Friday, January 8, 2016

සිංහලේ මහා පාවාදීම් - එදා (1815) මොල්ලිගොඩලා සහ මෙදා (2015) මොල්ලි-සේනලා

 "පස්වරු 8 ට පමණ අධිකාරම්ගේ හිතවතෙකු වන හියඹලාපිටියේ මොහොට්ටාල කඳවුරට පැමිණ මාගේ සුවදුක් විමසා බලා සිය හිතවත් බව මා වෙත සැලකිරීම සඳහා අධිකාරම් විසින් ඔහුව එවූ බව පවසා, අපි කන්ද තරණය කිරීමට අදහස් කරන දිනය විමසා සිටියහ. මක් නිසාද යත් එවිට ඔහුට (අධිකාරමට) රජු සමග ඇති සම්බන්ධය නවතා වහාම හතර කෝරලයේ ජනතාව සමග අප හා එක් වීමට හැකි බැවිනි."
සිංහලේ අවසාන රජුගේ කිරුල
"මාගේ විමසීම් වලට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ අධිකාරම් පෙර දිනයේ අලුත්නුවර ආසන්නයේ සිටි බවත් අපට පෙර දින ඇසුන වෙඩි හඬවල් කිහිපය අපට පහර දෙන බවට බලන කොටුවට හැඟවීමේ අරමුණින් පමණක් කල බවත් අධිකාරම් කිසි විටකත් අපගේ හමුදාවන්ට පහර දීමට අවිගත් බල සේනා අපගේ පෙරමඟට යොදවන්නේ හෝ අපගේ කඳවුරු වලට එවන්නේ නැති බවත්, හිස් වෙඩි පමණක් පෙර දිනයේ මෙන්  විටින් විට පත්තු කරනුයේ ඔහු රජුට පක්ෂපාතී බව පෙන්වීමට සහ අපට පහර දෙන බව රජුට හැඟවීමට පමණක් බවත්ය."

1815 පෙබරවාරි 2 වෙනි දින කන්ද උඩරට සිංහලේ බලය යටපත් කරගැනීමේ අරමුණින් බලන කඩවත පාමුල ගණේතැන්නේ කඳවුරු ලා සිටි ඉංග්‍රීසි හමුදා වෙතට එවකට පලමු අධිකාරම් දූරයට අමතරව රජුගෙන් තුන් කෝරල, සතර කෝරල සහ සබරගමුව දිසාවන්ද ලබා සිටි මොල්ලිගොඩගේ පණිවිඩ කරුවෙකු පැමිණ සැල කල දේ, 1815 සිංහලේ යටත් කරගැනිමේ මහා මොළකරු වූ ජෝන් ඩොයිලි සිය දිනපොතේ සටහන් කර තබන්නේ එලෙසිනි. ඔහු කියූ අයුරින්ම කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිවම කන්ද තරණය කර, බලන කොටුව පසු කර ගන්නොරුව හරහා සෙංකඩගල පුරවරය අල්ලාගැනීමට ඊට දින කිහිපයකට පසු ඉංග්‍රීසි හමුදාවන්ට හැකිවිය.

සිංහලේ අවසාන රජුගේ  සිහසුන
පෙබරවාරි 28 වන දින බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතභාර ලේඛම්ට යවන රහස් ලිපියකද මොල්ලිගොඩගේ මෙම පොරොන්දුව ගැන සඳහන් කරන අතර ඔහු පවසන අයුරින් ඔහුට ඉංග්‍රිසීන් සහ එක් නොවීමට ඇති එකම බාදාව ඒ වන විටත් මහනුවර රජුගේ බල ප්‍රදේශයේ සිටින සිය අඹු දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුව පමණක් බවය. ඉංග්‍රිසීන් නුවර ආසන්නයට පැමිණිවිට රජු පලා ගිය පසු ඔවුන්ටද පලා ඒමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස කරන බවද එතෙක් ඉංග්‍රීසි හමුදාවන්ට කිසිදු හානියක් නොකර හිස් වෙඩි පමණක් තබන බවට මොල්ලිගොඩ අධිකාරම පොරොන්දු වූ බවද ආණ්ඩුකාරවරයාද එම ලිපියේ සඳහන් කරයි. ඔහු කියූ අයුරින්ම ක්‍රියා කල බවද හෙතෙම අවසානයේ පවසයි (He afterward faithfully kept his words)

ඩොයිලිට පොරොන්දු වූ පරිදිම මොල්ලිගොඩ අධිකාරම පෙබරවාරි 8 වන දින හතර කෝරලයේ කොඩිය, ලේඛම් මිටිය සහ අනෙකුත් කොරල ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ පැමිණ ඩොයිලි හමුවේ සිය පාවාදීම ස්ථිර කරනුයේ ඒ වන විට ඔහුගේ අඹුදරුවන් සාර්ථක ලෙස රජුගේ බල ප්‍රදේශයෙන් නික්මුනු බව සැලවීමත් සමගය.

