Sunday, April 10, 2016

නාගදීපයෙන් බුදුන් පැන්නීම

ඊනියා "යහපාලන සංහිදියාව" එහි උපරිමයෙන් භුක්තිවිදින දෙමළ ජාතිවාදීන් මෑතකදී පවසා තිබුනේ යාපනය නාගදීප විහාරයේ ඉදිවන බුදු පිළිමය එහි වාසය කරන ද්‍රවිඩයන්ට තර්ජනයක් වන බැවින් එය වහා නතර කල යුතු බවය. (නාගදීපය බුදු පිළිමයට උතුරු පළාත් මන්ත්‍රීවරු ගොරවති...) මේ අර්ථයෙන් ගතහොත් දකුනේ සිංහල බෞද්ධ, සිංහල කතෝලික හෝ මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල ඉදිකර ඇති හින්දු කෝවිල් ආදියද එම ප්‍රදේශ වල සිටින බහුතර ජනයාට "තර්ජනයක්" වන බැවින් එම ජනතාවද එම හින්දු ආගමික ස්ථාන ඉවත් කරගන්නා ලෙස පැවසුවහොත් ඇතිවන තත්වය කුමක්ද? වාසනාවට බහුතරයක් සිංහලයන් මෙම වර්ගවාදී දෙමළ දේශපාලකයන් මෙන් අන්තවාදීහු නොවෙති. එබැවින් එවැනි තත්වයක් මුස්ලිම් භක්තිකයන්ගෙන් කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ගෙන් හෝ කතෝලිකයන්ගෙන් නම් ඇති නොවනු ඇති. යාපනයේ ඇති බෞද්ධ විහාරයක 
වර්තමාන නාගදීප විහාරය
ඉදිකිරීමට එරෙහිව ගොරවන  මෙම අන්තවාදී තිරිසනුන්ගේ ගර්ජනය පාලක තන්ත්‍රයේ කිසිම දේශපාලකයෙකුගේ හෝ සංහිදියාව ගැන බයිලා කියන කිසිදු ජාත්‍යන්තරවාදී ඩොලර් හිඟන්නෙකුගේ හෝ කන් වලට ඇසුනු බවක් දකින්නට නොලැබුනි. වැල්ලවත්තේ හෝ මෝදර ප්‍රදේශයේ දෙමළ කෝවිලක කිසියම් ඉදිකිරීමකට විරුද්ධව සිංහල බෞද්ධ හෝ එසේ කියාගන්නා හෝ පුද්ගලයෙකුගේ කටින් කෙලබිඳුවක් හෝ විසි වූවා නම් මේ ඩොලර් හිඟන්නන් ලිප්ටන් වටරවුම දෙවනක් කරනු ඇත. දෙමළ ජනතාවට සිංහල බෞද්ධ වර්ගවාදීන්ගෙන් ඇතිවන අසාධාරණකම් ගැන පත්තර පිටු පුරා ලිපි ලියනු ඇත. අවාසනාවට ඊනියා යහපාලනය යනු දෙමළ ජාතිවාදීන්ගේ උවමනාවන් පමණක් පෙනෙන රණවිරුවන්ගෙන් පලිගෙන මිනීමරු කොටින් නිදහස් කරන, චාවාකච්චේරියෙන් හමුවන "බඩු මුට්ටු" වල ඔතා තිබූ පත්තරයෙන් කාල නිර්ණය කරන දේශද්‍රෝහීන් කැලකගේ පාලනයකි. එබැවින් ඉදිරියේදි මෙම ඉදිකිරීමට තිත තැබෙනු ඇත. දෙමළ ජාතිවාදීන් නැවතත් තව පියවරක් ඊලම දෙසට පියමනිනු ඇත.
නාගදීප දිවයිනේ ඇති පැරණි හුණුගල් පිළිමයක්

නාගදීපයට එනම් වර්තමාන යාපනය අර්ධද්වීපයට බුදු පිළිම අරහංද? මේ එම ප්‍රදේශයෙන් වරින් වර හමුවූ ඉපැරණි බුදු පිළිම කිහිපයක් ගැන ඓතිහාසික වාර්තා විමසා බැලීමකි.

වල්ලිපුරම් බුදු පිළිමය
මීට ඉහතදීද සාකච්චා කරනු ලැබූ වල්ලිපුරම් ප්‍රදේශයෙන් (නාගදීප පුරාණය - වල්ලිපුරමෙන් තහවුරු වන නාගදීප පුරාණයඉතාම හොඳ තත්වයේ තිබූ අමරාවති සම්ප්‍රදායේ බුදු පිළිමයක් වර්තමාන විෂ්ණු කෝවිල ආසන්නයෙන් පස් යට තිබී මතු කරගෙන වර්ෂ 1906 පමණ වන තුරුත් යාපනයේ පැරණි උද්‍යානයේ තිබී ඇත. නමුත් එම වසරේදී එය එවකට සිටි ඉංග්‍රීසි ආන්ඩුකාරයා වූ හෙන්‍රි බ්ලේක් විසින් සියම් රටේ (වර්තමාන තායිලන්තය ) රජුට තෑගි කර ඇත. එය මේ වන විට තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි

Wat benjamaborpit විහාරයේ ඇති බව පැවසේ.


