ඇහැලේපොල ප්‍රමුඛ සිංහල රදලවරුන් නායක්කර් වංශික රජු පාවා දී, යුරෝපීය ජාතීන් තුනකටම සියවස් තුනක් පුරා සටන් කර යටත් කරගත නොහැකිවූ උඩරට සිංහලේ බලය බන්දේසීයක තබා 1815 මහා පාවාදීමේ ගිවිසුම මගින් සටනකින් තොරවම ඉංග්‍රීසීන් අතට ලබාදුන් නමුත්, වැඩි කල් නොගොස්ම තමුන්ට වැරදුන බව වටහා ගත්හ. එහි ප්‍රථිපලය වූවේ දොරේසාමි නමින් රාජ ප්‍රතිරූපකයෙක් ඉදිරියට දමා ගනිමින් කොහුකුඹුරේ රටේරාල, බූටෑවේ රාල ඇතුළු ඌව-වෙල්ලස්සේ දේශප්‍රේමින් ඇරඹූ 1817-18 මහා අධිරාජ්‍යවිරෝදී සටනට ක්‍රමයෙන් කැප්පෙටිපොල ඇතුළු රදල වරුන්ද එක්වී එයට නායකත්වය සැපයීමය. වඩුග රජුගෙන් සිංහල රජ කෙනෙකු අතට බලය ලබාගැනීමට ඉංග්‍රිසීන්ගෙ පිහිට පැතු රදලවරු නැවතත් වඩුග රජෙකු බලයට ගෙන ඒමට කැරලි ගැසීම එක්තරා අතකින් ඉතිහාසයේ සරදමකි. කෙසේ නමුත් දොරේසාමි නමින් පෙනී සිටියේ කලින් මහණ වී සිට සිවුරු හැරි විල්බාවේ රාල නම් රාජවංශික නොවන සත් කොරලයේ සිංහල පුද්ගලයෙකු බව කල් යාමේදි වටහාගන්නා පිළිමතලාවේ සහ මඩුගල්ලේ වැනි රදල නායකයන් සටන අතහරින මුත් කැප්පෙටිපොල ඇතුළු සුලු පිරිසක් අවසානය දක්වාම සටන මෙහෙයවයි.
කැරලි නායකන් අල්ලා ගෙන හිස ගසා දැමීමෙන් සහ ඇතමුන් මුරුසි දිවයිනට පිටුවහල් කිරීමෙන් මෙම ප්‍රතිරෝධය සමනය කර ගැනීමට ඉංග්‍රීසීන් සමත් වන මුත් බොහෝ දෙනා සිතන පරිද්දෙන් 1848 දී නැවතත් ඇතිවන කැරැල්ල දක්වා කිසිදු ප්‍රතිරෝධයක් සිංහල දේශමාමක බලවේග තුලින් යටත්විජිතවාදීන් වෙත එල්ල නොවූවා නොවේ. කාලයේ වැලිතලාවෙන් යටවී ගිය එවන් සුලු පරිමාණ නැගිටීම් කිහිපයක් පිළිබදවම තොරතුරු ආචාර්ය කුමාරි ජයවර්ධන සිය පර්යේෂණ මගින් හෙලිදරව් කරයි*.
