Sunday, February 19, 2017

මහාසෑයේ තැන්පත් කල ලොව පළමු බුදු පිළිමය, උඩ අළුදෙණිය ස්ථූපයේ රන් ආලේපිත බුදු පිළිම සහ සඳ හිරු සෑයේ රත්‍රන් බුදු පිළිමය

සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
 "..ඉක්බිති දුටුගැමුණු මහරජ්ජුරුවෝ ධාතුගර්භමධ්‍යයෙහි රුවන් මුවා බෝ රුකක් කරවීය. ඒ බෝධීන් වහන්සේ ඉන්ද්‍රනීලමාණික්‍යමය බිමෙහි පිහිටියේය. එහි මුල් පබලුමය කොට කරවූහ. කඳ රිදියෙන් කරවන ලදී. මිණි මුවා පතින් හෙබියේය. රුවන් මුවා පාණ්ඩු පුත්‍ර ඵල ඇත්තේය. අටමඟලද සත්රුවනින්ම කරවීය. නැවත මල් , සිව්පා, හංස පන්තීන්ද සත්රුවනින්ම කරවීය. ඒ බෝධීන් වහන්සේගේ මුදුනේ සුදු වියන් බැඳ ඒ වියන් කෙළවර වට කොට මුතු හා එක්කොට අවුණන ලද රන් රසුදැල් බැඳවූහ. මෙසේම ඒ ධාතු ගර්භයේ සුදුසු ලෙස සත්රුවනින් ම සඳහිරු දෙදෙනාද, නැකත්තරුද, රන් පියුම්ද කරවන ලද්දේය. ඉක්බිති ඒ බෝධීන් වහන්සේගේ කඳ මුල වටකොට සත්රුවන්මය පිල්කඩකුදු ලැවූ ය. ඒ පිල්කඩ මත්තෙහි මාහැඟි මුතු ඇතුරුවූ ය. ඒ මුතුරැසට කෙළවර සුවඳ පැන් පිරූ සත්රුවන් කළ පංතියක්ද තැබ්බවූ ය. ඒ රුවන් කළ පංතියෙහි පබළුමය මල් ලැවූ ය. පබළුමය කළයෙහි රන් මල් ලැවූ ය. මැණික්මය කළයෙහි රිදී මල් ලැවූ ය. රිදීමය කළයෙහි ඉන්ද්‍රනීලමාණික්‍යමය මල් ලැවූ ය. සත් රුවන් කළයෙහි සත් රුවන් මල් ලැවූ ය. නැවත ඒ බෝධීන් වහන්සේට නැගෙනහිර දිසාවේ. සත්රුවන්මය වූ කෙළක් අගනා ආසනයෙහි සත් රුවන්මය වූ බුදුරුවකුදු කරවූ ය. ඒ පිළිරුව  ශරීර අවයවයෝ  සුදුසු පරිද්දෙන් නානා වර්ණ රුවනින් කරන ලද්දා හ....."
පිළිම සහ විශාල ලෝකඩ කරඬුව කොළඹ කෞතුකාගාරයේ ප්‍රදර්ශණයට තබා ඇති අයුරු
මහා සෑය හෙවත් රුවන්වැලි දාගැබෙහි ධාතු ගර්භයෙහි තැන්පත් කල විවිධ පූජා වස්තු පිළිබඳව මහාවංශයෙහි සහ ථූපවංසයෙහි සඳහන් වන දීර්ඝ විස්තරයෙහි සංක්ෂිත කොට දැක්වූ කොටසක් එසේය. මෙහි රත්රනින් කල බුදු පිළිමයක් පිළිබඳව වූ සඳහන වැදගත් වන්නේ මේ විස්තර වල සත්‍යතාවය පිළිගත හැකි නම් ඒ වූ කලී බුදු පිළිමයේ ආරම්භය පිළිබඳ වූ පැරණිම හෝඩුවාව වන බැවිනි. එසේම බුදු පිළිමය ප්‍රථමයෙන්ම  නිර්මාණය පිළිබඳ වූ ගෞරවයද ඒ අනුව හෙළ කලාකරුවාට හිමිවේ. එහෙත් ඇතැම් විද්වතුන් මේ පිළිබඳව එකඟ නොවන්නේ මහාවංශය ලියවෙන කාලය වන විට භාරතයේ ප්‍රථමයෙන් සහ ඉන් අනතුරුව මෙරට බුදුපිළිම නිර්මාණය කර තිබූ බැවින් මේ සඳහන එම කාලයේ තත්වයන් අතීතයට ආදේශ කිරීමක් විය හැකි බව පවසමිනි. කෙසේ වුවත් පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සහ D.T. දේවේන්ද්‍ර වැනි වියතුන් මෙම සඳහන සහ වෙනත් සාධක අශ්‍රයෙන් ලොව බුදු පිළිම නෙළීමේ ආරම්භය මෙරට සිදුවූ බවට වූ මතයක් ඉදිරිපත් කරයි.  ඒ පිළිබඳව වූ විස්තර පසුව සාකච්චා කරමු.
ලෝකඩ කරඬුව තුල පිළිම තැන්පත් කර තිබූ අයුරු
