Thursday, February 4, 2016

සිංහල බෞද්ධයනට යුද්ධය අකැපද?

1948 දී සුද්දාගෙන් ලැබුනායැයි කියන නිදහසේ 68 වැනි සංවත්සරය අද දින සමරන්නේ උත්සවය අව් රශ්මියෙන් මිදීමට දවසේ කොටස් දෙකකට කඩා ජාතීන් දෙකක් නියෝජනය කිරීමට භාෂා දෙකකින් ජාතික ගී දෙකක්ද ගයාය. බටහිර අධිරාජ්‍යවාදීන් මෙහි පැමිණ අප රටේ සිදුවූවායැයි කියන යුධ අපරාද පිළිබඳ නඩු ඇසීමට තරම් අපි අද ස්වාධීනය. ඉන්දියාවේ බලහත්කාරයෙන් අපට මුලුමනින්ම අවාසි සහගත වෙළඳ ගිවිසුම් වලට එකඟ වීමට තරම් අපි අද නිවහල්ය. සිදුවිම් සිදුවන වේගය හා සසඳා බලීමේදි 69 වන 'නිදහස' ජාතික ගී දෙක රටේ කොන් දෙකක ගයා රටවල් දෙකක් ලෙස සැමරීමද සිදුවීමට බොහෝ සෙයින් ඉඩ ඇත. 'නිදහස' සැමරීමේදිද ගල් පිලිම යට ගොස් ඊනියා 'ජාතික වීර' බොල් පිලිම වලට මල්මාලා පලඳවනු පෙනේ.

මේ රටේ නිදහස උදෙසා සියවස් ගණනාවක් ලෙයින් යකඩින් සටන් කල විරුවන් අවතක්සේරුවට ලක් කිරීමේ ව්‍යාපාරයක්ද සූක්ෂම ලෙස ක්‍රියාත්මක වන බවක් පෙනේ. යුධ විරුවන් දඟ ගෙට යැවීමෙන් නොනැවති මතවාදීමය වශයෙන් සිංහල බෞද්ධයනට රට වෙනුවෙන් සටන් වැදීම අකැප බව ඉස්මතු කරලීම උදෙසා 'NGO ඩොලර් හිඟන්නන්ද' සිය කලා නිර්මාණ යොදා ගන්නා ආකාරයක් පෙනී යයි . මින් ඇතමුන්ට අනුව දුටුගැමුණු රජු රැවන්වැලිසෑය සැදුවේද යුද්ධයෙන් කල පව් නිසා ඇතිවූ සන්තාපය නිසාය.

එවන් තත්වයක් යටතේ. එවකට පුරාවිද්‍යා කොමසාරිස් දූරය දැරූ H.C.P. බෙල් මහතා 1896 වසරේදී වර්තමාන විල්පත්තු වන උද්‍යානයට අයත් වෙලන දමන නම් ප්‍රදේශයෙන් සොයා ගත් ගල් පුවරුවක අර්ථකතනය පිළිබඳ විමසීම කාලින යැයි සිතුවේ සිංහල බෞද්ධයනට යුද්ද කිරිමට එපා යැයි කියන උන්මන්තකයනට අවශ්‍ය පිළිතුර එහි ගැබ්ව ඇති බැවිණි.

1947 වසරේ අනුරාධපුර පුරාවිද්යා කෞතුකාගාරයට ගෙනියන එම ගල් පුවරුව අද දක්වාම එහි තැන්පත් කර ඇත. පනේල දෙකකින් සමන්විත එහි ඉහල පනේලයේ දෙපස පවන් සලන කාන්තා රූප දෙකක් සහිත ධ්‍යානි බුද්ධ රූපයක්ද, පහල පුවරුවේ යුද්දයක අවස්ථාවක්ද නිරූපණය කර ඇත. එහි කඩුවක් සහ පලිහක් අතින් ගත් යුද්ධ භටයකු සහ හෙල්ලයක් අතින් ගත් ඔහුගේ ආධාර කරුවෙකු නිරූපිත අතර ඔවුන් දුණු ඊතල ගත් සතුරන් සිව් දෙනෙකු සමග සටන් කරනු පෙනේ. ඉන් තිදෙනෙකු මැරී වැටී ඇති හෝ පණ අදිමින් සිටින බවක් පෙන්වයි. මුලින් සඳහන් කල විරුවා ඊතල දෙකක් වැදී තුවාල ලබා ඇති මුත් එක් සතුරෙකුගේ බඩට අනිණ ආකාරයක් පෙන්වයි.

