Sunday, October 25, 2015

රාවණ කතා 1 - රාමායනයේ එන ලංකාපුරය

වාල්මිකී නම් මුනිවරයා විසින් රචිත ඉන්දියානු සංස්කෘත මිත්‍යා කාව්‍යයක් වන රාමායනය කිනම් කලක ලියවිනිදැයි යන්න විවාද සම්පන්නය. එය බුද්ධ කාලයට පෙර ලියවුන බව ඇතමුන් පවසන මුත් අවම වශයෙන් අවස්ථා දෙකකදීවත් එහි බෞද්ධයන් ගැන සදහන් වීමෙන් එය බුද්ධ කාලයට පසුව ලියවුන බව සිතිය හැක. කෙසේ නමුත් මුල් මතය දරන වියතුන් එය පැහැදිලි කරන්නේ එවන් කොටස් මුල් රාමායනයට පසුව එකතු වූ කොටස් විය හැකි බවය. විශේෂයෙන්ම රාමායනයේ අවසාන කාණ්ඩය වන උත්තරකණ්ඩය (Uttarakanda) සම්පූර්නයෙන්ම මෙසේ පසුව එකතු වූ කොටසක් බවට සාධක තිබේ. නමුත් එහි පලමු කාණ්ඩයේම එනම් අයෝධ්‍යයකණ්ඩයෙහිද (Ayodhyakanda) බෞද්ධයන් ගැන සදහනක් ඇති බැවින් ඒ මතය එතරම් සරලව බැහැර කල නොහැක. දෙවෙනි අවස්ථාව දැක්වෙන්නේ කිශ්කින්ද්යකන්ඩ (Kishkindhyakanda) යෙහිය. මෙම අවස්ථා දෙකේම අපහාසාත්මක අර්ථයෙන් බෞද්ධයන් ගැන සදහන් වේ.

රාමායනයේ එන රාවණගේ ලංකාපුරය යනු වර්තමාන ශ්‍රී ලංකාව බවත් රාවණ යනු රටවල් බොහෝ ගනනක සිය අනසක පැතිරවූ හෙළ රජෙකු බවත් පවසමින් ඔහු වටා විවිධ ඇදහිය නොහැකි එසේම කිසිදු පදනමක් නොමැති හිතළු ගොතමින් දිනෙන් දින වර්ධනය වන රාවණ ඇදහිල්ලක් (Ravana Cult) මෑතක සිට ඉස්මතු වී ඇති බවක් පෙනේ. ඇතැම් 'ආචාර්ය, මහාචාර්ය පදවි ඇතැයි' පවසන උදවිය පවා මෙම මත සමාජගත කිරීමට ප්‍රබල කාර්යභාරයක් ඉටු කරන බව පෙනේ. සිය පුවත්පත් විකුනාගැනීම සදහා ජනප්‍රිය ඉතිහාසයක් නිර්මාණයේ යෙදී සිටින පත්‍රකලාවේදීන් අතරද උනු කැවුම් මෙන් විකිණිය හැකි බැවින් මෙවන් හුදු ප්‍රබන්ධ වලට ඉහල ඉල්ලුමක් ඇත. මේ ඔවුන් විසින් සමාජගත කර ඇති එවන් ප්‍රබන්ධ කතා පිළිගත හැකි ඓතිහාසික සාධක ඇසුරින් විමසා බැලෙන ලිපි පෙලක ඇරඹුමයි.