1820 ජනවාරි 6 වෙනි දින බින්තැන්න ප්‍රදේශයෙන් කුමාරස්වාමි නම් රාජ ප්‍රතිරූපකයෙක් මතුවි පවසන්නේ 1818 දී තමාව සිංහලේ රජකමට විල්බාවේ වෙනුවට පිළිමතලාවේ සහ මඩුගල්ලේ ඇතුලු සත් රටේ නායකයන් පිරිසක් ඉදිරියේ සිරිමා බෝධිය අභියසදි තෝරාගත් බවය. තමා හේවාහැට ඉපදුන සිංහලේ අවසාන රජුගේ නෑයෙකු බවත්, ශ්‍රි වික්‍රම රාජසිංහ රජු විසින් ඔහුව ඌව පලාතට පිටුවහල් කල බවත්, වෙළෙඳ සහ භික්ෂු වෙස් ගෙන ඇවිදිමින් සිටින අතරේ 1818 දී රුවන්වැල්ලේදි හසුවි කොළඹ සිරකරුවෙකු ලෙස සිටි බවත්, ඔහු වැඩිදුරටත් හෙලිකරයි. ගණේගොඩ අධිකාරම වෙත පුස්කොල පතක් යවමින් ඔහු පවසන්නේ තමා කොබ්බෑකඩුවේ නායක තෙරණුවන් හමුවන්නට බලාපොරොත්තු වන බව මොල්ලිගොඩ අධිකාරම ඇතුළු අන් අයට දන්වන ලෙසත්, බුළුවාලේ උන්නාන්සේ භාරයේ ඇති දළදාව විමලධර්ම නරේන්ද්‍රසිංහ නමින් රජවි ඇති තමා වෙත ගෙන එන ලෙසත්ය. තවද ඔහු 1818 කැරැල්ලේ රාජ ප්‍රතිරූපකයාව සිටි විල්බාවේ හමු වූ බවත්, ඔහුට පලමුව තෙලිගු භාෂාවෙන් (නායක්කර්වරුන්ගේ භාෂාව) සහ නැවත දෙමළ භාෂාවෙන් ඇමතූ මුත් එම භාෂා ඔහුට නොතේරුන බැවින් අවසානයේ සිංහලෙන් අමතා අදහස් හුවමාරු කරගත් බවත්, තමුන් නියම රජු බව ඔහුද පිලිගත් බවත්, හෙතෙම වැඩි දුරටත් එහි සදහන් කරයි. 1818 දි මෙන් මෙවරද වැදි ජනතාව කැරැල්ලේ පෙරමුණ ගත් බවත්, ඔවුන් යම් යම් කලබල ඇති කල බවත් ආන්ඩුකාරවරයාගේ සටහන් වලින් හෙලිවේ. රාජ ප්‍රතිරූපකයා සදහන් කරන්නේ මාරකේ නමැති වැදි ගම්මානයට ඔහු පැමිණි විට 7000 ක පමණ වැද්දන් වැඳ වැටී ඔහුට රජෙකුට මෙන් ආචාර කල බවත් ඔවුන් දුනු ඊතල වලින් සන්නද්ධව ඔහුව මහවැලි ගඟින් එතෙරට ගෙන ආ බවත්ය.
එක් සතියකින් කැරැල්ල අවසන් වන්නේ එදා සිට අද (2015 ඔක්තෝබර් ජිනීවා පාවා දීම) දක්වාම නැවත නැවතත් සිදුවෙන අයුරින් සිංහලයන්ට ආවේණික පාවාදීම මෙතනදිත් නැවතත් සිදුවීමෙනි. ගණේගොඩ දිසාව විසින් මේ පිලිබද ඉංග්‍රිසීන්ට දැනුම් දීමෙන් නොනැවතී පිරිසක් සමග ගොස් 1820 ජනවාරි 12 දින රාජ ප්‍රතිරූපකයාව අල්ලා ගෙන ඉංග්‍රීසි ආන්ඩුවට භාර දෙයි. නඩු විභාගයක් අවසානයේ ඔහුට අත්හිටවූ මරණ දඩුවමක් ලබාදී මුරුසි දිවයිනට පිටුවහල් කරයි. ඉංග්‍රීසීන් මුදල්, අංගසම්පූර්ණ නිවසක් සහ ඇඳුම් පැලදුම් ලබා දීමෙන් ගණේගොඩ දිසාවගේ කැපවීම අගය කරයි (The Disava was rewarded with money, a furnished house and "a splendid new dress" ).
