Sunday, January 17, 2016

සිංහලේ සහ සිංහ-ලේ

තොටගමුව විහාරයේ බිතුසිතුවමක්
මීට සිව් මසකට පමණ පෙර සිංහලේ නමින් මෙම බ්ලොගය පටන් ගනිද්දී මා මෙසේ පැවසුවා....

"රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත. " 

වැඩිදුර කියවීමට > සිංහලේ - The Last Phase

වරින් වර 'සිංහලේ' නම විවිධ අවස්තා වලදී යොදාගත් මුත් ඒ පිළිබඳව විස්තාරත්මක විවරණයක් කිසි විටක ඉදිරිපත් නොකලේ ඒ පිළිබඳ විස්තර සියලු ලිපි තුලින් වරින් වර සමස්තයක් ලෙස ඉදිරිපත් වනු ඇතැයි සිතූ බැවිනි. එහෙත් 'සිංහ-ලේ' නමින් එක්තරා ආකාරය රැල්ලක් හෝ ඔවුන් කියන ලෙසට කැරැල්ලක් සමාජය සිසාරා හමා යන මොහොතක සිංහලේ පිළිබඳ යමක් පැවැසීම උචිතයැයි සිතුණි. මෙය සිංහලේ පිළිබඳව විනා සිංහ-ලේ පිළිබඳව නොවේ. සිංහ-ලේ පිළිබඳ මේ වන විට මා ඇසූ වඩාත්ම සාධනීය විවරණය මේ සමඟ ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ මගේ මතයද අඩු වැඩි වශයෙන් එයම වන බැවිනි. සවන්දෙමු උදය ගම්මන්පිල මහතාට.



පොළොන්නරු යුගයේ ගුරුළුගෝමින් විසින් රචිත පාලි බෝධිවංශ පරිකථාව හෙවත් පාළි බොධිවංශයට කල ගැට පදයේ එනම් ධර්මප්‍රදීපිකාවේ සිංහළභාෂා නම් කවරැ යත්? යන පැහැදිලි කිරිමේ මෙසේ සඳහන් වේ.

"යම්සේ ශක්‍රයහට නිවාසභූමි වූ පුරය 'ශක්‍රපුර' වීද, එසෙයින් මැ සිංහළයනට නිවාසභූමිය වූ ද්වීපය 'සිංහළද්වීප' නම් විය. යම්සේ මඤ්චස්ථ වූ ජනයො මඤ්ච ශබ්දයෙන් කියනු ලැබෙද් ද, එසෙයින් මැ සිංහළ දේශස්ථ වූ ජනයෝ සිංහළ ශබ්දයෙන් කියනු ලැබෙත්. ඔවුන්ගේ භාෂා 'සිංහළභාෂා' නම් වේ."

එසේම කෝට්ටේ යුගයේ 6 වැනි පරාක්‍රමබාහු රජුගේ සත්වන රාජ්‍ය වර්ෂයේ එනම් ක්‍රි.ව. 1417 දී ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමියන් 'හෙලුබසින්' සද්ධර්මරත්නාකරය රචනා කරනුයේ බුදුන් වහන්සේ දේශනා කල "සද්ධර්මය මාගධික භාෂාවෙහි නො හසළ සිංහලද්වීපවාසීන්ට විශේෂයෙන් නො දැනෙන හෙයින් " ය. 

මේ අනුව පුරාණ ගද්‍ය සාහිත්‍යයේ ඇතැම් අවස්තා වලදී සිංහල දේශය නැතහොත් සිංහල ද්වීපය යන නම මේ දිවයින හැදින්වීමට යොදාගෙන ඇති බව පැහැදිලි වේ (පරණවිතාන මහතා පවසන්නේ පුරාණ සංස්කෘත පොත් වලද මේ රට සිංහලද්වීපය ලෙසින් හඳුන්වන බවය*.). එයට හේතු වූවේ රටේ ශිෂ්ඨාචාරය පිහිටවූ එහි ජීවත් වූ ජාතිය ('ප්‍රධාන ජාතිය' නොව 'ජාතිය' ) සිංහලයන් වූ බැවිනි. වරින් වර මෙරටට සංක්‍රමණය වූ බොහෝවිට දකුණු ඉන්දීය ජන කොටස් කුල ක්‍රමය යටතේ සිය අනන්‍යතාවය හා උප සංස්කෘතිය පවත්වා ගනිමින්ම 'සිංහල ජාතිය' තුලට ඇතුලත් වූවා මිසක ඔවුන් තමන් වෙනත් ජාතියක් ලෙස වෙනම අනන්‍යතාවයක් ඇතිව රටේ කොටස් වෙන් කර ගත්තා නොවේ. උදාහරණයක් වශයෙන් මෙරට බටහිර මුහුදු තීරයේ කරාව, සලාගම, දුරාව වැනි කුල යටතේ අද සිංහල වී ඇත්තේ 14-15 ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවෙන් පැමිණි (බොහෝවිට දකුණු ඉන්දියාවට එවකට මුහුන දීමට සිදුවූ මුස්ලිම් ආක්‍රමණ මීට හේතු වන්නට ඇත.) එවකට ද්‍රාවිඩ භාෂා කතා කල ජනයාය. 

