කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසන්නයේ බුදුමුත්තෑව නම් ගමෙහි පිහිටි මහනුවර යුගයේ ඉදිකල ටැම්පිට විහාරයක, වෙනත් පැරණි නටබුන් ගොඩනැගිල්ලකින් රැගෙන ආ බවට විශ්වාස කල හැකි දෙමළ සෙල්ලිපි දෙකක් සහිත ගල් ටැම් දෙකක් හමුවේ. දෙමළ සහ ග්‍රන්ථ අක්ෂර වලින් ලියා ඇති මෙම සෙල්ලිපි දෙකට අමතරව තවත් දෙමළ පුවරු ලිපියක් මෙම ස්ථානයේ ඇති මුත් එය කියවීමට නොහැකි තරමටම ගෙවී ගොස් ඇත. එඩ්වඩ් මුලර් (Dr. Edward Muller) මහතා සිය Ancient Inscriptions in Ceylon ග්‍රන්ථයේ 1883 දී මුල්වරට මේ ලිපි තුන පිළිබදව සදහන් කරන මුත් එම ලිපි වල අන්තර්ගතය ඔහුට තේරුම් ගැනීමට හැකි වී නැත. පලමුවරට ඒවා සම්පූර්ණයෙන් කියවා පලකරන්නේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා විසින් 1933 පලකල Epigraphia Zeylanica තුන්වන වෙලුමෙහිය.
මින් එක් ලිපියක් පිහිටුවා ඇත්තේ අභය සිලාමේඝ ජයබාහු (ලිපියේ දැක්වෙන ලෙසට අභය සලාමේඝ ශ්‍රී ජයබාහු දේවාර්) රජුගේ 8 වෙනි රාජ්‍ය වර්ෂයේදී බව එහි සදහන් වේ. මේ නමින් පොළොන්නරුව අගනුවර කරගනිමින් රාජ්‍යය විචාලේ චෝල යටත්විජිත පාලනයෙන් සිංහලේ මුදාගත් පළමුවෙනි විජයබාහු රජුගේ සහෝදරයකු සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ පළමුවෙනි ජයබාහු ලෙස පරණවිතාන මහතා හඳුනාගනී. ඒ අනුව යමින් සෙල්ලිපිය පිහිටවූ වර්ෂය ක්‍රි.ව. 1122 ලෙස සැලකිය හැකි බව ඔහු නිගමනය කරයි.
ලිපියේ අන්තර්ගතයේ දැක්වෙන ලෙසට වීරබාහුදේවාර් ගේ නිලධාරින් විසින් කම්මල් කරුවන් හට (Blacksmiths) රජකයන් (Washermen) විසින් පෙර සිරිත් ලෙස කල යුතු රාජකාරී ඒ අයුරින් ඉටුකල යුතු බවට පැණවූ නියෝගය ගැන සදහන් කරමින් මෙම ලිපිය පිහිටුවා ඇත්තේ මක්කලිංගම් කනවඩි නම් පුද්ගලයෙකි. කුම්මාරචේන නම්බනන් හෙවත් විජයබරනන් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම නම් සාක්කිකරුවන් වශයෙන් මෙහි සදහන් වන මුත් සිංහල පුද්ගල නම් සහ ස්ථාන නාම දෙමළ ඌරුවකින් සදහන් කරන්නට යෑම හේතුවෙන් ඒවා පැහැදිලිව වර්තමානයේ සිංහල හෝ දෙමළ උගතුන්ට හඳුනාගත නොහැකි වී ඇති බව පරණවිතාන මහතා සදහන් කරයි. රජකයන් විසින් කම්මල්කාර කුලයේ පුද්ගලයන්ට සැපයිය යුතු පාවඩ රෙදි, කොටසලු සහ මෘතදේහ වල මුහුණු වැසීමට ගන්නා සලු ලබාදීමෙන් වැලකී සිටි අවස්ථාවේ පෙර සිරිත එසේ නොවන බවත් එම දේවල් ඔවුන්ට ලබාදීම රජකයන්ගේ රාජකාරීයක් බවත් සදහන් කරමින් මෙම නියෝගය පනවා ඇත.
මෙහි සදහන් වන් වීරබාහු (වීරබාහුදේවාර්) යනු මෙම ප්‍රදේශය අයත්වන දක්ෂිණ දේශය මේ කාලයේ පාලනය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ පියානන් වන මානාභරණ හැදින්වූ තවත් නමක් බව මහාවංශයේ පැහැදිලිව සදහන් කර ඇත. තවද මෙම ලිපියේ සදහන් වන කරුණු තහවුරු කරමින් මහාවංශයේ එන සදහනකින්ද ගම්‍ය වනුයේ මානාභරණ (වීරබාහු ) ඇතුළු මෙම අරාජීක යුගයේ රටේ විවිධ ප්‍රදේශ පාලනය කල රජවරුන් සිව්දෙනාම පැරණි කුල සිරිත් වලට ගරු නොකල බවය. (....අපරික්ෂාකාරී බැවින් උසස් කුලවතුන් පිරිහෙලුහ. හීන වූ ස්වාභිමත ජනයන් මහත් තන්හී තැබූහ.- මහාවංශය 61 වැනි පරිච්චේදය)
වසර 40 ක පමණ දිගු චෝල යටත් විජිතවාදී පාලනයකින් මිදී දශක කිහිපයකට පසුත් චෝල සම්භවයක් සහිත ද්‍රවිඩ පුද්ගලයන් මෙරට වයඹ දිග ප්‍රදේශයේ රැදී සිටිය බවත්, ඇතැම් විට ඔවුන් ප්‍රාදේශියව යම් පරිපාලන බලතල සහිත ප්‍රභූන් ලෙස සමාජයේ ඉහල තලයේ වැජඹුන බවත්, ඔවුන් පෙර සිට පැවැති කුල සිරිත් පවා ද්‍රවිඩ නොවන මානාභරණ වැනි පාලකයන් හරහා වෙනස් කිරීමට තරම් බලයක් ඇතිව සිටි බවත් (මහාවංශයේ එන සදහන විශ්වාස කරන්නේ නම්) මෙම ලිපියෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් පසුකාලීනව මෙම නියෝගය සදහන් සෙල්ලිපිය මත එම ප්‍රදේශයේ ජනතාව විසින්ම ටැම්පිට විහාරයක් තැනවීමෙන් සංකේතාත්මකව පිලිබිඹු වන්නේ එම ද්‍රවිඩයන් කාලයත් සමග සිංහල ජනවර්ගය තුලට අවශෝෂණය වී සිංහල බෞද්ධ සංස්කෘතිය වැලද ගත් බව නොවේද?
