Saturday, August 11, 2018

ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන රාජවෙශ්‍යභූජංග මණ්ඩපය

"අනතුරුව ඔහු මිහිබට සුධර්මා දිව්‍ය සභාව බඳු වූ, සියලු ලෝකයන්හී සිරිත් එක්තැන් කළාක් වූ, තුන්මහළකින් යුක්ත වූ, විසිතුරු සිතුවමින් අලංකාර කරන ලද, සිත් අලවන වේදිකා සමූහයකින් වටකරන ලද, ගායකාදීන්ට පැතූ සම්පත් ගෙනදෙන, කප්රුක යට කරවන ලද වටිනා අසුනකින් අලංකාර වූ, යුද්ධයෙහිදී සිය බාහු බලයෙන් ලබාගත් ලකඟනගේ නොයෙක් මැණික් වලින් බබලන ඔටුන්න හා සමාන ශිව දෙවියාගේ ජටාමඩුල්ල හා සමාන වූ රජවෙශ්‍යභූජංග නම් රමණීය මණ්ඩපයක් කරවීය." - මහාවංශය 71 වන පරිච්ඡේදය

පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) පොළොන්නරුවේ ඉදි කල ගොඩනැගිලි පිළිබඳව වූ විස්තරයේදී මහාවංශය එසේ විස්තර කරන ගොඩනැගිල්ල මේ වන විට පරාක්‍රමබාහු මාළිගයෙන් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති ශෛලමය මණ්ඩපය ලෙස හඳුනාගෙන ඇත. එම නටබුන් ගොඩනැගිල්ල රාජවෙශ්‍යභූජංග මණ්ඩපය ලෙසින් පළමු වරට අනුමාන ලෙසින් හඳුනාගනු ලැබුවේ 1922 වසරේ සිට 1927 දක්වා පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ A.M. හෝකාර්ට් මහතා විසිනි. පසුව ඒ බව තහවුරු කිරීම සඳහා එම ගොඩනැගිල්ලට පිවිසෙන පඩි පෙලේ දෙවෙනි පඩිපෙළ මුදුනේ ඇති ගල් පුවරුවේ 'රාජවේශ්‍යාභූජඟමණ්ඩපය' ලෙස දොළොස්වන සියවසට අයත් අකුරින් කොටා ඇති බව සොයා ගැනීම උපකාරී විය. 
1932 වසරේ සිට පොළොන්නරුවේ ඇතුළු නුවර පරාක්‍රමබාහු මාළිගය සහ ඒ අවට පිහිටි ගොඩනැගිලි වල සිදු කල කැනීම් වලදී මේ ගල් පුවරුව සොයාගැනිණි. එම කැනීම් වලදි පැහැදිලි වූ තවත් කරුණක් වූවේ වර්තමාන මණ්ඩපය ඉදිකර ඇත්තේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ සිට පැවතෙන ගොඩනැගිලි වල නටබුන් මත බවය. එසේම මෙම ගොඩනැගිල්ලේ ඉහල පස් තට්ටුවේ තිබී හමුවූ 13 වැනි සියවසේ අවසාන කාලයට අයත් චීන කාසි කිහිපයක් නිසාද, වර්තමාන ගොඩනැගිල්ල එම යුගයේ විසූ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1236-1270) රාජ්‍ය කාලයේ පශ්චිම භාගයේ, එහි මුල් ස්ථානයේ සිට තරමක් ඈතට වන්නට නැවත ඉදි කර ඇති බව පරණවිතාන මහතා අනුමාන කරයි. මහාවංශය විස්තර කරන ලෙසටද දඹදෙනියේ සිට රාජ්‍ය විචාල දෙවන පරාක්‍රමබාහු රජුගේ සමයේදී ඔහු පුත් සිව්වන විජයබාහු රජු (ක්‍රි.ව. 1270-1272) නටබුන්ව පැවති පොළොන්නරුව පැරණි නගරයේ ගොඩනැගිලි, පොකුණු, වීදි ආදිය පිලිසකර කර " උතුම් පොළොන්නරුව පෙර පැවති සේ" තනවා ඇත. 
