ අමිල බුදු පිලිමය බලහත්කාරයෙන් අගමැති මැදුරට ගෙන යයි.. බිම දමා කඩයි..). දැන් සියල්ලෝම පත්තු වී ඇත. එකක් පැහැදිලිය මිටි තැනින් වතුර බසිනවා කිව්වා වගේ කෞතුකාගාර බලධාරීන්ගේ පිටින් සියලුම පව් හෝදා දමනු ඇත. ඒ දිනය වැඩි ඈතක නැත. (PMO blames Museum Director for damage to A’pura Buddha statue at Temple Trees). කුමක්ද මේ පිළිමය එහි ඓතිහාසික වැදගත්කම කුමක්ද? අපි විමසා බලමු.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ඇල්ල වැව වෙහෙරගල පිහිටි සිරිසඟබෝ පුරාණ රජමහා විහාරයෙන් තවත් මෙවැනිම වටිනා හිටි බුදු පිළිමයක්, බෝධිසත්ව අවලෝකිතේශ්වර පිළිමයක් සහ වෙනත් පුරාවස්තු රැසක් සමගින් හමුවූ මෙම අගනා නිමාවකින් යුත් හිඳි පිළිමය වීරාසන ක්‍රමයට පා තබාගෙන භාවනානුයෝගි ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව ලෝකඩ වලින් සාදා රත්‍රන් ආලේපනය කර නිමවා ඇත.

මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතාට අනුව කේතුමාලාවක් සහිත නමුත් හිස මුදුනේ උන්නත කොටසක් නැති මෙවැනි පිළිම මහාවිහාර සම්ප්‍රදායට අයත්ය. මහාවිහාර සම්ප්‍රදායේ මුල් යුගයේ පිළිම වල කේතුමාලාවක් නැත. නමුත් පශ්චාත් මහාවිහාර බුදුපිළිම සම්ප්‍රදායේ පිළිමවල කේතුමාලාව තිබේ. 9 වැනි ශතවර්ෂයට අයත් සෙන්ටිමීටර 33.5 උස මෙම පිළිමයේ රතු පැහැ වර්නය ආලේපකර තිබූ බවට සාධක ඉතිරි වී ඇත. මේ පිළිමය පිළිබඳව අදහස් දක්වන වියතුන් සදහන් කරන්නේ මෙවන් ඉතාමත්ම සියුම්ව නිපයූ එසේම කිසිදු හානියක් නොවූ පිළිම විරල බවය.

මෙවන් අගනා පුරාවස්තුවක වටිනාකම නොදන්නා පාලකයන් සහ ඔවුන්ට උපදෙස් දෙන පූජකයන්ගේ අමන වැඩ වලින් මේ අයුරින් විනාස වෙන්නේ රටේ උරුමයයි. රට රැක ගත් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ව "ගෙට් අවුට් කරන" ජාතිවාදීන් යෙහෙන් වැජඹෙන, රණවිරුවන්ට මාරුවීම් ලැබෙන කාලකන්නි යුගයක වසන අපට මීට වැඩි දේවල්ද ඉදිරියේදී බලාසිටින්නට සිදුවනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න එවන් සිදුවීම් කිහිපයක් ගීයකට නගා විශාරද නන්දා මාලිණියගේ හඩින් කලකට පෙර අපට අසන්නට සැලැස්සුවේ ඒ අඳුරු අනාගතය කලින්ම දැකලවත්ද?

මූලාශ්‍ර
  • The Heritage of Sri Lankan Bronze Sculpture, Leelananda Prematilleke et.al. 1995
  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව, චන්ද්‍රා වික්‍රමගමගේ, 2006
  • Priceless Buddha statue damaged

6 comments:

  1. යහ පාලනයේ අරුම...

    ReplyDelete
  2. ඇත්තටම මහ අපරාධ. කෞතුකාගාරයට අත තිබ්බ කන්ගැට්ටගේ කතාවේ ඉඳන් මේ සියලු ගැට්ටන්ට දඬුවම් කලයුතුයි. මේ අපරාධ ඉතිහාසය කැතයි.

    ReplyDelete
    Replies
    1. කන්ගැට්ටා කතාවත් ටිකක් සැක කටයුතුයි. ඒ දවස් වල ඒ ගැන දිවයින පත්තරේ සියඹලාපිට්ටනියක් ගැනත් ලිපියක් ගියානේ.

      Delete
    2. ඔය හැම ගැට්ටෙක් අස්සෙම කාලකන්නි දේශපාලකයෙක් ඉන්නවා. නැත්නම් උන්ගේ ලඟින් ගෑවෙච්ච එකෙක් හරි ඉන්නවා. ඔය කන් ගැට්ටගේ සිද්ධියෙදි එදා රජයේ හැසිරීමත් මේ ගැට්ටගේ සිද්ධියෙ හැසිරීමත් එකක් වුනොත් කෞතුකාගාරය වහලා දාන එක හොඳයි. කන්ගැට්ටලා ගැන නම් ඉදිරියේ යමක් එලියට එයි. මේ ගැට්ටලාගේ වැඩ එලියට එන්න තව කාලයක් බලන් ඉන්න වෙයි. ඕක තමයි සිරිලංකාවේ කරුමේ.

      Delete
    3. එලියට එන එකක් නැහ සියඹලාපිට්ටනියත් යමපාලනේනේ

      Delete