Monday, October 15, 2018

සීගිරියේ කිසිවෙකු නුදුටු අලුත්ම පුදුමය - ගුරුළු පාදය

මේ වන විට තරමක් යටපත් වී ඇතත් මෑත කාලයේදී මෙරට සමාජ මාධ්‍ය සහ ඇතැම් "බෝතල් පත්තරකාරයන්ගේ ජනමාධ්‍ය" වලින්ද සැලකිය යුතු ප්‍රචාරයක් ලද පට්ටපල් අතේරෝලක් ගැන කතා කිරීම මෙම ලිපියේ අරමුණයි. අන්තර්ජාලයේ පහසුවෙන් සිංහල අකුරු ලිවීමේ හැකියාව ලැබීමත් සමග මේ රටේ සිටින ඕනෑම උන්මන්තකයෙකුට තමුන්ට හිතෙන ඕනෑම කුණුහරුපයක් ලියා ඒවාට සැලකිය යුතු ප්‍රචාරයක්ද ලබාගැනීමේ ඉඩකඩ මැනවින් විවර වී ඇත. ඒවා පසු පස යන අන්ධ අනුගාමිකයන් පිරිසක්ද ඊටත් වඩා පහසුවෙන් ඇති කරගැනීමටද එමගින් අවස්ථාව ලැබේ. මෙරට ඉතිහාසය නොදන්නා ජාතියක් ජම්මයක්, සභ්‍යත්වයක් නොමැති, පිදුරංගලට නැග සීගිරි අප්සරාවන්ට තමුන් නපුංසක බව පෙන්වා, මුහුණු පොතේ රටට පස්ස පෙන්නන අවජාතකයන් බිහිවන්නේ එවන් වටපිටාවකය. අනෙක් අතට "පොලවෙන් උපන් පඹයෙකු" ඉදිරියට දමාගෙන "බටලන්දේ බැංකු හොරෙකු" සහ "චෞර රැජිනක්" නැවත රජ කරවන්නට බටහිර සහ අසල්වැසි රටක තානාපති කාර්යාල බුද්ධි මෙහෙයුම් මගින් කඩේ යැවිය හැකි "කුර වංශයේ" ලක්ෂ 62 ක්ම සිටින රටක මෙවැනි අතේරෝල් බ්ලොග් කාරයන්ට, රාවණ බ්‍රදස්ලාට සහ මීවනපලානේලාට බුදුන් පමණක් නොව අවැසි නම් ජේසුතුමාවද ලංකාවේ අලුතින් ඉපැද්දවිය හැකිය. කෙසේ නමුත් අපගේ මෙම ලිපියේ ප්‍රස්තුතය සීගිරියේ සිංහයාය.
සිංහ පාදය

සීගිරියේ සිංහ පාදය අසලට ගොස් බැලූ විට එක්වරම ප්‍රමුඛව දිස්වන්නේ සිංහයාගේ එක් පාදයක ඇඟිලි තුනක් පමණි. මෙම කාරණය දුටු එක්තරා "රාවණා බ්ලොගෙකුට" අපූරුම අදහසක් ඇති වී ඇත. එතැන් සිට ඔහූ එය පදනම් කරගෙන අමුතුම කතාවක් ගොතාගෙන යයි. එම සම්පූර්ණ කතාවේ සාරාංශයක් හෝ මෙහි ඉදිරිපත් නොකරන්නේ එමගින් හෝ ඔවුන්ගේ මනස්ගාත අදහස් වලට ප්‍රචාරයක් නොදිය යුතු බැවිනි. අනෙක් අතට එම අදහස් ඕනෑවාටත් වඩා මේ රටේ ඉවක් බවක් නොමැතිව ජනප්‍රිය වන ඕනෑම කුණුගොඩක් වැලඳගන්නා අවිචාරවත් පරපුර අතරට ගොස් ඇත. කෙසේ නමුත් එම ඇඟිලි තුන සහ එහි ඇති උල් හැඩයෙන් යුතු නියපොතු නිසා කතන්දරය ගොතන්නේ සීගිරියේ සිට ඇත්තේ සිංහයකු නොව පක්ෂියෙකු නැතහොත් ගුරුලෙකු බවය. කතාව තවත් රසවත් කිරීමට සුද්දෙකුද දුෂ්ඨයකු කල යුතුය. එවිට මෙරට රැල්ලට යන "ජාති ආල පොරවල්ගේ" බොක්කටම කතාව ගිලා බසී. ඒ සඳහා මෙතැනදී දුෂ්ඨයා වන්නේ H.C.P. බෙල් ය. (රැල්ලට යන ජාති ආල පොරවල් ගැන මම මෙයට පෙර ලියූ සිංහලේ ලිපියේ Link>> මතු කල සැකය මේ වන විට සාධක සහිතව ඔප්පු වී ඇත. මේ වන විට හෙළිවන තොරතුරු අනුව "සිංහ - ලේ" ලෙසින් රැල්ලක් නිර්මාණය කල ප්‍රධාන චරිත සියල්ලම පොලිස් ඔත්තු කරුවන්ය. පාලකයන්ගේ දේශද්‍රොහී ගමනට එරෙහිව සැබෑ ජාතික විමුක්ති අරගලයක් බිහිවීම වැලැක්වීම හෝ එවන් සැබෑ අරගල වලට නිසි ප්‍රචාරය නොලැබීමට සැලැස්වීම සඳහා මෙවන් පුහු වීර චරිත මවන "ඩෑන් ලා සහ චෑන් ලා" වැනි ඊණියා දේශප්‍රේමින් කපටි පාලකයන්ට අවැසිය.  කිසියම් පැහැදිලි නැති හේතු සාධක මත ඔවුන් අතර මේ වන විට අරගලයක් මතු වී ඇත [හෝ අපට එසේ පෙන්වයි].  ඒ ඔස්සේ මේ කරුණු හෙලිවෙමින් පවතින බව පෙනේ. )

