පොළොන්නරුවේ පරාක්‍රමසමුද්‍රයේ වැව් බැම්මට නැගෙනහිර දෙසින් තානායම අසල පිහිටි පැරණි නටබුන් ගොඩනැගිලි සහ දීප උයන නමින් හැඳින්වෙන පැරණි උද්‍යානයේ නෂ්ටාවශේෂ අතර ඇති නටබුන් වූ පාදම, පියගැටපෙලවල් සහ විශාල ගල් කණු පේලි සතරකින් යුත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජුගේ රාජ සභා මණ්ඩපය ලෙසින් හඳුනාගෙන ඇත. එම ගොඩනැගිල්ලේ උතුරු දෙසින් එයට පිවිසීමට ඇති ප්‍රධාන පියගැටපෙල ඇති අතර බටහිර දෙසින්ද කුඩා පිවිසුමක් ඇත. ගොඩනැගිල්ලේ පාදම මාලක දෙකකින් යුක්තවන අතර එම පහලම මාලකය විවිධ ඉරියව් වලින් සිටින ශෛලමය ඇත් රූප වලින් අලංකාර කර තිබූ බව සහ ඉහල මාලකය ශෛලමය සිංහ රූප වලින් ඒ අයුරින්ම සරසා තිබූ බව බටහිර සහ උතුරු දෙස පාදම් වල අතරින් පතර ඉතිරි වී ඇති එවන් රූප වලින් පැහැදිලි වේ.
එම තනතුරු ලත් පුද්ගලයන් සභා ශාලාවේ සිටි ආකාරය පහත රූප සටහනින් වඩාත් පැහැදිලිව පෙන්වා දිය හැක.
ඈපාවරුන් (Heir presumptives)
ඈපාවරුන් සිටින ස්ථානය ලෙසින් සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 4 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල ඈපාවරුන් 'හිඳින' ස්ථානය ලෙසින් එය නම් කර ඇත.
සෙනෙවිරදුන් (Commander-in-Chief)
(රජු) සිංහාසනයේ වැඩහුන් කල සෙනෙවිරදුන්ට ස්ථානය ලෙසින් අකුරු කොටා ඇත්තේ ඉහත රූපයේ 3 ලෙසින් දැක්වෙන කුළුන අසලය.
ප්‍රධානයන් (Principal dignitaries)
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් අකුරු කෙටු ලිපියක් ඉහත 2 ලෙසින් හැඳින්වෙන කුළුනේ ඇත. ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් විනා ප්‍රධානයන් හිඳින ස්ථානය ලෙසින් එය හඳුන්වා නොමැති බව පෙනේ. ඉහත සෙනෙවිරදුන් සඳහා වෙන් කල ස්ථානයේද 'හිඳින' යන්න නොමැත. එහෙත් යුවරජ සහා ඈපාවරුන් සඳහා පමණක් එසේ යොදා තිබීම අවධානය බඳුන්විය යුතු යැයි සිතේ.
පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන්
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන් ලෙසින් හැඳින්වෙන පිරිසකට වෙන් කල ස්ථානය, අසල කුළුණේ ඇති ලිපියට අනුව ඉහත 1 ලෙසින් ලකුණු කල ස්ථානයයි. එලෙස හැඳින්වෙන්නේ පොත් තබන්නන් සහ ගණකාධිකාරවරුන් (Bookkeepers & Accountants) ලෙස සිරිමල් රණවැල්ල මහතා එම ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කරයි.
ඉහත සඳහන් සියළු පුද්ගලයන් ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල දකුණු පසින් එනම් බටහිර දිසාවෙන් වූ ස්ථාන වල තිබූ ආසන වල හිඳගෙන (හෝ සිටගෙන) රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වී ඇත.
ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල වම් පසින් එනම් නැගෙනහිර දිසාවෙන් වූ ස්ථාන වල ඇති කුළුණු 3 ක සෙල් ලිපි වලට අනුව එම ස්ථාන වල සිට රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වූ පුද්ගලයන් මේ ආකාරයෙන් දැක්විය හැක.