කලගුණ දත් ඉංග්‍රීසීන් මාර්තු 2 වෙනි දින උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මොල්ලිගොඩ පලමු අධිකාරම් ලෙස පත් කරයි.

වැඩිකල් නොගොස්ම තමන් රැවටුන බව තේරුම් ගත් ඉංග්‍රීසීන්ගේ කර පිටින් ගොස් බලය ලබාගැනීමට තැත් කල ඇහැලේපොල ඇතුළු සිංහල රදලයන් 1818 නිදහස් අරගලයට අඩු වැඩි වශයෙන් නායකත්වය දුන් මුත් මොල්ලිගොඩ එයට එක්නොවූ අතර තම බල ප්‍රදේශය වූ සතර කොරලයේ ජනතාව එයට එක්වීමෙන්ද වලක්වාලූහ. නැවතත් කලගුණ සැලකූ ඉංග්‍රිසීන් ඔහුට මසකට රික්ස් ඩොලර් 200 ක මාසික විශ්‍රාම වැටුපක්ද සහිතව පල්ලේගම්පහේ මහා අධිකරම් සහ සතර කෝරලයේ දිසාව යන තනතුරුවලට අමතරව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය සහ මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ධූරයද පිරිනැමූහ.

රජු සමග එකට සිටිමින්ම, පුස් වෙඩි පත්තුකරමින් එදා මොල්ලිගොඩලා සුද්දට පාවාදීමේන් බිලි දුන්නේ සිංහලේ අවසාන රජුව නොව මුලු මහත් තුන් සිංහලයමය. ඉන් වසර 200 ක් ඉක්මවූ පසු 2015 දී මෙදා 'මොල්ලිගොඩලා' එකට ආප්ප කමින් සිටි බවට කට මැත දොඩවමින් ගොස් බටහිර සහ ඉන්දීය අධිරාජ්‍යවාදීන්ට පාවා දුන්නේද පෙර සිටි පාලකයන්ව නොව මුලු මහත් ශ්‍රි ලංකාවමය.

History repeats itself, first as tragedy, then as farce. - Karl Marx 

වර්තමානයේ අප ඉතිහාසයේ ඒ විකාරරූපි (farce) පුනරාවර්තන විදිමින් සිටිමු. මාර්ක්ස් බොනපාට්වාදයට අදාලව කියූ පරිදි නොවී වසර 200 කට පසුවද මෙරටදී එය ඛේදාන්තයක්ම (tragedy) වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. මක් නිසාද යත් මේ දිවයින වනාහී මේ ලෝකයේ වෙන කොහේවත් සිදු නොවන ආකාරයේ සිදුවීම් සිදුවන අරුම පුදුම මිනිසුන් වෙසෙන රටක් බැවිනි.

මූලාශ්‍ර
  • Diary of Mr. John D'oyly - H.W. Codrinton, 1917.
  • Sri Wickrema, Brownridgg and Ehelepola, Tennakoon Vimalananda, 1984
  • The chieftains in the last phase of the Kandyan kindom (Sinhale), Revised and Enlarged edition, Ananda S. Pilimatalavuva, 2008


20 comments:

  1. උඩරට රදලයන් ඉංග්‍රීසින්ට ලැදියාවක් දැක්වීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ක්‍රියා කලාපයත් හේතූ වූ බව අමතක කලයුතු නැත. කාරණය වන්නේ ඔබ එදා අද ගැලපීමට ගන්න උත්සාහය ලාමක බොළඳ එකක් බවය.මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයන් ඇමරිකානු පුරවැසි බව ඔබ අමතක කර ඇති අතර යෝෂිත රාජපක්ෂ මහතා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියේ පුහුණුව ලැබූ බව ඔබ අමතක කරයි.මීට වසර 200 කට එහා යුගය සහ වර්තමානය එකට ගෙන කථා කිරීම නිෂ්පල දෙයකි.