පෙර ලිපියකින්ද Link>> උපුටා දැක්වූ පරිදි සීගිරියේ සිංහයෙකු පිළිබඳව මුල්ම සඳහන හමු වන්නේ අපගේ ප්‍රධානම ඓතිහාසික මූලාශ්‍රය වන මහාවංශයෙනි. එය නැවතත් උපුටා දක්වමි.

":ඉක්බිති ඒ පාපී වූ කස්සප නමැති රජු....බියවී සීගිරියට ගියේය. මිනිසුන් විසින් අපහසුවෙන් නැගිය යුතු එය හාත්පසින් පිරිසිදු කරවා, ප්‍රාකාරයකින් වට කොට ඉණිමං සහිත ගෙවල් සිංහයකුගේ ආකාරයෙන් කරවීය. එහෙයින් සීගිරි (සීහගිරිං) නම් විය. 


කැටපත් පවුර
කාශ්‍යප රජුගෙන් පසුව හෝ එම ස්ථානයේ පැවති බවට ඇතැම් වියතුන් අනුමාන කරන මහායාන සංඝාරාමයේ පරිහාණි කාලයෙන් අනතුරුව සීගිරිය නැරඹීමට පැමිණි තත් කාලීන නරඹන්නන් තබා ගිය සීගිරි ගී වලින් හෙලිවන තොරතුරු එහි සිංහ රුවක් තිබූ බවට අනතුරුව හමුවන ප්‍රබලම සාධක වේ. මේ එම ගී සහ ඒවායේ අර්ථයයි.

1) අවුද් මුළු වෙ ගිරිහී යන වි අප මුළු විසිරි
    සිහිඳුන් සෙය හැඟැ අප සිහි වන්නට් සිහිගිරි

මෙහි පැමිණ මිනිසුන් එක්වී ගල මත ඒකරාශී වේ. සිංහ රජු මෙය වටහාගෙන මෙහි සිටින්නේ, අපට එම ඒකරාශී වීමෙන් වෙන්වී ඈතට යෑමට මෙනි. එසේම සිහිගිරි ය අපගේ මතකයට කාවැද්දීමටය. 

යුගය - 9 වන සියවසේ අවසාන භාගයේ හෝ 10 වන සියවසේ මුල් කාලය.

2) නැගී ඇති බලනට බැලිමි සිහිමියන් සිහිගිරි
    මනදොළ පුරය් ඇති බලනරිසි නොවෙ බෙයන්ද් රන්වන්

එහි ඇත්තේ කුමක්දැයි බැලීමට සිහිගිරි නැග්ගෙමි. සිංහ රාජයන් දැකීමෙන් මාගේ මනදොළ පිරිගියේය. ගුහාවේ සිටින රන්වන් ලියන් දැකීමට ආසාවක් නොවේ. 

යුගය - 9 වන සියවස

3) සීරජු යසස සිරී තුබූ මුළුලොව් පැතිරී
   නිලුපුල් ඇසුන් අසිරී බැලුමො සිහිගිරී

අපි සිහිගිරියේ ඔහුගේ යසස සහ විභූතිය මුළු ලොව පැතිරවූ සිංහ රජුද,  නිල් උපුල් වන් ඇස් ඇති අප්සරාවන්ගේ අසිරියද දුටිමු.

