මාතලේ දිසාවේ මාතලේ නගරය ආසන්නයේම පාහේ නගරයට උතුරු දෙසින් පිහිටි වර්තමානයේ අලුවිහාරය ලෙස හැඳින්වෙන ගල් ලෙන් වලින් සමන්විත විහාරයෙහි වළගම්බා රජු කල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කල බව ප්‍රකට මතයයි. එහෙත් බොහෝ විද්වතුන් එය එලෙසම පිලිගැනීමට මැලිවන්නේ ඒ පිළිබඳව සඳහන් වන මූලාශ්‍ර එම සිදුවීමෙන් බොහෝ කලකට පසු ලියැවුන වංශ කතා වන බැවිනි.ජනප්‍රවාදයේ සහ පසුකාලින වංශ කතා වල පමණක් දැක්වෙන මාතුල දනව්වේ අලුලෙණ යන්න මෙම අලුවිහාරය ලෙස පිළිගැනීමට ප්‍රබල සාධක නොමැති වීමද තවත් හේතුවකි. මෙරට පැරණිම වංශ කතා වන මහාවංශය සහ දීපවංශය සඳහන් කරන්නේ ත්‍රිපිටකටය සහ එහි අට්ඨ කතාව පෙර සිට මහා ප්‍රඥා ඇති භික්ෂුන් කට පාඩමින් ගෙන ආ මුත් වළගම්බා රජු කල සිටි භික්ෂුන් අනාගතයේ මිනිසුන්ගේ පරිහාණිය දැක ධර්මයෙහි චිරස්ථිති පිණිස එය පොත් වල ලිවූ බව පමණි. එය සිදුවූ ස්ථානයක් ගැන එම වංශ කතා වල සඳහන් නොවේ.
ක්‍රි.ව. 1266 දී ලියවුන ලෙස සැලකෙන පූජාවලිය පළමුවරට වළගම්බාරජු දවස පන්සියයක් රහතන් වහන්සේ අලුලෙන වැඩහිඳ පොත් සංගායනා කල බව පවසයි. ක්‍රි.ව. 1390 දී ලියැවුනු ශාසනාවතාරය හෙවත් නිකාය සංග්‍රහය උපාලි තෙරණුවන්ගේ පටන් ශිව නම් ස්ථවිර නමක් දක්වා වූ තෙරණුන් වහන්සේලා තිස් අට නමකගේ සංඝ පරම්පරාව ඔවුන්ගේ නම්ද සමග ඉදිරිපත් කරමින්, ඔවුන් කට පාඩමින් රැගෙන ආ ත්‍රිපිටක ධර්මය එක්තරා ජනපද අදිපතියෙකුගේ ආරක්ෂාව සහිතව, පන්සියයක් රහතුන් වහන්සේ මාතුල දනව්වේ අලු ලෙන වැඩ හිඳ පොත් වල ලියවූ බව පවසයි. රාජරත්නාකරයද (1542 ත් 1543 අතර කාලයේ ලියා ඇත) එලෙසම එය විස්තර කරන අතර 18 වන ශතවර්ෂයේ මැද භාගයේ පමණ ලියවුන අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන රැස්වූ පන්සියයක් රහතන් වහන්සේලාට ප්‍රධාන වූ මහාවිහාරබද ථූපාරාම නිවාසී කුන්ත ගත්ත තිස්ස මහ රහතන් වහන්සේ පිළිබඳවද අන් කිසිදු මූලාශ්‍රයක නොමැති තොරතුරක් සමග ඉහත තොරතුරුම ඉදිරිපත් කරයි.
මාතුල දනව්ව යනු මාතලේද?