චුන්නාකම් හුනුගල් බුදු පිළිමය
අනුරාධපුර කෞතුකාගාරයේ ඇති යාපනයෙන්
 හමුවූ බව සඳහන් හිටි පිළිමයක්
චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක එවකට තිබූ අගනා හුනුගල් බුදු පිළිමයක් පිළිබදව 1919 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලිපියක් සපයන පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කරයි. 1909 දී කොඩ්ඩියවත්තයි නම් ස්ථානයකින් එය පොලොව යට තිබී මතු කරගෙන ඇත. පසුව එම ස්ථානයේ කැනීම් කරන එතුමන්ට දාගැබක පාදම සහ වෙනත් නටබුන්ද හමුවේ. හය වසරකට පමණ එපිට එය හාරා එහි තිබූ ගල් දුම්‍රිය මාර්ගය තැනීමට ගෙනගොස් තිබූ බව පෝල් ඊ. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කන්තරෝඩෙයි (කඳුරුගොඩ)


කඳුරුගොඩ වර්තමානයේ ඉතිරි වී ඇති දාගැබ් කිහිපය
නම්පොතේ සඳහන් වන කඳුරුගොඩ හෙවත් වර්තමාන කන්තරෝඩෙයි ප්‍රදේශයේ නිවසක ලිදක් අසල රෙදි ඇපිල්ලීමට භාවිතා කරමින් තිබූ පැරණි විශාල පිළිමයක කවන්දයක කොටසක් පිළිබඳවද පෝල් ඊ. පිරිස් මහතා ඉහත ලිපියේ සඳහන් කරයි. ඒ වන විට කන්තරෝඩෙයි නටබුන් විශාල වශයෙන් ඒ අවට නිවාස ඉදිකිරීමට සහ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් යොදාගනිමින් තිබූ බව ඒ මහතා පවසයි. බුදු පිළිමයක තවත් කොටස් දෙකක් සහ තවත් සුවිසල් බුදු පිළිමයක හිසක් කුඹුරකින් සොයාගැනීමටද පෝල් ඊ. පිර්ස් මහතා සමත්වේ.

එම නටබුන් සොයාගන්නා අතර තුරේ ඒ අසල තිබූ ගල් කණු පාදම් කිහිපයක් අතරින් උඩට මතු වී තිබු හුණුගල් කොටසක් රාසනායගම් මුදලියර් මහතා පෝල් ඊ. පිරිස් මහතාගේ අවධානයට යොමු කල පසු, දවසක්  පුරා කැනීම් කරන පෝල් ඊ පිරිස් මහතා අවසානයේ ටොන් තුන් කාලක් පමණ වන බුදු පිළිමයක කඳ කොටසක්ද මතු කර ගනී.  එය උරහිස් හරහා අඩි 5.5 පමණ පලලට පිහිටි පිළිමයක් වන්නට ඇති බව ඒ මහතා අනුමාණ කරයි.
කඳුරුගොඩ විනාශ වූ දාගැබ් වල පාදම්
මූලාශ්‍ර
  • Archaeological survey of Ceylon Epigraphia Zeylanica, being lithic and other inscriptions of Ceylon, Edited by S. Paranavitana Volume IV, 1934-1942, 1943.
  • Pieris P.E., 1917, Nagadipa and Buddhist remains in Jaffna, Journal of the Royal Asiatic Society Ceylon Branch, Vol 26 Part 70.

8 comments:

  1. ඉතාම වටිනා තොරතුරු සමුදායක් එක්තැන් කළ ලියැවිල්ලක්.

    ReplyDelete
  2. ඇත්තටම වටිනා ඓතිහාසික තොරතුරු ගොනුවක්

    ReplyDelete
  3. වල්ලි පුරම් රන්සන්නස ගැන විස්තර ඔබ සතුව තියනවා නම් මෙහි දෙවන ලිපිය ලෙස හෝ මීටම සම්බන්ධකර සංස්කරණය කර සටහන් කරන ලෙස ඉල්ලනවා

    ReplyDelete
    Replies
    1. වල්ලිපුරම් රන්පත පිළිබඳව මම මීට කලින් ලිව්වා- මේ තියෙන්නේ ලින්ක් එක -http://trisinhala.blogspot.com/2015/12/blog-post_14.html

      Delete
  4. මේ පෝස්ට් එක මට මිස්වෙලා...

    වල්ලිපුරම් බුදු පිළිමය ලෙසින් ආරම්භ වන ඉතිහාසයේ කියැවීමට වඩා ඊට ඉහළින් ඇති වර්තමානයේ කියවීම වඩා වැදගත් බව මගේ අදහසයි...

    ReplyDelete