මේ රාජ ප්‍රතිරූපකයා සත්‍ය වශයෙන්ම නායක්කර්වරයෙකුද යන්න පැහැදිලි නොමැති මුත් ඔහු තමා එසේ වන බව හඟවන්න දරන උත්සාහයෙන් හැගෙන්නේ ඔහු විල්බාවේ මෙන්ම සිංහල ජාතිකයකු බවය. පිට පිට අවස්ථා දෙකකදිම ඉස්මතු වූ රාජ ප්‍රතිරූපකයන් තමුන් වඩුගයන් බව හඟවන්න උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ උපතින් සිංහල නොවුනත් සිංහල බෞද්ධ සංස්කෘතියේ පැවැත්ම උදෙසා මහඟු සේවයක් කල නායක්කර් රජ වරුන් කෙරෙහි ජනතාවගේ තිබූ ප්‍රසාදයද? නැතහොත් එකිනෙකා සමග කුලල්කාගන්නා සිංහල රදලයන්ට වඩා විශ්වාසයක් ජනතාවට ද්‍රවිඩ සම්භවයක් ඇති දකුණු ඉන්දීයාවෙන් පැමිණි වඩුග රජවරුන් කෙරේ පැවැති බවද?
රූපය - සිංහල හේවායකු නිරූපිත ලී කැටයමක් , ඇම්බැක්කේ දේවාලය
*Perpetual Ferment: Popular Revolts in Sri Lanka in the 18th and 19th Centuries, Kumari Jayawarena - Colombo, Social Scientists's Association, 2010

අමතකව ගිය මෙවැනි නිදහස් සටන්කාමීන් ගැන සඳහන් කිරීම ගැන තුති. බ්‍රිතාන්‍ය පාලනය තුළ මෙවැනි අමතකව ගිය නැගීසිටීම් කිහිපයක්ම තිබෙනවා. මේවා කැරලි නොව නිදහස් සටන් ලෙස හැඳින්වීමත් වැදගත්.
ReplyDeleteඑක් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. - "පිට පිට අවස්ථා දෙකකදිම ඉස්මතු වූ රාජ ප්‍රතිරූපකයන් තමුන් වඩුගයන් බව හඟවන්න උත්සාහ කිරීමෙන් පැහැදිලි වන්නේ උපතින් සිංහල නොවුනත් සිංහල බෞද්ධ සංස්කෘතියේ පැවැත්ම උදෙසා මහඟු සේවයක් කල නායක්කර් රජ වරුන් කෙරෙහි ජනතාවගේ තිබූ ප්‍රසාදයද? නැතහොත් එකිනෙකා සමග කුලල්කාගන්නා සිංහල රදලයන්ට වඩා විශ්වාසයක් ජනතාවට ද්‍රවිඩ සම්භවයක් ඇති දකුණු ඉන්දීයාවෙන් පැමිණි වඩුග රජවරුන් කෙරේ පැවැති බවද?"
මට හිතෙන හැටියට මෙහිදී ඔබ කියන කරුණුවලට වඩා වැදගත් උනේ වෙනත් සාධකයක් - මේ නිදහස් සටන්කාමීන්ට ජනතාවගේ සහාය ගන්නට තමන්ට රාජ්‍යත්වයට අයිතියක් ඇති බව කීම අවශ්‍ය වුනා. එහිදී තමන් රාජ වංශයකට අයත් බව කීම වැදගත් නිසා ඔවුන් තමන් වඩුගයන් බව පවසන්නට ඇති. මොකද ඒ වන විට වෙනත් සිංහල රාජ වංශයක සිටි බවට පිළිගත හැකි සාධක නැහැ නේද?
ඔව් කාරණා දෙකටම එකඟයි
Deleteවිමුක්තිි අරගලයක් යනු කූමක්ද
ReplyDeleteවැදගත් ඉතිහාස ලිපියක් මෙවැනි කාරණා සොයා ගැනිම අපහසුයි ස්තුතියි.
ReplyDelete