වෙහෙරගල පිළිමය |
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය ඇල්ල වැව වෙහෙරගල පිහිටි සිරිසඟබෝ පුරාණ රජමහා විහාරයෙන් තවත් මෙවැනිම වටිනා හිටි බුදු පිළිමයක්, බෝධිසත්ව අවලෝකිතේශ්වර පිළිමයක් සහ වෙනත් පුරාවස්තු රැසක් සමගින් හමුවූ මෙම අගනා නිමාවකින් යුත් හිඳි පිළිමය වීරාසන ක්‍රමයට පා තබාගෙන භාවනානුයෝගි ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව ලෝකඩ වලින් සාදා රත්‍රන් ආලේපනය කර නිමවා ඇත.
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමගමගේ මහතාට අනුව කේතුමාලාවක් සහිත නමුත් හිස මුදුනේ උන්නත කොටසක් නැති මෙවැනි පිළිම මහාවිහාර සම්ප්‍රදායට අයත්ය. මහාවිහාර සම්ප්‍රදායේ මුල් යුගයේ පිළිම වල කේතුමාලාවක් නැත. නමුත් පශ්චාත් මහාවිහාර බුදුපිළිම සම්ප්‍රදායේ පිළිමවල කේතුමාලාව තිබේ. 9 වැනි ශතවර්ෂයට අයත් සෙන්ටිමීටර 33.5 උස මෙම පිළිමයේ රතු පැහැ වර්නය ආලේපකර තිබූ බවට සාධක ඉතිරි වී ඇත. මේ පිළිමය පිළිබඳව අදහස් දක්වන වියතුන් සදහන් කරන්නේ මෙවන් ඉතාමත්ම සියුම්ව නිපයූ එසේම කිසිදු හානියක් නොවූ පිළිම විරල බවය.
මෙවන් අගනා පුරාවස්තුවක වටිනාකම නොදන්නා පාලකයන් සහ ඔවුන්ට උපදෙස් දෙන පූජකයන්ගේ අමන වැඩ වලින් මේ අයුරින් විනාස වෙන්නේ රටේ උරුමයයි. රට රැක ගත් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ව "ගෙට් අවුට් කරන" ජාතිවාදීන් යෙහෙන් වැජඹෙන, රණවිරුවන්ට මාරුවීම් ලැබෙන කාලකන්නි යුගයක වසන අපට මීට වැඩි දේවල්ද ඉදිරියේදී බලාසිටින්නට සිදුවනු ඇත. මහාචාර්ය සුනිල් ආරියරත්න එවන් සිදුවීම් කිහිපයක් ගීයකට නගා විශාරද නන්දා මාලිණියගේ හඩින් කලකට පෙර අපට අසන්නට සැලැස්සුවේ ඒ අඳුරු අනාගතය කලින්ම දැකලවත්ද?
මූලාශ්‍ර
- The Heritage of Sri Lankan Bronze Sculpture, Leelananda Prematilleke et.al. 1995
- ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා කලාව, චන්ද්‍රා වික්‍රමගමගේ, 2006
- Priceless Buddha statue damaged
දුකයි!
ReplyDeleteයහ පාලනයේ අරුම...
ReplyDeleteඇත්තටම මහ අපරාධ. කෞතුකාගාරයට අත තිබ්බ කන්ගැට්ටගේ කතාවේ ඉඳන් මේ සියලු ගැට්ටන්ට දඬුවම් කලයුතුයි. මේ අපරාධ ඉතිහාසය කැතයි.
ReplyDeleteකන්ගැට්ටා කතාවත් ටිකක් සැක කටයුතුයි. ඒ දවස් වල ඒ ගැන දිවයින පත්තරේ සියඹලාපිට්ටනියක් ගැනත් ලිපියක් ගියානේ.
Deleteඔය හැම ගැට්ටෙක් අස්සෙම කාලකන්නි දේශපාලකයෙක් ඉන්නවා. නැත්නම් උන්ගේ ලඟින් ගෑවෙච්ච එකෙක් හරි ඉන්නවා. ඔය කන් ගැට්ටගේ සිද්ධියෙදි එදා රජයේ හැසිරීමත් මේ ගැට්ටගේ සිද්ධියෙ හැසිරීමත් එකක් වුනොත් කෞතුකාගාරය වහලා දාන එක හොඳයි. කන්ගැට්ටලා ගැන නම් ඉදිරියේ යමක් එලියට එයි. මේ ගැට්ටලාගේ වැඩ එලියට එන්න තව කාලයක් බලන් ඉන්න වෙයි. ඕක තමයි සිරිලංකාවේ කරුමේ.
Deleteඑලියට එන එකක් නැහ සියඹලාපිට්ටනියත් යමපාලනේනේ
Delete