Wednesday, August 31, 2016

නැගෙනහිර බොදු උරුමය 1 - මිහිඳු හිමි භෂ්මාවශේෂ පිහිටුවා රජගල ඉදිකල ස්තූපය


ඊණියා යහපාලන සංහිඳියාවත් සමග සැගවී සිටි අහු මුළු වලින් කල එලි බට කොටි අවතාර මේ වන විට නැවතත් වේගයෙන් සිය ඊලාම් දේශයේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණ දෙසට පියවර තබමින් සිටී. අද ද්‍රවිඩ බෙඳුම්වාදීන් උතුරු නැගෙනහිර දෙපළාතේ පදිංචි සිංහලයන් සිය ගම් බිම් වලින් පලවා හරින අතර ( වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ ), ඔවුන්ගේ ආගමික ස්ථාන පවා කඩා බිඳ දමමින් (ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි), නුදුරේදීම ගෙන එන නව ව්‍යවස්ථාව මගින් ලැබෙන ෆෙඩරල් නොහොත් වෙනම රාජ්‍යයේ භූමිය ඔවුන්ගේ ආගම් නොවන වෙනත් ආගමික පුද බිම් වලින් තොර භූමියක් කරමින් සිටි. ආප්ප විප්ලවයේ බල මහිමය කොටියට නැගිටින යුගය එහි උපරිමයෙන්ම උදා කර දී ඇත. මහවැලි ගඟින් මෙපිට අද නැගෙනහිර පළාත ලෙස සුදු අධිරාජ්‍යවාදීන් සරල රේඛා මගින් වෙන් කල භූමිය එදා රෝහන රාජ්‍යයට අයත් භූමියෙම කොටසකි. ඒ බවට එම බිමේ සතර දික් භාගයේ විසිරී ඇති නටබුන් වූ බෞද්ධ විහාර ආරාම සහ සෙල්ලිපි සාධක මගින් තහවුරු වී ඇත. විරෝධාර ත්‍රිවිධ හමුදා සහ එඩිතර දේශපාලන නායකත්වය එක්ව ත්‍රස්ථවාදි බෙදුම්වාදි බලවේග වලින් එම බිම මුදා ගැනීමෙන් අනතුරුව සිදු කල පුරා විද්‍යාත්මක ගවේෂණ මගින් ඒ පිළිබඳ සාධක තව දුරටත් එලි වෙමින් පැවතුණි.
ස්තූපය දෙසට පිහිටි ගලෙහි කෙටූ ගල් පඩි

අද නිවට රාජ්‍ය පාලකයන් රජ කරන යුගයක බුදු පිළිම තහනම් වී ඇත්තේ එවන් පිං බිමකය. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ නටබුන් වූ බෞද්ධ විහාරාරාම පිළිබඳ ලියවෙන ලිපි පෙලක ඇරඹුම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ වැව්ගම් පත්තුවේ රජගල හෙවත් රාස්සගල යනුවෙන් වර්තමානයේ ව්‍යවහාර වන මේ වන විට නැවතත් සංරක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින ස්ථානයෙන් පටන් ගනිමු. ස්ථානයේ පෞරාණික බවට වූ සාධක ගැන විමසීම පසුවට තබා එහි පිහිටා ඇති කැටගල් ස්තූපයක් සහ ඒ අසල ඇති පර්වතයේ කොටා ඇති සෙල් ලිපියක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.

මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්තූපය
"යෙ ඉම දීප පටමය ඉදිය අගතන ඉඩික - තෙර - මහිද තෙරහ තුබෙ" ලෙසින් බ්‍රාහ්මි අක්ෂර වලින් ගල් පර්වතය මත ස්තූපය දිසාවේ සිට පහලට කොටා ඇති එම ලිපියේ අදහස නම් "මේ දිවයිනට පළමුවෙන් සෘද්ධියෙන් ආ ඉඩික තෙරුන්ගේද මහින්ද තෙරුන්ගේද ථූපයයි" යන්නය.මෙහි සඳහන් ඉදිය යන වචනය විග්‍රහ කරන පරණවිතාන මහතා එය සෘද්ධියෙන් පැමිණි යන අරුත මෙන්ම යහපත උදෙසා පැමිණි ලෙසද ගත හැකි බව පවසයි. කෙසේ නමුත් කිසිදු සැකයක් නොමැතිවම මෙහි සඳහන් වන තෙරුන්වහන්සේලා අන් කවරෙකුවත් නොව අරහත් මහින්ද සහ ඉට්ඨිය නම් තෙරුන්වහන්සේලා බව ඒ මහතා අවධාරණය කරයි.

බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුන සෙල් ලිපිය
මහාවංශයේ විසිවන පරිච්ඡේදයේ සදහන් වන පරිදි උත්තිය රජුන්ගේ රාජාභිෂේකයෙන් අටවන වර්ෂයේ වප් මසදී සැටවස් පිරුණු මහින්ද මහ තෙරණුවන් පිරිනිවන් පෑ සේක. එහි වැඩි දුරටත් සඳහන් වන්නේ උත්තිය රජ තෙමේ ඒ හිමියන්ගේ දේහය සුවඳ දර සෑයක තබ්බවා අන්තිම සත්කාර කිරීමෙන් පසු  ධාතුන් ගෙන්වා සෑගිරි (වර්තමාන මිහින්තලය ) වෙහෙරේ සහ සියලු විහාරයන්හිද  සෑ බඳවා ලූ බවය. අක්ෂර රටාව අනුව දෙවන ශතවර්ෂයේ මුල් භාගයට අයත් මෙම ලිපිය ඒ අනුව මහින්ද තෙරණුවන්ගේ ආදාහනයෙන් වසර කිහිපයකට පසු පිහිටවුවක් බවට නිගමනය කල හැකි බව පරණවිතාන මහතා වැඩිදුරටත් පවසයි. මහින්ද හිමියන් වෙනුවෙන් සෑදු ස්තූපයේ ඉට්ඨිය තෙරුණ්ගේද ධාතු තැන්පත් කිරීමට හේතුව ඒ හිමියන් වර්තමාන රජගල පිහිටි ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරණයේ යෙදීම විය හැකි බවට එතුමන් අනුමාන කරයි.

අද නැවතත් ඊලම්වාදින් බඩපිනුම් ගසන්නේ එදා මෙරටට බෞද්ධ ධර්මය හඳුන්වාදුන් මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ඉදිකල ස්තූපයක්ද පිහිටි එවන් බිමකය. නිවට පාලකයන් පත් කර ගත් අනුවණ සිංහල බෞද්ධයන්ට මේ පුද බිම් වලට යෑමට මේ යන ලෙසට නම් තව නොබෝ කලකින්ම සම්බන්ධන් හෝ විග්නේෂ්වරම්ගෙන් අවසර ගැනීමටද සිදුවනු ඇත.

මූලාශ්‍ර
  • මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number. 
  • Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
  • පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය,  එල්ලාවල මේධානන්ද ස්ථවිර., 
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
  • සිංහල ශිලාලේඛන සංග්‍රහය, නන්දසේන මුදියන්සේ,2000

7 comments:

  1. /අද නැවතත් ඊලම්වාදින් බඩපිනුම් ගසන්නේ එදා මෙරටට බෞද්ධ ධර්මය හඳුන්වාදුන් මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ඉදිකල ස්තූපයක්ද පිහිටි එවන් බිමකය. නිවට පාලකයන් පත් කර ගත් අනුවණ සිංහල බෞද්ධයන්ට මේ පුද බිම් වලට යෑමට මේ යන ලෙසට නම් තව නොබෝ කලකින්ම සම්බන්ධන් හෝ විග්නේෂ්වරම්ගෙන් අවසර ගැනීමටද සිදුවනු ඇත./

    ඇයි බොරු ලියන්නේ රජගල තියෙන්නේ සිංහල ගොවිජනපදයක, කවදාවත් කොටිතර්ජන තිබ්බේ නෑ.

    ReplyDelete
    Replies
    1. මා කතා කරන්නේ නැගෙනහිර පළාත පිළිබඳව. රජගල තියෙන්නේ නැගෙනහිර පළාතේ. එය දෙමළ බෙදුම්වාදීන්ගේ නිජබිම ලෙස ඔවුන් සලකන ප්‍රදේශය. ඔබට වර්ගවාදි යුද්ධය පැවැති කාලේ රජගල ප්‍රදේශයට යෑමට හැකියාවක් තිබ්බේ නැහැ බියක් සැකක් නොමැතිව. මහ ඔයෙන් හෝ සියඹලාණ්ඩුවෙන් හෝඅ වැලි කන්දෙන් එහාට යෑමට නොහැකි කාලයක් තිබූ බව ඔබට අමතක වී ඇති බවයි පේන්නේ. ත්‍රස්ථවාදීන් මේ ප්‍රදේශයේත් ගැවසුනා. කවදාවත් කොටි තර්ජන තිබ්බේ නැති බවට ඔබ පවසන්නේ කෙසේද? මේ ලිපියත් කියවන්නhttp://www.sundaytimes.lk/141214/plus/multi-faceted-findings-on-a-mountain-131830.html. නැගෙනහිර පලාතේ වන්දනාවේ ගිය පිරිස් වලට අයත් වාහන වලට හානි කිරීම් කිහිපයක්ම මේ වසර තුල වාර්තා උනා. එම ජාතිවාදින් පවසා සිටියේ සිංහලයෝ මෙහි නොයා යුතු බවයි. කෙසේ වෙතත් ඉහත වාක්‍යයෙන් මා අදහස් කලේ මේ නිවට පාලනය ෆෙඩරල් ව්‍යවස්ථාව නුදුරේදි ගෙනවිත් ජාතිවාදීන්ට කප්පම් දුන් පසු ඇතිවන තත්වයයි. ඔබ එය වැරදියට වටහාගෙන බවයි පේන්නේ.