බෙල් විසින් මෙය නන්දිමිත්‍ර යෝධයා නිරූපිත කැටයමක් ලෙස අර්ථ දක්වන මුත් ඊට වඩා පිලිගත හැකි මට්ටමේ අර්ථකතනයක් පසු කාලයකදි පරණවිතාන මහතා විසින් ඉදිරිපත් කරයි. එය මහායාන බෞද්ධ ඵලකයක් ලෙස හඳුනා ගන්නා එතුමන් එහි ඉහල කොටසේ ඇති බුදුරුව අක්සෝබ්ය ධ්‍යානි බුද්ධ (Aksobhya) රූපයක් ලෙස හඳුනා ගනී. මහායාන ඇදහීම් වලට අනුව අක්සෝබ්ය බුද්ධ මගින් නිරූපණය වනුයේ විඥ්ඥාණයයි (Consciousness) එනම් ආත්මයයි(Soul). ඉහල සහ පහල පුවරු අතර සම්බන්ධය ඔහුට අනුව යුද්ධ භූමීයේ සිඳුවන මරණය ආත්මය දෙව්ලොව සම්පත් සාක්ෂාත් කරගැනීමෙන් කෙලවර වේ. කියවිය නොහැකි මට්ටමේ සෙල්ලිපියක්ද මෙම පුවරුවේ පහල කොටසේ ඇති අතර එම අකුරු මඟින් මෙය 10 -12 ශතවර්ෂ වලට අයත් බව පරණවිතාන මහතා හඳුනාගනී.

රටක ජාතියක පැවැත්ම උදෙසා ඒ රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගත යුතුය. ජාතියක් වශයෙන් එහි අභ්‍යන්තර සහ බාහිර සතුරන්ගෙන් එය රැක ගත යුතුය. අවිහිංසාවාදී ථෙරවාද බුදු දහම කුමක් කීවද ධර්මය රැකෙන්නේද ඒ හා බැඳුන ජාතියේ පැවත්ම මතය. මහායාන ඇදහීම් ඒ යුගයේ මෙරට විසාල බලපෑමක් කල බවට සාධක ලිබිත සහ පුරාවිද්යාත්මක වශයෙන් ඉමහත්ය. එය ඇතැම් විට පර සතුරු උවදුරු වලින් රට ජාතිය රැක ගැනීමට ඒ යුගයේ අවශ්‍යතාවයක් වූවා විය හැක. යුධ භටයා මරණින් පසු සැබවින්ම යන්නේ අපායටද දෙව්ලොවටද යන්න මෙහිදී එතරම් අදාල නොවේ මුගුරක් අවැසි තැන මුගුරක් ගෙන නැගී සිටිය යුතුය. යුගයේ ගායිකාව නන්දා මාලනියගේ හඩින් මෙසේ ගැයෙන්නේද එම අවශ්‍යතාවයයි



මූලාශ්‍ර
Mahayana monuments in Ceylon , Nandasena Mudiyanse, 1967

9 comments:

  1. සිංහල බෞද්ධයන්ට යුද්ධය අකැප නෑ.. හැබැයි පැන්නගමන් යුද්ධ කරන්න බලාගෙන වත් පොඩ්ඩක් එහෙමෙහෙ වෙනකල් ඉස්පාසු බලබල් හිටියෙ නෑ සින්හලයො. යුද්ධ කලේ නොකරම බැරි තැනදි..දුටුගැමුණු රජතුමත් කලේ එහෙම. දැන් ඉන්න සිංහලේ බොල් පිලිම ගල් පිලිම වෙන්න දඟලනව..

    ReplyDelete
  2. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වරයා අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවෙදී කිව්වා මෙය යුද අපරාධ සෙවීමක් නොව LTTE සහ ශ්‍රීලංකා ආරක්‍ෂක හමුදා විසින් කල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සොයාබැලීමක් බව. මේවා අප රවටන්නට කියා යන්න බැහැ. මන්ද, මෙම වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය වලින් ප්‍රකාශයට පත්වන/වාර්තා කෙරෙන නිසා.

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලොම කරපුව හොයනවා කියලා නම් කියයි. සමහරවිට දෙකම හොයයි. හැබැයි LTTE එකේ ඕවට දඩුවම් දෙන්න කෙනෙක් ඉතිරි වෙලා නැහැ. අවසානයේ වරදකරුවෝ වෙන්නේ රජයේ හමුදා නිලධාරීන් පමණයි. සහ දේශපාලන නායකත්වය (මොවුන්ගේ ප්‍රධාන අරමුණ දේශපාලන නායකත්වය විශේෂයෙන්ම මහින්ද සහ ගෝඨා මොකද මේ කරන් යන බටහිර යටත් විජිත කරාණ ක්‍රියාවලියට ප්‍රධාන බාධකයක් වන්නේ ඔවුන් දෙදෙනා නිසා )මේ මිනිහා ඒකේදි තවත් දෙයක් කිව්වා බලය බෙදීමක් ගැන. උට තියෙන අයිතිය මොකක්ද බලය බෙදීම ගැන කතා කරන්න. ඒකෙන්ම පේනවා ගොනා එන්නේ මොකටද කියලා. අනික යුධ අපරාද සහ මානව හිමිකම් කඩවීම් අතර වෙනස මොකක්ද? දෙකම එකයිනේ. ඕනෙම යුධ අපරාධයක් මානව හිමිකම් කඩකිරීමක් වෙනවා. එසේම යුද්ධයේදී සිදුවන මානව හිමිකම් කඩවීම් යුධ අපරාධ කියලා අර්ථ දක්වන්න පුලුවන්. මානව හිමිකම් රැක රැක ලෝකෙ කිසි රටක් යුද්ධ කරන්නේ නැහැ. කලින්ම බින් ලාඩන්ගේ මානව හිමිකම් ගැන කතා කරලා ඔය ගොන් නාම්බට මේ රටට එන්න කියන්න තරම් කොන්දක් තියෙන පාලකයන් මේ රටේ කලින් වගේ දැන් නැති හින්ද ඕක කියන්න විදිහක් නැහැ