    ReplyDelete
    Replies
    1. මගේ එදා සහ අද ගැලපීම බොළඳ යැයි පෙන්වීමට ඔබ ඉදිරිපත් කරන තර්ක වලට අවම වශයෙන් බොළද වැනි වදනකින්වත් විශේෂණයක් යෙදීමට තරම් නොවටිනා බැවින් ඒ ගැන වැඩි දුරටත් සඳහන් කිරීමෙන් වැලකී සිටිමි. මහින්ද රාජපක්ෂගේ සහෝදරයන්ගේ හෝ දරුවන්ගේ ඇමෙරිකන් සම්බන්ධතා වල මෙතනට ඇති අදාලත්වය කුමක්ද? මා කතා කරන්නේ ඉන්දීය සහ බටහිර තානාපති කාර්යාල හරහා සිදු වූ බටහිරයන්ගේ හුරතලුන් වූ දෙමල බෙදුම්වාදය මර්ධනය කල පාලකයන් එලවීමේ ක්‍රියාදාමය ගැනයි.එය අද ඔප්පු වී ඇති දෙයකි. සිරිසේනගේ පාලනය් අයටතේ කොටි සිරකරුවන් නිදහස ලබන අතර හමුදා විරුවන් දන්ගෙඩියට දැක්වීමට උසාවි ඇති කරයි. දැනටමත් බුද්ධි අංශ නිලධාරීන් හිරේ. අඩු ගානේ පසුගියදා ඉන්දියානු විරෝධය නිසා පකිස්තාන ගුවන් යාන ලංකාවට ගැනීමට කල උත්සාහයත් නැවතුනා. ෆොර්ට් සිටී නැවතුනේ පරිසරවේදීන්ගේ බලපෑම් නිසා නොවේ ඉන්දියානු විරෝධය නිසා. ජනාධි[පතිවරණයට පෙර මහින්ද ඉලන්ගෝ නම් රෝ ඔත්තුකරුවා නෙරපුවේ මේ කියනා ඊනියා
      විපක්ෂෙත් එක්ක කුමන්ත්‍රණ කල නිසා බව ඔබ දන්නවාඩ?

      Delete
    2. ඔබේ බරපතල වචන තුල සැඟව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය පිළිබඳව ඔබට ඇති සිත් තැවුලය.මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කල බව සැබෑය නමුත් දෙමල බෙදුම්වාදය පැරදවීමට ඔහුට හැකි වුනේ නැත.ඔහුගේ කාලයේ කොටි සාමාජිකයන් 11000 පමණ පුනරුත්ථාපනය කර නිදහස් කල බව ඔබ නොකියන්නේ ඇයි?. රටක නීත්‍යානුකුල හමුදාවන්ට ත්‍රස්ත්‍රවාදීන් මෙන් හැසිරීමට හැකියාවක් නොමැත.යුද්ධයේදී කවර තරමේ දායකත්වයක් සැපයුවත් කිසියම් ආරක්ෂක හමුදා සාමාජිකයන් පිරිසක් පවතින නීතියට පිටින් අපරාධ කර ඇතිනම් ඒ පිලිබඳව නීතිමය කටයුතු කිරීමේ කිසිදු වරදක් නැත.සැබෑ රණවිරුවා යනු නිරායුධ මිනිසුන්ගේ දෑස් සහ දෑත් බැඳ ඔවුනගේ හිසට වෙඩි තබන බියසුල්ලෙක් නොවෙන බව ඔබ වටහා ගත යුතුය......බටහිර රටවලට හෝ ඉන්දියාවට බියවිය යුතු නැත ඔවුන් සමඟ යහපත් සම්බන්දතාවක් පවත්වාගෙන යායුතුය. ලංකාව තවත් උතුරු කොරියාවක් නොවියයුතුය.