බුදුමුත්තෑව ටැම්පිට විහාරයේ ඇති දකුණු ඉන්දීය චෝල රජෙකු වන කුලෝත්තුංගගේ දියණිය විසින් පිහිටවූ දෙමළ සෙල්ලිපිය පිලිබඳ විස්තර සමග නැවත හමුවෙමු.
මූලාශ්‍ර
බුදුමුත්තෑව ටැම්පිට විහාරය |
ලිපියේ අන්තර්ගතයේ දැක්වෙන ලෙසට වීරබාහුදේවාර් ගේ නිලධාරින් විසින් කම්මල් කරුවන් හට (Blacksmiths) රජකයන් (Washermen) විසින් පෙර සිරිත් ලෙස කල යුතු රාජකාරී ඒ අයුරින් ඉටුකල යුතු බවට පැණවූ නියෝගය ගැන සදහන් කරමින් මෙම ලිපිය පිහිටුවා ඇත්තේ මක්කලිංගම් කනවඩි නම් පුද්ගලයෙකි. කුම්මාරචේන නම්බනන් හෙවත් විජයබරනන් ඇතුළු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේම නම් සාක්කිකරුවන් වශයෙන් මෙහි සදහන් වන මුත් සිංහල පුද්ගල නම් සහ ස්ථාන නාම දෙමළ ඌරුවකින් සදහන් කරන්නට යෑම හේතුවෙන් ඒවා පැහැදිලිව වර්තමානයේ සිංහල හෝ දෙමළ උගතුන්ට හඳුනාගත නොහැකි වී ඇති බව පරණවිතාන මහතා සදහන් කරයි. රජකයන් විසින් කම්මල්කාර කුලයේ පුද්ගලයන්ට සැපයිය යුතු පාවඩ රෙදි, කොටසලු සහ මෘතදේහ වල මුහුණු වැසීමට ගන්නා සලු ලබාදීමෙන් වැලකී සිටි අවස්ථාවේ පෙර සිරිත එසේ නොවන බවත් එම දේවල් ඔවුන්ට ලබාදීම රජකයන්ගේ රාජකාරීයක් බවත් සදහන් කරමින් මෙම නියෝගය පනවා ඇත.
කියවිය නොහැකි ලෙස විනාශ වූ පුවරු ලිපිය වර්තමානයේ බිත්තියකට අල්ලා ඇති අයුරු |
සෙල්ලිපි සහිත කුළුණු ටැම්පිට විහාරයට යොදාගෙන ඇති අයුරු |
වසර 40 ක පමණ දිගු චෝල යටත් විජිතවාදී පාලනයකින් මිදී දශක කිහිපයකට පසුත් චෝල සම්භවයක් සහිත ද්‍රවිඩ පුද්ගලයන් මෙරට වයඹ දිග ප්‍රදේශයේ රැදී සිටිය බවත්, ඇතැම් විට ඔවුන් ප්‍රාදේශියව යම් පරිපාලන බලතල සහිත ප්‍රභූන් ලෙස සමාජයේ ඉහල තලයේ වැජඹුන බවත්, ඔවුන් පෙර සිට පැවැති කුල සිරිත් පවා ද්‍රවිඩ නොවන මානාභරණ වැනි පාලකයන් හරහා වෙනස් කිරීමට තරම් බලයක් ඇතිව සිටි බවත් (මහාවංශයේ එන සදහන විශ්වාස කරන්නේ නම්) මෙම ලිපියෙන් පැහැදිලි වේ. කෙසේ නමුත් පසුකාලීනව මෙම නියෝගය සදහන් සෙල්ලිපිය මත එම ප්‍රදේශයේ ජනතාව විසින්ම ටැම්පිට විහාරයක් තැනවීමෙන් සංකේතාත්මකව පිලිබිඹු වන්නේ එම ද්‍රවිඩයන් කාලයත් සමග සිංහල ජනවර්ගය තුලට අවශෝෂණය වී සිංහල බෞද්ධ සංස්කෘතිය වැලද ගත් බව නොවේද?
බුදුමුත්තෑව ටැම්පිට විහාරයේ ඇති දකුණු ඉන්දීය චෝල රජෙකු වන කුලෝත්තුංගගේ දියණිය විසින් පිහිටවූ දෙමළ සෙල්ලිපිය පිලිබඳ විස්තර සමග නැවත හමුවෙමු.
මූලාශ්‍ර
- Ancient Inscriptions in Ceylon collected and published for the government by Dr. Edward Muller, 1883
- Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume III, 1933
- මහාවංශය (සිංහල සංස්කරණය )
සම්බන්ධිත පෙර ලිපි
No comments:
Post a Comment