මහාවංශයේ මහල් තුනකින් යුක්තව තනා ඇති බව පැවසෙන මෙම මණ්ඩපය එසේ හැඳින්වෙන්නේ ගොඩනැගිල්ලේ පදනම ලෙස යෙදෙන එකිනෙක මත පිහිටි වේදිකා තුන නිසා බව පැහැදිලිය. එම පහලම වේදිකාවේ විවිධ ඉරියව්වෙන් යුත් ඇත් රූපද, එය මත පිහිටි දෙවැනි වේදිකාවේ සිංහ රූපද ඉහලින්ම පිහිටි වේදිකාවේ වාමන රූපද කැටයම් කර ඇත. ගොඩනැගිල්ලේ ගෙබිම මත පේළි සතරකට සිටවූ කැටයම් කළ ගල් කණු 48 ඇති අතර ඒ මත දැවයෙන් කර උළු සෙවිලි කල වහලය තිබෙන්නට ඇත. 
මණ්ඩපයට පිවිසීමට ඇති පියගැට පෙල කොටස් දෙකකට ඉදි කර ඇති අතර එහි  ආරම්භයේ සහ මැදට වන්නට සඳකඩපහණ දෙකක් දක්නට ඇත. මණ්ඩපයට පිවිසෙන ස්ථානයේ ගල් පුවරුවක ඉහත විස්තර වූ සෙල් ලිපිය ඇති අතර එය දෙපස අලංකාර සිංහ රූ දෙකක් දක්නට ඇත. පියගැට පෙලේ කොටස් දෙක දෙපස කැටයම් කල කොරවක්ගල් දෙකක් පිහිටුවා ඇත. මෙහි මැද පිහිටි සඳකඩපහණ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට ගෙනවුත් මෙහි සවි කර ඇත්තේ H.C.P. බෙල් මහතා විසින් බවට විශ්‍රාම ලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවකයෙකු විසින් පැවසු බවට ජයසිංහ බාලසූරිය මහතා සිය පොළොන්නරුව පිළිබඳව වූ ග්‍රන්ථයක පවසන සඳහන සත්‍යක්ද යන්න තවදුරටත් විමසා බැලිය යුතුය. පරාක්‍රමබාහු රජුගේ ලෙස හඳුනාගන්නා වෙනත් ගොඩනැගිලි අසල ඇති සඳකඩපහණ වල සිංහ රුව දැකිය නොමැති මුත් මෙහි සිංහ රූප දක්නට ලැබීම එම කරුණ සත්‍ය විය හැකියැයි දැක්වීම සඳහා ඒ මහතා උපයෝගී කරගනී. 
'රජ මාළිගාව' ලෙසින් එවකට වැරදියට හඳුනාගෙන තිබූ මෙම මණ්ඩපය පිළිබඳව විස්තරයක් බෙල් සිය 1905 වසර සඳහා වූ පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාවේ ඉදිරිපත් කරයි. බෙල්ගේ විස්තරයේ ඉහත සඳකඩපහණ දෙකම මෙම ස්ථානයේ තිබූ බවට විස්තර වන අතර සිංහ රූප සහිත සඳකඩපහණේ විශේෂත්වය පිළිබඳවද ඔහු කරුණු සඳහන් කරයි. එනම් පොළොන්නරු යුගයට අයත් බොහෝ සඳකඩපහණ වල සිංහ රූප නොමැති මුත් මෙම සඳකඩපහණේ සහ හැටදාගෙය ලෙසින් හැඳින්වෙන ගොඩනැගිල්ලේ ඇති සඳකඩපහණ වල සිංහයා දැකිය හැකි වීමය. පහතින්ම ඇති සඳකඩපහණේ සිංහ රූප නොමැති වීම ගැනද සඳහනක් බෙල්ගේ විස්තරයේ අඩංගුය. (මෙම සඳකඩපහණ දෙකෙහිම ගවයා සුපුරුදු පරිදි පොළොන්නරු යුගයට අයත් වෙනත් සඳකඩපහණ වල ලෙසම දැකිය නොහැක.) වසර ගනණාවකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කල හෝ එසේ සේවය කල ලෙස පවසන ගැමියන්ගේ 'යාන් හෑලි' සත්‍යය ලෙස සලකා පොත්පත් වල සඳහන් කර ඒවා 'පරම සත්‍යය' ලෙස සමාජගත වූ අවස්ථා මෑත කාලයේද නිබඳව අසන්නට ලැබුණි. ඉහත ජයසිංහ බාලසූරිය මහතා පවසන කරුණද එවන් තවත් එක් ඊණියා ජනප්‍රවාදයක් පමණක්ම බව ඒ අනුව පැහැදිලි වේ.

