ඉහත දැක්වෙන කඳුකර වනාන්තරයක උඩු වියන දැක්වෙන ඡායාරූපය මේ ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වන පස්බාගේ කෝරළය තුල හමුවන වනාන්තරයක ගත් ඡායාරූපයක් නොවේ. එහෙත් එය පස්බාගේ කෝරළයද අයත් වන උඩ බුලත්ගම රටේ නැගෙනහිර අන්තයේ පිහිටි බොගවන්තලාව ප්‍රදේශයේ සිට බලංගොඩ දෙසට විහිදුනු B339 මාර්ගයේ බොගවන්තලාව තේ වතු වලට ආසන්නව ප්‍රධාන මාර්ගයේ සිට ගන්න ලද ඡායාරූපයකි (B339 මාර්ගය ශ්‍රීපාද අඩවිය රක්ෂිතය හරහා කිලෝමීටර කිහිපයක් දුර ගමන් කරයි.Video >>) සුදු අධිරාජ්‍යවාදීන් ඉහල කඳුකරයේ කෝපි සහ තේ වතු වගා කිරීමට පෙර මීට පෙර ලිපියකින් අප කතා කල මස්කෙලිය, දික් ඔය, හැටන්, වටවල බොගවන්තලාව ප්‍රදේශ වල කඳු මුදුන් මෙන්ම එම කඳු නිම්න අතරින් ගලා ගිය මස්කෙලිය ඔය, හම්බන්තොට ඔය, කෙහෙල්ගොමුව ඔය මෙන්ම මහවැලි ගඟේ ආරම්භක කොටසද මෙවැනි කඳුකර වනාන්තර වලින් වැසී තිබෙන්නට ඇත. 1815 ට පෙර සිංහලේ ලෙසින් හැඳින්වූ අවසාන සිංහල රාජධානියට අයත් ගම්, නියම්ගම් මෙම උඩ බුලත්ගම ප්‍රදේශයේද අතරින් පතර තිබූ මුත් ඒවා ප්‍රධාන වශයෙන් එහි බටහිර අන්තයේ ගිණිගත්හේන කපොල්ලෙන් ගිණිකොණ සහ ඊසාන දෙසට මහවැලි ගඟ, කෙහෙල්ගොමු ඔය සහ මස්කෙලිය ඔයේ නිම්න දෙපස පිහිටි සම බිම් වල පැතිර තිබූ බව පෙර ලිපියේ (Link >>) මෙන්ම මෙම ලිපියේද පලවන සිතියම් දෙස බැලූ විට පෙනේ. ඉහල කඳුකර වනාන්තර ජල පෝෂක බිම් ලෙසින් ආරක්ෂා කල තහනම් කැලෑ ලෙස පවත්වාගෙන යෑමට පැරණි සිංහලයන්ගේ පරිසරයත් සමග බද්ධ වූ ජීවන රටාව ඉදිරිගාමී විය. එම ජීවන රටාව සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන් හඳුන්වාදුන් වතු ආර්ථිකය හේතූ වූ අතර සියවස් කිහිපයක් තිස්සේ එමගින් ඇති කල සහ තවමත් අවසන් නැති පරිසර විනාශයක් සිදුවෙමින් පවතී. සෑම වැසි සමයකම සිදුවන නාය යෑම් සහ ජලගැලීම්, විදුලි බල ආවශ්‍යතාවය උදෙසා ඉදි කල ජලාශ කෙටි කාලයක් තුල විශාල ලෙස රොන්මඩ තැන්පත් වී ගොඩවීම. වනාන්තර තුල ජලය තැන්පත්වී ක්‍රමාණුකූලව ඒවා වසර පුරා වැසි නොලඹන සමයේද මුදාහැරීම වෙනුවට වැසි සමය අවසානයත් සමග ඇල දොල හිඳී යාම නිසා මහවැලි යෝජනා ක්‍රමය වැනි මහා පරිමාණ ව්‍යාපෘති මගින් අපේක්ෂා කල මට්ටමේ ප්‍රතිඵල නොලැඹීම එම නිසා අප අත්විදින දරුණු ප්‍රතිඵල කිහිපයකි.
