ඊණියා යහපාලන සංහිඳියාවත් සමග සැගවී සිටි අහු මුළු වලින් කල එලි බට කොටි අවතාර මේ වන විට නැවතත් වේගයෙන් සිය ඊලාම් දේශයේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණ දෙසට පියවර තබමින් සිටී. අද ද්‍රවිඩ බෙඳුම්වාදීන් උතුරු නැගෙනහිර දෙපළාතේ පදිංචි සිංහලයන් සිය ගම් බිම් වලින් පලවා හරින අතර ( වවුනියාව කොක්එලිය ගම්මානයේ සිංහලයන් පන්නා දමයි – උතුරෙන් පිටවෙන්නැයි හිටපු මහ කොටියෙකුගෙන් තර්ජණ ), ඔවුන්ගේ ආගමික ස්ථාන පවා කඩා බිඳ දමමින් (ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි), නුදුරේදීම ගෙන එන නව ව්‍යවස්ථාව මගින් ලැබෙන ෆෙඩරල් නොහොත් වෙනම රාජ්‍යයේ භූමිය ඔවුන්ගේ ආගම් නොවන වෙනත් ආගමික පුද බිම් වලින් තොර භූමියක් කරමින් සිටි. ආප්ප විප්ලවයේ බල මහිමය කොටියට නැගිටින යුගය එහි උපරිමයෙන්ම උදා කර දී ඇත. මහවැලි ගඟින් මෙපිට අද නැගෙනහිර පළාත ලෙස සුදු අධිරාජ්‍යවාදීන් සරල රේඛා මගින් වෙන් කල භූමිය එදා රෝහන රාජ්‍යයට අයත් භූමියෙම කොටසකි. ඒ බවට එම බිමේ සතර දික් භාගයේ විසිරී ඇති නටබුන් වූ බෞද්ධ විහාර ආරාම සහ සෙල්ලිපි සාධක මගින් තහවුරු වී ඇත. විරෝධාර ත්‍රිවිධ හමුදා සහ එඩිතර දේශපාලන නායකත්වය එක්ව ත්‍රස්ථවාදි බෙදුම්වාදි බලවේග වලින් එම බිම මුදා ගැනීමෙන් අනතුරුව සිදු කල පුරා විද්‍යාත්මක ගවේෂණ මගින් ඒ පිළිබඳ සාධක තව දුරටත් එලි වෙමින් පැවතුණි.
ස්තූපය දෙසට පිහිටි ගලෙහි කෙටූ ගල් පඩි |
අද නිවට රාජ්‍ය පාලකයන් රජ කරන යුගයක බුදු පිළිම තහනම් වී ඇත්තේ එවන් පිං බිමකය. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ නටබුන් වූ බෞද්ධ විහාරාරාම පිළිබඳ ලියවෙන ලිපි පෙලක ඇරඹුම නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ වැව්ගම් පත්තුවේ රජගල හෙවත් රාස්සගල යනුවෙන් වර්තමානයේ ව්‍යවහාර වන මේ වන විට නැවතත් සංරක්ෂණ කටයුතු සිදුකෙරෙමින් පවතින ස්ථානයෙන් පටන් ගනිමු. ස්ථානයේ පෞරාණික බවට වූ සාධක ගැන විමසීම පසුවට තබා එහි පිහිටා ඇති කැටගල් ස්තූපයක් සහ ඒ අසල ඇති පර්වතයේ කොටා ඇති සෙල් ලිපියක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණයි.
මහින්ද සහ ඉට්ඨිය තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ස්තූපය |
බ්‍රාහ්මි අක්ෂර වලින් ලියැවුන සෙල් ලිපිය |
අද නැවතත් ඊලම්වාදින් බඩපිනුම් ගසන්නේ එදා මෙරටට බෞද්ධ ධර්මය හඳුන්වාදුන් මහින්ද හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කල ඉදිකල ස්තූපයක්ද පිහිටි එවන් බිමකය. නිවට පාලකයන් පත් කර ගත් අනුවණ සිංහල බෞද්ධයන්ට මේ පුද බිම් වලට යෑමට මේ යන ලෙසට නම් තව නොබෝ කලකින්ම සම්බන්ධන් හෝ විග්නේෂ්වරම්ගෙන් අවසර ගැනීමටද සිදුවනු ඇත.
මූලාශ්‍ර
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- පාචීන් පස්ස -උත්තර පස්ස නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, එල්ලාවල මේධානන්ද ස්ථවිර.,
- පැරණි ස්මාරක නාමාවලිය, සංස්කෘතික අමාත්‍යාංශය 1972
- Paranavitana S., 1970, Archaeological survey of Ceylon, Inscriptions of Ceylon Vol 1, Early Brahmi Inscriptions.
- සිංහල ශිලාලේඛන සංග්‍රහය, නන්දසේන මුදියන්සේ,2000