      Delete
    3. ඔබගේ වචන තුල සැගව ඇත්තේ කිසිදු තර්කාණූකූල බවකින් තොරව පවත්නා විජාතික පාලනයේ කුණු සේදීම පමණි. මහින්ද රාජපක්ෂගේ පාරාජය නොව මට ඇත්තේ ඒ හරහා රටේ බලය දෙමළ බෙදුම්වාදීන්ට සහ ඉන්දීය සහ බටහිර අධිරාජ්‍යවාදීන්ට කප්පම දෙන නිවටයන් රැලක් වෙතට හුවමාරු වීමය. අපට සැම අතින්ම අවාසි ඉන්දිය වෙලඳ ගිවිසුම් ඇති වන්නේ සීපා නම සඟවා එම සන්දර්භය තුලය. පුනුරුත්තාපණය කර නිදහස් කිරීම සහ දරුණු ගනයේ කොටි ඉවක් බැලිල්ලක් නොමතිව නඩු නොදා නිදහස් කිරීමේ වෙනස වත් ඔබට තේරුම් ගැනීමට ඔබගේ අන්ද මෛත්‍රී ආලය නිසා බැරි වී ඇති බව පෙනේ. යුද්ධයක් කිරීමේදී හමුදාව හැසිරිය යුතු ආකාරය ඔබ ඇමෙරිකාවෙන්ම ඉගෙන ගන්න. ඔවුන් එය සාර්ථකව කරනවා. බින් ලාඩන් මැරූ ආකාරය ඔබ දන්නවා ඇතැයි සිතනවා. ලොව කිසිම රටක් යුද්ෂයකින් පසු තම හමුදා යුද්ධය තුල කල දේවල් වලට උසාවි පිහිටුවා නැහැ. ඒවා සිද්ධා වන්නේ ඔබ වැනි නිවටයන් බැලමෙහෙවර කරන ආන්ඩු ඇති මෙරටේම පමණි. ඔබ වැනි පුද්ගලයන්ගේ අනුවණ කම් නිසා ලංකාව උතුරු කොරියාවක් නොව ඉන්දියාවේ පිලිකන්න වී හමාරය. පාලමත් දැම්මට පස්සේ ඉතිරි හරියත් බලගන්න පුලුවන් වනු ඇත. ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙකුට පමණි කිසියම්ම හෝ කාරණයක් මත යුධ විරුවන් දඟගෙට දක්කා මිනිමරු කොටින් එලියට දැමීම සාධාරණීකරණය කල හැක්කේ.

      Delete
    4. බින් ලාඩන් යනු අමු තිරශ්චීන ත්‍රස්ත්‍ර වාදියෙකි.ඇමරිකානු හමුදාව ඔහුව මරා දැමුවේ සන්නද්ද ආරක්ෂකයන් පිරිවරා සිටියදීය.ප්‍රභාකරන්ට අත්වූ අවසන් ඉරණමද ඒ ලෙසම අපට සාධාරනීය එකක් ලෙස පිළිගත හැකිය.දැනට අත් අඩංගුවේ සිටින්නේ ප්‍රභාකරන් මරාදැමූ හමුදා පිරිස් නොවේ නේ.එක්නැලිගොඩ නම් සිවිල් පුරවැසියා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ඝාතනය කිරීම පිළිබඳව සැකකරන ආරක්ෂක හමුදා සාමාජිකයන් පිරිසක් නොවේද?.යාපනේ මිරිසුවිල් ප්‍රදේශයේදී අවුරුදු 5 දරුවෙකු ඇතුළු පිරිසකගේ ගෙල සිඳ මරා දැමු වරදට තවත් සෙබලෙක් සිරගතව සිටින බව ඔබ නොදන්නවා නොවේනේ.මේවා රණවිරු ක්‍රියාද?.....ඇමරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් ඉරාකයේ අබු ග්‍රයිප් බන්ධනාගාරයේදී යුද සිරකරුවන්ට වද හිංසා කල ඔප්පු වූ විට නිත්‍යානුකුලව ඔවුනට දඬුවම් කිරීමට ඇමරිකන් රජය කටයුතු කල බව මා නම් අසා ඇත.....අනිත් කරුණ 1971 වසරේ ප්‍රේමවතී මනම්පේරි මරා දැමීම, 1996 හෝ ඒ ආසන්න වසරක ක්‍රිෂාන්ති කුමාරස්වාමි පාසල් සිසුවිය ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන් මරා දැමීමේ වරදට දඬුවම් ලැබූ හමුදා සාමාජිකයන් ඔබට අනුව නිවැරදි කරුවන් වියයුතුය.ඔබ නම් නියම ගෝත්‍රික දේශප්‍රේමියෙක්ම තමයි. ඔබේ මුග්ධ ජාත්‍යාලයට වඩා මගේ අවජාතක කම අගනේ යයි සිතමි.