සියවස් ගණනාවකට පෙර මේ රට එක්සේසත් කල දුටුගැමුණු රජතුමා ඉන්පසු සිදු කල ආගමික සේවාව එසේ වූ නමුත් ඉන් පසු කාලයක නැවතත් ලොව කෘරතම සහ ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය මර්ධනය කර, දේශිය සහ විදේශිය සතුරු බල සෙන් පරදා මෙරට එක්සේසත් කල නායකයෙකුට නම් කළගුණ නොදත් නාමික සිංහල අඳබාලයන් බහුතරයක්ද ඇතුලත් ලක්ෂ 62 ක් වූ තෘණ භක්ෂක චන්දදායකයන් පිරිසකට පිංසිදු වන්නට මුහුණ දෙන්නට සිදු වූවේ එසේ මෙසේ ඉරණමකට නොවේ. මිත්‍යාදෘෂ්ටිකයන් රජ වී ඇති මෙකල රාජ සන්තක වූ රේගුවට අයත් රත්‍රන් යොදාගෙන බුදුරුවක් සකසා එය සඳ හිරු සෑයේ ධාතු ගර්භයෙහි තැන්පත් කිරීම ආනන්තරීක පාප කර්මයක් ලෙස අරුත් ගන්වා පොලිස් රාජ්‍යයේ 'ගෙස්ටාපෝවේ' කෙළවරක් නැති ප්‍රශ්ණ කිරීම් වලට මුහුණ දීමට එය සිදු කල යුගයේ ජාතික විරුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදුවීම නම්, කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට ගියහොත් සිංහල ජාතියේ සහ බුද්ධ ශාසනයේ අවසානය නුදුරේම විය හැකි බවට වූ සලකුණක් විනා අන් යමක් නොවේ.
භූමි ස්පර්ශ මුද්‍රාව සහිත හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
වංශ කතා වල සඳහන් වන ධාතු ගර්භයේ තැන්පත් කල මෙවන් වූ පූජා වස්තූන් පිළිබඳ වූ විස්තර හුදු අතිශයෝක්තියක්ම නොවන්නේ මෙරට සියවස් ගණනාවක් පුරා නිඳන් හොරුන්ගේ ග්‍රහණයට නතුවී විනාස වූ ස්ථූප අතරින් කළාතුරකින් වුවද ඉතිරි වූ ස්ථූප ඇතැමෙක ධාතු ගර්භ වල පුරාවිද්‍යාඥයන් විසින් සිදු කල කැනීම් වලින් මතු කරගත් පුරා වස්තු පිළිබඳව විමසා බැලීමේදීය. මේ අතරින් පොළොන්නරු යුගය සහ මහනුවර යුගය අතර කාලයට අයත් ලෙස අනුමාණ කරන ගම්පළ උඩ අළුදෙණිය පුරාණ විහාරස්ථානයේ ස්තූපයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2004 දී සිදු කල කැනීමක් මගින් මතු කරගත් පුරාවස්තු එකතුව වැදගත් වන්නේ එමගින් ලෝකඩින් සහ රිදියෙන් කල විවිධ ප්‍රමාණයේ බුදු පිළිම 140 පමණ සොයාගැනීම නිසාය. මේ බුදු පිළිම අතර සාපේක්ෂව මෙරටින් කළාතුරකින් හමුවන භූමි ස්පර්ශ මුද්‍රාව දැක්වෙන පිළිම දෙකක්ද හමුවි ඇත
සිරස්පත සහිත සමාධි හිඳි පිළිමයක්-උඩ අළුදෙණිය
මීට අමතරව එහි තිබී දඹදෙණි යුගයේ සිට ඕලන්ද කාලය දක්වා භාවිතා වූ කාසිද, ලෝකඩ සහ රිදී කරඬු සහ එක් රිදී කරඩුවක් මධ්‍යයේ කුඩා රන් මංජුසාවක වැඩ හිඳින ධාතූන් වහන්සේලාද හමුවිය. මීට අමතරව කුඩා බෝධි වෘක්ෂ, කොඩි ගස්, නාග රූප, මුදු, රනින් සහ රිදියෙන් කල කුඩා මල් වැනි දේවල් හමුවීම පෙන්නුම් කරන්නේ ඉහත මහසෑය සම්බන්ධයෙන් වංශ කතාවල දැක්වෙන විස්තර ඊට පසු කාලින පරිහාණීය කාලයකදි ඉදි කල ඉදිකිරිමක හමුවන එවන් දෑ සමග සැසදීමේදි කිසිසේත්ම අතිශයෝක්තියක් නොවන බවය. වර්තමානයේ මෙම කෞතුක භාණ්ඩ එකතුව කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.