එවකට සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි මට්ටමින් කැලෑව වැවි තිබූ මෙහි වැදගත්කම වටහාගත් H.C.P. බෙල් එය මතු දිනක නිසියාකාරව තහවුරු කරන තෙක් ඒ මත සහ වටා පිහිටි අවශේෂ ඉවත් කර ගොඩනැගිල්ල පැහැදිලිව දිස්වන සේ මතු කරගැනීමක් සිදු කරයි. 10 වන සියවසට අයත් බෙහෙවින් ගෙවී ගිය සෙල්ලිපියක කොටසක් හමුවන්නේද මෙම අවස්ථාවේදීය.
කෙසේ නමුත් මෙම මණ්ඩපය පසුව විවිධ කොටස් එකතු කර නිමවූවක් බව තහවුරු වන තවත් සාධකයක්  වනුයේ මෙහි නටබුන් අතර දසවන සහ දොළොස්වන සියවස් වලට අයත් සෙල්ලිපි දෙකක් දක්නට ලැබීමය. මින් එක් ලිපියක් පළමුවන වික්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1111-1132) බිසවක වන සුන්දරමහා දේවීය විසින් පිහිටුවා ඇත. මහාවංශයේ විස්තර වන විසිතුරු සිත්තම් හෝ කප්රුක අද දක්නට නොමැති මුත් එම කප්රුක ලෙස අනුමාණ කල හැකි කැටයම් කල ගල් ටැඹක් අටදාගෙය ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල තුල දක්නට ඇති බව පූජ්‍ය කඹුරුපිටියේ වනරතන හිමියන් සිය 'පොළොන්නරු නටබුන්' නම් වූ කෘතියේ සඳහන් කරයි. මෙහි ඇති කැටයම් කල පුවරුද එම ආකාරයේම මණ්ඩපයක් වූ නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපයේ සිට රැගෙන විත් ඇති බවටද අදහස් ඉදිරිපත් වී ඇත. දැනටද එහි ඉතිරි වී ඇති ඇත් සහ සිංහ රූ සහිත කැටයම් පුවරු කිහිපය එම මතය සත්‍යය විය හැකි බවට සාක්ෂ්‍ය සපයයි. (එම කැටයම් පුවරු වල ඡායාරූප මිට පෙර ලිපියක දක්වා ඇත.>>)
මෙම මණ්ඩපය සඳහා ව්‍යවහාර වූ 'රාජවෙශ්‍යභූජංග' යන වදන රජවරුන් උදෙසා භාවිතා වූ විරුද නාමයක් ලෙස හඳුනාගත හැක. පැරකුම්බා සිරිත කාව්‍යයෙහි එන "දින පැරකුම්බුජ රජහිමි රාජවේශ්‍යාබූජංග" යන පද්‍ය කොටසින් එය පැහැදිලි වේ. පොළොන්නරුවේ උප නගරයක්ද රාජවේශීභූජංග පුර ලෙසින් මහාවංශයේ  හඳුන්වා ඇත. මෙවන් ආකාරයේ ගොඩනැගිලි සඳහා සිංහල භාෂාවෙන් ව්‍යවහාර වූ 'වැටුම් මඩුව' යන වදන කව්සිළුමිණ වැනි පැරණි ග්‍රන්ථ වල හමුවේ. එලෙසින් හැඳින්වූවේ රාජ සභාව පවත්වන මණ්ඩපය බව පූජ්‍ය වැලිවිටියේ සොරත හිමියන් පවසයි. 'සිංහ ද්වාර' ලෙස සංස්කෘත සාහිත්‍යයේ රජුගේ රාජ සභාවට පිවිසෙන පිවිසුම හැඳින්වේ. එහෙයින් දෙපස සිංහ රූප දෙකක් සහිත මෙම මණ්ඩපය එසේ හඳුනාගැනීම නිවැරදි බව පරණවිතාන මහතාද පැහැදිලි කරයි.
මූලාශ්‍ර
  • History and Archaeology of Sri Lanka, Volume II, The Art and Archaeology of Sri Lanka 1, CCF, 2007
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume Three, Architecture, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
  • University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
  • Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaeology, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
  • Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
  • The Glory of Ancient Polonnaruva, Jayasinghe Balasooriya, 1999.
  • අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
  • පුරාවිදු පරියේසණ, සෙනරත් පරණවිතාන, 1972
  • Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
  • Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
  • Bell H.C.P., 1909, Archaeological Survey of Ceylon, North Central, Central And Northern Provinces, Annual Report 1905
  • පොළොන්නරු නටබුන්, කඹුරුපිටියේ වනරතන හිමි, 1962
  • ශ්‍රී සුමංගල ශබ්දකොෂය ප්‍රථම භාගය සහ ද්වීතීය භාගය- වැලිවිටියේ සෝරත හිමි, 1999
  • කව් සිළුමිණ හෙවත් කුසදාවත, මහාචාර්ය ඇම්. බී ආරියපාල සංස්කරණය, 2012
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2015
  • පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
  • පැරකුම්බා සිරිත, පොදු සංස්කරණය - මහාචාර්ය රෝහිණි පරනවිතාන, 1997
  • Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998

