Saturday, September 14, 2019

රජුන් තනන නිශ්ශංකමල්ල සූත්‍රය

"එහෙයින් මහරජ තන්පත් වැ සිටියවුන් නැති තැනකැ යුවරජ වැ සිටියවුන් හො උනුදු නැතහොත් රාජකුමාරවරුන් හො උනුදු නැතහොත් බිසෝවරුන් හො රාජ්‍යයට තැකිය යුත්තෙය. බුදුසසුනට හිමි ලක්දිවට අබෞද්ධ චොළ කේරළාදි රජදරුවොද නොතැකිය යුත්තාහ. උන් හා එක්වැ පෙරෙළි කළාහු රාජද්‍රොහි නම් වෙති. කාකයා හංස ගතියටද, කොටළුවා සෛන්ධවයන්ටද, ගැඩහුලා නාග රාජයන්ටද,  කණමැදිරියා සූර්‍ය ප්‍රභාවයටද වටුවා හස්තීන්ටද, කැණහිලා සිංහයන්ටද භාව කරන්නා සේ ගොවිකුලෙහි ඇත්තන් රාජ ලීලාවට නොපැතුව මැනැවැ,"

අඩි 6 ක් පමණ උස ගල් පුවරුවක දෙපසම අකුරු කොටා පිහිටවූ සෙල් ලිපියක් පොළොන්නරුවේ පැරණි නගර බලකොටුවේ උතුරු දොරටුවේ සුන්බුන් අතර තිබී හමුවී දැනට ඒ අසලම කෙලින් අතට සිටුවා ඇත. අන්තර්ගතයේ සුළු වෙනස්කම් කිහිපයක් හැර එවැනිම වූ  තවත් සෙල් ලිපියක් එහි නැගෙනහිර දොරටුව අසල තිබී හමුවී අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. උතුරු දොරටුව අසල ලිපියෙහිම තවත් පිටපතක් විය හැකි සෙල් ලිපියක කැබැල්ලක් නැගෙනහිර දොරටුව අසලින් හමුවී ඇත. හමුවූ නිශ්චිත තැනක් නොදන්නා එහෙත් පොළොන්නරුවෙන් බවට සඳහන් තවත් එවැනිම වූ සෙල්ලිපියක කොටසක්ද අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ තිබේ.  බොහෝචිට එකල නගරයේ දොරටු හතර අසල පිහිටුවා තිබෙන්නට ඇති එම සෙල්ලිපි 4 එකම අරමුණක් වෙනුවෙන් එක් රජ කෙනෙකු විසින් කල බව පැහැදිලිය. හේ අන් කවරෙකුවත් නොව නිශ්ශංකමල්ල කාලිඟ ප්‍රාක්‍රමබාහු චක්‍රවර්තතින් වහන්සේ ලෙසින් සෙල්ලිපියේ හැඳින්වෙන නිශ්ශංකමල්ල රජතුමාය. හෙතෙම "ලෝවැඩ, සසුන් වැඩ කොට දශරාජ ධර්මයෙන් රාජ්‍යය කරමින් පුලස්තිපුර නමැති කාලිඟරාජපුරයෙහි" එනම් පොළොන්නරුවෙහි වැඩවාසය කල බවද එහි සඳහන් වේ.

