කතෝලික දහම මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමින් ලෙස සැලකිය හැක්කේ 1534 දී ප්‍රථම වරට කෝට්ටේ
රජුගේ ඇරයුමින් මෙරටට පැමිණි ප්‍රැන්සිස්කානු නිකායේ පූජකවරුන්ය. රටේ අනිකුත් ප්‍රදේශ වල බලය පතුරුවාගෙන සිටි ප්‍රාදේශිය රජුන් සමග වූ - විශේෂයෙන්ම සීතාවක රාජධානියේ මායාදුන්නේ සමග - අභ්‍යන්තර අරගල වලින් හෙම්බත් වී සිටි කෝට්ටේ පාලකයා වූ බුවනෙකබාහු මේ ඇරයුම කරන ලද්දේ හුදෙක් පෘතුගීසීන්ගේ හොඳහිත දිනාගැනීමට විනා ඔහුට කතෝලික දහම මෙරට පතුරුවාලීමට හෝ තමාට එම දහම වැලඳගැනීමට හෝ කිසිදු වුවමනාවක් නොවූ බව පෘතුගීසීන්ගේ දැඩි බලකිරීම් මධ්‍යයේ පවා ඔහු මරණය දක්වාම බෞද්ධයකුව සිටීමෙන් පැහැදිලි වේ.* මෙරට පාලකයකු ලෙස පලමුවරට කතෝලිකයකු වන්නේ දොන් ජුවන් ධර්මපාල නමින් ප්‍රකටව සිටි ඔහුගේ මුණුබුරාය.
තමන් අදහන දහම විනා අන් කිසිදු ආගමක් නොතැකූ පෘතුගීසින් තමන්ගේ අණසක පතුරුවාලිය හැකි පෙදෙසේ වූ එවන් අනිකුත් ආගමික මධ්‍යස්ථාන විනාශ කරමින් නොනැවතී එවන් ස්ථාන වල කතෝලික දෙව් මැදුරු ඉදි කිරීම සහ බෞද්ධ විහාර සහ දේවාල ගම් වල ආදායම එම පල්ලිවරට පවරා දීමද සිදු කලහ.
වර්ෂ 1631 වන විට ප්‍රැන්සිස්කානු නිකායේ පමණක් දෙව් මැදුරු 54 දිවයිනේ බටහිර වෙරල තීරයේ වූ බවට Paul da Trindade ඔහුගේ Conquista Espiritual do Oriente නම් කෘතියේ පවසයි. ඔහු එක් එක් දේවස්ථාන පිළිබදව කෙටි හැදින්වීමක්ද දෙන අතර එම දේවස්ථාන ගොඩනැගීමට පෙර එම ස්ථානයේ වූ "මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ" ආගමික ආයතන පිළිබදවද ඇතැම් විට සදහන් කරයි. මේ ඒ ඇසුරින් සම්පාදිත ලිපියකි. මේ ඇතැම් ස්ථාන වල වර්තමානයේ පවා පැරණි විහාර වල නටබුන් දැකිය හැකි අතර එම ස්ථාන වල ඡායාරූපද මේ සමග පලවේ. උපුටාගැනීම මෙරට කතෝලික පල්ලියේ ඉතිහාසය The Catholic Church in Sri Lanka නම් වූ අගනා ග්‍රන්ථ පෙලක් මගින් ලොවට හෙලිකල V. ෆර්නියෝලා (V. Perniola) පියතුමාගේ පෘතුගීසී යුගය සම්බන්ධ එහි දෙවන වෙලුමේ වූ ට්‍රිනිඩේඩ් ගේ කෘතියේ ඉංග්‍රිසි පරිවර්තනයේ කොටස් වලිනි.
