කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ යටගම්පිටිය නම් ග්‍රාමයේ පිහිටා ඇති මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ පැරණි අඟලේ සිතියම් වල මෙන්ම වර්තමාන මෙට්‍රික් සිතියම් වලද "පාහිංගල" ලෙස හැදින්වෙන නමුත් වර්තමානයේ පොදු ව්‍යවහාරයේ මෙන්ම ශ්‍රාස්ත්‍රීය ලිපි ලේඛන වලද "පාහියන් ලෙන" ලෙස හැදින්වෙන විශාල ලෙන පිලිබද බොහෝ දෙනා අසා ඇත. එසේම එම ලෙන හා නිබදවම කියවෙන ප්‍රකට නමක් වනුයේ ක්‍රි.ව. 411 දී පමණ මෙරටට වැඩි චීන හිමිනමක් වන ෆාහියන් හිමියන්ය.
ඒ හිමියන් මෙම පාහියන් ලෙනේ වැඩ සිටි බවට නැතහොත් අනුරාධපුරයේ සිට බුදුන්ගේ සිරිපතුල වන්දනාමාන කිරීමට සමනල කන්දට වැඩි ගමනේදි විවේක සුවයෙන් මද කලක් එහි කල් ගෙවූ බව වැනි විවිධ ජනප්‍රිය කතා මේ ලෙන හා ෆාහියන් හිමියන් වටා ගෙතී ඇත. වර්තමානය වන විට මෙරට "ජනප්‍රිය ඉතිහාසයේ" පරම සත්‍යයන් බවට පත්වී ඇති මේ කතා කොතරම් දුරට පිලිගත හැකිද? මේ ඒ පිළිබඳ ඓතිහාසික දත්ත ඇසුරින් කෙරෙන විවරණයකි.
මේ ෆාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවේ සිරිපතුල ගැන සදහන් වන කොටසයි. "චණ්ඩ නාගයන් බුදුසමයට හැරවීම සදහා බුදුන් වහන්සේ වරක් මෙරටට වැඩම කළ සේක. ඒ ගමනේදී උන් වහන්සේ සෘද්ධි බලයෙන් රටේ අගනුවරට උත්තර දිශාභාගයෙහි එක් සිරිපා සටහනක්ද, එහි සිට යොදුන් 15 ක් ඈත කන්දක් මුදුනෙහි තවත් සිරිපා සටහනක්ද පිහිටවූහ. "
මෙහි සදහන් වන කඳු මුදුනක පිහිටවූ සිරිපතුල වර්තමානයේ අප දන්නා සමනල කන්ද මුදුනේ ඇති සිරිපා සටහනමද යන්න නිශ්චිතවම හදුනාගැනීමට මේ කරුණු ප්‍රමාණවත් නොවේ. කෙසේ නමුත් අනික් සිරිපා සටහන පිහිටි තැන පිළිබඳව උන් වහන්සේ ඉන්පසු මෙසේ පවසයි. "නගරයෙන් උතුරෙහි පිහිටි සිරිපා සටහන මත අඩි 400ක් උස්වූ මහා ස්තූපයක් ගොඩ නගා තිබේ රනින් සහ රිදියෙන් කැටයම් කොට ඇති එහි නොයෙක් වර්ගයේ මැණික් ඔබ්බවා ඇත. මේ ස්තූපයේ එක් පසක අභයගිරි නම් සංඝාරාමය වෙයි."
ඒ අනුව අභයගිරි දාගැබ නිමවා ඇත්තේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනක් මත බව හෝ අවම වශයෙන් එවකට එසේ විශ්වාස කල බව මේ අනුව අපට නිගමනය කල හැක. නමුත් ඒ හිමියන්ගේ මේ වාර්තාවේ කිසි තැනක උන්වහන්සේ කඳු මුදුනේ පිහිටා තිබූ අනෙක් සිරිපා සටහන වන්දනාමාන කිරීමට වැඩි බව නම් සදහන් වන්නේ නැත.