මෙරට පැවති විවිධ ප්‍රදේශ වල සීමා විස්තර වන කඩඉම් පොත් නමින් හඳුන්වන පැරණි ලේඛන අතරින් පැරණිම කඩඉම් පොතක් ලෙස සැලකෙන ගම්පල යුගයේ (1341-1408) රචිත බවට විශ්වාස කරන ශ්‍රීලංකාද්වීපයේ කඩඉම් පොතේ මාතලේ රට හඳුන්වන්නේ 'මහතලේ' ලෙසිනි එය මායා රටට අයත් රටක් ලෙස එහි දැක්වේ. පසුකාලීන කඩඉම් පොත් ලෙස ගැනෙන ත්‍රි සිංහලයේ කඩඉම් පොතේ 'මාතලේ' ලෙසත් ලක්වීදිය කඩඉම් පොතේ 'මාතලය' ලෙසත් සඳහන් වන මෙම රට පිහිටි රටට අයිති බව ඒවායෙහි දැක්වේ. එසේම මාතලේ කඩඉම් පොතේ සහ කුරුණෑගල් නුවර විස්තරයේද මෙම පෙදෙස හැඳින්වෙන්නේ 'මාතලේ' ලෙසින්මය. සේනාසම්මත වික්‍රමබාහු රජුගේ ගඩලාදෙනි ශිලා ලේඛනයේ (ක්‍රි.ව. 1471) 'මාතලේ අටසිය පත්තුව' යන සඳහනක් එයි. මහනුවර නාථ දේවාල සෙල්ලිපියට අනුව ජයවීර මහවැඩඋන්තැන නම්වූ මහනුවර පාලකයකු විසින් පෘතුගීසීන් සමග යුධ වැදීමට ඉදිරිපත් වූ 'මාතලෙ' ප්‍රාදේශිය පාලකයා ඇතුළු පිරිසිකට ලබා දුන් වරප්‍රසාද ගැන සඳහන් කිරීමේදී නැවතත් ශිලා ලේඛන වල මාතලේ පිළිබඳ වූ සඳහනක් අපට හමුවේ.
වංශ කතා වල 'මහතලා' පෙදෙස ගැන පළමුව සඳහන් වන්නේ මානවම්ම රජු (ක්‍රි.ව. 684-718) විසින් එහි කදම්බගොන නම් විහාරයක් කරවා පාංශුකූලික භික්ෂුන්ට පිරිනැමූ බව කියවෙන මහාවංශ පාඨයත් සමගය. ඉන් අනතුරුව සෙනරත් රජු කල 'මාතුල රට' විජයපාල කුමරු යටතේ පාලනය වූ බව එහිම සඳහන් වේ. රාජාවලියේ එන සඳහනකට අනුව යාපාපටුන සිටි ආර්යචක්‍රවර්ති රජු ගම්පල සහ කෝට්ටේ රාජධානි වලට පහරදීමට පැමිනීමේදී 'මාතලේ' වාඩි ලා ගත් බව පැවසේ.
මේ සියලු සාධක පිළිබඳව සලකා බැලීමෙන් සහ කඩඉම් පොත් විමර්ශණය කිරීමෙන් අපට නිගමනය කල හැකි වන්නේ මාතලේ, මාතලෙ, මහතලා, මාතුල යන සියලු හැඳින්වීම් අවම වශයෙන් දඹදෙනි යුගයේ සිටවත් එකම ප්‍රදේශයක් අරබයා භාවිතා කර ඇති බවත් එය වර්තමාන මාතලේ දිස්ත්‍රික්කය (මුල් යුගයේදී ලග්ගල ප්‍රදේශය හැර ) ප්‍රධාන කොටගත් මහනුවර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලින් කොටසුත් ඇතැම් කාල වලදී ඇතුලත්ව සීමා නිර්ණය කර තිබූ බවත්ය. මේ අනුව පසුකාලීන වංශ කතා වල සඳහන් මාතුල දනව්ව යනු වර්තමාන මාතලේ පෙදෙස බව පෙන්වීමට සාක්ෂ්‍ය ඇත.