ටොලමි මේ රට හැඳින්වීමට යොදා ගන්නා සාලිකේ (Salike) යන්නද සිංහල හෝ සිහල යන්න නාවිකයන්ගේ කට වහරෙහිදි සිදුවූ වෙනස් වීමකින් ඇති වූවක් බවට මත පලවී ඇත. එසේම සිංහල ද්වීප > සිලන් ද්වීප > සෙරෙන් දිව ලෙසින් වෙනස් වෙමින් ගොස් අරාබි වෙළෙන්දුන් මෙරට හැඳින්වීමට භාවිතා කල සෙරෙන්ඩිබ් (Serendib) ඇතිවූ බවටද පොදු පිළිගැනීමක් ඇත. පෘතුගීසීන් ට සෙයිලාන් (Zeilan) වන්නේත් නැවත ලන්දේසීන් සෙලාන් (Ceylan) කරන්නේත් අවසානයේ ඉංග්‍රීසීන් සිලෝන් (Ceylon) කරන්නේත් එම සිංහල ද්වීපය නොහොත් සිංහල ශබ්දයේ විකෘති වූ ව්‍යවහාරයන්මය. 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් වෙනස් වන තුරුම මේ රට අන් දේශයන්ට සිලෝන් (Ceylon) විය. සිංහලෙන් කියනවා නම් මේ රට 1972 වන තුරුම සිංහල ද්වීපය විය. කට වහරේදී නම් සිංහලේ විය.

ඊලාම් යනු සිංහලේද? ඒ පිළිබඳව සහ සිංහලේ පිළිබඳ තවත් තොරතුරු මතුවට විමසා බලමු.

මූලාශ්‍ර
      * සිංහලයෝ, සෙනරත් පරණවිතාන, 1969
  • ධර්මප්‍රදීපිකාව, ගුරුළුගෝමින්
  • සද්ධර්මරත්නාකරය, ධම්මදින්නාචාර්ය විමලකීර්තී හිමි
  • Ceylon, An account of the island physical, historical and topographical with notices of its natural history, antiquities and productions, Sir James Emerson Tennent, 1859

13 comments:

  1. මොන ලබ්බෙන් පටන් ගත්තත්, උඹ මැක්කගෙ කතාව වගෙ නවත්තන්නෙ "සිංහලේ" කතාවක් ඇදලමයි.උබ වගේ මීහරකෙක්. මෝඩ මුසලයෙක්

    ReplyDelete
    Replies
    1. පසුගාමී ගෝත්‍රිකයෙක්ගෙන් ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වන්නේ මී හරක් බැවින් මම එසේ බලාපොරොත්තු නොවෙමි.මෝඩ මූසලයෝ බලපිය මේ බ්ලොග් එකට සිංහලේ කියන්නේ ඒක තමයි බොල සක්කිලියෝ

      Delete
    2. දැනට මේ රටට භාවිතා වෙන නම ශ්‍රී ලංකාවයි. (1972 ට කලින් එය ලංකාව නම් විය) ඉතින් මීට පෙර මෙම රටේ ජාතිය සිංහල වූවා සේම, දැන් මෙම රටේ ඉන්නා ජාතිය (අර කිව්වා වාගේම මහජාතිය නොවේ, සමස්තයම) ලාංකිකයන් ලෙස හැඳින්වීම සහ හඳුන්වාගැනීම නේද වඩා සුදුසු?