කරුණු රහිතව 'ඒ වුනාට මෙහෙම වෙන්න පුලුවන්' වැනි අනුමාණ ඉතිහාසයේ සිදුවූ සිදුවීම් ගැන හැදෑරීමේදි යොදා ගන්නා පිළිගත් ක්‍රමය නොවන බැවින් ෆාහියන් හිමියන් වර්තමානයේ අප දන්නා සමනල කන්ද මුදුනේ පිහිටුවා ඇති සිරිපතුල වැදීමට වැඩියාය යන්න ඒ අනුව අපට පිළිගත නොහැක. උන්වහන්සේ සිරිපා වැඩියා හෝ නොවූවා ඒ ගිය ගමනේදී වර්තමානයේ පාහියන් ලෙන ලෙස හදුන්වන ලෙනේ වැඩ සිටි බවත් එම නිසා එම ලෙන මේ දක්වා පාහියන් ලෙන ලෙස හදුන්වනවාය යන්නත් මේ නිසා විශ්වාස කල හැකි මට්ටමේ නොමැත. ඒ කාලයේ සිට වර්තමානය දක්වා පැවතෙන ජනප්‍රවාදයක ෆාහියන් වැනි මෙරට වැසියන්ට නුහුරු නමක් ඒ අයුරින්ම පැවත ඒම කෙසේවත් සිදුවිය නොහැක. අවම වශයෙන් මෙරට වංශ කතාවන්ටත් විෂය නොවූ ෆාහියන් හිමියන්ගේ මෙරට සංචාරය ගැන එවන් මතකයක් වසර දහස් ගණනාවක් පුරා මෙරට පොදු ජනයා අතර පැවත ඒම සිදුවිය නොහැක.
ෆාහියන් හිමියන් මෙරටට පැමිනෙන්නේ කිසියම් නිශ්චිත අරමුණක් පෙරදැරිවය. උන් වහන්සේ එවකට චීනයේ සොයාගැනීමට නොහැකිවූ විනය පිළිබඳ ග්‍රන්ථ සොයාගැනීමේ අරමුණින් මෙරටට පැමිනේ. වසර දෙකක් වැනි කාලයක් උන්වහන්සේ මෙරට වැඩ සිටි බව ඒ හිමියන්ගේ වාර්තාවේ සදහන් වේ. අවසානයේ උන්වහන්සේ සිය රට වඩින්නේ මහීශාසක විනය පිටකයේ පිටපතක් සහ දිර්ඝගම, සංයුක්තාගම හා සංයුක්ත සංචය පිටක යන ග්‍රන්ථද රැගෙනය. එම කාලය තුල උන්වහන්සේ වැඩ සිටියේ අභයගිරි සංඝාරාමයේ බවට එම වාර්තාව කියවීමේදි පැහැදිලි වේ. ඒ බව එහි කෙලින්ම නොපවසන මුත් ඒ හිමියන් එහි වැඩ වෙසෙන විට සිදුවූ සිදුවීම් පිළිබද විස්තර වලින් සහ වෙනත් පූජනීය ස්ථාන ගැන පැවසීමේදි අභයගිරියේ සිට දුර පැවසීම වැනිදේ වලින් ඒ බව වටහා ගත හැක (උදා: මිහින්තලය ලෙස හඳුනාගත හැකි "කන්ද මත චෛත්‍යය" එනම් සෑගිරියට අභයගිරිය සංඝාරාමයේ සිට ලී 40 ක දුරක් ඇති බව. මෙහි 'ලී' යනු චීන දුර මනින ඒකකයකි).
අනෙක් අතට ෆාහියන් හිමියන්ගේ වාර්තාවට අනුව මෙන්ම මෙරට සිංහල හා පාළි වංශ කතා වලට අනුවද එවකට මෙරට ආගමික කෙන්ද්‍රස්ථාන වූවේ අනුරාධපුර අගනගරයේ පිහිටි අභයගිරි, මහාවිහාර සහ සෑගිරි (වර්තමාන මිහින්තලේ ) යන විහාරයන්ය. එනිසා උන්වහන්සේගේ උවමනාව ඉටු කරගැනීමට නම් එම අගනුවර වසනු වීනා ඒ යුගයේ වන දුර්ග ගිරි දුර්ග වලින් ගහන ජනශූන්‍ය නොවූවේ නම් සාපේක්ෂව අඩු ජනතාවක් විසූ තෙත් කලාපයේ පිහිටි හුදකලා ලෙනක විසීම කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.