මා මෙම ලිපියෙහි ආරම්භයෙහි දැක්වූ පාඨය එම උතුරු දොරටුව අසල සෙල්ලිපියෙහි එන එක් කොටසකි. මෙම සෙල්ලිපිය කියවා ප්‍රකාශයට පත් කල Z. වික්‍රමසිංහ මහතා හෝ සිරිමල් රණවැල්ල මහතා සිය ලිපි වල සඳහන් නොකරන තවත් වැදගත් කරුණක් වන්නේ ඉහත පාඨයේ දැක්වෙන සත්ව රූප සහ සූර්යාගේ රූපය මෙම සෙල්ලිපියේ පසුපස කොටසේ ලිපියේ අවසානයට පහලින් කොටා ඇති බවය. ඒ අනුව පිලිවෙලින් හංස, සිංහ, අශ්ව (එනම් සෛන්ධව), ඇත්, නාග සහ සූර්ය රූප ඉහල රාමුවේද, කාක (එනම් කපුටු), කැණහිල්, කොටළු, වටු, ගැඩවිල් (එකල භාෂාවෙන් ගැඩහුලා), කණමැදිරි රූප පහල රාමුවේද දක්වා ඇත. (ඉහත පලමුවන රූපය බලන්න)
විදේශ සම්භවයක් සහිත පුද්ගලයෙකු වශයෙන් නිශ්ශංකමල්ල රජුට මෙරට රදල ප්‍රභූ පැලැන්තියෙන් කිසියම් තර්ජනයක් තිබූ බව පෙනේ. එහෙයිනි ඔහුගේ මෙම සෙල්ලිපි වලින් "ඔවුන් කෙතරම් බලවත් වුවද" ගොවි කුලේ ඇත්තන් රාජ්‍යයත්වයට පත් නොවිය යුතු බව පවසන්නේ. එවන් පුද්ගලයන් රාජ්‍යත්වයට පත්වීමට උත්සාහ දැරීම ඔහු සලකන්නේ කපුටා හංසයා වීමටත්, කොටළුවා සෛන්ධව වර්ගයේ අශ්වයන් වීමටත්, ගැඩවිලා නාග රාජයා වීමටත්, වටුවා හස්තීන් වීමටත්, කැණහිලා (එනම් හිවලා) සිංහයා වීමටත් උත්සාහ කරන්නක් මෙනි. තවද කණාමැදිරි එලිය සූර්ය එලියට සම කරන්නාක් මෙනි. එහෙයින් මහරජ තැන්පත්ව සිටිය පුද්ගලයා නැති වූ විට, යුව රජවසිටි පුද්ගලයන් හෝ, එසේත් නොමැති නම් රාජකුමාරවරුන් හෝ  ඔවුන්ද නැති අවස්තාවකදී බිසෝවරු හෝ රාජ්‍යය කල යුතුය. තවද බුදු සසුනට හිමි ලක්දිව රාජ්‍යයත්වය චෝළ, කෙරළ ආදී  රාජ පරපුරු වල ඇත්තන්ටද හිමි නොවේ. ඔවුන් හා එක්ව රාජ්‍යයත්වය උදුරා ගැනීමට කැරලි ගසන්නන්ද රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සැලකිය යුතුය.