21 comments:

  1. Thanks for bringing another piece of history to us.

    ReplyDelete
    Replies
    1. Bushana, What is your opinion on Sigiriya? We would like to know.

      Delete
    2. Well.. difficult to answer just by a comment. I might write extensively on Sigiriya later on with several posts. But all the bulls shit theories circulating especially in social media with regard Sigiriya can be easily denied with the support of strong historical facts and archaeological findings.

      Delete
    3. Yeah. Never meant with a reply comment for that. Do us a proper article Bushana.

      Delete
  2. මෙය පරාක්‍රමභාහු රජුගේ රාජ සභාව පැවැත්වූ ස්තානයද? මෙහි මුල් කාලීන ගොඩනැගීම් විනාශ වීමට හේතුවක් කියවෙනවාද?

    ReplyDelete
    Replies
    1. ඔව් 1 වන පරාක්‍රමබාහු රජුගේ රාජ සභාව පැවත්වූ තැන. එය විනාශ වෙන්නේ කාලිංග මාඝ ආක්‍රමණය සහ ඉන්පසු අතහැරදැමීම නිසා. 2 වන් පරාක්‍රමබාහු නැවත එය පිලිසකර කර ඔහුගේ දෙවෙනි අභිෂෙකය පොළොන්නරුවේ පවත්වනවා. එහිදි මෙය මුලින් පිහිටි තැනින් ඒ ආසන්න වර්තමාන ස්ථානය ගෙනවිත් ඇති බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ. වෙනත් ගොඩනැගිලි වල කොටස් ද එයට යොදාගෙන තියෙනවා.

      Delete
    2. ස්තූතියි භූශන පිලිතුරට. මට තියන ප්‍රශ්නෙ කොහොමද නිශ්ශංක මල්ල රජුගේ රාජ සභාව මාඝට අහු නොවුනෙ කියන එක. ඒ කොහොම උනත් මේ රාජ සභා දෙකේම තියන කැටයම් හා ගෘහ නිර්මාන ශිල්පයට කාලිංග බලපෑම කොහොමද?

      Delete
    3. දැනට සංරක්ෂණය කර ඇති මුත් නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපයත් විනාශ වී තමා තිබුනේ. ගලින් කල ශිව දේවාල කිහිපයක් ථූපාරාම විහාර ගේ ලෙස හැඳින්වෙන ගොඩනැගිල්ල වැනි කිහිපයක් විනාශ නොකල බවට පේන්න තියෙනවා. ඒත් ඒවා උනත් ස්වභාවිකව ගස් වැල් වැවීම වැනි දේ නිසා ගරා වැටී තමා තිබුනේ. කාලිංග මාඝ ආක්‍රමණය නිසා පොළොන්නරුවේ සියළු දේ විනාශ උන කියලා හිතන්න අමාරුයි. සාමාන්‍යයෙන් ඕනෑම ආක්‍රමණයකදී සිදුවන විනාශයන් අනිවාර්යයෙන් සිදුවන්නට ඇති. නමුත් සමහරවිට එම ගොඩනැගිලිම ආක්‍රමණිකයා විසින්ම පිලිසකර කර පාවිච්චි කරන්නට උනත් පුලුවන්නේ. එහෙම වෙලා තියෙනවා. මේ කැටයම් අනුරාධපුර යුගයේ කැටයම් වලම විකාශනයක් කියලයි මට නම් පේන්නේ. නමුත් දකුණු ඉන්දීය ද්‍රවිඩ කලා නිර්මාණ වල බලපෑම මුසු වී තියෙනවා. එය අනුරාධපුර යුගයේත් සිදු උනා.