දෑකිඳ - 1881 වර්ෂයේ ගල්බොඩ ප්‍රදේශයේ වූ විශාල තේ වතු වල වැඩ කල කම්කරුවන් අතහැරි විට දෑකිඳ ගම්මානයේ මිනිසුන් 168 වාසය කර ඇත. මෙම ගම්මානයට මස්නාවත ඔය නිම්නයේ කොටසක් සහ හඟරන් ඔය සහ ගිගරන් ඔය නිම්නද අයත් වූ බවත් එම නිම්න පෙර කල වනයෙන් වැසී තිබූ මුත් පසුව කෝපි වගාවට හෙලි කල බවත් කෝපි වගාව අසාර්තක වීමත් සමග ඔහුගේ කාලය වනවිට නැවතත් සරුසාර තේ වතු බවට පත්වී තිබූ බවත් ලෝරි පවසයි. [පසු සටහන - දැනට දෙකිඳ ලෙසින් ව්‍යවහාර වේ. පහල Comments බලන්න]
කඩවල - කඩවල අඹගොමුව කෝරලයට අයත් මුත් මහවැලි ගඟේ දකුණු ඉවුරේ පිහිටි එම ගමේ කොටසක් පස්බාගේ කෝරළයට අයත් වේ.
කඩියන්ලෙන - නාවලපිටිය - දිඹුල මාර්ගයේ හමුවන කඩියන්ලෙන සිට පැරණි අඩි පාරක් (Bridle Road) අඹගොමුව දක්වා තිබී ඇත.
බව්වාගම - මහවැලි ගඟ හරහා ලැටිස් පාලමක් මෙම ගමේ තිබී ඇත.
කරහඬුගල - දැනට හඳුනාගත නොහැකිමුත් බව්වාගම අසල තිබී ඇති අතර, 1871 ජන සංගණනයේදී බව්වාගම, කරහඬුගල සහ පැණිතුඩුව සමග එකට ගෙන සංගණනය සිදුකර ඇත. [පසු සටහන - කරහඳුන්ගල ලෙසින් තවමත් ඇති ගමකි. පහල Comments බලන්න]
නවන්ගම - බොහෝදුරට නවන්දන්න කුලයේ ජනයා විසූ ගමක් විය හැකි නවන්ගම අද හඳුනාගත නොහැක.
පස්බාගේ කෝරළයේ පිහිටි ලෙස ලෝරි දක්වන මැදගහවතුර, මිපිටිය, පත්තුණුපිටිය, පැණිතුඩුව [පසු සටහන - දැනට පැණිතුඩුමුල්ල ලෙසට නම වෙනස් වී තිබෙන ගමකි. පහල Comments බලන්න], වරකාව සහ වැලිගම්පල ගම් අදද එම නම් වලින්ම හඳුනාගත හැක. මේ අතරින් වැලිගම්පොළ නාමය මහා විජයබාහු රජුගේ අඹගමුව සෙල්ලිපියේ ඔහු විසින් ශ්‍රීපාදයට පිදූ ගමක් ලෙසින් හමුවේ Link >>
වරකාව අසල තිබූ බව පැවසෙන කහමනේ ගම එම නමින් අද හමු නොවන මුත් කහවත්ත ලෙසින් වර්තමානයේ නම වෙනස් වී වරකාවට මදක් උතුරින් පිහිටි ගම පැරණි කහමනේ ගම වීමට බොහෝදුරට ඉඩ ඇත.
