මහඑළිය තැන්නේ (Horton Plains)
කිරිගල්පොත්ත අවට දිය කඳුරු වලින් සිය ගමන අරඹන
බෙලිහුල්ඔය ඉහල කඳුකරයේ කඳු පංති අතරින් ගලාවිත්,
මහඑළිය තැන්නෙන්ම ඇරඹී වෙනත් නිම්නයක් ඔස්සේ ගලා එන
කිරිකැටිඔය හා
සමනලවැව ජලාශයට මදක් ඉහල ප්‍රදේශයකදී එක්වී,
සමනලවැව ජලාශයට එකතු වේ. (
කිරිකැටි ඔය අද
හිරිකටු ඔය නම් අර්ථයක් නොමැති නමක් සහිත ඔයක් බවට ජනව්‍යවහාරයට එක්වී ඇතත් පැරණි සිතියම් වල එය දැක්වෙන්නේ එහි සුන්දරත්වයට මැනවින් ගැලපෙන
කිරිකැටි ඔය ලෙසිනි ).
සමනලවැව ජලාශයේ සිට නැවතත් සිය ගමන අරඹන
වලවේ ගඟ රමණීය
දූවිලි ඇල්ල සදමින් පහල අඩතැන්නට (Coastal Peneplain) පිවිසෙන්නේ
කල්තොට මොහොරේ (Kaltota Escarpment) ඊශාන දෙසින් වූ අන්තයෙනි.
|
දූවිලි ඇල්ල |
මහඑළිය තැන්නේ සිටම මෙම ගංගා නිම්නය ඔස්සේ ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් සිදුවූ බවට සාධක හමුවන මුත් පුරාතන සහ මධ්‍යතන යුග වල ඉදිකිරීම් මෙම නිම්නයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ මෙම
කල්තොට මොහොර ප්‍රදේශය අවට සිට ගංගා ද්‍රෝණිය ඔස්සේ පහලට විහිදුනු ප්‍රදේශය ආශ්‍රිතවය. ප්‍රාග් ඓතිහාසික මානව ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරුද මෙම මොහොර අවට
බෙල්ලන්බැඳි පැලැස්ස, උඩුපියන්ගල්ගේ, කුරගල ඇතුළු ස්ථාන කිහිපයකින්ම සොයාගෙන ඇත.
ගල්ටැම්යාය
පසුගිය කාලයේ බෙහෙවින්ම කතා බහට ලක්වූ
කුරගල ආසන්නයේම එහි පාමුල
තංජන්තැන්න ලෙසින් හැඳින්වෙන ග්‍රාමයේ පිහිටා ඇති මෙම ස්ථානය දැනට අක්කර දෙකක පමණ වූ පුරාවිද්‍යා රක්ෂිත ප්‍රදේශයකින් සීමාවූ කොටසක පමණක් ඉතිරි වූ නටබුන් ගොඩනැගිලි කිහිපයකින් යුක්ත වේ. ප්‍රාකාරයකින් වටවූ මළුවක් තුල
පබ්බත විහාර සම්ප්‍රදාය සිහිගන්වමින් එහි සිව් කොනේ සහ මධ්‍යයෙහි පිහිටි ගල් කණු කොරවක්ගල්, කැටයම් රහිත සඳකඩපහණ වැනි ගොඩනැගිලි අවශේෂ සහිත ප්‍රදේශයක් සහ එම මළුවේ බටහිර දිශාවට වන්නට එහි ප්‍රධාන පිවිසුම ලෙස සැලකිය හැකි පිවිසුමට වම් පසින් වූ කුඩා ප්‍රමාණයේ ස්තූපයක් මෙහි දැනට දක්නට ලැබේ. ස්තූපයට පිවිසීමට පඩිපෙලවල් දෙකක් එහි නිරිත සහ වයඹ දිශාවන් වලින් දැකිය හැකි අතර දැනට සංරක්ෂණය කර ඇති මෙම ස්තූපයේ පාදමේ විශ්කම්භය මීටර 8 පමණ වේ. ගොඩනැගිලි පිහිටි මළුවට පිවිසීමට එහි සිව් දිශාවෙන්ම දොරටු වූ බවට සාධක හමුවී ඇත.
