ගෙඩිගේ හෙවත් ගිඤ්ජකාවසත සම්ප්‍රදායේ වාස්තුවිද්‍යා ලක්ෂණ පෙන්වන ප්‍රතිමාගෘහ කිහිපයකම නටබුන් මෙරට බොහෝ ප්‍රදේශ වලින් හමුවී තිබේ. ඒ අතරින් නාලන්ද ගෙඩිගෙය සැලකිය යුතු මට්ටමකින් එහි මුල් ස්වරූපයෙන්ම ආරක්ෂා වී ඇති එකම බෞද්ධ ශෛලමය ගෙඩිගෙය ලෙස සැලකිය හැක. ඊට අමතරව ගඩොලින් කල වෙනත් එවැනි බොහෝ ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහයන් ප්‍රධාන වශයෙන් මෙරට පැරණි ප්‍රධාන අගනගර වූ අනුරාධපුරය (උදාහරණ ලෙසට ඇතුළුනුවර ගෙඩිගෙය, කිරිබත් වෙහෙර, ජේතවන, මිරිසවැටිය වැනි ස්ථාන වල හමුවන ප්‍රතිමාගෘහ සැලකිය හැක.) සහ පොළොන්නරුව (තිවංක පිළිමගෙය, ලංකාතිලක, ථූපාරාමය, පබළු වෙහෙර සහ කිරි වෙහෙර මළුවේ ඇති ප්‍රතිමාගෘහ) ප්‍රදේශ වලත් පැරණි රුහුණු රටට අයත් මාලිගාවිලත් හමුවේ. එසේම රජරට ප්‍රදේශයේ අගනුවර වලින් තරමක් ඈතට වන්නට පිහිටි අව්කන, වෙල්ගම්වෙහෙර, තිරියාය, නාගලකන්ද ආදි පැරණි නටබුන් විහාර පිහිටි ස්ථාන වලද ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙවල් හඳුනාගෙන ඇත.
ඉහත නම් සඳහන් බොහෝ ස්ථාන ඒවායේ ඇති ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහ සම්බන්ධයෙන්ම නොවූවත් වෙනත් ප්‍රමුඛ පැරණි විහාර නටබුන් හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වේ. එහෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහාවිලච්චිය ප්‍රදේශයේ පේමඩුව ග්‍රාමයේ පිහිටි විහාරස්ථානයකද මෑතකදී සංරක්ෂණය කර ඇති බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහුණ ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘයක නටබුන් දැක ගත හැක.
ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙම ප්‍රතිමාගෘහයේ ගඩොළුමුවා අධිෂ්ඨානයෙහි 11 -12 සියවස් වල ඉදිකල වෙනත් ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහ වල ලක්ෂණ මෙන්ම නඛා වෙහෙර, අනුරාධපුර ඇතුළුනුවර ගෙඩිගෙය වැනි අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි අධිෂ්ඨානයේ ඇතැම් ලක්ෂණද හඳුනාගත හැකි බවය. එම සියළු ලක්ෂණ මත පදනම්ව මෙම ප්‍රතිමාගෘහය ක්‍රි.ව. 11 වන සියවසට අයත් විය හැකි බවය ඔහු අනුමාණ කරන්නේ.
මූලාශ්‍ර
පේමඩුව පුරාණ රජමහා විහාරය ලෙසින් හැඳින්වෙන මෙම නූතන විහාරය පිහිටි බිමේ බෝ ගසට නුදුරින් පිහිටා තිබූ මෙම පිළිම ගෙය කැණීමක් මගින් මතුකරගෙන ඇත්තේ 2011 වර්ෂයේදීය. මෙම ප්‍රතිමා ගෘහය හැරුණ කොට මෙම විහාර භූමියේ වෙනත් එවැනි කිසිදු ගොඩනැගිල්ලක අවශේෂ හමු නොවේ. ප්‍රතිමාගෘහය වර්තමානයේ මුහුණ ලා ඇත්තේ බෝධි වෘක්ෂය දිසාවට වන අතර ප්‍රතිමාගෘහය සහ බෝධි වෘක්ෂය අතර ප්‍රාකාර බැම්මක නෂ්ඨාවශේෂ හමුවේ.
ප්‍රතිමාගෘහයේ තිබෙන්නට ඇතැයි සිතිය හැකි කවන්ධ හිටි පිළිමයක් සහ වෙනත් කුඩා හිඳි පිළිමයක් විහාර භූමියේ දැනට දැකිය හැක. හිඳි පිළිමයේද හිස දැකිය නොහැක. මෙම ප්‍රතිමාගෘහය සම්පූර්ණයෙන්ම පාහේ ගඩොලින් නිර්මාණය කර තිබෙන්නට ඇති බව පෙනේ. ඒ සඳහා කිසිදු ගල් කණුවක් යොදාගෙන නොමැත. මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන මෙරට ප්‍රතිමාගෘහ බොහෝ ගණනාවක් පිළිබඳව ගවේෂණය කල ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙහි ගර්භඝරයත් ආලින්දයත් එකට සම්බන්ධවන බිත්තිය සෙ. මී. 50 ක් වැනි අඩු පළලකින් යුක්ත වීම වෙනත් එවැනි ප්‍රතිමාගෘහ වලින් නුදුටු ලක්ෂණයක් බවය. වෙනත් බොහෝ ප්‍රතිමාගෘහ වල මෙම මැද බිත්තිය සෙසු බිත්ති වලට වඩා පළලින් වැඩිය.