      Delete
    4. දකුණු ඉන්දීය ද්‍රවිඩ කලා නිර්මාණ වල බලපෑම පොළොන්නරු යුගයේ ඇතැම් කැටයම් වලට මුසු වී තියෙනවා ලෙසින් නිවැරදි විය යුතුයි. මෙම ගොඩනැගිල්ලේ කැටයම් වල එවැන්නක් දක්නට නැහැ.

      Delete
  3. A'pura and P'naruwa areas formed parts of Dambadeniya kingdom?

    ReplyDelete
    Replies
    1. Initially Those Rajarata areas were not comes under the Dambadeniya kingdom, since Maga was there. But even after expulsion of the Maga under second ruler of the Dambadeniya, it sees Rajarata was not comes under the effective control of the Dambadeniya dynasty, as Mahavansa mentioned of several independent "Sinhala Vanii" rulers with whom Dambadeniya rules had to fight with. Parakrambahu 2's attempt to consecrate Vijayabahu 3, his father second time in ancient capital of Sinhalese power is more or less a try to gain or rather show their power over Raharata areas. But how much they succeeded in that attempt is not properly described in ancient Chronicles. So it seems effective control area of the Dambadeniya kingdom was just over the territory of Maya rata including southwestern sea-board.

      Delete
    2. Thanks. Yes, Dambadeniya, Yapahuwa and Kurunegala kingdoms' boundaries and spheres of influence must have being changing continuously.
      So, Kotte, Kelaniya, Colombo and other south-western areas were ruled by Dambadeniya Kingdom?

      Delete
    3. The places at which Vijayabahu 3 undertook constructions or repairs of religious edifices are mentioned in Mahavansa as Beligala, Vattala, Kelaniya, Attanagalla and Totagamuwa. So it is obvious that he had effective control in those areas. Kotte and Colombo also comes under that territory and Kotte was not a separate kingdoms not even an important city. Colombo may have been a minor sea port but not much busy one as it has become later on.

      Delete
    4. Colombo wasn't even existed back at the time of Dambadeniya Kingdom. Though we can suspect some form of settlement existed at the mouth of the Kelani river and that's that. Anyhow, Was it possible that the Tamilization of the Rajarata occurred along the same time frame as you have mentioned?

      Delete
    5. Tamilization of Rajarata - Yes probably. Considerable portion of the mercenary forces belong to varies invaders like Maga and to even Sinhalese rulers may have been settled there whence Sinhalese civilization had been shifted to the Southwestern part of the country starting from end of Polonnaruwa period. Also this is the period of starting of Northern Arya chakravarthi kingdom with its centers at Jaffna peninsula. As it has been occurs in Southwestern coastal belt from Puttalam to Galle South Indian immigrants too may had been settled from Jaffna to Mannar coastal belt as well and some of them did migrate to the Rajarata along the Malwatu Oya basin due to lack of water close to the coast.

      Delete
    6. There are some evidences on sinhala and tamil speaking 'vanniyas'isnt it? Some even believe Sawulu Vijayaba he himself was a Vanniya before became the king.

      Delete
    7. I used term 'Sinhala Vannis' here just because it is especially mentioned so in the Pujavaliya as සිංහල මහ වන්නින් with regards Vanni rulers those who were subjugated by Parakramabahu 2 . So we can argue unless there were දමිල වන්නින් there is no need to referred them as සිංහල මහ වන්නින්. Parakramabahu 2's father and the founder of the Dambadeniya kingdom Vijayabahu 3 had also started as a Vanni ruler. Origin and history of Vanniyars or Vanni rulers is a topic which should be discussed separately. Without categorizing Vanni rulers or chieftains who maintained independent or semi independent authority in limited areas as Sinhala or Tamil, I prefer to separate them as native or South Indian invaders. Because it is possible of chieftains with Sinhalese origin later on becoming Tamil speaking due to dominant language prevailing in the said localities. Chieftains with Tamil origin who may had been migrated from South India and captured certain "No ruler areas" between Maya rata and Northern Arya Chakravarthi kingdom too can become Sinhala speaking වන්නි රජවරු later on.

      Savulu Vijayabahu is not Vijayabahu 3 but Vijayabahu 5 who ruled from Gampola. As fae as I am aware no Vanni epithet for him but Buvanekabahu 3 was also known as Vanni Buwanekabahu.

      Delete