අලුවිහාරෙ යන ගම ශ්‍රි මහා බෝධිය වැඩම්මවීමේදී මෙරටට පැමිණි මුදලිවරු අතරින් ශ්‍රි විෂ්ණු බ්‍රහ්මණරාල පදිංචි වූ ගම ලෙස මාතලේ කඩඉම්පොතේ සඳහන් වේ. මෙරට බොහෝ මහනුවර යුගයේ විහාරස්ථාන වලට නම් යෙදීමේදී ගමේ නමින් එය හැඳින්වීම දක්නට හැකිය. වර්තමාන විහාරයට එම නම ගමේ නමින් ආවා වන්නටද බැරි නැත. කටාරම් කෙටූ ගල් ලෙන් සහ ඒවායේ ඇති පැරණි බ්‍රාහ්මි ලෙන් ලිපි හැර මෙහි දැනට දැකිය හැකි සියලුම දේ පාහේ මධ්‍යතන යුගයෙන් පසු සිදුවූ ඉදිකිරීම් ලෙස පෙනි යයි. මුල් බ්‍රාහ්මි ලෙන් ලිපි 5 ක් පමණ මෙහි ඇති අතර පරණවිතාන මහතා ඉන් ලිපි තුනක් කියවා පල කර ඇත. උපශක ශුමනගේ සහ දෙව තෙරගේ ලෙන සඟ සතු කල බව එක් ලිපියකින් කියවෙන අතර තවත් ලිපියක ශිවගුත යන නම පමණක් සඳහන් වේ. තුන්වන ලිපියෙන් වශ සහ ශුම යන අය කරවූ ඇළක් ගැන කියවී ඇතත් එහි අකුරු කිහිපයක් මැකී ඇත. පසුව සොයා ගත් වෙනත් ලිපි දෙකක් මාලිනි ඩයස් මහත්මිය විසින් පළකර ඇති අතර ශදගුතගේ ලෙන සඟ සතු කල බව සහ බත මොගලගේ දිශමුක ලෙන ලෙස ඒවායේ සඳහන් වේ.
කෙසේ වුවද අස්ගිරි තල්පත මාතුල දනව්වේ අලු ලෙන ලෙස හැඳින්වූ ස්ථානය නම් වර්තමාන අලුවිහාරය බව පිළිගැනීම නිවැරදි විය හැක්කේ මාතුල දනව්ව නමින් හැඳින්වූ වෙනත් ප්‍රදේශයක් පිළිබඳව එය ලියවෙන අවධියේ අනෙකුත් මූලාශ්‍රයක සඳහන් නොවන නිසා සහ වෙනත් අලුලෙනක් එම ප්‍රදේශයේ හමුනොවන බැවිනි. සිදුවීම සිදුවීමෙන් සියවස ගණනාවකට පසු මුල් වරට සඳහන් වන මූලාශ්‍රයකින් පැහැදිලි නිගමනයකට ඒම එතරම් සුදුසු නොවන බැවින් වර්තමාන මාතලේ අලුවිහාරයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වූ බවට නිසැකවම කිව නොහැක. එහෙත් බුදු දහම මෙරටට හඳුන්වාදුන් යුගයේ මෙම ගල් ලෙන් සඟ සතු කල බවට සාක්ෂ්‍ය ඇති බැවින් මෙය එම කාලයේ සිටම පැවතෙන පුද බිමක් බව නම් අවිවාදිතය.