ලංකාවේ රාවණ හා සීතා සම්බන්ධ විවිධ ග්‍රාම නාම ඇති බැවින් එවන් ස්ථාන වලට එම නම් යෙදුනේ රාවණ රජු මෙරට රජ කල යුගයේ සිට බව රාවණ ඇදැහිල්ලේ පුරෝගාමින් වන ඇතමුන් පවසති. එතැකින් නොනැනවතී ඔවුන් ඇතැම්විට එම නම් හා බැඳි ජනප්‍රවාද රාමායනයේද ඇතැයි පවසති (ඇතැම් ජනප්‍රවාද එම අදාල ගම්බිම් වල සිටින පැරන්නන් අතරේ පවා පවතින ඒවා නොවන අතර මෙම රාවණ අදහන්නන්ගේ ඔලු ගෙඩි තුලම මෑතකදි පහලවූ නිර්මාණය )

'ලංකා' සහ 'ලංකාපුරය' යන නම් විනා මෙරටට අදාල කරගත හැකි කිසිදු ග්‍රාම නාමයක් රාමායනයේ නොයේ. 'ගෝකර්ණ' යනුවෙන් එක් අවස්ථාවක සදහන් වන මුත් එය ඉන්දියානු ගෝකර්ණ ප්‍රදේශය විනා මහාවංශයේ අවස්ථා කිහිපයකදීම 'ගෝකණ්න' නමින් හැදින්වූ වර්තමාන ත්‍රිකුණාමලය* නොවන  බවට එහි සන්දර්භය තුලම විද්‍යාමාන වේ. (The descent of the Ganges in Balakanda )

රාමායනයේ 'ලංකා' හෙවත් 'ලංකාපුරය' සම්බන්ධයෙන් සදහන් වෙන කොටස් කිහිපයක් එහි ඉංග්‍රීසි පරිවර්තනයකින් සිංහලට පරිවර්තනය කර පහතින් දක්වමු.
  • "දේව පුරයක් වූ අමරාවතිය බඳු වූ ලංකා නම් මාගේ අගනුවර සයුරින් එතෙර පිහිටයි. එය දරුණු රාක්ෂයන්ගෙන් ජනාවාස වී ඇති අතර ධවල ප්‍රාකාරයකින් වටවී ඇත. නුවර ද්වාරයන් දීප්තිමත් නිල් මැණික් වලින් නිර්මිතය. එහි කාමර රත්‍රන් වලින් සාදා ඇත........." (Throwing off the Mask in Chapter XIX of Aranyakanda)
  • ".....ලංකා නම් වූ කන්දට යෙදෙන තවත් නමක් වන්නේ ත්‍රිකූට යන්නය. එහි රාක්ෂයන්ගේ නගරය පිහිටයි..." (The City of Lanka in Chapter II of Sundarakanda)
  • "...ඔහුගේ නගරය කිසියම් ආධාරකයක් නොමැතිව තරනය කල නොහැකි කඳු මුදුන් වල පිහිටා ඇත. එය දෙවියන් තැනූ භයානක කොටුවක් වැනිය. නගරය මුහුදු වෙරලේ ඉදිකර ඇත. කිසිදු ඔරුවකට එම සුවිශාල මුහුදේ දිශාව පිලිබඳ අදහසක් නොමැති හෙයින් තරණය කල නොහැක....." (Hanuman's Narration in Chapter II of Yuddhakanda)
  • "උස් කඳු මුදුනේ අලංකාර ලංකා නම් නගරය පිහිටියේය. එය යොදුන් 20 ක් දිගින් හා යොදුන් 10 ක් පලලින් යුක්තය. එහි මහා ප්‍රාකාරයන් රත්තරනින් සහ රිදියෙන් නිමවා ඇති අතර එහි උස් ද්වාරයන් චමත්කාරජනකය..." (Sugirva's Daring in Chapter XXV of Yuddhakanda)
  • "දකුණු මුහුදු වෙරලේ ත්‍රිකූට කන්ද පිහිටා ඇති අතර ඒ මත විශ්වකර්ම නම් වූ දේව ගෘහ නිර්මාණ ශිල්පියා  රාක්ෂයන් සදහා නිර්මාණය කල ලංකා නම් වූ අලංකාර නගරය පිහිටා ඇත...." (Agastya's Revocations in Chapter 1 of Uttarakanda)
අතිශයෝක්තියට නැගූ නිර්මාණශීලි කාව්‍යයක පරස්පර විරෝධී නගර වර්ණනාවක ලක්ෂණ විනා මෙරටට ගැලපිය හැකි කිසියම් හෝ දෙයක් මෙම කොටස් තුල දිස්වේද?