එසේ නම් මෙම ලෙන පාහියන් ලෙන වූවේ කෙසේද? මතු දිනක ඒ පිළිබද සලකා බලමු.
මූලාශ්‍ර

- බෞද්ධ රාජධානි පිළිබඳ තොරතුරු නම් වූ ෆාහියන්ගේ දේශාටන වාර්තාව - මහාචාර්ය විමල් ජී බලගල්ලේ, 1999
- A history of the Cultural Relations Between Sri Lanka and China, An Aspect of the Silk Route, S.G.M. Weerasinghe, 1995
- History of Ceylon Volume 1 Part 1, Paranavitana S, 1959
- පාහින්ගල පුරාණය, පූජ්‍ය ගෝනහේනේ ජෝතිපාල නාහිමි, 1989
පාහියංගල හෙවත් පාහියං ලෙන සැබෑ ඉතිහාසය ගැන ඇතැම් අය වරින් වර අදහස් පළ කර තිබුනද, යළි යළිත් සිහිපත් කිරීම වැදගත් වන්නේ මිත්‍යාව සත්‍යයට වඩා වේගයෙන් ව්‍යාප්ත වන නිසාය. Good post.
ReplyDeleteඑසේම අපේ මිනිසුන් කතන්දර හැදීමටත් බොහොම දක්ෂයිනේ. මේ ඒ වගේ හැදිච්ච කතන්දරයක් අද ඇත්තක් කරලා තියෙන එක අවස්ථාවක් විතරයි. මේ වගේ දේවල් ඔබත් දන්නා පරිදි අපේ සමාජයේ එමටයි. ඒවායින් වෙන්නේ සාධක සහිතව හෙලිකරගෙන තියෙන අපේ තිබ්බ ඒ වටිනා ශිස්ඨාචාරය පිළිබඳ තොතතුරුත් විහිලුවක් වෙන එක
Deleteඉතිහාසය හදාරන අයට බොහොම වැදගත් වන පෝස්ටුවක්
ReplyDeleteකාලීන සොයාබැලිමක්.
ReplyDeleteස්තූතියි....
Deleteමේ ගැන කල්පනා වෙලා තිබුනෙම නැහැ...
ReplyDeleteපාහියන්ගල තියෙන්නේ අපේ පැත්තේ, අපිත් ඉස්සර ඉඳලම විශ්වාස කලේ පරණ කතාව...
නමුත් දැන් හිතෙනවා ප්‍රායෝගික කරුණු අනුව බැලුවම ෆාහියන් හිමි වන්දනා කරන්න ඇත්තේ වෙනත් සිරිපතුලක් බව...
බොහොම වැදගත් පෝස්ට් එකක්...
වෙනත් සිරිපතුලක් පවා ඒ හිමියන් වන්දනා කල බවක් ඒ හිමියන්ගේ වාර්තාවේ සදහන් වන්නේ නැහැ. ඉතින් අපි මොකටද එසේ සදහන් නොකල දෙයක් ගැන කරදර වන්නේ. :)
Deleteස්තූතියි....
වටින තොරතුරු..
ReplyDeleteස්තූතියි....
Deleteවටිනා තර්කයක් ගොඩනගනවා. ෆාහියන් හිමි විතරක් නෙමෙයි සිංහලේ වෙනත් රජදරුවනුත් ගිරිදුර්ග වන දුර්ග පසුකරගෙන විත් සිරිපා කරුණකල බව පැවසෙනවා නේද?
ReplyDeleteඔව් නිශ්ශංකමල්ල වැනි රජවරු. හැබැයි ඔවුන් ඒ කාලෙම ඒ සම්බන්ධව සෙල්ලිපි සාධක තබා තියෙන නිසා ඒවා බැහැර කල නොහැකියි. මේ සම්බන්ධයෙන් නම් එවැනි කිසිම සාධකයක් හමුවන්නේ නැහැ. ඉතාම මෑත කාලයකදි ගොඩ නැගුනු ජනප්‍රවාදයක් විතරයි
Delete