      Delete
    5. ඔබ යුද්ධය අවධියේ එක්නැලිගොඩ නම් පුද්ගලයා lankaenews වෙබ් අඩවියට ලියූ දේවල් දුටුවාද? ඔහු තනිකරම මෙහි ගෙනගියේ LTTE බෙදුම්වාදී මතවාදය (අදටත් එම වෙබ් අඩවිය එම මතවාදය පෝෂණය කරනවා දැකිය නොහැක්කේ එය මෙහෙයවන මංගලගේ සමලිංගික සගයෙකුටම පමණි.) මැරිය යුත්තේ ප්‍රභාකරන් පමණද? ඔහුගේ බෙදුම්වාදී ත්‍රස්තවාදයට සිංහල සමාජය තුල මතවාදය පෝෂණය කරන්නන්ද ඒ හාඅ සමගම අවසන් කර දැමීම වරදක් නොවේ. එක්නැලිගොඩ නම් හිවලා සිවිල් පුරවැසියෙකු වන්නේ ඔබ වැනි NGO මතවාදයේ සිටින ඊනියා හිවල් සමාජයේ ගැත්තෙකුටම පමණි. ඔබ නම් පුදුමාකාර රහස් පරික්ෂකයෙකි. මිරිසුවිල් සිද්ධිය ඔබ ඇසින් දැක ඇත. ඔබ නොදන්නවාට එහි සාක්කිත් ඔවුන්ගේය. ඔබ මොහොතකට හෝ එම දිගුදුර විහිදුම් බලකා සෙබලා දිවයින් පුවත්පතට දුන් විස්තරය කියවුවාද? ඔබේ මතය සැමවිටම බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන්නන්ගේ මතය වනුයේ ඔබම පිලිගන්නා ඔබේ අවජාතක කම නිසා විය හැකිය. ඔබට බෙදුම්වාදීන් කියන දේ පිලිගැනීමට ඔබගේ අවජාතක කම නිසා තියෙන නිදහසට මම ගරු කරමි ඒ අතරම බෙදුම්වාදියෙකු නොවන සිංහල දෙමළ මුස්ල්ම් සැම රටේ ඕනෑ තැනක ජීවත් වීමට අයිතිය පිලිගන්නා මා වැනි ගොත්‍රික දේශප්‍රේමියෙකුට ඊනිය බෙදුම් වාදින් පවසන දෑට වඩා යුද විරුවා විශ්වාසය. යුද්ධයකදි සිදු වන මනම්පේරි සිදිධිය කුමාරස්වාමි සිද්ධිය වැනි හුදකලා සිද්ධි වලට නඩු දමා යුක්තිය ඉටු කිරීමයි, හමුදාව සහ දේශපාලන නායකයන් යුධ අපරාද කලා යැයි පොදුවේ චෝදනා කර අන්තර්ජාතික අධිකරණයකින් දඩුවම් දීමයි දෙකක් බව ප්‍රභාකරන්ගේ ජාන නන්දිකඩාල් කලපුවෙන් උකහා ගත් ඔබ වැනි අවජාතකයන්ට පැහැදිලි කිරීම මගේ කාලය අපතේ යැවීමකි. ඔබ සැම විටම මගේ ප්‍රශ්නයේ කොටසක් මග හරී. මම සිංහලෙන් අහන්නේ යුද හමුදාව කල දේට දඩුවම් දී බස් වල බෝම්බ පුපුරවපු කොටි සමාව දී එලියට දැමීම හරි වන්නේ කෙසේද කියාය. පිළියන්දල බස් බෝමබය තබා කිඩා දරුවන් දුසිම් ගණනක් මැරි ත්‍රස්තය අද එලියේය මිරිසුවිල් එක කුඩා දරුවෙක් මැරුවා යැයි උන්ම සාකි දීපු විරුවා හිරබත් කන්නේය. අවාසනාවට ප්‍රභාකරන්ගේ ජාන ශරීරගත් වූ ඔබ වැනි අවජාතකයන්ට එය තේරුම් ගනීමට තරම් මොලයක් නොමැත.

      Delete
    6. මා ඔබේ facebook පිටුවට ගියෙමි,ඔබ වැනි පුද්ගලයෙකු සමඟ අදහස් හුවමාරු කරගැනීම නිරපරාදේ කාලය සහ අන්තර්ජාල දත්ත නාස්ති කරගැනීමක්බව වටහා ගත්තෙමි.ඔබ වැනි උමතු ජාතිවාදී වර්ගවාදී පිරිස් ලොව පුරාම සිටිති.රන්වන් හිසකෙස් සහ නිල්වන් දෑස් ඇති ජර්මානුවන් ලොව උතුම්ම මිනිස් වර්ගයා ලෙස ප්‍රකාශ කල එහෙත් තමන්ට ඒ ශරීර ලක්ෂණ නොතිබූ හිට්ලර් ඔබලාගේ නුතන පුරෝගාමියෙකි.ඇමරිකාවේ සිටින KU KLUX KLAN සංවිදානයේ සිටින්නේ ඔබලාටම ගැලපෙන පුද්ගලයන්ය.ඔබලාට ඔවුන් සමඟ එකට සිට ගත හැකිය......මට නම් NGO මුදල් දෙන්නට එකෙක් නැත.කවුරුන් හෝ මට මුදලක් දෙන්නේ නම් සතුටින් භාර ගන්නෙමි.....ඔබේ උමතුවේ ගිලී දියබුං ගසමින් සිටියාට මට කාරියක් නැත,එය ඔබේ කැමැත්තය.අසුචි කඳු වලින් ඔලුව පුරවාගෙන සිටිනවාට වඩා නිදහස් විවෘත මනසකින් ලොව දෙස බැලීම කොතරම් සතුටක්දයි සිතමි.....ඔබේ දිවිමඟ කළු කොඩි වලින්ම සැරසේවා!!!!!!