අඝම්පඩි භාරක මඬලිකවරුන්
ඉහත සටහනේ අංක 6 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන්කර ඇත්තේ අඝම්පඩි භාරක මඬලිකවරුන්ටය. (රජු) සිංහාසනයේ වැඩ හුන් කල අඝම්පඩි භාරක මඬලිකවරුන් එනම් අගම්පඩි හෙවත් කුලී හේවායන්ගේ හමුදාවේ මණ්ඩලික ප්‍රධානියන්ට (Mandalikas in charge of the Agampadi unit of the Army [Mercenary army])වෙන් කල ස්ථානයයි.
චෞරාසිවරුන්
චෞරාසිවරුන් ලෙස හැඳින්වෙන පිරිසකට ඉහත සටහනේ අංක 7 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන් කර තිබූ බව ඒ අසල ඇති කුළුනේ කොටා ඇති සෙල් ලිපියන් කියැවේ. චෞරාසිවරුන් යනු ප්‍රාදේශිය පාලකයන් හඳුන්වන ඉන්දියානු සම්භවයක් ඇති වදනකි. ප්‍රදේශ 84 ක පාලකයා යන්න එහි නිරුක්තියයි (Office-in-Charge of 84 districts). Lesser regional administrators ලෙසින් රණවැල්ල මහතා සිය Inscription of Ceylon Volume 6 ග්‍රන්ථයේ ඉහත ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ එම තනතුර හඳුන්වන මුත් රාජා ද සිල්වා මහතා ඉහත ඉන්දියානු ප්‍රාදෙශිය පාලකයන්ගේ නම සිය Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196) නම් වූ පර්යේෂණ කෘතියේ ඉදිරිපත් කරයි.
ඩගෝෂ්ටියෙහි ඇත්තවුන්
රජු සිංහාසනයේ වැඩ හුන් කල ඩඝෝෂ්ටියෙහි ඇත්තන්ට වෙන් කර ඇත්තේ ඉහත අංක 8 ලෙසින් දක්වා ඇති කුළුන අසල ස්ථානයයි. එනම් වානිජ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් (Members of the mercantile cooperation) රාජ සභාව රැස්වූ විට එම ස්ථානයේ සිට ඇත.
නටබුන්ව පැවති මෙම රාජ සභා මණ්ඩපය අසලම තිබි හමුවූ විශාල සෙල්මුවා සිංහ රුවක් එහි පහතින් දෙපැත්තේම කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලිව දැක්වෙන ආකාරයට නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය හෝ එයට ආධාරකයක් වූ බව පෙනේ.ඇතැම් විට සිංහාසනය දෙපසින් මෙවන් තවත් සිංහ රුවක් තිබුණා විය හැක. දෙවෙනි සිංහ රුව කොළඹ කෞතුකාගාරයේ ඇති ලෙසට මහාචාර්ය ආරිය ලගමුව මහතා සිය කෘතියේ පවසන මුත් එම ප්‍රකාශයේ විශ්වාසනීයත්වය තහවුරු කිරිමට වෙනත් කිසිදු මූලාශ්‍රයක් හමු නොවේ. සෙල්ලිපියේ සඳහන් වනුයේ එය 'ශ්‍රී විරිදුරාජ වීරවෙශ්‍යා භූජග නිස්සංක ලංකේශ්වර කාලිඟ චක්‍රවර්ති ස්වාමින් වහන්සේ වැඩැ හුන් වීර සිංහාසනය 'බවයි. එම සිංහ රුව වර්ෂ 1876 දී කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන ආ මුත් නැවතත් වර්ෂ 1965 සැප්තැම්බර් මස 2 වෙනි දින එය මුලින් පිහිටි නිශ්ශංක රාජ සභා මණ්ඩපය අසලට ගෙනගොස් පසුව ඉහත රූපයේ C ලෙසින් සලකුණු කර ඇති ස්ථානයේ පිහිටුවා ඇත.
නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය තිබූ නිවැරදි ස්ථානය එයද යන්න පිළිබඳ විවිධ මත පවතී. H.C.P. බෙල් සහ රිස් ඩේවිඩ්ස් මහතුන්ගේ මතය වනුයේ එය ඉහත රූපයේ B ලෙස ලකුණු කර ඇති ස්ථානයේ තිබුනා විය හැකි බවයි. මෙම රාජ සභා මණ්ඩපය පරාක්‍රමබාහු රජුගේ ලෙස වැරදියට හඳුනාගන්නා මුත් රිස් ඩේවිඩ්ස් මහතා වර්ෂ 1873 Indian Antiquary Vol 2 සඟරාවට ඉදිරිපත් කරන ලිපියකින් පවසන්නේ ඉහත A සහ B ලෙසින් සලකුණු කර ඇති ස්ථාන වලින් එවකට පිළිගත් ස්ථානය වූ A හි නොව B ස්ථානයේ සිංහාසනය තිබුනා විය හැකි බවයි. ඔහු පවසන පරිදි B ස්ථානයේ රජු අසුන් ගත් විට රාජ සභාවේ ඉහල නිල දරන්නන් ඔහු ඉදිරියෙනුත් යුවරජ සහ ඈපාවරුන් ඔහුගේ දකුණු (?) පසිනුත් පහල නිලදරන්නන් ඔහුගේ පිටුපසිනුත් සිටින බවයි. එසේ නොමැතිව සිංහාසනය ඉහත A ලෙස දැක්වෙන ස්ථානයේ තැබුවහොත් වානිජ ප්‍රජාවට ප්‍රධාන තැනක් ලැබෙන බැවින් එය විය නොහැකි බවයි. එම අදහසම අනුමත කරන රාජා ද සිල්වා මහතාද එය වර්තමානයේ පිහිටුවා ඇති ස්ථානය නිවැරදි නොවන බවට තර්ක කරයි. කෙසේ නමුත් වර්තමාන C ස්ථානයද ඉහත රිස් ඩේවිඩ්ස් සහ රාජා ද සිල්වා මහතුන් ඉදිරිපත් කරන ආකාරයටම රාජ සභා සාමාජිකයන් රජු ඉදිරියේ ස්ථාන ගතවන ස්ථානයක් ලෙසින් හඳුනාගත හැක. එබැවින් සිංහාසනය එම ස්ථානයේ හෝ එයට මදක් ඉදිරියෙන් ඔවුන් පවසන පරිදි B ස්ථානයේ තිබුණා විය හැක.
මූලාශ්‍ර
බටහිර දෙසින් වූ කුඩා පිවිසුම |
මෙම ගොඩනැගිල්ලේ වහලයට ආධාරක වූ ගල් කුළුණු පේලි අතරින් ඇතුල්පස වූ ඇතැම් ගල් කුළුණු වල සෙල්ලිපි කොටා ඇති අතර එම සෙල්ලිපි වලින් රාජ සභාවේ එම ස්ථාන වෙන්කර තැබූ පුද්ගලයන් පිළිබඳව වැදගත් තොරතුරු හෙලිවේ. යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ හිඳින ස්ථානය, පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන්ට ස්ථානය, ප්‍රධානයන්ට ස්ථානය, සෙනෙවිරදුන්ට ස්ථානය, ඈපාවරුන් හිඳින ස්ථානය, අඝම්පඩි භාරක මඬලිකවරුන්ට ස්ථානය, චෞරාසිවරුන්ට ස්ථානය සහ ඩගෝෂ්ටියෙහි ඇත්තවුන්ට ස්ථානය ලෙසින් ඒවා නම් කර ඇත.