      Delete
    2. රජගල ආසන්නයේම තිබෙන උහන බණඩාරදූව ග්‍රාමයට පැමිණි කොටි ත්‍රස්තවාදීන් 40 ක් පමණ 2001/11/15 දින ගම් වැසියන් 32 කපා කොටා ඝාතනය කල බව ඔබ දන්නවද? ඔවුන්ගෙන් වැඩි හරිය කාන්තාවන් සහ ලමුන්. http://www.sundayobserver.lk/2014/11/09/sec100.pdf. අම්පාර දිස්ත්‍රික්කයේ මේ අවට ප්‍රදේශ රැසක සිදුවූ කොටින්ගේ ම්ලේච්ච ක්‍රියා ඔබට මෙම වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.sangam.org/2012/03/Tiger_Atrocities.php කවදාවත් කොටි තර්ජන නොවූ බව ඔබ කියන රජගල ආසන්නයේම තමා ප්‍රසිද්ධ අරන්තලා සමූලඝාතනය සිදු වූවෙත්. මුන්ට සුදු හුණු ගෑමට ඔබට තියෙන අවශ්‍යතාවය ඔබගේ දේශපාලනය නිසා සිදුවන්නක්ද නොමැති නම් අතීතය අමතක වීම හෝ නොදන්නා කම නිසා සිදුවන්නක්ද?

      Delete
    3. භූෂණ ඔබ බණ්ඩාරදූව ඝාතනය ගැන සඳහන් කළා, ඒ ඝාතකයන්ගේ ප්‍රධාන ඉලක්කය වුනේ කවුදැයි සහ ඒ ඇයි දැයි කියා දන්නවා ඇති නේද? නැති නම් සොයා දැනගන්න, එවැනි අතිශය සංවේදී කරුණු මෙහි ලිවීමට මම අකමැතියි. මා කොටින් ගේ ඉල්ලීම්, ඔවුන්ගේ ම්ලේචිඡ ඝාතන කිසිසේත් අනුමත කරන්නේ නෑ, නමුත් ඒ ගැන ඉදිරිපත් කිරීමට ඇති පදම් කරුණු තිබියදී, වැරදි කරුණුත් අතිශයෝක්තියෙන් උපුටා දක්වන්නේ ඇයි ද කියා මට ගැටළුවක්.

      Delete
    4. මොනවද මේ අනවශ්‍ය කතා? එතෙනදි මිය ගියේ අහිංසක සිංහල සිවිල් වැසියන්. ඔබ කිසිවෙකු නොදන්නා ඔබ පමණක් දන්නවා යැයි කියන විකාර කතවක් මෙතන කියන්න දගලන්න්න එපා ( මම ඔය වගේ ගැට දාන අය ගැන හොඳට දන්නවා. ඔය සීනී බෝල මට හරියන්නේ නැහැ ) කිසිම කොටි තර්ජයක් කවදාවත් නොතිබූ ප්‍රදේශයක් කියා ඔබ පැවසූ දෙයටයි මම පිළිතුරු සැපයූවේ. අරන්තලාව ඝාතනයේත් එහෙම හැඟවුනු ඉලක්කයක් තිබුනාද? ඔබ කොටි ඝාතන අනුමත කලත් නොකලත් මෙතන ප්‍රශ්නය එය නෙමේනේ. ඔබ පැවසුවේ රජගල කිසිම කොටි තර්ජනයක් නොතිබූ ප්‍රදේශයක් බව සහ මා අසත්‍ය ප්‍රකාශ කරන බව. මම ඔබේ එම බොරුව බොරුවක් බව ඔප්පු කලා. එතනින් එහාට ආයේ සුරංගන කතා ඕනේ නැහැ. මා අතිශයෝක්තියෙන් ඉදිරිපත් කලා යැයි ඔබ පවසන වැරදි කරුන වැල්වටාරම් නොමැතිව කෙලින් කියමු බලන්න.

      Delete
    5. එක්තරා අවිචාරකයෙක් ඉන්නවා බ්ලොග් ලියන මිනිහා යුද්ධය ගැන සියල්ල දන්නවා කියලා පෙන්වන. මේ වගේ කවුරුත් නොදන්න ඔහු පමණක් දන්න යුද්ධ රහස් ගැන ඔහුත් නිතරම බයිලා කියනවා. ඒක දරුණු හීනමාන ලක්ෂණයක්. මේ ඇණයත් ඒ අවිචාරකයාත් එක්කෙනෙක්දැයි මට හිතෙනවා මේ කියන කතා අනුව නම්. දෙමළ ඊලාම්වාදීන්ටත් උන්ට පක්කලි කම් කරන ජඩපාලනේටත් බැන්නම ඔහුටත් හරියට රිදෙනවා. මේ වගේ කතා කියලා තමා ඔහුත් නැති ප්‍රශ්න ඇතිකරගන්නේ. එතකොට ප්‍රධාන ප්‍රශ්නය යට යනවනේ.

      Delete
    6. දැන් බය වෙන්න දෙයක් නෑ. රජතුමා ආයේ ඇවිල්ලා ඉන්නේ.

      Delete