යුගය - 8 වන සියවස

4) දිගැස් ගිරිහිසැ හිඳි ඇවිද් මෙ ගල බැලුමො
බලමනා තක් ඇවිද් බැලුමො සි සිහිගිරී

මේ ගලට පැමිණ එහි මුදුනේ සිටින දිගැසියන් බැලුවෙමු. අප මෙහි පැමිණ සිහිගිරියේ සිංහයා බැලුවෙමු. ඒ සියල්ල බැලීමට වටිනවාය. 

යුගය - 9 වන සියවස

5) අතින් මල් ගත් කලූ මෙ දුට පවහි සිරෙ වෙයි
සිහිමියන් තමන් දුට නොවන්නෙ යි සිහි තමහට

අතින් මල් ගත් මේ අප්සරාව දුටු කල යමෙකු ගල මත සිර වේ. සිංහ රජු දුටුවද සිංහයා මතකයේ නොරැඳේ. 

යුගය - 8 - 9 සියවස්.
කැටපත් පවුරේ ගීයක්
මෙම සීගිරි ගී වලට අනුව අවම වශයෙන් 9 සියවස හෝ ඇතැම් විට 10 වන සියවසේ මුල් කාලය දක්වාම සිංහයෙකුගේ විශාල රූපයක් සීගිරියේ තිබී ඇත. මෙම ගී වලට අමතරව තවත් සීගිරි ගී කිහිපයකම මෙහි තිබූ සිංහ රූපයක් පිළිබඳව වර්ණනා දැක්වෙන මුත් පක්ෂියෙකු හෝ ගුරුලෙකුගේ රුවක් පිළිබඳව එකදු සඳහනක් වත් මේ දක්වා කියවා ඇති කිසිදු සීගිරි ගීයකින් හමු නොවේ. 

සීගිරියේ දක්නට ලැබෙන්නේ සිංහ පාද යුගලයක් බව ස්ඵූට කිරීමට මේ සාධක ඉහටත් උඩින් ප්‍රමාණවත් නමුත් එහි සිංහයාගේ ඇඟිලි තුනක් පමණක් දක්නට ලැබෙන්නේ ඇයිද යන්න පිළිබඳවද යමක් පැවසිය යුතුය. ලිපිය දිග වැඩිවන බවින් ඒ පිළිබඳව පසුව අවධානය යොමු කරමු. 

මූලාශ්‍ර
  • Sigiri Graffiti, S. Paranavitana, Vol 1 & 2, 1956
  • මහාවංස 2 වෙළුම, ක්‍රි.ව. 303-1815 මාගධී පෙළ සහ සිංහල අනුවාදය, නව සංස්කාරක චන්ද්‍ර වික්‍රමගමගේ, සිංහල අනුවාදය අරුණ තලගල, 2012
  • Sigiriya, City palace gardens monastries paintings, Senaka Bandaranayake, 2013


23 comments:

  1. What to do? Some people did not get the chance to drink mother's milk (they had imported cow's milk only)

    ReplyDelete
  2. මෙවැනි වැදගත් දේවලදි සංසන්ධනාත්මක දේශපාලනය බැහැර කරනවා නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට. ඔබ දේශපාලනය කියන දේ මගේ අර්ථකතනය අනුව "රට ජාතිය සහ ඒවායේ යහපැවැත්ම. මේ සියල්ලම ලියන්නේ ඒ සඳහායි. ඇතැම් විට එම දේශපාලනයට ( මගේ රට සහ ජාතියේ යහපැවැත්ම) ඔබ අකමැති ඇති. මට ඒකට කරන්න දෙයක් නැහැ. ඒ ඔබ ඒ දෙස බලන ඔබගේ දේශපාලන මතවාදය (හෝ ඇතැම්විට පක්ෂයක දක්වන ගැතිකම) නිසා වෙන දෙයක්. මේ රටේ ඉතිහාසය කියන්නේ, ජාතික උරුමය කියන්නේ මේ රටේ සභ්‍යත්වය ගොඩනගපු අතීත සිංහලයන්ගෙන් අපට උරුම උන දෙයක් එය අනාගතය සඳහා රැගෙන යාම තමා වර්තමාන දේශපාලනය කියන්නේ. වර්තමාන බටහිර සහ ඉන්දියානු හාම්පුතුන් විසින් මෙහෙයවන චීනයට රටේ කැබලි විකුනන කාලකන්නි රැල එම උරුමය, සභ්‍යත්වය විනාශ කරමින් රට සහ ජාතිය පාවාදෙන විට අතීතයෙන් ලැබුන දේ ගැන පමණක් ලියමින් ඉන්නට බැහැ.

      Delete
    2. දේශපාලන ගැත්තෙකු හෝ ඉත්තෙකු නොවෙමි.