දකුණු පසින් රාජ සභා මණ්ඩපය දිස්වන ආකාරය. වම්පසින් දැක්වෙන්නේ බටහිර දෙසින් වූ පිවිසුමයි. |
යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ (Heir apparent)
යුවරජවැ සිටි (මහපාණ) න් වහන්සේ හිඳින ස්ථානය ලෙස සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 5 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල යුවරජ 'හිඳින' ස්ථානය ලෙසින් එය එම ලිපියේ හඳුන්වා ඇත. මෙම ගොඩනැගිල්ලේ නටබුන් අතරම තිබී හමුවූ යුවරජ තැන්පත් නිශ්ශංකමල්ල රජුගේ පුත් වූ වීරබාහුගේ ගල් ආසනය ලෙසින් සටහන් කල ශෛලමය ආසනයද මුලින් මෙම ස්ථානයේ තිබුනා විය හැක.ඈපාවරුන් (Heir presumptives)
ඈපාවරුන් සිටින ස්ථානය ලෙසින් සලකුණු කර ඇත්තේ ඉහත රූපයේ 4 ලෙසින් දැක්වෙන කුළුණ අසලය. (රජු) සිංහාසනයේ වැඩහුන් කල ඈපාවරුන් 'හිඳින' ස්ථානය ලෙසින් එය නම් කර ඇත.
පාදමේ පහල මාලකයේ ඉතිරි වී ඇති ඇත් රුවක් |
(රජු) සිංහාසනයේ වැඩහුන් කල සෙනෙවිරදුන්ට ස්ථානය ලෙසින් අකුරු කොටා ඇත්තේ ඉහත රූපයේ 3 ලෙසින් දැක්වෙන කුළුන අසලය.
ප්‍රධානයන් (Principal dignitaries)
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් අකුරු කෙටු ලිපියක් ඉහත 2 ලෙසින් හැඳින්වෙන කුළුනේ ඇත. ප්‍රධානයන්ට ස්ථානය ලෙසින් විනා ප්‍රධානයන් හිඳින ස්ථානය ලෙසින් එය හඳුන්වා නොමැති බව පෙනේ. ඉහත සෙනෙවිරදුන් සඳහා වෙන් කල ස්ථානයේද 'හිඳින' යන්න නොමැත. එහෙත් යුවරජ සහා ඈපාවරුන් සඳහා පමණක් එසේ යොදා තිබීම අවධානය බඳුන්විය යුතු යැයි සිතේ.
පාදමේ ඉහල මාලකයේ ඉතිරි වී ඇති සිංහ රූප |
(රජු) සිංහාසනයේ වැඩ හුන් කල පොත්වරුන් ඇතුළු වූ කායස්ථයන් ලෙසින් හැඳින්වෙන පිරිසකට වෙන් කල ස්ථානය, අසල කුළුණේ ඇති ලිපියට අනුව ඉහත 1 ලෙසින් ලකුණු කල ස්ථානයයි. එලෙස හැඳින්වෙන්නේ පොත් තබන්නන් සහ ගණකාධිකාරවරුන් (Bookkeepers & Accountants) ලෙස සිරිමල් රණවැල්ල මහතා එම ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ සඳහන් කරයි.
ඉහත සඳහන් සියළු පුද්ගලයන් ගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුමේ සිට බැලූ කල දකුණු පසින් එනම් බටහිර දිසාවෙන් වූ ස්ථාන වල තිබූ ආසන වල හිඳගෙන (හෝ සිටගෙන) රාජ සභාවේ කාර්යයන්ට සහභාගි වී ඇත.
සිංහාසනයේ තිබූ විශාල සිංහ රූපයේ පහලින් ඇති සෙල්ලිපිය |
අඝම්පඩි භාරක මඬලිකවරුන්
ඉහත සටහනේ අංක 6 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන්කර ඇත්තේ අඝම්පඩි භාරක මඬලිකවරුන්ටය. (රජු) සිංහාසනයේ වැඩ හුන් කල අඝම්පඩි භාරක මඬලිකවරුන් එනම් අගම්පඩි හෙවත් කුලී හේවායන්ගේ හමුදාවේ මණ්ඩලික ප්‍රධානියන්ට (Mandalikas in charge of the Agampadi unit of the Army [Mercenary army])වෙන් කල ස්ථානයයි.