නිශ්ශංකමල්ල රජු පවසන කුල සාධකය අද දවසේ රාජ්‍ය පාලකයා තේරීමේදී එතරම් සැලකිය යුත්තක් නොවන්නේ එය මෙරට නූතන සමාජයේ එතරම් පිළිගැනීමකට ලක්වන්නක් නොවන බැවිනි. එය එකල තත්වයන් සමග සැලකීමේදී යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා කෙතරම් මහෝපකාරීවීද යන්න එම යුගයන්හි සමාජ තත්වයන් සමග වෙනම සලකා බැලිය යුත්තකි. කෙසේ නමුත් වර්තමානයේ පවා මෙරට ඇතැම් ප්‍රදේශ වල දේශපාලන නායකයන් තේරීමේදී කුල සාධකය ප්‍රධාන සාධකයක් බව රහසක් නොවේ. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශ වල සහ බටහිර මුහුදු තීරයේ දිස්ත්‍රික්ක වල මැතිවරන අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී අවම වශයෙන් මෙරට ප්‍රධාන පක්ෂ දෙක මෙම සාධකය සැලකිල්ලට ගෙන ඒ ඒ කුල වල චන්දදායකයින්ගේ චන්ද ලබාගැනීම උදෙසා එම කුල වලින් අපේක්ෂකයන් සිය ලැයිස්තු වලට ඇතුලත් කිරීම සිදුකරයි. මෙරට ප්‍රධාන පක්ෂ දෙකේ (එනම් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ [මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ]) ඇතැම් පුද්ගලයන් සිය පක්ෂයෙන් ප්‍රධාන අනිත් පක්ෂයට ගියද සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සිදු කරන්නේ කෙසේදැයි ඇතමුන්ට ගැටළුවක් වුවද ඒ තුල සැඟව ඇත්තේ කුල සාධකය බව දන්නෝ දනිති. භීෂණ තත්වයක් යටතේ මෙරට චන්දදායකයින්ට මරුවා අතින් ගෙන චන්දය ප්‍රකාශ කරන්න සිදුවූ දූෂිතම මැතිවරණයකින් ජනාධිපති වූ "ගස් බඩගාන, ඔරු පදින, ඒදණ්ඩේ සර්කස් පෙන්නන බූරු පුතානෝගේ වන්දනීය පියානෝ" හැරෙන්ට 1948 න් පසු මෙරට පාලකයා වූ සියල්ලන්ම උසස්යැයි සම්මත එකම කුලයකට අයත් වීම කෙසේවීදැයි විමසා බැලීම වැදගත්ය. අනෙක් අතට මෙරට ප්‍රධාන දේශපාලන අධිකාරියට එරෙහිව දෙපාරක්ම ආයුධ සන්නද්ධ අරගලයක නියැලුන ජනතා විමුක්ති පෙරමුණේ (වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ වහල් පක්ෂයක් බවට පත්වී ඇති "රතු අලි පැටියාගේ රෝස පාට ජවිපෙය" නොව රෝහණ විජේවීරයන්ගෙන් පටන් ගෙන සෝමවංශ අමරසිංහයන්ගෙන් අවසන් වූ පැරණි රතු පාට ජවිපෙ) ඉහල නායකත්වය මෙන්ම ක්‍රියාකාරිකයන්ගෙන් බහුතරය එම ප්‍රදේශයන්හි පීඩිත කුල වලට අයත් වීම පිළිබඳව වික්ටර් අයිවන්* සහ ධර්මන් වික්‍රමරත්න* ආදීන් සිය ග්‍රන්ථ වල විග්‍රහ කර ඇත.
උතුරු දොරටුව, සෙල්ලිපිය පින්තූරයේ  වම් පසින් දැකිය හැක
ඒ කෙසේ වුවත් මෙරට පාලකයා තේරීමේදී ඔහු සිංහල බෞද්ධ පසුබිමක් සහිත නායකයෙක් වීම නිශ්ශංකමල්ල යුගයේ මෙන්ම අදද වැදගත් වන්නේ එවන් පාලකයෙක් සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව වෙනත් ආගම් අදහන පුද්ගලයන්ගේද අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන බැවිනි (සසදන්න "මොහොමඩ් මහින්ද" ලෙසින්ද ඇතැමුන් හැඳින්වූ 2015 ට පෙර පැවැති රාජපක්ෂ පාලනය සහ පරම්පරාවෙන්  ඇංග්ලිකන් භක්තිකයෙකු වුවත් බෞද්ධ සළු පොරවාගත් වර්තමාන "ආසියාවේ විශිෂ්ඨ මොලයානන්ගේ" කූජීත පාලන සමය) අනෙක් අතට 2015 හංසයෙක් කියා කාකයෙක් ගෙනා මෙරට ඇතැම් චන්දදායකයන් මේ වන විට නාග රාජයෙක් කියා ගැඩවිලෙක්ද, තවත් ඇතමුන් ඇත් රජෙක් කියා "ඒදණ්ඩේ බඩගාන වටුවෙක්ද", තවත් සමහරු සෛන්ධව වර්ගයේ අශ්වයෙක් යැයි සිතාගෙන කොටම කොට කොටළුවෙක්ද (පුංචි අම්මපා!!) 2020 රටේ පාලකයා කිරීමට කර තියාගෙන ඇති තත්වයක් යටතේ 2015 වැරැද්ද නැවතත් සිදුකර නොගැනිමට  බුද්ධිමත් දේශප්‍රේමි ජනතාව කලයුත්තේ කුමක්දැයි ඔවුන්ට අමුතුවෙන් කියාදිය යුතු නොවේ. කැණහිලුන් පැරදවීමට සිංහ සම්ප්‍රාත්තිය දැනටත් සිදුවී ඇත. නමුත් අවාසනාව මෙරට බහුතරය චන්දය ප්‍රකාශ කිරීමේදී එසේ බුද්ධිමත්ව කරුණු කාරනා සලකා තීරණ ගැනීමේ හැකියාවෙන් තොර රැල්ලට ගසන් යන පරඬලා වීමය. ඔවුන් අවශ්‍ය දිශාවට තල්ලු වන රැල්ල සැදීම මෙරට ජාතිකත්වයේ අපේක්ෂකයා වටා සිටින පිරිසද සැලකිල්ලට ගැනීම වැදගත්වන්නේ ඒ නිසාය.

