Sunday, September 6, 2015

සිංහලේ - The Last Phase


"රජු සහ මැක්ඩොවල් වසර 12 කට පෙර හමුවු මගුල් මඩුවේම 1815 මාර්තු දෙවෙනි දින හවස 4 ට සමුලුවක් මුලුගැන්විනි. බ්‍රිතාන්‍ය හමුදා මගුල් මඩුව ඉදිරියේ පෙල ගැසී සිටියහ. පලමුවෙන් තනිවම පැමිණි ඇහැලේපොල බ්‍රවුන්රිග් විසින් සාදරයෙන් පිලිගෙන ඔහුගේ දකුනත් පසින් වූ ආසනය මත හිදගන්නා ලෙස ආරාධනය කලේය. ඔහුට පසුව පැමිනි මොල්ලිගොඩ ප්‍රධාන රදලවරුන්ව ආන්ඩුකාරතුමාට සහ ඇහැලේපොලට හදුන්වාදුන්හ. ඔවුන් දෙදෙනා සිටගෙනම ඔවුන්ට ආචාර කලේ ආන්ඩුකාරතුමා පෙලෙමින් සිටි රක්තවාත රෝගය ගැනද නොසලකාය. ආචාර සමාචාර කිරීම් වලින් පසුව පෙර සූදානම් කර තිබු ගිවිසුම කියවා ඔවුන්ට තේරුම් කර දුන්හ. එහි වගන්ති වලින් රට බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යට නතුවූහ. එහි අඩන්ගු අනික් වගන්ති අතර සිංහලයන්ගේ ආගම සහ සම්ප්‍රදානුකූල නීති රීති සුරකින බවද සදහන් විනි. එයට රදලවරුන්ගේ අනුමැතිය ලැබුනි. ඉනික්බිති ඔවුන් මගුල් මඩුව ඉදිරියට ගොස් රැස්ව සිටි ජනතාවට එය පැහැදිලි කරන ලදී. අනතුරුව පලමු වරට බ්‍රිතාන්‍ය ධජය සෙංකඩගල පුරවරයේදී ඉහලට නැන්වුන අතර බ්‍රිතාන්‍ය කාලතුවක්කු වෙඩි මගින් තුන්වන ජෝජ් රජතුමාගෙන් ශ්‍රි වික්‍රම රාජසිංහ ප්‍රතිස්ථාපනය වූ බව නිවේදනය විනි. මේ අතර බ්‍රවුන්රිග්ගේ පුතුනුවන් කඩිනමින් තුන් හෙලේ ධජය රැගෙන එංගලන්තයට නික්මුනේ එය උපරාජ කුමරුවාගේ දෙපා මුල තැබීමටය"

පෝල් රී පිරිස් විසින් රචිත Tri Sinhala - The Last Phase 1796-1815 නම් ග්‍රන්ථයේ අවසානයේ තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ එලෙසිනි. රුහුනු, මායා, පිහිටි තුන් රටින් සුසැදි "සිංහලේ" 1815 මාර්තු 2 වෙනිදායින් අවසන් උනිද? "සිංහලේ" යනු කුමක්ද? 1815 මාර්තු වලින් හරියටම වසර 200 කට පසු නැවත අධිරජ්‍යවාදි බලයට මෙරට දරුනු ලෙස නතු වී ඇති මොහොතක "සිංහලේ" පිලිබද ආවර්ජනයක ඇරඹුම අපගේ අරමුනයි. ඉදිරියේදි විවිධ දිශානතීන් ඔස්සේ එය ඇදෙනු ඇත.  වරෙක 1815 සිට අතීතයටත් වරෙක මෑත අතීතයේ සිදුවීම් දක්වාත් අපගේ අවධානය යොමුවෙනු ඇති.  නැවත හමුවෙමු....


No comments:

Post a Comment