අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක කපුගම ධම්ම්ක්ඛන්ද හිමියන් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක වූ හැටි සදහා පෙර ලිපිය කියවන්න සුද්දගේ 'භික්ෂු නදෝරිස්කරණය '
කපුගම හිමියන් කිතු සමය වැලඳ ගැනීම සිදුවන්නේ පැහැදිලිවම සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් තාන්න මාන්න සහ ඉඩ කඩම් ලබා ගැනීම සඳහා වූ ඔහුගේ දැඩි කෑදරකම නිස විනා කිතු සමය කෙරෙහි ඔහුගේ ඇතිවූ පැහැදීමක් හෝ බුදුසමය කෙරෙහි හදිස්සියේ ඇතිවූ කලකිරීමක් නිසා නොවන බව ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමේදි වැටහේ. ඔහුගේ උපැවිදි වීම සම්බන්ධයෙන් වූ තවත් මතයකට අනුව බ්‍රවුන්රිග් විසින් උඩරට රාජධානිය ආක්‍රමණය කිරීමේ සැලසුම් ක්‍රියාත්මකකරමින් සිටි මෙම අවධියේ ඒ සදහා උපකාර කරන ලෙස කපුගම හිමියන්ගෙන් බ්‍රවුන්රිග් කල ඉල්ලීම හේතුවෙන් හෙතෙම සිවුරු හල බවටද පැවසේ.
උපැවැදි වී ටික කලකින්ම ඔහුව කුරුණෑගල පලාතේ ආන්ඩුවේ ඒජන්තවරයාගේ භාෂා පරිවර්තක ලෙස පත් කර යවයි. 1818 නිදහස් අරගලය පැනනැගීමත් සමග සත් කෝරළයේදී එම අරගලය කෲර ලෙස මැඩපැවැත්වූ මේජර් හුක් (Major Lionel Hook) සමග එක්වන නදෝරිස් එම ප්‍රදේශයේ කැරලි නායකයාව සිටි පිළිමතලව්වේ අල්ලාගැනීම උදෙසා වෙහෙසෙයි. ඔහුට එම කාර්යය ඉටුකර ගැනීමට නොහැකි වන මුත් තවත් ප්‍රධාන කැරලි නායකයන් දෙදෙනෙක් වන අරම්පොල මොහොට්ටාල සහ හේවාපොල මොහොට්ටාල උපායශීලි ලෙස යටත් කරගැනීමට හැකි වේ. යටත් වුවහොත් ජීවිතදානය දෙන බවට වූ ලිඛිත පොරොන්දුවකින් අරම්පොල මොහොට්ටාලව රවටන ඔහු එම පොරොන්දුව කඩ කරමින් 1818 නොවැම්බර් 2 වෙනි දින යුද අධිකරණ නියෝගයකින් එල්ලා මැරීම සදහා මේජර් හුක්ට ඔහුව භාරකරයි.
නදෝරිස් විසින්ම ලියා තබා ඇති එක් සටහනකට අනුව ඔහුගේ කෲර බව මැනවින් පෙන්නු එක් අවස්ථාවක් මෙසේය. අරම්පොල මොහොට්ටාල වූ කලි කිහිප අවස්ථාවකදීම අල්ලාගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කලත් යටත් කරගත නොහැකි වූ සත් කෝරලය ප්‍රදේශයේ දැඩි සටනක් දුන් ප්‍රධාන සටන් නායකයෙකි. වරක් නදෝරිස් ඇතුළු පිරිසක් ඔත්තුකරුවෙකු පෙන්නු මගකින් කුරුණෑගල සිට වෑඋඩ සිට සැතපුමක් පමණ දුරින් වූ අරම්පොල දක්වා රාත්‍රියේ ගමන් කලේ ඔහුව අල්ලාගැනීමේ අරමුණ ඇතිවය. නමුත් මගවැරදි ගොස් අතරමන් වන ඔවුන් මග සොයාගැනිමට උත්සහ කිරීමේදි නදොරිස් ලිඳකට වැටේ. ඔහුට වැටීමත් සමග පාදයේ සුළු කැක්කුමක් විනා ලොකු අනතුරක් නොවන මුත් මෙය එම ඔත්තුකරු විසින් සිදුකල ද්‍රෝහී ක්‍රියාවක් ලෙස සලකන නදෝරිස් පසුව මග සොයාගෙන අරම්පොල මොහොට්ටාලගේ අතහැර දමා තිබූ නිවසට පැමිණි පසු ඔහුගේ ගෙලෙහි පාවාදීමට දඩුවමක් ලෙස ලියූ තල්පතක් එල්ලා ඔහුව එම නිවස අසල තිබූ සූරිය ගසක එල්ලා මරා දමයි.
කැරල්ල මර්ධනය කිරීම උදෙසා සත් කොරලේ දිසාව ලෙස මොල්ලිගොඩ නිලමේ පත් කර එවීමත් සමග ඔහුට වඩා ඉහල තනතුරක් දරන සහ කුලයෙන් ගොවි වූ ඔහු කෙරේ ඊර්ෂ්‍යා කරන නදොරිස් ඔහුව ඉංග්‍රීසින් කෙරෙහි බිඳවීමට අල්ලාගත් කැරලිකරුවන්ගේ සාක්ෂි සටහන් කිරීමේදී මොල්ලිගොඩ අල්ලස් චෝදනා සදහා පැටලවීමට කැරලිකරුවන් නොපැවසූ වැරදි සාක්ෂි පවා ඇතුලත් කල බව පැවසේ.