මූලාශ්‍ර
  • Archaeological Survey of Ceylon Epigraphia Zeylanica, Volume II (1912 - 1927), Edited and Translated by D. M. de Zilva Wickremasinghe1928
  • Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Vol 6 , G.S. Ranawella, 2007

සටනින් සටන, ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයේ  දෙවැනි කාණ්ඩය, ධර්මන් වික්‍රමරත්න,2019 
ශ්‍රී ලංකාවේ නූතන කැරලිකරුවන්ගේ සමාජ පසුබිම, වික්ටර් අයිවන්, 1993
* දේශපාලනයේ පවුල සහ කුලය, වික්ටර් අයිවන්, 2015

6 comments:

  1. භූෂන ස්තූතියි ලිපියට. මම ගියවර ලිපියේදී අහපු ප්‍රශ්නයෙන්ම ඉස්සරහට යන්නම්...කොහෙද ඔය කියන කාලිංගය තිබ්බේ? චෝල, කේරල ආදීන්ට-එතනින් පාන්ඩ්‍ය හැලුනේ ඒ කාලයේ පාන්ඩ්‍ය බලපෑමක් නැති හින්දද?- නැති, කාලිංගයන්ට ඇති මෙරට රජකමට සුදුසුකම කොහෙන් ආපු එකක්ද? නිශ්ශංකමල්ලට ටික කලකට පස්සෙ හම්බ වෙන කාලිංග මාඝත් එන්නේ ඔය කාලිංගයෙන්මද? මේ කියන කාලිංගය ඉන්දියාවේ කොතන තිබුනු රාජ්‍යයක්ද? ඔවුන් හා අප අතර සම්බන්ධයේ ඇරඹුම කොතනද?

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කල සියලු කරුණු වලට සම්පූර්ණ පිළිතුරක් දෙන්න තරම් කරුණු නැහැ. ඒ සමහර කරුණු වලට නිශ්චිත ලෙස කොහෙත්ම උත්තර නැහැ. විවිධ විද්වතුන් නොයෙකුත් මත සහ ඒවා සාධාරණීකරණයට විවිධ සාධක ඉදිරිපත්කර තිබුනත් ඒවා සියල්ල කෙටියෙන් දක්වන්නත් අමාරුයි. ඒ නිසා මගේ අසම්පූර්න පිළිතුර මේ වගේ එකක්. නිශ්ශංකමල්ල රජුම ඔහුගේ සෙල්ලිපියක කියන විදිහට ඔහු එන්නේ විජය ලංකාවට පැමිණි සිංහපුරයේ සිට. ඔහු අයත් වන්නේත් විජය අයත් වූ කාලිංග වංශයට. විජය පැමිණි ප්‍රදේශය පිළිබඳව නිශ්චිත මතයක් නැහැ. නිශ්ශංකමල්ල පිළිබඳවත් තත්වය එසේමයි. චෝළ සහ කේරළ සම්බන්ධ නිශ්ශංකමල්ලගේ සඳහන යම්තාක් දුරකට ගැටළු සහගතයි. මක්නිසාද යත් මෙරට සිංහලයන් කිසිදු අවස්ථාවක සිය කැමැත්තේන් ඒ කිසිදු ජාතියක් මෙරට සිහසුනේ තබා නැහැ. ඇත්ත වශයෙන්ම මෙම සඳහනෙන් නිශ්ශංකමල්ල අදහස් කරන්න ඇත්තේ මෙරට මේ යුගයේ කාලිංග වංශය සමග සිහසුන උදෙසා තරඟ වැදුන පාණ්ඩ්‍යය රජ පෙලපෙත විය හැකි බවට මත ඉදිරිපත්වී තිබෙනවා. චෝල, කේරල සහය ඔවුන්ට ඇතැම් විට තිබුන බැවින් සහ ඔවුන් කුලී හමුදා ලෙස චෝල කේරල ආදීන් යොදාගත් බැවින් ( පෙර ලිපියේ දැක්වෙන ලෙසින් ) නිශ්ශංකමල්ල සිය සෙල්ලිපි වල කියන ලෙසින් ඔහුව මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන්නේ ලක්දිව රජකල කුලජෙටු මහරජුන් (පරාක්‍රමබාහු ? )ඉන්පසු ඔහු රාජ්‍යත්වයට පත්වන්නට පෙර ඇපා සහ හිමියා (?) තනතුරේ සිට ඇත. මහාවංශයේ සඳහන් වන පරිදි ඔහු පරාක්‍රමබාහුට පසුව රජවූ දෙවන විජයබාහු රජුගේ යුවරජය. මේ සියළු සිංහල නොවන ඉන්දීය රාජ වංශ මෙරටට පැමිණෙන්නේ සොලී බලයෙන් ලක්දිව බේරාගත් පළමුවන විජයබාහු රජු දකුණු ඉන්දීය බිසෝ වරුන් ගෙන්වාගැනීමත් සමග. මේ පිළිබඳව වැඩි තොරතුරු නිශ්ශංකමල්ලගේ අනෙක් සෙල්ලිපි විශේෂයෙන් ගල්පොත සෙල්ලිපිය ගැන තොරතුරු ඉදිරිපත්කිරීමේදී නුදුරේදීම ගෙන එන්නම්