මූලාශ්‍ර
  • බුද්ධ ප්‍රතිමාව හා ලංකාව ඩී. ටී. දේවේන්ද්‍ර, 1967
  • ලක්දිව බුදු පිළිමය, කඹුරුපිටියේ වනරතන හිමි,1985
  • උඩ අළුදෙනිය විහාරයෙන් සොයාගන්නා ලද පුරාවස්තු, රංජිත් හේවගේ, ශ්‍රි ලංකා පුරාවිද්‍යා සංහිතා වෙළුම 2, 2006
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • සිංහල ථූපවංසය හා ගැටපද විවරණය, මහාචාර්ය සුචරිත ගම්ලත් සංස්කරණය, 1994

2 comments:

  1. මොනව් කරන්නද මචං, උපේක්ෂාවෙන් බලාගෙන ඉමු...
    මිනිස්සුන්ට ඕනේ උනේ වෙනසක්නේ, ඒ අය බලාපොරොත්තු උනේ මේ විදිහේ වෙනසක් නෙමෙයි නම් ඉස්සරහට වෙනස ආපහු හැරෙයි...

    ReplyDelete
    Replies
    1. ආපහු හැරෙන කොට වෙන්න තියෙන හුගක් දේවල් වෙලා තියෙයි. සමහරවිට ආයේ නිවැරදි කරන්න බැරි විදිහටම. ඒක නෙමේ මචං කෝ දැන් අර කාලයක් මට බුර බුර හිටිය ආමි එකේ වැසිකිලි සුද්ද කල බඩ මැද්දට කලිසම් අදින අවිචාරක කුලියට බ්ලොග් ලියන්නා. මිනිහත් නැහැ මිනිහගේ ඇනෝ ලත් නැහැ. Jean Guwan Comney, සිරිබිරිස්,Nut Man, පසුගාමී ගෝත්රිකයා, ඔය Account වලින් අඩුම ගානේ දෙක තුනක්වත් කලේ ඔය කියන එකම පුද්ගලයා. හෙට අනිද්දට අර නෙලුම් වල ද අලද මොකක්ද කියන ජඩපාලනේට කඩේ යන ලියනප්පුලගේ එක එකාගේ පිට කහගන්න සම්මන උලෙලටවත් එයිද දන්නේ නැහැ. යහපාලනේ රෙදි හෝදන්න දැන් බ්ලොග් කාරයොත් නැහැ වගේ. මුන් ඩේටා එහෙම අඩු කරලා දුන්නනේ දැන් සනීප ඇති ඒ හිඟන්නෝ ටිකට කඩේ ගිහිල්ලා අමර ඇර ගැනිල්ලක් ඇරගත්තනේ :D

      Delete