Friday, October 2, 2015

පරංගියා දෙවිනුවර ගිය හැටි


රූපය 1 - පෘතුගීසීන් විනාශ කල පැරනි දේවාලය පිහිටි ස්ථානයේම 18 වන ශතවර්ෂයේ පමණ ගොඩ නැගූ වර්තමාන උපුල්වන් දේවාලය.

"අපගේ මිනිසුන් කිසිදු ප්‍රතිරෝධයක් නැතිවම ඒ දෙසට ගමන් කලහ. විහාරයට (Temple) ලගා වීමෙන් පසුව එහි ගේට්ටු කඩා කිසිවෙකුගේ විරෝධයක් නොමැතිවම ඇතුලුවී එහි සෑම තැන්හීම සෙවූ මුත් කිසිදු මිනිසෙකු සොයාගැනීමට නොහැකි විය. සියල්ලන්ම පලගොස් ඇති බව දුටු තෝම් ද සූසා (Thome de Sousa) එය සොල්දාදුවන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීම සදහා භාරදුන්හ. ඔවුන් සිදුකල ප්‍රථම කාර්යය වූවේ සියලු පිළිම (Idols) විනාශ කිරීමය. විවිධාකාරයේ පිලිම දහසකට වඩා එහි තිබූහ. ඉන් සමහරක් මැටි පිලිම වූ අතර ඇතැම් ඒවා ලී වලින් සාදා තිබුනි. තඹ පිලිමද වූ අතර ඉන් බොහොමයක් රන් ආලේපිත ඒවාය. ඉනික්බිති ඔවුන් එම ශාපලත් (Infernal) ගොඩනැගිල්ලේ වහල, ආරුක්කු ඇතුලු සියලු දේ කැබැලි වලට බිද දැමූහ. එහි ගබඩා වල විශාල ප්‍රමාණයක් ඇත් දල, අගනා සලු, තඹ, ගම්මිරිස්, හඳුන් දර, ආභරණ, මැණික් සහ පන්සලට අයත් වෙනත් අබරණද තිබූ අතර ඔවුන් තමුන්ට රිසි දේ අරගත්හ. ඉතිරි සියල්ලු ගිනිබත් කරන ලදී. විහාරයට කල හැකි උපරිම ගැරහීම කරනු පිනිස ඉන්පසු හරකුන් කිහිප දෙනෙකුද එය තුල ඝාතනය කරන ලදී. එය ඉතාමත්ම අපිරිසිදු දෙයක් වන අතර එය පිරිසිදු කිරීම සදහා විශාල උත්සවයක් කල යුතු වේ. තවද ඔවුන් සත් මහල් ප්‍රාසාදයක් පරිද්දෙන් ලීයෙන් කල කරත්තයකටද* ගිනි තැබූහ. එය ඉතාමත්ම අලංකාර ලෙස විවිධ වර්ණයන්ගේන් ලාක්ෂා කර්මාන්ත කර තිබූ අතර බොහෝ කොටස් රත්‍රං ආලේපිත විය. ඉතාමත්ම වියදම් අධික අනර්ඝ නිර්මාණයක් වූ එම කරත්තය ප්‍රධාන පිළිමය නුවර වටා ගෙන යාමට භාවිතා කරන්නක් විය. එම පිළිමයද සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කරන ලදී. "
වර්තමාන දේවාල භූමිය පුරා විසිරි ඇති පැරණි විනාශ කල දෙවොලේ නටබුන්.
  ඔහුම සදහන් කරන පරිදි "සිරීපාදයට (Adam's peak) පමණක් දෙවෙනි වන එසේම රට පුරාම පාහේ සිටින බැතිමතුන් වන්දනාමාන කරන" දෙවිනුවර උපුල්වන් දේවාලය පෘතුගීසි හමුදාවන් විසින් විනාශ කල ආකාරය පෘතුගීසි ලේඛක කූතෝ (Diogo do Coutoවිස්තර කරන්නේ එලෙසිනි. වර්තමානයේ අපට ආගමික සහජීවනය ගැන ටියුෂන් දීමට පැමිනෙන බටහිර ජාතීන් ඔවුන්ගේ 'ආගමික සහජීවනය' ක්‍රිස්තියානි ආගම නොඅදහන මිලේච්චයන් (Heathens) හට 1587දී ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවේ එලෙසිනි. 

වේල් කරත්තය යනුවෙන් හැදින්වෙන රථය.

වර්තමාන දේවාල භූමිය පුරා විසිරි ඇති පැරණි විනාශ කල දෙවොලේ නටබුන්.

මූලාශ්‍ර
The History of Ceylon from the Earliest Times to 1600 A.D. As Related by Joao de Barros and Diogo do Couto, Translated and Edited by Donald Ferguson, 1909

6 comments:

  1. හොඳ සටහනක්. ඉතිහාසයේ සිදු වූ දරුණුතම සිදුවීම් යළි සිහිපත් කිරීමක්. සෑම විටම මෙවැනි විස්තරයක් සඳහන් නොවූවද, පෘතුගීසීන් විසින් විනාශ කරන ලද අනෙක් විහාර හා දේවාල පිළිබඳව Trindade, Queyroz හා Perniola ගේ කෘතිවල සඳහන් වේ. ඒ මූලිකවම ඔවුන්ගේ පල්ලි ගොඩ නැගූ ස්ථාන පිළිබඳ නාමාවලිවලය!

    ReplyDelete
    Replies
    1. ඔව් මෙම බිමෙත් ඔවුන් කතෝලික පල්ලියක් ගොඩනගනවා.

      Delete
  2. මෙතන ත්‍රෛභාෂික සෙල් ලිපියක් තියෙනවා නේද? ඒ ගැන මොනවත් විස්තර තියෙනවද?

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට ඒක මෙතනින්ම නෙමෙයි ඒ කිට්ටුවෙන් තමා හොයාගත්තේ. මන් හිතන්නේ ඒ ගැන වෙනම පෝස්ට් එකක්ම ලියන්න කරුණු තියෙනවා. නුදුරු දිනයකදිම ඒ ගැන ලියන්නම්

      Delete
  3. ඉතාමත්ම අගෙයි මිතුර..

    ReplyDelete