දෙවොල් දෙවියන් සඳහා වෙන්වු සැවැන්දරාපිටියේ දෙවොල් දේවාලය ලෙසින් හැඳින්වුනු පැරණි දේවාලයක් පල්ලේගම ගමෙහි තිබී ඇති අතර සැවැන්දාරාපිටියේ මුදියන්සේ කපුරාලගෙන් පටන් ගත් අගලකොටුවේ පරම්පරාවට එහි කපු ධූරය පරම්පරාවෙන් උරුමව තිබී ඇත. පල්ලේගමම පිහිටි පස්බාගේ ලෙසින් හැඳින්වූ කුඩා ගමක් පිළිබඳවද ලෝරි විස්තර කරයි. ගඟේ සිට අඩි 50 ක පමණ උසකින් එහි කලකට පෙර හමුදා මුරපොලක් තිබී ඇති අතර 1891 වනවිට පස්බාගේ ගමේ තිබී ඇත්තේ ගෙවල් දෙකක් පමණි. මෙම පස්බාගේ ගම පිළිබඳව මෙන්ම එහි වූ හමුදා මුර පොල පිළිබඳවද සිය ගමන් විස්තරයේදි ඩේවි විස්තර කරයි Link >>
නාවලපිටිය නගරයට දිස්වන දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි කබරගල) |
St. Andrew's Anglican Church - Nawalapitiya |
මූලාශ්‍ර
- A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 1, A.C. Lawrie, 1896
- A gazetteer of the Central Province of Ceylon (Excluding Walapane), Volume 2, A.C. Lawrie, 1898
මේ ගම්මානවල ජනගහනය වෙනස් වූ හැටි සංගණන වාර්තාවලින් සොයාගත හැකිවෙයි. දශකයෙන් දශකයට තිබෙනවනේ. මුල් යුගයේ ඒවායේ වාර්ගික සංයුතිය ගම්මට්ටමින් දැක්වෙනවා - ඒ කියන්නේ අදාළ ගමේ සිටි පිරිස කුමන ජනවර්ගයකට, ආගමකට අයත්වූයේද යන්න.
ReplyDeleteඑවිට කාලයත් එක්ක මේ ජනගහනය අඩු වූ හැටි සොයාගත හැකියි. එයට හේතු ගැන බැලූවිට තේ හා කෝපි වගා ව්‍යාප්ත වන විට වතු හිමිකරුවන්ට තම ගොවිබිම් හා ඉඩම් විකිණීමත් හේතුවක් (වැවිලිකරුවන් තම වතුයායේ තැන් තැන්වල තිබූ ගම්මානවල ඉඩම් මිලදීගන්න හැදුවා). කුඹුරු හා ගොවිබිම් නැති වූ විට ගැමියන්ට පැවැත්මක් නෑ. ඔවුන් වෙනත් පැත්තකට සංක්‍රමණය වීම හෝ වතුවලම කම්කරුවන් වීම සිදුවන්න ඇති. මේ ප්‍රදේශයේ කෙසේ වෙතත් මා අධ්‍යයනය කරන වෙනත් පැතිවල දී මෙය ගැටලුවක් වූ බවට වාර්තා තිබෙනවා. සමහර සුදුජාතික රාජ්‍ය නිලධාරීන් ඒ ප්‍රශ්නය දුටුවා. ඔවුන්ගෙන් සමහරු එය ඒ ජනතාව අසරණ වීමට හේතුවන දෙයක් ලෙස දැක තිබෙනවා. එහෙත් කෙනෙක් ඉඩම් විකුණන්න හැදූ විට එය වළක්වන්න ඔවුන්ට බෑ.
ස්තූතියි තොරතුරු වලට. ඉඩම් පිළිබඳ වතු හිමිකරුවන් සමග ගැටළු මෙම කතා කරන උඩ බුලත්ගම රටට අයත් වැඩි ප්‍රදේශයකට බල නොපාන්න ඇති කියලා තමා මට හිතෙන්නේ. මොකද ඉහත සිතියම් වල පෙන්වන පැරණි ගම් තිබූ ප්‍රදේශ වලට වඩා මුල් කාලීන වතු පැතිරෙන්නේ ඒ වන තෙක් නොයිඳුල් වනාන්තර තිබූ ප්‍රදේශ වල, දික් ඔය, දරවැල්ල, බොගවන්තලාව, මස්කෙලිය, ගල්බොඩ වගේ. එවැනි දෙවල් සිදු උනා නම් වෙන්නේ ඇත්තේ ගිණිගත්හේන ප්‍රදේශයේ සිට ගංගා නිම්න දිගේ විසිරුණු සීමිත ප්‍රදේශයක.
ReplyDeleteඑසේ නම් ඒ ප්‍රදේශයේ තිබූ ගම්මමානත් නැතිව ගියා නම්, එසේ නැතිව ගිය සාධකය සෙවිය යුතු දෙයක්.