රාජ සභා මණ්ඩපයේ දකුණු පස සිට බැලූ විට සිංහ රුව වර්තමානයේ පිහිටුවා ඇති ආකාරය. |
චෞරාසිවරුන් ලෙස හැඳින්වෙන පිරිසකට ඉහත සටහනේ අංක 7 ලෙසින් දැක්වෙන ස්ථානය වෙන් කර තිබූ බව ඒ අසල ඇති කුළුනේ කොටා ඇති සෙල් ලිපියන් කියැවේ. චෞරාසිවරුන් යනු ප්‍රාදේශිය පාලකයන් හඳුන්වන ඉන්දියානු සම්භවයක් ඇති වදනකි. ප්‍රදේශ 84 ක පාලකයා යන්න එහි නිරුක්තියයි (Office-in-Charge of 84 districts). Lesser regional administrators ලෙසින් රණවැල්ල මහතා සිය Inscription of Ceylon Volume 6 ග්‍රන්ථයේ ඉහත ලිපියේ ඉංග්‍රිසි පරිවර්තනයේ එම තනතුර හඳුන්වන මුත් රාජා ද සිල්වා මහතා ඉහත ඉන්දියානු ප්‍රාදෙශිය පාලකයන්ගේ නම සිය Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196) නම් වූ පර්යේෂණ කෘතියේ ඉදිරිපත් කරයි.
ප්‍රධාන පිවිසුම ඉහල සිට |
රජු සිංහාසනයේ වැඩ හුන් කල ඩඝෝෂ්ටියෙහි ඇත්තන්ට වෙන් කර ඇත්තේ ඉහත අංක 8 ලෙසින් දක්වා ඇති කුළුන අසල ස්ථානයයි. එනම් වානිජ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් (Members of the mercantile cooperation) රාජ සභාව රැස්වූ විට එම ස්ථානයේ සිට ඇත.
නටබුන්ව පැවති මෙම රාජ සභා මණ්ඩපය අසලම තිබි හමුවූ විශාල සෙල්මුවා සිංහ රුවක් එහි පහතින් දෙපැත්තේම කොටා ඇති සෙල්ලිපි මගින් පැහැදිලිව දැක්වෙන ආකාරයට නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය හෝ එයට ආධාරකයක් වූ බව පෙනේ.ඇතැම් විට සිංහාසනය දෙපසින් මෙවන් තවත් සිංහ රුවක් තිබුණා විය හැක. දෙවෙනි සිංහ රුව කොළඹ කෞතුකාගාරයේ ඇති ලෙසට මහාචාර්ය ආරිය ලගමුව මහතා සිය කෘතියේ පවසන මුත් එම ප්‍රකාශයේ විශ්වාසනීයත්වය තහවුරු කිරිමට වෙනත් කිසිදු මූලාශ්‍රයක් හමු නොවේ. සෙල්ලිපියේ සඳහන් වනුයේ එය 'ශ්‍රී විරිදුරාජ වීරවෙශ්‍යා භූජග නිස්සංක ලංකේශ්වර කාලිඟ චක්‍රවර්ති ස්වාමින් වහන්සේ වැඩැ හුන් වීර සිංහාසනය 'බවයි. එම සිංහ රුව වර්ෂ 1876 දී කොළඹ කෞතුකාගාරය වෙත රැගෙන ආ මුත් නැවතත් වර්ෂ 1965 සැප්තැම්බර් මස 2 වෙනි දින එය මුලින් පිහිටි නිශ්ශංක රාජ සභා මණ්ඩපය අසලට ගෙනගොස් පසුව ඉහත රූපයේ C ලෙසින් සලකුණු කර ඇති ස්ථානයේ පිහිටුවා ඇත.
නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනය තිබූ නිවැරදි ස්ථානය එයද යන්න පිළිබඳ විවිධ මත පවතී. H.C.P. බෙල් සහ රිස් ඩේවිඩ්ස් මහතුන්ගේ මතය වනුයේ එය ඉහත රූපයේ B ලෙස ලකුණු කර ඇති ස්ථානයේ තිබුනා විය හැකි බවයි. මෙම රාජ සභා මණ්ඩපය පරාක්‍රමබාහු රජුගේ ලෙස වැරදියට හඳුනාගන්නා මුත් රිස් ඩේවිඩ්ස් මහතා වර්ෂ 1873 Indian Antiquary Vol 2 සඟරාවට ඉදිරිපත් කරන ලිපියකින් පවසන්නේ ඉහත A සහ B ලෙසින් සලකුණු කර ඇති ස්ථාන වලින් එවකට පිළිගත් ස්ථානය වූ A හි නොව B ස්ථානයේ සිංහාසනය තිබුනා විය හැකි බවයි. ඔහු පවසන පරිදි B ස්ථානයේ රජු අසුන් ගත් විට රාජ සභාවේ ඉහල නිල දරන්නන් ඔහු ඉදිරියෙනුත් යුවරජ සහ ඈපාවරුන් ඔහුගේ දකුණු (?) පසිනුත් පහල නිලදරන්නන් ඔහුගේ පිටුපසිනුත් සිටින බවයි. එසේ නොමැතිව සිංහාසනය ඉහත A ලෙස දැක්වෙන ස්ථානයේ තැබුවහොත් වානිජ ප්‍රජාවට ප්‍රධාන තැනක් ලැබෙන බැවින් එය විය නොහැකි බවයි. එම අදහසම අනුමත කරන රාජා ද සිල්වා මහතාද එය වර්තමානයේ පිහිටුවා ඇති ස්ථානය නිවැරදි නොවන බවට තර්ක කරයි. කෙසේ නමුත් වර්තමාන C ස්ථානයද ඉහත රිස් ඩේවිඩ්ස් සහ රාජා ද සිල්වා මහතුන් ඉදිරිපත් කරන ආකාරයටම රාජ සභා සාමාජිකයන් රජු ඉදිරියේ ස්ථාන ගතවන ස්ථානයක් ලෙසින් හඳුනාගත හැක. එබැවින් සිංහාසනය එම ස්ථානයේ හෝ එයට මදක් ඉදිරියෙන් ඔවුන් පවසන පරිදි B ස්ථානයේ තිබුණා විය හැක.
ගල් කණු මත කොටා ඇති සෙල්ලිපියක් සහ වීරබාහු යුවරජුගේ ආසනය |
- Distortion in history. The dossier on Nissamka Malla, Prince in India, King of Lanka (1187-1196), Raja de Silva, 2016
- Polonnaruva, Issued by the Archaeological Commissioner, 1970
- Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007
- Polonnaruwa, Medieval Capital of Sri Lanka, Anuradha Seneviratna, 1998
- අසිරිමත් පොළොන්නරුව, ආචාර්ය සෙනරත් දිසානායක, 2009
- Heritage of Rajarata, Chandra Wickramagamage, 2004
- මධ්‍යකාලීන රාජධානිය, පොළොන්නරුව, ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක අධ්‍යයනයකි, මහාචාර්ය ආරිය ලගමුව, 1999
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
- Archaeological Department Centenary (1890-1990) Commemorative series, Volume one, History of the Department of Archaelogy, Editor in Chief Pandit Dr. Nandadeva Wijesekera, 1990
- Inscription at the audience hall of Parakramabahu, Pulastipura, Rhys Davids, Ceylon. Indian Antiquary Vol 2, 1873
තවත් අගනා වියමනක් ස්තුතියි ඔබතුමාගේ මෙහෙවරට
ReplyDeletethank you
ReplyDelete