      Delete
    7. මෙතන මේ පෝස්ට් එක ලියපු කෙනාගේ සිද්ධි සංසන්දනය ගැන ගැටළු මොක උනත් මෙතන ජාතික ගැටළුවක් තියෙනව කියන කාරනේ මග අරින්න බෑ. මේ ලිපියේ සිද්ධි ගැලපීම් අල්ලගෙන මෙතන ප්‍රශ්නයක් නෑ කියල මග අරින්න පුළුවන් කමක් නෑ. මෙතන ගැටළුවක් තියෙනවා. ඒ ගැටළුවේ පසුබිම රටේ ජාතික අනන්‍යතාවය මත පදනම් වන ජාතික බලවේග එකතුවත් ඊට එරෙහි සියළු විජාතික බලවේග එකතුවත් අතර තිබෙන ගැටීම. මේ ගැටුමේ ස්වභාවය සැලකුවහම අද ඇති වෙලා තිබෙන තත්වය හැම අතින්ම නොවුනත් බොහෝ පැති වලින් 1815 උඩරට ගිවිසුම හරහා ඇතිවුන තත්වයට සමානයි. රජ්ජුරුවන්ගේ පාලනේ තිබුන පීඩිත තත්වය මොක උනත් ඊට විසඳුම පිට රැටියන් එක්ක එකතු වෙලා ඔවුන්ට රට භාරදී රජුගෙන් පලිගැනීම කියල හිතන්න බෑ. ඒ වගේම අදත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ පාලනය යටතේ ජනතාවට සහන තිබුනේ නෑ කියන තර්කය මත රටට ජාතික අනන්‍යතාවයට එරෙහි විජාතික කල්ලි එක්ක එක්ව රාජපක්ෂ පාලනේ පෙරලීම සාධාරණීකරනය කරන්න බෑ. දැන් බලන්න රාජපක්ෂ පාලනේ පෙරළුනාට ජනතාවට බලාපොරොත්තු වූ සහනය ලැබුනද කියලා. ලැබුන සහනෙකුත් නෑ මදිවට සුළු ජනකොටස් වල අන්තවාදී කන්ඩායම් බෙදුම්වාදීනුත් දැන් යකා නටනවා. මේව වසන් කරන්න පුළුවන් කමක් නෑ. මේ පෝස්ට් එක දාපු කෙනාගේ සිද්ධි සංසන්දනයේ අඩුපාඩු හොයලා ප්‍රශ්නේ යටගහන්න කෙනෙක් උත්සහ කරනවනම් ඒකත් බොලඳ මෝඩ අසාර්ථක උත්සහයක්.

      Delete
    8. තමුන්ගේ හරි නමින් වත් පෙනී සිටින්නට කොන්ද පන නැති Jay-c-z කියන මන්ද බුද්ධිකයා කොතරම් ඔලමොට්ටලයෙක්ද වග ඔහුගේ අවසාන පිළිතුරින්ද මනාව පැහැදිලි වේ. මම ඔහුගේ 'NGO මතවාදය' ගැන කියන කොට ඔහු තමුන්ට කිසිම NGO එකකින් මුදල් නොලැබේ යැයි නන් දොඩවයි. මෙවන් විකාර දොඩවන්නන්ට මුදල් දෙන්න තරම් සුද්දෝ මෝඩයෝ නොවෙති. වර්ගවාදීන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ඔහුට අනුව එම වර්ගවාදය නැසීමට සටන් කල විරුවන් වැරදි කර ඇත්නම් දඩුවම් දිය යුතුය නමුත් අර වර්ගවාදීන්ට සමාව දිය යුතුය. මුන්ගේ අම්මාලාට ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු ගොස් මුන් වැදුවට අඩු ගානේ කිව යුතු දේ තර්කාණුකූලව කිවීමට වත් මොලයක් ලැබී නැති හැඩය. මගේ කිසිදු කරුණකට හෝ තර්කයකට පිළිතුරු නොදින් මේ නිවටයා නොනවත්වාම මා වර්ගවාදියෙක්, මුග්ධ ගෝත්‍රික දේශප්‍රේමියෙක් යැයි ගැන නන් දොඩවයි. ප්‍රභාකරන් ඇතුලු වර්ගවාදීන්ගේ අචූචීත් සුවද මුන් වැනි අවජාතකයන් මට කලු කොඩි පතති. මෙහෙමත් මී හරක්. මුන් මේ රටට වදපු මුන්ගේ අම්මලාට...කීමට ඇත්තේ එපමණය