මෑත ඉතිහාසය
මහනුවර යුගයේ හෝ ඒ ආසන්න යුගයකදි රචිත ලෙස සැලකෙන නම්පොතෙයි මෙම විහාරය ගැන සඳහන්ව න්නේ ආලෝක විහාරය ලෙසිනි. ඉංග්‍රීසි ලේඛකයන් කිහිප දෙනෙකුම මෙම විහාරය ගැන සටහන් තබා ඇත. මේජර් ෆෝර්බ්ස් 1840 දී මේ ස්ථානය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරමින් මෙහි පැවැති පැරණි විහාරය වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය හමුදා විසින් විනාශ කල බවත් පෙර පැවති විහාර 8න් 2 ක් පමණක් නැවත ඉදිකර ඇති බවත් පවසයි. ඔහු විහාර (Temples) යන්නෙන් ගුහා වල ඉදිකර තිබූ ලෙන් විහාර අදහස් කල බව පෙනී යයි. එමර්සන් ටෙනන්ට් ද වර්ෂ 1859 මේ ස්ථානය පිළිබඳ කෙටි විස්තරයක් ඔහු විසින් ශ්‍රි ලංකාව පිළිබඳ ලිවූ සවිස්තරාත්මක ග්‍රන්ථයේ ඉදිරිපත් කරයි. එඩ්වඩ් මුලර් වර්ෂ 1883 දී මෙම ස්ථානයේ ඇති ලෙන් ලිපි කියවීමට උත්සහා දරා ඇති මුත් ඔහු පවසන්නේ ඒවා බෙහෙවින් ගෙවී ඇති බැවින් කියවීමට නොහැකි වූ බවය. එවකට දැකිය හැකි වූ විහාරය ඉතාමත් මෑතකදි තනා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මධ්‍යම පලාත ගැන තත්කාලීන තොරතුරු ඇතුලත් ලෝරිගේ ගැසටියර් ග්‍රන්ථය (1898) මෙම ස්ථානයේ ඇති උඩ විහාරය සහ පල්ලේ විහාරය ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරමින් වර්ෂ 1803 දී බ්‍රිතාන්‍ය හමුදා කල විනාශයෙන් පසුව 1820 දී රජය මගින් රික්ස් ඩොලර් 500 වියදම් කරවා ඒවා නැවත පිළිසකර කල බව පවසයි.

මූලාශ්‍ර
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- සිංහල සාහිත්‍ය වංශය - පුංචිබණ්ඩාර සන්නස්ගල, 1994
- කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
- පූජාවලිය. පණ්ඩිත වේරගොඩ අමරමෝලි නා හිමියන්ගේ සංස්කරණය, 1953.
- රාජාවලිය - ඒ වී සුරවීර සංස්කරණය, 1976.
- විවරණ සහිත නම් පොත හෙවත් විහාර අස්න, පන්නිල ශ්‍රී සාරානන්ද සහ පණ්ඩිත ඕපාත ශ්‍රී සරණංකර, 1956
- රාජරත්නාකරය, කරුණාදාස රූපසිංහ සංස්කරණය,1995
- අස්ගිරි තල්පත, සංස්කාරක: මැන්දිස් රෝහණදීර, 1997
- පූජ්‍ය එල්ලාවල හිමියන්ගේ විවිධ ලිපි එකතුව - 2, ජාතික උරුමයේ පිය සටහන්, එල්ලාවල මේධානන්ද හිමි, 2010
- නිකාය සංග්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය , 1997
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- Archaeological survey of ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of ceylon, Volume IV, Edited by S.Paranavitana, 1934-1941
- Ceylon An Account of the island Physical, Historical and Topographical with notices of its natural, antiquities and productions, Sir James Emerson Tennent, 1859
- Eleven years in Ceylon, Major Forbes, 1840
- Gazetteer of the Central Province of Ceylon, A.C. Lawrie, 1896
- Ancient Inscriptions in Ceylon, Edward Muller, 1883
- Historic Matale, 1984
- Epigraphical Notes Nos. 1-18, Malini Dias, 1991
- Aluvihara Cave Temple, Aluvihare Saranankara, 2011
- The Deepavamsa, Hermann Oldenberg, 1879
- Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions, Senarat Paranavitana, 1970
- Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VII, Containing slab inscriptions,rock inscriptions and pillar inscriptions of the Dambadeniya, Kurunagala and Gampola periods, Sirimal Ranawella, 2014
- Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol VIII, Containing slab inscriptions, rock inscriptions sannasas belonging to the Jayawardhanapura Kotte Period, (1400-1521 AC), Mendis Rohanadeera, 2007
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.