      Delete
    2. භූෂණ මහත්මයා, බුද්ධිමය සංවාදයකදී ඌ, මූ, ගොන් නාම්බා, වැනි වචන යොදාගැනීමට මා අකමැතියි. හේතු දෙකක් නිසා.

      1. යුද හමුදාවෙන් මා ලබා ඇති ශික්ෂණය.

      2. මෙවැනි සංවාදයකදී එවැනි වචන යෙදීමෙන් නිරූපණය වන්නේ තමන් ඉන්නේ කෙබඳු මානසිකත්වයකද යන්න පැහැදිලිවීම.

      Delete
    3. ඔබේ අකමැති වීම මට ප්‍රශ්නයක් නෙමේනේ. මේක මගේ බ්ලොග් එක ඒකේ මමයි එහෙම භාවිතා කලේ ඒක මගේ අයිතිය. ඒ ගැන ප්‍රශ්න කරන්න ඔබට අයිතියක් නැහැ. අනික මා ඒ වචන භාවිතා කලේ ඔබට නෙමේනේ. මේ රටේ ප්‍රශ්න වලට ඇගිලි ගහන්න ආව ඒසඳහා කිසිම අයිතියක් නැති විදේශිකයකුට. ඔබ යුධ හමුදාවෙන් ලබා ගත්තා කියන ශික්ෂණය ( එය සත්‍යද යන්න වෙනම කාරනයක් ) මට මොකටද? මට ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක්නේ. ඔව් මගේ මානසිකත්වය තමා මේ රටේ ස්ව්‍රීභාවයට බලපෑම් කරන ඕනේ එකෙක්ව හෙලා දැකිමෙ. උන්ටයි ඉන්ට කත් අදින මෙහෙ ඉන්න පර බල්ලන්වයි මට පෙන්නන්න බැහැ. මේ කියන පර බල්ලට අපේ රටේ බලය බෙදීම ගැන කතා කරන්න තියෙන අයිතිය සහ බින් ලාඩන්ගේ මානව හිමිකම් අහිමි කිරීම ගැන කිසිවෙකු කතා නොකිරීම සම්බන්ධ ඔබේ අදහස කිවූ පසු ඔබගේ අනිත් මෙයට අදාල නැති ප්‍රශ්න වලට මගේ පිළිතුරු ලබා දෙන්නම්. ඒකටම ඕනේ නම් එකතු කරගන්න ඉරාකයේ, පලස්තීනයේ, ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සහ උන්ගේ මිතුරන් ගෙ හමුදා වලින් කරන මානව අයිතිවාසිකම් උල්ලංගනය, සමූහ මිනීමැරුම්, සහ රෝහල් වලට පවා බෝම්බ දැමීම ගැනත්. ඒ වගේම අවශ්‍ය නම් අරාබි වසන්තය නමින් එම කලාපයේ ප්‍රජාතන්ත්‍ර වාදී රටවල් වල පාලනයන් අයින් කිරීමට කුලී හමුදා හැදීම ගැනත්.

      Delete
    4. සාදු සාදු සා......................දු!

      Delete
    5. ස්තූතියි එක එකාට කඩේ යන්න ගිහින් ඇනගෙන පරාජය බාරගත්තාට

      Delete
    6. අන්තිම කමෙන්ට් එකෙන්, "විචාරක" තමන් කවුද කියා ප්‍රදර්ශනය කරලා.��

      මොන හමුදා විනයක්ද අෆ්ෆා.

      බයිලා තමයි. ඩොලර්වලට තප්පුලනවා.����

      Delete
    7. දන්න තරමින් මේ විචාරක නමින් පෙනී සිටි පුද්ගලයා දැන් ජීවතුන් අතර නැහැ. මීට ටික කලකට පසු ඔහු නැති උනා. ඔහු කඩේ ගිය යහපාලනේ කෙරුවාව හරියට දකින්නවත් එහි අවසානය දකින්නවත් ඔහු ජීවත් උනේ නැහැ. මුල් අවදියේදී මගේ බ්ලොග් එක ඔහු වැනි අපත කඳවුරේ බ්ලොග් කාරයන් අතර ජනප්‍රිය කරවීමට ඔහුගේ ගේම ඉල්ලන එක මට ප්‍රයෝජනවත් උනා. ඒ අර්ඨයෙන් ඔහු මට නොදැන හෝ කලේ උදව්වක්. ඒ වෙනුවෙන් ඔහුට පින් අනුමෝදනා කරන්න මේ කොමන්ට් එක දැම්මේ.

      Delete