|
පබ්බත විහාරයේ ප්‍රධාන මළුවේ එක් පිවිසුමක් |
ගල් කණු විශාල වශයෙන් හමුවන බැවින්
ගල්ටැම්යාය/ගල්ටැන්යාය ලෙසින් ප්‍රදේශවාසීන් මෙම ස්ථානය හඳුන්වයි. එසේම මෙහි තිබූ එවන් ගල් කණු මනා ආරක්ෂාවක් නොමැති පසුබිමක් යටතේ කලක් මුළුල්ලේ ප්‍රදේශවාසීන් විසින් සිය අවශ්‍යතාවයන් උදෙසා රැගෙන ගොස් ඇති බව පෙනේ. ඉහත විස්තර කල ගොඩනැගිලි අවශේෂ වලට අමතරව ප්‍රධාන මළුවෙන් එපිටද නොයෙකුත් ගොඩනැගිලි තිබී ඇති බවට දැනටද ස්තූපයට එපිටින් බටහිර දෙසට වන්නට දැකිය හැකි විනාශ වූ එවන් ගොඩනැගිලි දෙකක ගල් කණු නශ්ඨාවශේෂ වලින් පැහැදිලි වේ. මෙම ප්‍රධාන මළුවට දකුණු සහ නිරිත දිගට වන්නට තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ ඇති බවද, ඒවා ප්‍රදේශයේ ජනතාව විසින් අත්පත් කර ගත් ඉඩම් වල විනාශ වෙමින් තිබෙන බවද සබරගමු වංශකථාව ග්‍රන්ථයට මෙම ස්ථානය පිළිබඳව ලිපියක් සපයන
දයානන්ද බිනරගම මහතා සඳහන් කරයි. තවද 1951 වර්ෂයේදී මෙම ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගන්නා විට අක්කර 5 ක භූමි භාගයක් එයට අයත් වූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
|
ස්තූපය |
දැනට වෙනත් ස්ථානයක තබා තිබෙන යන්ත්‍ර ගලක් මෙම මළුවේ ගොඩනැගිලි අවශේෂ සහිත එක් ස්ථානයක තිබී හමුවී ඇත. එය තිබූ ස්ථානය අඩි 10 පමණ ගැඹුරට නිදන් හොරුන් විසින් විනාශ කර තිබී ඇත. මෙවන් යන්ත්‍ර ගල් බොහෝවිට බුදු පිළිම වල පාදමට යටින් හමුවන බැවින් මෙම ස්ථානයේ පිළිම ගෙයක් සහ එහි බුදු පිළිමයක් තිබෙන්නට ඇත. එහෙත් දැනට බුදු පිළිමයක් හෝ එවැන්නක අවශේෂ හෝ මෙහි දක්නට නොමැත. එම ස්ථානයේම බුදු පිළිමය තැන්පත් කර තිබෙන්නට ඇතැයි සිතිය හැකි ශෛලමය ආසනයක්ද දැකිය හැක.
|
ප්‍රධාන මළුව තුල වූ නටබුන් ගොඩනැගිල්ලක් |
කූරගල සහ බුදුගල
කූරගල ලෙසින් හැඳින්වෙන ස්ථානයේ උස් කඳු මුදුන් දෙකක් (උපරිම උස මුහුදු මට්ටමේ සිට මීටර 360 පමණ.) සහ ඒ අතර ඇති කපොල්ලක් අවට පිහිටා ඇති ස්වභාවික ගුහා 10 පමණ ඇති අතර ඒවායින් බොහෝමයක් කටාරම් කොටා ඇත. එම ගුහා බුදු සමය මෙරටට හඳුන්වාදුන් මුල් අවධියේම භික්ෂූන්ගේ වාසස්ථාන ලෙසට පරිවර්තනය කර ඇති බවට එම ඇතැම් ගුහා වල මුල් බ්‍රාහ්මී අකුරු වලින් කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලි වේ.