නවගමුව
Nagao ලෙසින් හඳුවන මල්වාන ආසන්නයේ 'ගම් නවය' යන තේරුමින් යුත් ග්‍රාමයේ තිබූ බව පවසන මෙම ස්ථානය හඳුනාගැනීම අපහසු නැත. ඒ අද දිනයේ නවගමුව පත්තිනි දේවාලය පිහිටි ස්ථානයයි. නවගමුව ගම මිත්‍යාලබ්ධික රජු විසින් එම ස්ථානයේ කලින් තිබූ විශාල ගොඩනැගිලි වලින් සමන්විත ඉතා අනර්ඝ විහාරයට පූජා කර තිබූ බවත් එම විහාරය පිහිටි ස්ථානයේ දැන් සාන්ත ජෙරම් (Glorious doctor St Jerome) උදෙසා පූජාකල දේවස්ථානය පිහිටි බවත් ට්‍රිනිඩේඩ් පවසයි. 1631 වන විට එම ගමේ ක්‍රිස්තු භක්තිකයන් 2123 සිටි බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.
මාපිටිගම
කලින් සිංහලයන්ගේ ප්‍රසිද්ධ විහාරයක් පිහිටි ස්ථානයක කැලණි ගඟ ආසන්නයේම මාපිටිගම (Mapitigao) දේවස්ථානයක් පිහිටා තිබූ බව ට්‍රිනිඩේඩ් පවසයි. පැරණි විහාරයේ නටබුන් ඒ වනවිටද දක්නට තිබූ බව වැඩි දුරටත් ඔහු හෙලි කරසිටී. මේ අද මාපිටිගම ලෙසින් හැදින්වෙන ප්‍රදේශය බව Mapitigao යන්නෙහි අරුත "ගමේ විශාල කුඹුර"(The big field of the village) යනුවෙන් අර්ථ දක්වා තිබීමෙන් පැහැදිලි වේ. කලින් කැප්ටන් ජෙනරාල් ලෙස සිටි අසවේදු (Dom Hieronimo d' Azevedo) විසින් මෙම දේවස්ථානය පිහිට වූ බවත්, 1631 වන විට ගංවතුර හේතුවෙන් එය බෙහෙවින් විනාශ වි තිබූ බවත්, ඒ නිසා වඩා උස් ස්ථානයකට ගෙන යෑමට ඒ වන විට අදහස් කර තිබූ බවත් හෙතෙම පවසයි. එම දේවස්ථානයට අනුයුක්තව බැතිමතුන් 1278 සිටි බව පැවසේ. මෙම භූමිය පිහිටි නිශ්චිත ස්ථානය හඳුනාගැනීමට හැකිවී නැත.
කැළණිය
පෙර කල කෝට්ටේ රජතුමාගේ නිවාඩු නිකේතන මාලිගාව පිහිටි ස්ථානයේ ශාන්ත බර්තලමියු දේවස්ථානය (Church of San Bartholomeu of Calane) පිහිටා ඇති බව ට්‍රිනිඩේඩ් පවසයි. රජ වාසලේ පාදම පමනක් එවකට දක්නට තිබූ බව ඔහු වැඩි දුරටත් හෙලි කර සිටී.
වත්තල
කලින් ස්වදේශිකයන්ගේ විහාරයක් පිහිටා තිබූ ස්ථානයක කොළඹ සහ මීගමුව අතර ගඟ තරනය කල පසු හමුවන කුඩා දේවස්ථානයක් ගැන ට්‍රිනිඩේඩ් සදහන් කරයි. ශාන්ත ජේම්ස්(St james) සදහා පුද කල එය පිහිටි බව පවසන Betal යනු වර්තමාන වත්තල ප්‍රදේශයයි. එහි ක්‍රිස්තු භක්තිකයන් 730 සිටි බව පැවසේ.
මෙවන් විනාශයන් සිදු කල පෘතුගීසින් මෙරටට පැමිණ වසර 500 ගතවූ 2005 දී එවකට පෘතුගීසි අගමැතිවරයාද කැන්දාගෙන එය සැමරීමට නැකත් බැලු දෙවන දොන් ජුවන් ධර්මපාල කෙනෙකුද 2002 වන විට මෙරට පහල වී සිටියහ.ජාතියේ වාසනාවට 2004 දී ඔහුට සියල්ලු අකුලාගෙන පල්ලම් බැසීමට සිදුවීමෙන් එම උත්සාහය ව්‍යවර්ත වී ගිය මුත් ඉන් වසර 10 කට පසු 'පරංගියා' නැවතත් මෝඩ සිංහලයන්ගේ කරපිටින්ම ජය ලබා ඇත.