සුදු අධිරාජ්‍යවාදීන්ට කෙතරම් සේවය කලත් උඩරට ප්‍රදේශ වල කුරුඳු තැලීමේ රාජකාරියේ යෙදී සිටින සලාගම කුලයේ ජනයාගේ මහමුදලි ලෙස නව තනතුරක් ඇතිකර ඔහුව පත්කරනු ඇතැයි බලපොරොත්තුවෙන් සිටි නදෝරිස්ගේ එම උවමනාව ඉංග්‍රීසින් නොසලකා හැරි අතර කපටි බ්‍රවුන්රිග් වරක් පවසා සිටියේ " ඔහු මහා අපේක්ෂා සහිත සත්වයෙක් වුවත් ඔහු බලාපොරොත්තුවන මහාබද්දේ තනතුර ඔහුට කිසිදා නොලැබෙනු ඇත " කියාය (He is an ambitious creature. What he desires about Mahabadde never could be agreed to). මේජර් හුක් පවා නදෝරිස්ගේ චරිතය මැනවින් නිරීක්ෂණය කල බව ඔහු විසින් ඔහුගේ ඉහල නිලධාරියා වන ලුසිග්නන් (Lusgnan) වෙත ලියා යැවූ ලිපියක නදෝරිස් බලාපොරොත්තුව වූ මහමුදලි කම ගැන සදහන් කරමින් පවසන්නේ එය ලබාදීම නුවණට හුරු නැති පියවරක් බවය (."..Such a step would in my humble estimation be impolitic"). මෙය අනුමත කරමින් බ්‍රවුන්රිග් පවසා සිටින්නේ නදෝරිස්ගේ ක්‍රියාවන් අගය කලයුතු මුත් ඔහු අත අවදානම් විය හැකි මට්ටමේ බලයක් ඔහුට ලබා නොදිය යුතු බවය (I quite agree with Hook. George should be rewarded, but not with power which I do not think is safe in his hand.).
තම ජාතියේ ද්‍රෝහියෙක් වීමෙන් අධිරාජ්‍යවාදීන්ට කොතෙක් සේවය කලත් ඔවුන් ඔහුව අවලංගු කාසියක් කිරීමෙන් සිය තනිකඩ සැදෑසමය ගෙවීමට අලුත්කඩේ වලව්ව (Hulftdorp residence) පමණක් ලබාදුන්හ. අවිවාහකයෙකු වූ ඔහු තමන්ට බිරිඳක් සොයාගැනීමට උපකාර කරන ලෙසට හූක්ගෙන් ඉල්ලා සිටි මුත් හුක් සහ බිසට් (Rev. George Bisset) එම ඉල්ලීම ඔවුන් අතර සම්ච්චලයට ලක්කරමින් විනෝද වූහ.
1843 ඔක්තෝබර් 19 වැනි දින නදෝරිස් මියයන්නේ සිය ජාතිය පාවාදුන් තවත් එක භික්ෂු චරිතයක් ලෙස සිය නම ඉතිහාසයට එක්කිරීමෙනි. එකල මෙන්ම මෙකලද එවන් ජාතිද්‍රෝහි දේශද්‍රෝහි භික්ෂු චරිත අවාසනාවන්ත ලෙස අවසන් ගමන් යන මුත් ඔවුන් විසින් පාවාදුන් දේශය සහ ජාතිය ඔවුන්ගේ පව් වලට චිරාත් කාලයක් වන්දි ගෙවනු ඇත.
මූලාශ්‍ර
Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII
Pieris P.E. 1950, Sinhale and the Patriots 1815-1818.
රූපය - Campbell J. 1843, Excursions Adventures and Field-Sports in Ceylon.
මුදලිවරයෙක් |

thank you for letting us to know about every thing you publish i"m sure more will come
ReplyDeletemay triple gems bless you
You are welcome...Yep sure...
Deletethank you for letting us to know about every thing you publish i"m sure more will come
ReplyDeletemay triple gems bless you
යකා තමයි පාර පෙන්නුවේ... සින්ඩියටත් දා ගත්තා...... ගිහින් බලන්න....
ReplyDeletehttp://kurutugegeepawra1.blogspot.com/
ස්තුතියි!!
Deleteමේ ලිපිය තුලින් අපට අමතකව යන අපේ ඉතිහාසයේ වැදගත් සංධිස්ථාන නැවත සිහිපත් කරවීමක් සිදු වෙනවා.
ReplyDeleteඉතා වටිනා තොරතුරු බිදක්
ඉතිහාස කතා කවදත් අපූර්වත්වයෙන් යුක්තයි. කුතුහලය දනවන සුළුයි. මේ විස්තර පාසල් සිසුන්ට මේ ආකාරයෙන්ම අධ්‍යයනය කරන්නට අවස්ථාවක් නොමතිවීම ගැන දුකයි.
ReplyDelete