ගල්ටැම්යාය පිහිටා ඇත්තේ මෙම
කූරගල ගුහා පිහිටි ප්‍රදේශයට ආසන්නව වයඹ දිශාවට වන්නට වන අතර
අනුරාධපුර යුගයට අයත් විය හැකි පධානඝර සංකීර්ණයක් වන
බුදුගල මෙම කඳු මුදුන් පාමුල ඊසාන දෙසට වන්නට තැනි බිමේ පිහිටා ඇත (ඉහත සිතියම බලන්න). මෙම ස්ථාන තුනම එක්ව ගත් කල ඒවා එකම පැරණි බෞද්ධ ආරාමයක දැනට ශේෂ වී ඇති නටබුන් බව හඳුනාගැනීම නිවැරදි බව පෙනේ. ඒ අනුව ක්‍රි. පූ යුග වල සිටම ඇතැම් විට
අනුරාධපුර යුගයේ අවසානය දක්වාම හෝ
පොළොන්නරු යුගය දක්වාම පැවති විශාල ප්‍රදේශයක් පුරා පැතිරුන බෞද්ධ ආරාම සංකීර්ණයක් මෙම
කල්තොට මොහොර ප්‍රදේශයේ
කූරගල ආශ්‍රිතව තිබූ බවට පැහැදිලි වේ.
|
ප්‍රධාන මළුව තුලට වයඹ දෙසින් වූ පිවිසුම |
මෙයින්
ගල්ටැම්යාය නටබුන් එම ආරාම සංකීර්නයේ
පබ්බත විහාරය (පබ්බත විහාර පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා කියවන්න
>> Link) ලෙසට හඳුනාගත හැක. පසුකාලීනව මෑත යුගයේ සිදුවූ ජනාවාසකරණයත් සමග ඒ අවට තිබූ සෙසු බොහෝ නටබුන් දැනට විනාශ වී ඇති මුත්
පබ්බත විහාරයේ දැනට ඉතිරිව ඇති ප්‍රධාන මළුව අවට භික්ෂූන්ගේ වාසස්ථාන උදෙසා ඉදිවූ කුටි තිබෙන්නට ඇත. ඇතැම්විට ඒවා කල් නොපවත්නා අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉදි කර තිබුනා වුවද විය හැක. තවද
කුරගල අවට හමුවන ගුහා භාවනානුයෝගී භික්ෂූන්ගේ ප්‍රයෝජනය උදෙසා මුල් යුගයේ පටන් අඛණ්ඩව භාවිතා වන්නටද ඇත. පැරණි
රුහුණේ පොළොන්නරු යුගය වන විට
වන නදිය ලෙසින් හැඳින්වුන
වළවේ ගඟේ ඉහල නිම්නයේ පිහිටා තිබූ මෙම ආරාම සංකීර්ණයේ පැරණි නම හෝ ඒ පිළිබඳව වූ වංශ කතා විස්තර කිසිවක් හමු නොවේ.
|
ස්තූපය |
මූලාශ්‍ර
- සබරගමු වංශකථාව 1 වෙළුම, 2003
- සබරගමු වංශකථාව 2 වෙළුම, 2003
- කූරගල ගවේෂණය 2014 - අදියර 1, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මතක සටහන් 2015-3, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු පිරිස
- Administration Report of the Director -General of Archaeology for the year 1993
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
කොට්ටිඹුල්වල පන්සලේ සීලිමේ ඇඳල තියන තුන්ලෝකයේ චිත්‍ර දැකල තියනවද?
ReplyDeleteඔව් ප්‍රා. කොට්ටිඹුල්වල පන්සල ගැන මෙයට කලින් මන් ලිව්වා - http://trisinhala.blogspot.com/2016/10/2.html
ReplyDeleteAh, yes. Just read. But, you apparently hadn't noticed how Yama is depicted there.
DeleteYes I didn't discuss much on paintings of the Vihara in that article but history of it.
DeleteOk. I'll let you know some stuff about it, including a research suggestion.
Delete(Y)
Deleteකලින් කූරගල ගිහින් තිබුණත් ආයෙම යන්න හිතුනා ඔයාගේ පෝස්ට් එක කියෙව්වාම. දියවින්නටත් යන ගමන්. ස්තුතියි!
ReplyDeleteවැඩි වැඩියෙන් ආරක්ෂා කරගතයුතු ස්ථාන 😍😍😍😍😍 කොට්ටිඹුල්වල පන්සල ගැන ආටිකල් එකේ ලින්ක් එක දාන්නකෝ 💟
ReplyDeleteකොට්ටිඹුල්වල - http://trisinhala.blogspot.com/2016/10/2.html
Delete