      Delete
    9. මගේ නම සම්බන්දව එතරම් කලබල වියයුතු නැහැ.මොකද ඔබේ නම පවා උප්පැන්න සහතිකයේ ඇති නියම නම දැයි කිසිවෙකු නොදන්නා නිසාත්,එය අනවශ්‍ය කාරණයක් නිසාත්ය.වැදගත් වන්නේ මා කුමන හෝ සංකේතයකින් හෝ පෙනී සිටිමින් අදහස් දැක්වීමයි.මා ඔබේ තර්ක වලට පිළිතුරු නොදී පලා ගොස් නැත.මගේ සරල අදහස් දැක්වීම වුනේ ත්‍රස්ත්‍රවාදීන් කරන අපරාධ වලට ඒ ආකාරයෙන්ම ප්‍රති පිළිතුරු දීමට රටක නීත්‍යානුකුල ආරක්ෂක හමුදාවන්ට නොහැකි බවය.සරල උදාහරණයක් ගත හොත් රටක ආරක්ෂක හමුදාවන්ට වයස 18 සම්පුර්ණ නොවූවන් සෙබළුන් ලෙස බඳවා ගත නොහැකි වුවත් ත්‍රස්ත්‍රවාදීන්ට එය අදාළ නොවේ. ප්‍රභාකරන්ගේ ශුක්‍රානු ඔබට වැදගත් වුනාට මට ඒවා කිසිමදාක වැදගත් නොවුණු බව කියමි.

      Delete
    10. මම එවන් තර්කයක් ඉදිරිපත් කර නැත. නැවතත් ඔබගේ නූගත් කම නිසා ඔබට නොතේරෙන මම ඉදිරිපත් කරන එක තර්කයක් පමණක් දක්වමි. කිහිපයක් ඉදිරිපත් කල විට ඔබට තේරුම් ගනීමට අපහසු බව පෙනේ. මා අසන්නේ සියදහස් ගනන් මිනීමැරුම් කල ත්‍රස්තවාදීන් නඩු නොමැතිව නිදහස් කරමින් යුධ විරුවන් එක් වරදකට (මට ඒවා වැරදි නොවේ )සිරගත කිරීම සාධාරණ වන්නේ කෙසේද කියාය. එක්කෝ දෙගොල්ලන්වම සිරගත කල යුතුය නැතහොත් දෙගොල්ලන්වම නිදහස් කල යුතුය. රටේ නීතිය අනුව නම් එසේ නිදහස් කල නොහැක. පොලොන්නරුවේ ග්‍රාමසේවක තැන මේවා කරන්නේ අහෝසි කරනවායැයි ඔබ වැනි අඳබාලයන් රවටා ලබාගත් විධායක බලයෙන්ය. ඔහුව මැරීමට ආවායැයි කියූ කලු කොටිය ඔහු අද වන විට නිදහස් කරලාය. ඔහු ඇතුලු අප සැමගේ නිදහස සහ ජීවිත රැකීමට සටන් වැදුනු බුද්ධි මෙහෙයුම් කල විරුවන් හිරෙට යවනවාය. මේවා නොතේරෙන්නේ ඔබට නොව ඔබේ මව හරහා ඔබට ලැබී ඇති ප්‍රභාක්‍රන්ගේ ශුක්‍රාණූ නිසාය ඒවා මට නොව ඔබට වැදගත් වන්නේ ඒ නිසාය.

      Delete
    11. ඔහේට දැන් කරන්න දෙයක් නැත පොළොන්නරුවේ ග්‍රාමසේවක තැන දැන් රටේ පාලකයා වී හමාරය.ඉදිරියේදී ඔහු විධායක ජනාධිපති දුරයද අහෝසි කර දමනු ඇත.සමහර විට ඊළඟ වසර 5 දී නැවත රටේ අගමැති වශයෙන්ද කටයුතු කරනු ඇත...ඔහෙලාට තවත් වසර ගණනාවක්ම කළු කොඩි දමාගෙනම සිටින්නට සිදුවෙනු ඇත........

