
කිනම් කලක ආරම්භ වී දැයි නිශ්චිතවම කීමට පිලිගත හැකි සාධක නොමැති මුත් කෝට්ටේ යුගය වන විට මුන්නේස්වරම දේවාලය තිබූ බවට ක්‍රි.ව. 1441 - 1446 කාලයේ ලියවුන කෝකිල සංදේශයේ එන මෙම කවියෙන්ද පසක් වේ.
පැල දිඟු වෙනුර සරහන කොතබු මිණ ලෙසින්
දළ රිවි බිඹු බබළත වෙසෙස සහ රසින්
දළ සඳ පිහිටි මුන්නේ සරම දැක තොසින්
ලෙළ තුඟු තුරෙක වැද සැතපෙන්න සිතුලෙසින්
මෙහි 'දළ සඳ' ලෙසින් හැදින්වෙන්නේ මෙහෙසුරු හෙවත් ඊස්වර දෙවියන් බැවින්, මුන්නේස්වරම යනු ඊස්වර දෙවියන් වෙනුවෙන් වූ දෙවොලක් බව පෙනේ. එසේම 'මුනි' සහ 'ඊස්වරම්' යන වචන එකතු වීමෙන් මුන්නේස්වරම යන්න සෑදී ඇති බවද සැලකිය හැක. මේ කාලය වන විට සලාවත් තොට (හලාවත) ජනාකීර්ණ වරායක්ව පැවති බැවින් ඒ ආසන්නයේ පිහිටි මෙම දෙවොලද මෙම නැව් තොටින් වෙළදාම සඳහා පැමිනි ශිව දෙවියන් අදහන දකුනු ඉන්දීය හින්දු භක්තික දෙමළ වෙළෙදුන්ගේ ජනප්‍රිය පූජනීය ස්ථානයක් වූවා විය හැක. එසේම මෙම සියවස් වල විවිධ දකුනු ඉන්දිය ජන කණ්ඩායම් වරින් වර මෙරටට සංක්‍රමණය වීම් සිදුවූ බවට සාධක ඇති බැවින් මෙරට බටහිර වෙරලේ පදිංචි වූ එම ජන වර්ග වල පුදපෙත් කටයුතු වෙනුවෙන් මුන්නේස්වරම ඉදිවූවාද විය හැක. (මෙම ජන කණ්ඩායම් කුල ක්‍රමය යටතේ සිංහල ජාතිය තුලට අවශෝසනය වූ අතර පසු කාලීනව ඔවුන් හින්දු ආගම අතහැර කතෝලික සහ බෞද්ධ ආගම් වැලඳ ගත්හ. ඒ පිළිබඳව සවිස්තරාත්මකව පසුව සලකා බලමු ) තවද හලාවත කේන්ද්‍රගත කරගෙන සිදුවූ මුතු සහ වාලම්පූරි සෙවිම සදහා කිමිදීමේ කටයුතු වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් මෙරටට වසරේ එම කිමිදීම් සිදුවන කාල වලදී පැමිණි දකුණු ඉන්දීය ද්‍රවිඩ ජනයාගෙන් නිතර වැඳුම් පිදුම් ලැබූ පුද බිමක් ලෙසටද ඇතැම් විට මුන්නේස්වරම පවතින්නට ඇත.
![]() |
දේවාලයේ පාදමේ දැකිය හැකි සෙල්ලිපිය |
![]() |
සෙල්ලිපියේ කොටසක් |
![]() |
ප්‍රතිසංස්කරණය වූ මුන්නේස්වරම් දේවාලය |
17 වන ශතවර්ෂයේදී නැවතත් උඩරට සිංහල රාජධානියේ බලයට මෙම ප්‍රදේශය නතුවීමෙන් අනතුරුව, 18 වන ශතවර්ෂයේදී මුන්නේස්වරම නැවතත් ප්‍රතිසංස්කරණය වන්නේ රට පුරා විනාස වී තිබූ බෞද්ධ පුදබිම් අති විසාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණයට ලක් කල සිංහල බෞද්ධ සංස්කෘතිය වැලඳ ගත් දකුණු ඉන්දීය නායක්කර් රජ කෙනෙකු වන කීර්ති ශ්‍රී රාජසිංහ නරපතියන්ගේ අතිනි. ඉන්දියාවෙන් ගෙන්වූ ශිල්පීන් ලවා 1753 දී එහි වැඩ අවසන් කල බව පැවසේ.
* අමුණු - වී අමුනක් වගා කල හැකි වපසරියක් ඇති ඉඩමක්. මෙහි ප්‍රමාණය ප්‍රදේශය අනුව වෙනස් වේ.
මූලාශ්‍ර
- The Munnesvaram Tamil Inscription of Parakramabahu VI, Pathmanathan, S. Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume XVIII, 1974.
- කෝකිල සංදේශය
- සැළලිහිණි සංදේශය
- සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1997
- ශ්‍රී සුමංගල ශබ්දකොෂය - වැලිවිටියේ සෝරත හිමි, 1999
- The Temporal and Spiritual Conquest of Ceylon - Fernao de Queyros, Translated by S.G. Perera, 1930
- Ceylon the Portuguese Era , Paul E. Pieris, Vol 1 & 2, 1913
ගොඩක් ස්තූතියි භූෂන මේ විස්තරයට... මයෙ හිතේ කලිං ලිපියෙ කිව්ව දෙමළ සෙල්ලිපි මාළාවෙ ආරම්භය නේද?
ReplyDeleteහරියට හරි එහෙම පෝස්ට් පෙලකට අදහස දුන්නටත් ස්තූතියි.
Delete