      Delete
    2. ස්තුතියි භුෂන ඔබේ පිලිතුරට...

      Delete
  2. බලයට එන්නටත්, බලය ලද විට එය නොකඩවා - තමන්ට අභිමත පරිදි පරිහරණය කරන්නටත් එක-එකා 'කන්ට සූත්තර' දේශනා කරන්නේ, 'බැදී වණ' උපයෝගී කරගන්නේ අද ඊයෙක නෙවෙයි කියල මනරම්ව ලිව්වාට ස්තුතියි භූෂණ!

    ReplyDelete
    Replies
    1. බොහෝදෙනෙක් වටහා නොගන්නා 'දේශපාලනය' කියන්නේ ඕක තමා. කෙටියෙන් කියනවා නම් දේශපාලනය කියන්නේ බලය ලබා ගැනීම සහ බලය පවත්වාගැනීම. ඒ සඳහා බලයට කැමැති මිනිසුන් නොයෙක් දේ කරනවා. පියා මරා, සහෝදරයා මරා බලය ලබාගත් අවස්තා අපේ ඉතිහාසයේ ඕනේ තරම් තියෙනවා. බලය පවත්වාගැනීම උදෙසාත් ඝාතන, යටිකූට්ටු වැඩ, කුමන්ත්‍රණ ( සමහර විට සතුරු රාජ්‍යයන් සමග වුවත් ) කරනවා. දේශපාලකයට කිසිදා බොධිසත්වයන් වෙන්න බැහැ. එහෙම වෙන්න ගිය සිරිසංඝබෝට අවසානයේ රාජ්‍යයත් හිසත් දෙකම නැති උනා. ජනතාව විදිහට අපට වැදගත් විය යුත්තේ ඔවුන් බල අරගලය උදෙසා කරන දේ නෙමේ රාජ්‍ය බලය ලබාගත් පසු රට සහ ජාතිය එහි අභ්‍යන්තර සහ බාහිර සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සහ රටේ දියුණුව උදෙසා ඔවුන් කරන දේ. ඒ බව වටහා නොගෙන අපේ හරක් පැටව් වර්තමානයේත් ලෝකෙ කොහෙවත් තිබ්බෙත් නැති ඇතිවෙන්නෙත් නැති බොධිසත්වයන් මිසක මිනිසුන්ගෙන් ලැබිය නොහැකි යහපාලන හොයනවා. පාලකයන් විදින සැපට ඉරිසියා කරනවා. අන්තිමේදී ඇන ගන්නවා. වැඩක් කල මිනිසුන් හොරු කියලා ගෙදර යවලා මහ බැංකු බිඳින හොරු බලයට ගේනවා. රටට කල දේකුත් නැහැ ලෝකේ ලොකුම හොරකම නම් කරලා ඉවරයි.

      Delete
  3. https://en.wikipedia.org/wiki/Apollodotus_II

    ReplyDelete