      Delete
    12. මූ වගේ මෝඩ හරකෙක්. අහපු එක ප්‍රශ්නෙට මෙන්න මුගේ උත්තරේ. තෝ වගේ බූරු පැටව් මින් මතුවට මෙහි කොමන්ට් නොකලාට කම් නැත. ආපු අතක් බලාගෙන මකබෑවිලා පල. ගිහින් තොගේ ග්‍රාමයාගේ සපත්තුම ලොවපිය.

      Delete
    13. ග්‍රාමසේවකයාගේ සියළු යහපාලන කේප්ප එලි වී උගේ යහපාලන වස්ත්‍රයද ගැලවී හමාරයි. යහපාලන ග්‍රාමසේවකට මින් මතුවට ඇත්තේ සිංහල කොටියෙකු වූ සුනන්ද දේශප්‍රියගේ සොයුරු මහින්ද දේශප්‍රියගේ සහයෙන් ඉදිරි මැතිවරන වලදී ජනමතය යටපත් කර හොර ප්‍රතිඵල හැදීමේ වැඩ පිලිවෙලට යෑම පමණයි. පොලොන්නරුවේ ග්‍රාමසේවකට ඒව කරගෙන ආවොත් අති විශාල ජනතා විරෝධයක් එල්ල වී මහා ජන රැල්ලකට යටව වැනසෙන්නට සිද්ධ වීම රනිල්ටවත් ඉන්දියාවටවත් බටහිර රටවල් වලටවත් තියා දෙයියන්ටවත් වලක්වන්නනම් බැරිය.

      Delete
  2. ජෝර්ජ් බර්නාඩ් ෂෝ මෙසේ කියා තිබෙනවා - "ඉතිහාසය පුනරුක්තියක් නම් හා අනපේක්ෂිත දේ හැමවිටම සිදු වේ නම්, මිනිසුන් අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට කෙතරම් අසමත්ද?" (If history repeats itself, and the unexpected always happens, how incapable must Man be of learning from experience.).

    පුන පුනා කියද්දිත් වැටුනු වළේ තරම කෙබඳු දැයි තේරුම්ගැනීමට නොහැකි අය කෙතරම් නම් සිටිද? මේ අයගේ පසුබිම විමසා බැලිය හැකි නම්, අපට ඊට හේතුව වටහා ගත හැකි වේවි. "Vested interests" තිබෙනවනේ.

    ReplyDelete
  3. Bushana kalhara: දිගටම ලිපි ලියන්න. ගොඩක් ස්තුති.

    ReplyDelete
  4. බෙදුම්වාදය ගැන භූෂනගේ අනෙකාගේ අදහස ඉයන් ලියා තිබෙනවා. මෙහි පාඨකයන් එයද කියවීම තුලනාත්මක වනු ඇත...
    http://lankanian.blogspot.com/2016/01/1.html

    ReplyDelete
    Replies
    1. මගේ අනිකා කිව්වට දෙමළ ජාතිවාදය සම්බන්ධව නම් ඔහුගේ අදහස් සහ මගේ අදහස් අතර එතරම් පරස්පරයක් ඇති බවක් නම් පේන්න නැහැ. කෙසේ නමුත් ඔහු ඉදිරිපත් කරන සමහර කරුණු මාද අසා ඇති මුත් ඒවා සනාථ කරන්න පුලුවන්ද යන්න ප්‍රශ්නයක්. උදාහරණයක් වශයෙන් උතුරු නැගෙනහිර පැතිවල සිදුවූ විභාග වංචා බිම් මැනීමේදි දෙමල කම්කරුවන් විසින් සිංහල ගම් වලට දෙමළ නම් දැමීම සහ දරුවන් ප්‍රමාද කර උප්පැන්න සැකසීම ආදිය. ඒවා සත්‍ය විය හැකි මුත් සනාථ කිරීමට කරුණු මට නම් හමු වී නොමැතැ. කෙසේ නමුත් අද්‍යතන දේශපාලන ක්‍රියාදාමයන් සම්බන්ධව නම් ඔහු මගේ ස්ථාවරයේ නොමැති බව පේනවා.

      Delete
  5. Jay C -Z යන නමකින් පෙනී සිටින්නාට සමාජ සාධාරණත්වය, සහජීවනය හෝ බෙදුම්වාදය ත්‍රස්ථවාදය ගැන හැඟීමක් නැත. ඔහුගේ එකම අරමුණ මුග්ධ දේශපාලුවෙකුට හෝ කීප දෙනෙකුට බඩගෝස්තරය පිණිස කඩේ යෑමේ පටු උවමනාව පමණි..

    ReplyDelete