Deleteඒ ප්‍රදේශ වල ගම් තිබූ බවට සාදක තියෙනවද? පැරණි ගමක් ලෙසට හඳුහාගත හැකි එක ගමයි එම ප්‍රදේශ වල මට හමු උනේ මේ අධයනයේදී. ඒ සීත ගඟුල ගම. එහි පවා ඒ වන විට සිට ඇත්තේ සිව් දෙනෙක් පමණයි. සිරිපා මාවතේ එවන් ගමක් තිබීම විය හැක්කක්. එහෙත් ඊට වඩා වනාන්තරය ඇතුලට උස් බිම් වල ගම් නොතිබුන බව තමා මගේ උපකල්පනය. අවම වශයෙන් එවැනි ගම් තිබූ බවට සාදක නැහැ.
Delete"නැතිව ගියා නම්" කියා සඳහන් කළේ ඒ නිසයි. ලෝරි සඳහන් කරන බොහෝ සිංහල ගම් පැරණි ගම් නේද? ගම් වෙනස් වීම ගැන සංගණන වාර්තා හා දිසාපත්වරුන්ගේ චාරිකා (circuit) වාර්තා තමයි බලන්න ඕන. සංගණන වාර්තා පවතින්නේ 1871 සිට වුණාට බොහෝ දිස්ත්‍රික්කවල ඊටත් වඩා පරණ දිසාපති වාර්තා තිබෙනවනේ. සිංහල රජකාලෙදිත් මහඑළියේ (හෝර්ටන් තැන්නේ) නැගෙනහිර පැත්තට වන්නටත් වගා කර ඇති බවට සාධක තිබෙනවා. ඒවා ස්ථිර ජනාවාසවලට වඩා හේන් වෙන්න පුළුවන්.
Deleteහෝර්ටන්තැන්නේ නැගෙනහිර පෙදෙසට වන්නට පැරණි අඟලේ සිතියම් වල හමුවන රාජසිංහගම එවැන්නක් විය හැකියි. මේ ගැන මම බූ ඇල ගැන ලියනකොට සඳහන් කලා. පහල ඌවේ සිට පැමිණි ජනයා ඒ ප්‍රදේශ වල හේන් වගා කිරීම සිදුවන්නට පුලුවන්. ඇතැම්විට ස්තිර ජනාවාස පවා තියෙන්නට ඇති. රාජසිංහගම එවැන්නක් වෙන්නට පුලුවන් නේද? හැබැයි හොර්ටන්තැන්නෙන් දැනට ආගරපටන, ඩයගම ලෙසින් හැඳින්වෙන ප්‍රදේශ දෙසට නම් ජනාවසා තිබුන බවට සාදක නැහැ දන්න තරමින්. ඩේවි නුවර එලිය පතන හරහා යෑමේදි කරන විස්තරත් මෙහිදි වැදගත්.
Deleteබොගවන්තලාව සිට බලංගොඩ ( සිසිල්ටන්, පින්නවල හරහා ) පාර ගැනත් ලියනවද?
ReplyDelete(Sorry, if you've already written.)
Pra. මම ඒ පාරේ ගොස් කල වීඩීයෝවක් මගේ YouTube චැනලයේ පල කලා. මේ ඒකට ලින්ක් එක - https://www.youtube.com/watch?v=wxoyPeR8tyw&t=11s එම පාරේ ඓතිහාසික ස්ථානයකට හමුවන්නේ බෝල්තුඹේ දේවාලය තමා. එත් මට එහි යන්නට හැකි උනේ නැහැ. ප්‍රදාන වශයෙන් ශාක සහ සතුන් ඡායාරූපකරනයට තම ඒ ගමන ගියේ ඓතිහාසික තැන් වලට වඩා. ඒ සඳහා නැවත හැකි වූ දිනක යන්න ඕනේ
ReplyDeleteදෑකිද - වර්තමානයේ දෙකිඳ ( මාගේ ගම වන අතර කරහදුන්ගල අදටද එසේම ඇත. පැණිතූඩුව පැණිතූඩූමුල්ල වෙයි.
ReplyDeleteස්තූතියි තොරතුරු වලට
Deleteරස, වැදගත් තොරතුරු!
ReplyDeleteස්තුතියි!!
Thank You .
ReplyDeletenice work
welldon