දකුනු මුහුදු තීරයේ ප්‍රැන්සිස්කානු දේවස්ථාන වලට බිලීවූ බෞද්ධ පුදබිම් ගැන විස්තරත් සමග නැවත හමුවෙමු.
මූලාශ්‍ර

* Historical Sketches (Ceylon Church History), Father S.G. Perera S.J., 1962
The Catholic Church in Sri Lanka, The Portuguese Period Volume III 1620-1658, V. Perniola s.j., 1991
මේ සමග පලවන්නේ නවගමුව දේවාල පරිශ්‍රයේ වර්තමාන ගොඩනැගිලි වටා අතරින් පතර දක්නට ලැබෙන පැරණි ශෛලමය නටබුන් වල ඡායාරූප වේ.
පෘතුගීසින් විහාර දේවාල විනාශ කළා. ඒ වගේම වීදියෙ බණ්ඩාර කතෝලික දේවස්ථාන විනාශ කළා. ඔය දෙවගයම දැන් අපේ රටේ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ස්මාරක. දෙවගයම සංරක්ෂණය කළ යුතුයි කියල මං නං හිතන්නෙ.
ReplyDeleteභූෂණ ළඟ ගොඩක් දේවල් තියෙනව අපිට බෙදා දෙන්න. මේ සයිට් එකට පාඨකයන් තවම අඩුයි. අපි බලමු ඒක වැඩි කරගන්න...
ආගමික පසුබිම කුමක් වුවත් මේ වන විට ඉතිරි වී ඇති සියලුම පැරණි ස්මාරක සුරැකිය යුතු බවට විවාදයක් නැහැ. වීදිය බණ්ඩාරගෙන් සිදුවූවේ එකට එක කිරීමක්. අනිත් අතට ඒ වන විට මෙරට තිබූ බෞද්ධ ආගමික ස්ථාන කියන්නේ ගෘහනිර්මාණාත්මක ශිල්පය අතින් අනර්ඝ නිර්මාණ බවට පවසන්නේ ඒවා විනාශ කල පෘතුගීසීන්මයි. ඒ අනුව බැලුවම වීදිය බණ්ඩාර විනාශ කල දේවස්ථාන හුදෙක් කටු මැටි ගසා පොල් අතු සෙවිලිකර තැනූ යාඥ්ඥා මධ්‍යස්තාන බවට තමා ඔවුන්ගේම ලිපි වල කියවෙන්නේ. කෙසේ නමුත් පෘතුගීසි යුගයේ සිට පැවතෙන කිසිම පල්ලියක් මේ වෙනවිට ඒ ආකාරයෙක් ඉතිරි වී නැහැ. පෘතුගීසීන්ට පසුව පැමිනි ලන්දේසීන් එක්කෝ ඒවා විනාශ කල නැතහොත් ඒවා ඔවුන්ගේ රෙපරමාදු දේවස්ථාන බවට පත් කලා. ලන්දේසි යුගයේ පල්ලි නම් සෑහෙන ප්‍රමාණයක් ඒ ආකාරයෙන්ම මේ වන විට ඉතිරි වී තියෙනවා. වාසනාවට පැරණි බෞද්ධ නටබුන් වලට අත්වී ඇති නිදන් සොයන්නන් අතින් සිදුවන විනාශයෙන් නම් ඒවා සුරක්ෂිතයි.
Deleteස්තූතියි. පාඨකයන් ප්‍රාමාණයේ නම් ක්‍රමික වර්ධනයක් තියෙනවා.
ඩ්‍රැකිගේ බිලොග් රොලේ මේ බිලොග් එක තියනවා දැකලා ආවේ..
ReplyDeleteවටිනා කරුනු තිබෙනවා..ඔබේ ලිපි බ්ලොග් අවකාශයට වටිනාකමක් එකතු කරනවා.නැවත අලුත් ලිපියක් පල කලාම එන්නම්.අනිත් අයගේ බිලොග් වල ඔබේ අදහස් පල කිරීමෙන් අනිත් බිලොග් කරුවනුත් හදුනා ගන්න පුලුවන්.
ස්තූතියි
Delete