      Delete
    3. හඳුන්වාගැනීම කෙසේ වෙතත් එසේ සිතීම සහ ක්‍රියාකිරිමයි අවශ්‍ය වන්නේ. එම නම සිංහල ද ශ්‍රි ලාංකිකද යන්න එතරම් වැදගත් නොවේ. ප්‍රශ්නය දැනට මේ රටේ සිටින සුළු ජාතීන් යැයි හඳුන්වාගන්නා දෙමල සහ මුස්ලිම් ජනයා එසේ සිතනවාද යන්නයි. එහෙම හිතනවා නම් දෙමල ජනයා 40-50 % පමණ වෙසෙන උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ඉල්ලන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. කල්මුනේ වෙනම මුස්ලිම් පරිපාලන කොට්ටාස ඉල්ලන්නේ නැහැනේ. අද බහුරතයක් සිංහල ජනතාවට ප්‍රශ්ණයක් නැහැ කොළඹ දෙමල/මුස්ලිම් ජනයා සිටියට හැබැයි උතුරු නැගෙනහිරෙන් පන්නපු සිංහල ජනයාටවත් ඒ පැති වලට ආයෙමත් යන්න පුලුවන් කමක් නැහැ අනිත් සිංහලයන් ගිහින් එහෙ පදින්චි වීම කෙසේ වෙතත්. ඔන්න ඕකයි ප්‍රශ්නය

      Delete
  2. Replies
    1. පසුගාමි ගෝත්‍රිකයාගේ අවසාන කොමන්ටුවේ ප්‍රශ්නය ශිෂ්ඨ සම්පන්න භාෂාවකින් ඇසුවහොත් පිළිතුරු දිය හැක. පැරණි කොමන්ටුව Delete කර ඇත.

      Delete
  3. Replies
    1. මෙම බ්ලොග් අඩවිය ශිෂ්ඨ සම්පන්න පුද්ගලයන්ට පමණක් බැවින් පසුගාමී ගෝත්‍රිකයන්ගේ අශිෂ්ඨ වචන ඔවුන්ට දිරවන්නේ නැති බැවිනි.

      Delete
  4. මෙතන තිබෙන ප්‍රශ්නය දෙමළ මුස්ලිම් ජනයා තමන් ශ්‍රී ලාංකික කියා නොසිතීමයි. එසේ සිතන්න ඔවුනට බැරි ඔවුන් දැවැන්ත ජාත්‍යාන්තර මහා ජාතියක සාමාජිකයන් නිසයි.මා සිතන්නෙ මෙයට විසදුම අපත් ජාතිකත්වය හා අතීතකාමයට නොයා ජාත්‍යාන්තරීකරනය වීමයි.සිංහල දෙමල භාෂාවලට සමතැන දෙනවට වඩා ඉංග්‍රීසියට තැන දීම එක් විසදුමක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ විසදුම කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. මක් නිසාද යත් කිසිදු විටක දෙමල ජනවර්ගයා තම සංස්කෘතිය හා බැදුනු තමුන්ගේ භාෂාව අත් හරින්නේ නැහැ. සිංහල සැලකිය යුතු පිරිසක් නම් ඕකට කැමැති වෙයි හැබැයි එත් බහුතරය නෙමේ. (විශේෂයෙන්ම ඉහල සමාජ පන්ති වල දැනටමත් තම මව් භාෂාව වෙනස් කරගෙන.) අනිත් අතට රජයක් බලෙන් ජාතියක මුල් සිදීම (මව් බස වෙනස් කිරීම් හිටලර්වාදී ක්‍රියාවක්. වැදගත්ම දේ ඔය මොන දේ කලත් දෙමල ජාතිවාදය ඔයින් නැති නොවීම. මුස්ලිම් ජනයා අතර නම් ඕක කිසිසේත්ම සිදු වන්නේ නැහැ. ඔවුන් බැදි සිටින්නේ ජාතියට වඩා ආගම එක්ක. කල යුත්තෙ දෙමල සිංහල මුස්ලිම් ලෙස ජනයා විවිධ වෙන වෙනම කලාප වල එකතු වීම වලක්වා මිශ්‍ර කිරීමයි. ඒ දේ කොලඹ වෙලා තියෙනවා උතුරු නැගෙනහිර කලාප වලත් ඒ දේ කල යුතුයි

      Delete
    2. ඒ මිශ්‍ර කිරීම හොඳ විසඳුමක් බව මමත් පිළිගන්නවා...

      Delete
    3. ඇත්තටම ඒ දේ කාලෙකට කලින් සාර්ථකව කරන් ගියා. ඒකේ ගෞරවය හිමිවෙන්න ඕනේ කිතලගම සීලාලංකාර හිමි, JR ගේ පුත් රවි ජයවර්ධන, හර්මන් මාලිංග ගුනරත්න ඇතුලු පිරිසකට හැබැයි පසුකාලිනව ඊක කඩාකප්පල් කරන්නෙත් JR ම තමා. ඒ ගැන විස්තර වෙනම පෝස්ට් එකකින්ම් කියන්නම්

      Delete