Thursday, February 18, 2016

ඉංග්‍රීසීන් සිංහලයන්ට දීපු දෙමළ රාජ්‍ය ආපසු දියව්!!!!

ඉන්ග්‍රිසීන් වරින් වර පළාත් බෙඳූ ආකාරය- මූලාශ්‍ර Wikipedia - විශාලනය කිරීම සදහා පිංතූරය මත ක්ලික් කරන්න
රටේ ජාතික ආරක්ෂාව අඩපන කරමින් සහ කෙරෙමින් තිබූ සංවර්ධනය ආපසු හරවමින් සිදුවූ "ආප්ප විප්ලවයට" සිය උපරිම දායකත්වය සැපයීමේ පිං පලදී "පිං විපක්ෂනායක" කම ලබාගත් දෙමළ ජාතිවාදි නායකයා මෑතකදී පවසා තිබුනේ ඉංග්‍රීසීන් 1948 දී සිංහලයන්ට බාරදීපු දෙමළ රාජ්‍ය නැවත ඔවුන්ට දෙන ලෙසය. ජාතිවාදීන්ට කප්පම් දෙන නිවට පාලකයන්ට නොව මේ නම් මොහු රැවුල පාන්නේ බහුතරයක් ජාතිවාදි නොවන සිංහල ජාතියටය (සිංහල ජාතිය එහි පුළුල් අර්ථයෙන් එනම් ජාතිවාදි නොවන සියලු සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග ඇතුලත්ව )

මේ ජාතිවාදියාගේ කීමට කිසිවෙකු වැඩි යමක් නොකීවේ "ආප්ප විප්ලවයෙන්" පසු බිහිවූ ජාතිවාදින්ට කප්පම් දෙන ඊණියා "සහජීවනයට" බාදා වේ යැයි සිතු බැවින් විය හැක. නැගුනු විරෝධතාද "සුපිරි මාධ්‍ය නිදහස" හමුවේ යටපත් වූ බවක් පෙණුනි. ඇත්තටම ඉංග්‍රීසීන් ඔවුන්ට ලැබුනු වර්තමාන උතුරු හා නැගෙණහිර පලාත් වල තිබුනා යැයි කියන දෙමළ රාජ්‍යයක් සිංහලයන්ට බාරදුන්නාද?

අප දන්නා පරිදි මේ කියන පලාත් දෙකද ඇතුලත් මුහුදුකර පෙදෙස් ඉංග්‍රිසීන් ලබාගන්නේ ලන්දේසින් යුද්ධයෙන් සහ කූට උපක්‍රම මගින් පලවා හරිමිනි. ලන්දේසින් ඊට පෙර එම පෙදෙස් උදුරා ගන්නේ පෘතුගීසීන්ගෙනි. ඒ අතර කාලය තුලදි වරින් වර සිදුවූ උඩරට, සීතාවක සහ කෝට්ටේ රජුගේ සේනා ඉහත බටහිර ආක්‍රමණිකයන්ගෙන් අපගේ රටේ කොටස් මුදවාගැනීම් සහ නැවත ගිවිසුම් මගින් ලියාදීම් වැනි සියල්ල මොහොතකට පසකින් තබා පෘතුගීසීන් මේරටේ එවකට තිබූ ප්‍රාදේශීය පාලනයන් හා මුලු මහත් රටේම පාලකයා ගැන කිවූ තත් කාලීන වාර්තා විමසා බැලීමෙන් මේ කියන ඊනියා දෙමළ රාජ්‍ය මිත්‍යාව ප්‍රලාඵයක් බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි.

පෘතුගීසි යුගයේ ඉතිහාසය සම්බන්ධ විශ්වකෝෂයක් බඳු කෘතියක් කල ක්ව්‍රෝස් පියතුමා පෘතුගීසීන් පැමිණෙන විට මෙරට තිබූ දේශපාලනික තත්වය සම්බන්ධයෙන් මෙසේ පවසයි.

"රාජපුරේ (Rajapure එනම් අනුරාධපුරය) අගනුවර වී තිබූ යුගයේ මුලු දිවයිනම එක් රජෙකු යටතේ පාලනය විය. නමුත් කෝට්ටේ නගරය (City of Cota) අගනුවර වීමත් සමග දිවයිනේ කෝට්ටේ රාජධානියට යටත් ප්‍රාදේශිය රාජධානි 15 ක් තිබුණි. එමනිසා කෝට්ටේ පාලකයා අධිරාජ්‍යයා (Emperor) ලෙස සැලකුණි. එම විරුදය දැන් කන්ද උඩරට පාලකයා විසින් දරනු ලබයි*. එම රාජධානි නම් දෙනවක (Dinavaca), ඌව (Uva), වලවේ (Valave) , පුත්තලම (Putelao), මාන්තොට (Mantota), තණගම(Tanagama), මුලියාවුලි(Muliauali), ත්‍රිකුණාමලය(Triquilimale), කොට්ටියාර්(Cutiar), මඩකලපුව(Batecalou), පානම(Paneva), බින්තැන්න(Vintena), ඔරුපොල(Orupula), මාතර(Mature), කන්ද උඩරට(Candea) සහ උතුරු කොනේ යාපනපටුනය (Point of the North, Jafanapatao). ඒවා සහ කෝට්ටේ රාජධානිය එකතු වීමෙන්  16 ක් සැදේ. "

*ක්ව්‍රොස් සිය කෘතිය රචනා කරන්නේ ඔවුන්ට දිවයිනේ අයිතිය නැතිවූ පසුව රටේ වැඩි ප්‍රදේශකය බලය  උඩරට පාලකයාට තිබූ අවධියේය.

