Sinhalese Buddhist Priests in Kandy Ceylon |
මේ අතර දඩල්ල ප්‍රදේශයේ විසූ මහබද්දේ මහා මුදලිවරයා වූ (සලාගම කුලයේම) දොන් ඒඩ්‍රියන් ද ආබෲ විජේසුන්දර වික්‍රමරත්න රාජපක්ෂ මුදලිවරයා වෙත දඩල්ල වාලුකාරාමයේ වැඩ විසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන් යෝජනා කරන්නේ තමන්ටද බුරුමයට ගොස් එවැනිම වූ උපසම්පදාවක් ලබා පැමිණීමට අනුග්‍රහ දක්වන මෙන්ය. සහබංදු මුදලිවරයා අමරපුර නිකාය පිහිටුවීමත් සමග ලබා තිබූ ජනප්‍රියතාවය ඔහුගේ තරඟකරුවා වූ තමන්ටද ලබාගැනීමේ අනගි අවස්ථාව අත් නොහරින මහබද්දේ මුදලිවරයාද, කපුගම ධම්මක්ඛන්ද හිමියන්ට අවශ්‍ය අනුග්‍රහය නොපැකිලිව ලබා දෙන්නේ ගිහිකල නදෝරිස් නමින් යුත් ඒ හිමියන් ඔහුගේ දෙමව්පියන්ගෙන් ලබාගෙන මුදලිවරයාගේ පියා විසින් කුඩා කල පටන්ම හදා වඩා ගත් කෙනෙකුද වන නිසාය. මේ අනුව වර්ෂ 1808 දී ගාලු වරායෙන් බුරුමයට පිටත් වන ධම්මක්ඛන්ද හිමියන් 1810 නොවැම්බර් මස දී පෙරලා පැමිණ 1811 ජනවාරි මාසයේ අමරපුර සද්ධම්මවංශ නිකාය පිහිටුවයි.
මුදලිවරයාටම අයත්ව තිබූ වලව්වක් පූජා කිරීමෙන් ඉදිකල වාළුකාරාමයේ වැඩවිසූ කපුගම ධම්මක්ඛන්ද හිමියන්ගේ විහාරය වූ කලි පෙරදිග දැනුම් පද්ධති සම්බන්ධයෙන් විමසිලිමත් වූ බොහෝ උගත් සිවිල් සේවයේ සහ මිෂනාරි කටයුතු වල යෙදී සිටි ඉංග්‍රීසි ජාතිකයන් නිබදව සැරිසැරූ ස්ථානයක් බවට නිතැතින්ම පත් වූයේ ඒ හිමියන්ගේ පෘථුල දැනුම උකහාගැනීමට මෙන්ම බුරුම රජතුමන් විසින් පූජා කල මහත් ධර්ම ග්‍රන්ථ රැසකින් යුත් පොත් ගුලද පරිහරනය සදහාය.
එහි නිතර ආ ගිය ඉංග්‍රීසි ජාතියන් අතර ආන්ඩුකාර බ්‍රවුන්රිග් (Sir Robert Brownrigg) මෙන්ම අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජෝන්ස්ටන්(Alexander Johnston) ද විය. සිවිල් සේවයේ නිරත ඉංග්‍රීසි නිලධාරීන්ට සිංහල ඉගැන්වීමද කපුගම හිමියන් විසින් සිදු කල අතර, බුරුම රජු විසින් ඒ හිමියන්ට පිරිනැමූ 'සිරිසද්ධම්මවංශපාල' නම් ගරු නාමය සහ අමරපුර සද්ධම්මවංශ නිකායේ මහ නායක දූරය 1814 ජනවාරි 4 වැනි දින බ්‍රවුන්රිග් විසින් අනුමත කරන මුත් අඹගහපිටියේ ඥාණවිමලතිස්ස හිමියන්ගේ මහා නායක දූරය පිලිගනු ලබන්නේ ඊටත් වසර 12 කට පසු 1826 මැයි 21 වීමෙන් කපුගම හිමියන් කෙරෙහි ඉංග්‍රිසී ආන්ඩුවේ පිළිගැනීම කොතරම්ද යන්න පැහැදිලි වේ.