රාවණ මිත්‍යාවට අදාලව සදහන් වන මෙරට වෙනත් ස්ථාන එම නම් ලත් ආකාරය අපි රාවණ කතා 2 තුලින් විමසා බලමු.

මූලාශ්‍ර

The Ramayana of Valmiki, Translated into English by Makhan Lal Sen, 1970

* Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 

16 comments:

  1. නියමයි දිගටම කතාව ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.!!!.අනිවාර්යෙන්ම (Y)

      Delete
  2. කාලීන අවශ්‍යතාවයක්.......please Continue....!!

    ReplyDelete
  3. Excellent. You are perfectly correct. I do not have enough words to explain the extraordinary nature of the text that the author has presented - Senior Professor Mahinda Somathilake, Dept of History, University of Peradeniya

    ReplyDelete
    Replies
    1. Thank you very much professor. Highly appreciate encouraging words of you.

      Delete
  4. අනර්ඝ වේ. තවත් ලියන්නට ශක්තිය ලැබේවා. ආසා හිතෙනවා කියවන්න. ඔබතුමා ලියන ලද මුද්‍රිත පොත් තියනවද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නැහැ මම එහෙම කිසිදු පොතක් පල කරලා නැහැ.

      Delete
  5. මුලම වැරදීනෙ ඉතින් රාවණ හිටියේ ගෞතම බුදුන් සමයෙ නෙවෙයි කෝණාගම බුදුන් සමයෙ ගෞතම බුදුන් විතරක්නෙවෙයි ලොව පහල උනේ....ඔයාට මිත්‍යාවද නැද්ද කියල දැනගන්න පුලුවන් කොග්ගල නිලමෙ පොත කියෙව්වනම් පොත ලියල තියෙන වර්ශයත් එක්ක එහි ඇති සත්‍ය සිදුවීම් විමසා බලා ඔබම තීරණය කරන්න

    ReplyDelete
    Replies
    1. නැහැ ඔය කොයි බුදුන්ගෙත් කාලේ නෙමේ රාවණ හිටියේ කොග්ගල නිලමෙගේ අපුච්චාගේ කාලේ. කොග්ගල නිලමෙගේ වඳ පුංචි අම්මගේ පුතාගේ නැන්ඳම්මා තමා තමා ඒක ලියපු කෙනාට ඔය සේරම පරම සත්‍ය ටික කියලා දුන්නේ. මේ වගේ ප්‍රබන්දයක් කියවලා රැවටෙන මැන්ටල් මේ රටේ කොච්චර ඇත්ද? ඒ මදිවට මේවගෙත් ඇවිල්ලා අපිටත් කියාදෙන්න එනවා මන් වගේ රැවටියල්ලා කියලා

      Delete
  6. ඔබතුමා රාමායනය කියවලද රාවන මිත්‍යාවක් කියන්නෙ???? පොත්වල ලියල තියෙන්නෙ හරිම දේ කියල ඔබතුමා පිලිගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. උඩ දාලා තියෙන මේ ලිපියේ මූලාශ්‍ර ටිකවත් කියවපු නැති රාවණ මනෝවිකාර කාරයන්ගේ බේගල් ගිලපු අමුම අමු ලිං මැඩියෙක්. නැහැ පොත් වල තියෙන දේ නෙමේ හරි ජයන්ත පතිරාඅරච්චිටයි සූරිය ගුණසේකරටයි මිරැන්ඩෝටයො තව ඒ වගේ ඔල්මොරොන්දන් කාරයො හත් අට දෙනෙකුටයි පිස්සුව තද උනාම පේන මනෝ විකාර තමා හරි

      Delete
  7. This is an eye opener for many. Hats off for you sir.

    ReplyDelete