ප්‍රාදේශිය රජුන් යටතේ හෝ දිසාවේ වරුන් යටතේ වූ මේ කුඩා රාජධානි සැම එකක්ම පාහේ කෝට්ටේ වූ රටේ රජතුමාට යටත් ව තිබූ බව නොවේද ක්වේරෝස් මේ පවසන්නේ? එසේ නම් ඉහත කී දෙමළ ජාතිවාදියා කියන "ඉංග්‍රිසීන් විසින් 1890 පමණ වන විට වර්තමානයේ ඇති ආකාරයෙන් බෙදාවෙන් කර අවසන් කල උතුරු හා නැගෙණහිර පලාත්" වල තිබුනා යැයි කියන ස්වාධීන දෙමළ රාජ්‍ය තිබුනේ මොන දිල්ලියෙන්ද? ක්වේරෝස්ම මෙහි කියන අයුරින් උතුරු කොනේ කුඩා ප්‍රාදේශිය රාජ්‍යක් ආර්ය චක්‍රවර්ති රජවරුන්ගේ පාලනයෙන් සැලකිය යුතු කාලයක් (බොහෝ විට දඹදෙනි යුගයේ සිදුවූ චන්ද්‍රභානු ආක්‍රමණයෙන් පසුව ) තිබූ බවට පිළිගත හැකි සාක්කි හමුවන මුත් ආර්ය චක්‍රවර්තිවරුන් දෙමළද නොමැති නම් මලයාසියානු කලාපයෙන් පැමිණි ආක්‍රමනිකයන්ද යන්න විවාදාත්මක පැනයකි. පරණවිතාන මහතාට අනුව නම් ඔවුන් ආර්යයන්ය ( එනයින්ම ඔවුන් ද්‍රාවිඩ නොවන බව ගම්‍ය වේ ). එසේම එම රාජ්‍යයේ සිංහලයන් සිටි බවට සාධක ක්වේරෝස්ම සිය කෘතියේ වරින් වර පවසයි. ඒ පිලිබඳව පසුව සලකා බලමු. කෙටියෙන් පැවසිය යුත්තේ මේ ජාතිවාදියා කියන ආකාරයේ කොයිකලක හෝ තිබූ දෙමළ රාජ්‍යක් නම් 1948 ඉංග්‍රීසීන් විසින් සිංහලයන්ට පවරා නොදුන් බවය.

මූලාශ්‍ර

6 comments:

  1. Replies
    1. ඒ වුනාට මල්ලි මෙයා දාන්නේ මෙයාට ආවඩන කොමෙන්ට් විතරයි.

      Delete
    2. මේ නමින් මීට කලින් මේ බ්ලොග් එකේ කිසිම කොමන්ට් එකක් නොදාපු ඔබ කොහොමද එහෙම කියන්නේ?

      Delete
  2. මේක කලින් කියෙව්වා, නමුත් කමෙන්ට් කරන්න උනේ නැහැ...
    ගොඩක් වැදගත් කරුණු කීපයක්...

    ReplyDelete
  3. අපරාදේ බං කෑල්ලක් ඉල්ලන්නේ රටම ඉල්ලන්න එපෑයැ.මතක තරමට අපේ අන්තිම රජවරු පස්දෙනාම උප්පත්තියෙන් දෙමල.

    ReplyDelete
    Replies
    1. ඉල්ලන්න දෙයක් නැහැ දැන් නම් රටම දෙමළ ජාතිවාදයට ඕනේ විදිහට තමා පාලනය වෙන්නේ. යුධ විරුවන්ගෙන් හිරගෙවල් පුරවන කොට මරාගෙන මැරෙන කොටියන්ට ජනාධුපති සමාව. අවසාන සිංහල රජවරු පස් දෙනා නෙමේ හතර දෙනාම දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ භාෂා කතා කරන නායක්කර් වංශිකයන්. ඔවුන් තමා එම යුගයේ සිංහල බෞද්ධ සංස්කෘතියට වැඩිම සේවයක් කලේ. එසේ වූවා කියා කන්ද උඩරට තිබුනේ දෙමළ රාජ්‍යක් කියල කියන්නේ නැහැ. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය වැලඳ ගෙන ඒ තැනට ආ නිසයි ජනතාව ඔවුන් සමග සිටියෙ කැරලි නොගසා. කෙසේ උනත් එය මෙතෙන්ට අදාල නැහැ. මේ කතා කරන්නේ උතුරේ සහ නැගෙනහිර තිබුනා යැයි කියන දෙමළ රාජ්‍ය ගැන.

      Delete