කපුගම හිමියන්ව බුරුමයේ සිටියදීම හඳුනාගෙන සිටි වෙස්ලියන් නිකායේ ජේම්ස් කාර්ටර් දේවගැතිතුමාද (Rev. James Carter) නිතර එහි පැමිණි අතර ඔහු හරහා ආන්ඩුකාරවරයාගේ මස්සිනා වූ තවත් වෙස්ලියන් මිෂනාරි දේවගැතිවරයෙකු වූ ජෝර්ජ් බිසට් (Rev. George Bisset) වද හඳුනාගැනීමට ඔහුට හැකිවන අතර කපුගම හිමියන් ඔහු හා නිතර ආගමික වාද විවාද වල යෙදුන බවද කියවේ.
වෙස්ලියන් මිෂනාරිවරුන්ගේ දීර්ඝකාලීන වැඩපිලිවෙල මල්පලගන්වමින් 1816 ජුනි 16 වෙනි දින කපුගම ධම්මක්ඛන්ද හිමියන් සිවුරු හරිමින් ජෝර්ජ් නදෝරිස් ද සිල්වා සමරනායක ලෙසින් කොළඹ කොටුවේ වෙස්ලියන් පල්ලියේ බෞතිස්ම ලබන්නේ බ්‍රවුන්රිග් ආන්ඩුකාරවරයා, අගවිනිසුරුවරයා සහ තවත් බොහෝ රජයේ නිලධාරීන් සහ වෙස්ලියන් නිකායේ මිෂනාරිවරුන් රැසකගේ සහභාගීත්වයෙනි.
සිවුරු හැරීමට කලකට පෙර ඔහු පවසා තිබුනේ මේ වන විට තමන්ට සිවුරු හැරීම සදහා ඇති එකම බය ඉන් පසු මිනිසුන් විසින් තමන්ව 'හීරළුවා' ලෙසින් අමතනු ලැබීම පමනක් යැයි පවසා තිබූ කපුගම ධම්ම්ක්ඛන්ද අමරපුර සද්ධම්මවංශ නිකායේ සමාරම්භක මහානායක හිමියන් ඒ අයුරුන් සිය දිවියේ එක් පරිච්චේදයක් නිමා කරමින් 'හීරළුවෙක්' විය. කතාව එතැනින් නිම නොවේ. නදෝරිස්ගේ හොදම 'වැඩ' පටන් ගනුයේ එතැන් පටන්ය.
'නදෝරිස්කරණය' වී එහෙත් තාමත් සිවුරු දරා සිටින 'සාධාරණ සමාජ' සහ 'පිවිතුරු හෙටවල්' වලට මුවා වූ වර්තමාන 'නදෝරිස්ලා' අද කරන පාවාදීම එදා ඒ නදෝරිස් කල අයුරු වෙනත් දිනක සාකච්චා කරමු.
මූලාශ්‍ර
Paranavitana K.D., 1983/84, Scholar monks of the nineteenth century and the tragic transformation of the high priest ven. Kapugama Dhammakkhanda thero, Journal of the Royal Asiatic Society Sri Lanka Branch, New Series, Volume XXVIII
රූපය - Souvenirs De Liinde, Paris, Victor Lecou, Libraire - Editeur 10, Rue Du Buuloi
කරකෝල අතෑරිය වගේ. කපුගම ධම්මක්ඛන්ද හාමුදුරුවන්ට ඔය ආණ්ඩුකාර බ්‍රවුන්රිග් එක්ක තිබ්බ සම්බන්ධෙ මොකද්ද? බ්‍රවුන්රිග් නේද උඩරට අල්ලගත්තෙ? එතකොට ධම්මක්ඛන්ද හාමුදුරුවොත් ඒකට දායක වුනාද?
ReplyDeleteඑහෙම විශේෂ සම්බන්ධයකට වඩා රටේ ලොකු ලොකු පොරවල් අශ්‍රය කරනකොට ඒ ගොල්ලන් එක්ක පෑල් වෙලා ඒ මට්ටමට යන්න තියෙන කෑදරකම තමා මෙතන තියෙන්නේ. මෙයාගේ ඒ හීනමානය තේරුම් ගත්ත සුද්දොම ලියපු දේවල් තියෙනවා ඒ ගැනත් විස්තර පස්සේ කියන්නම්. නැහැ මෙයා කරලියට එන්නේ 1815 ට පස්සේ හැබැයි 1818 කැරැල්ල වෙලාවෙදි නම් ඒක මර්ධනය කරන්න මෙයා ලොකු සේවයක් කරනවා. ඒ ගැන මන් ඊලග ලිපියෙන් කියන්නම්
Deleteමෙම ලිපියේ දෙවන කොටසෙ ් ලින්ක් එක දෙනවාද.
ReplyDeletehttp://trisinhala.blogspot.com/2015/11/blog-post.html
Delete