සමස්ත ගොඩනැගිල්ලම පිලිස්සු ගඩොලින් නිර්මාණය කර හුණු බදාමයෙන් කපරාරු කර තිබී ඇති බවට එහි එක් බිත්තියක ඉතිරි වී ඇති හුණු බදාම ස්ථරයෙන් පැහැදිලි වේ. එපමණක් නොව ප්‍රතිමාගෘහයේ ගෙබිමද මුලුමනින්ම ගඩොල් අතුරා හුණු බදාමයෙන් වැස්මක් යොදා තිබූ බවට එහි එක් කොටසක තවමත් ශේෂ වී ඇති බදාම කොටස් වලින් විද්‍යාමාන වේ. මෙම ප්‍රතිමාගෘහයට පිවිසෙන ස්ථානයේ නැගෙනහිර දෙසට යොමු වූ දොරටුවේ කැටයම් රහිත අර්ධ කවාකාර සඳකඩපහණක් සහ ශෛලමය පියගැට දෙකක් දැකිය හැක.
ස්ඵටික හුණු ගලින් නිර්මිත හිටි පිළිමයේ පොළොන්නරු යුගයේ ප්‍රතිමා වල සුලභ ද්විත්ව රේඛා සහිත පාරුපන ක්‍රමය දැකගත හැක. විහාර භූමියේ බෝධි වෘක්ෂය අසල පිහිටි නූතන ගොඩනැගිල්ලක ප්‍රවේශය උදෙසා පැරණි රූප රහිත ස්වරූප දෙකක මුරගල් දෙකක් සහ කොරවක් ගල් දෙකක් යොදාගෙන ඇති අතර, ශෛලමය වතුර පීල්ලක්, සිරිපතුල් ගලක් සහ වෙනත් කැටයම් සහිත ස්ථම්භ යුගලක්ද තවත් නොයෙකුත් ශෛලමය අවශේෂද විහාර භූමිය පුරා දැකගත හැක. එහෙත් මේවා මෙම ස්ථානයටම අයත් නටබුන් ගොඩනැගිලි කොටස්ද නැතහොත් වෙනත් ස්ථාන වලින් මෙහි රැගෙන ආ දේද යන්න නිශ්චිතව කිව නොහැක. මක් නිසාද යත් විල්පත්තු වනෝද්‍යානය ආසන්නයේ පිහිටි මෙම ස්ථානයට එම වනාන්තරයේ තවමත් සැඟවී ඇති සහ හඳුනාගත් බොහෝ පැරණි නටබුන් ස්ථාන වල ඇති දෑ, ඇතැම්විට ගම්මුන් රැගෙන ඒමේ සම්භාවිතාවක් පවතින බැවිනි. නූතන විහාර ඉදිකල ස්ථාන වලට එවැනි දෑ රැගෙන ආ බවට සාධක මෙවන් ඇතැම් විහාර වලින් අපට හමු වී තිබේ.ආචාර්ය දනන්ජය ගමලත් මහතා පවසන්නේ මෙම ප්‍රතිමාගෘහයේ ගඩොළුමුවා අධිෂ්ඨානයෙහි 11 -12 සියවස් වල ඉදිකල වෙනත් ගෙඩිගේ සම්ප්‍රදායේ ප්‍රතිමාගෘහ වල ලක්ෂණ මෙන්ම නඛා වෙහෙර, අනුරාධපුර ඇතුළුනුවර ගෙඩිගෙය වැනි අනුරාධපුර යුගයට අයත් ගොඩනැගිලි අධිෂ්ඨානයේ ඇතැම් ලක්ෂණද හඳුනාගත හැකි බවය. එම සියළු ලක්ෂණ මත පදනම්ව මෙම ප්‍රතිමාගෘහය ක්‍රි.ව. 11 වන සියවසට අයත් විය හැකි බවය ඔහු අනුමාණ කරන්නේ.
මූලාශ්‍ර
- බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය (අනුරාධපුර සහ පොළොන්නරු යුග ඇසුරෙන්) - ආචාර්ය දනන්ජය ගමලත්, 2016
වැදගත්. මගේ නොදැනුම්කම කොච්චරද? මෙච්චර ගෙඩි ගෙවල් තියෙන බවක් මම දැනගෙන හිටියේ නැහැනේ. ඒකයි, මේ පොස්ටුව මට ගොඩක් වැදගත්.
ReplyDeleteඑහි ඇති ෝධියත් ඉපැරැණි එකක් බව පෙනෙනවාද?..
ReplyDeleteනැහැ. එතරම් පැරණි බවක් පේන්න නැහැ. බොහෝවිට මේ ප්‍රදේශ වල ගොවිජනපද ව්‍යාපාර ආරම්භ වීමත් සමග පන්සල පතන් ගත් අවදියේ සිට වූ ගසක් විය හැකියි.
Delete