      Delete
    3. සන්තෝසයි. නමුත් ජාතියක් ලෙස සිතන රටක් ගැන සිතන කෙනෙකු නම් ඒ ඇති. හැබැයි එතෙන්දී ඔබට වර්තමාන දේශපාලනයටද එකඟ වීමට හෝ නොවීමට සිදුවෙනවා

      Delete
    4. මේවා ගැන කතා කිරීමට යෑමෙන් ඔබත් මාත් අතර වසර ගණනවාක් තිස්සේ ඇති බ්ලොග් සම්බන්ධතාවය පලුදු කර ගැනීමට අකමැතිය. එසේ හෙයින් ඔබ ලියන මෙවැනි වැදගත් පෝස්ට් බලා දැනුමට යමක් එකතු කර ගැනීම/දැනුවත්වීම වටනේය. ස්තුතියි

      Delete
    5. ආන්න්න ඒකයි. ඔබ ඔබේ දේශපාලනය ඔබගේ බ්ලොග් එකෙන් පතුරනවා වගේම මම මගේ දේශපාලන මතය මගේ බ්ලොගයේ ඉදිරිපත් කරනවා. ඒක අපි දෙන්නගෙම අයිතිය එකෙකු අනෙකාගේ ඒ සඳහා වූ අයිතිය පිළිබඳව ප්‍රශ්න කල යුතු නැහැ. මා දන්නා තරමින් අඩු වැඩි වශයෙන් මගේ දේශපාලන කඳවුර නියෝජනය කරන්නන්ට නම් මේ වගේ දේවල් එක්ක මගේ දේශපාලන අදහස්ද එලියට එන එක ඉවසන්න පුළුවන්. එහෙම බැරි පුද්ගලයන් තමා භූමිතෙල් ගහපු ගැරඩි වගේ දගලන්න හිතෙන්නෙ ( ඔබ එසේ කියා මා පවසන්නේ නැහැ ) ඔබට ඇතැම් විට් මතක ඇති විචාරක කියලා අමනයෙක් හිටියා ( දෙයියන්ගේ පිහිටෙන් ඒ යකා දැන් පස් ගොඩක් යට ) මගේ මත ඉවසන්නම ඔහුට බැරි උනා. ඒ ඔහුගේ එක්සත් සමලින්ගිකයන්ගේ පක්ෂෙට තිබ්බ ගැති කම නිසා. ඒ අපතයා හින්දම මට මෙහි පලවන සියලු කොමන්ට් Approve කරලා දාන්න සිද්ද උනා. දැන් නම් එහෙම කට්ටිය කොහොමත් බ්ලොග් අවකාශයේ අඩුයි. මොකෝ උන් දහසක් බලාපොරොත්තු තියන් කඩේ ගිහිල්ල ගෙනාපු ජඩපාලනය දැන් උන්ට මරාට වඩා හොඳට අරින හින්ද. කොටින්ම ඇතැම් හිඟන්නන්ට ඉන්ටර්නෙට් යන්නත් බැරිවෙලා මොකෝ ඒවාගේ ගාස්තු එහෙම හොඳට අඩු කරලා ඒ මදිවට ෆ්‍රී වයිපයිත් දීලනේ තියෙන්නේ උන්ගේ පාන්ඩුව

      Delete
    6. Hey, take it easy guys.
      මට නම් ඉතිහාසය ගැන කතා කරන්න හා ඒ වගේම තම මතය සඳහා ඉතිහාසය වෙනස් හෝ විකෘති හෝ එක් පැත්තක් පමණක් පෙන්වන අයෙක් නොවන භූෂණගේ ලියවීම් කියවන්න මගේ කිසිම මතයක් බාධාවක් නොවේ.
      දේශපාලනය ගැන මගේ තියෙන්නේ නොගැඹුරු , අඩු, වෙනස්වනසුලු මත. මට හුඟක් ඉන්ටරෙස්ට් තිබෙන නිසා හා ඒවාට මා කැමති නිසා දේශපාලනය නොසලකා හැරීමට පුලුවන් දෙයක්. ඉඳලා හිටලා සමහර දේසපාලකයො ගැන තරහක් එන එක (ඒකත් වෙනස් වෙන දෙයක් ) මිසක් මට ඒ ගැන දිගටම ඉන්ටරෙස්ට් තියා ගන්න බෑ. No good politicians, only bad, worse and worst; and those labels change constantly. කොහොමත් මගේ ඉන්ටරෙස්ට් එක තියෙන්නේ භූෂණ වර්ථමානය ගැන කියන දේ ගැන නොවේ, අතීතය පමණයි. භූෂණ අතීතය ගැන ලියන දේ ඉතාම විශ්ලේශනාත්මකව ඔබ්ජෙක්ටිව් හා විද්යාත්මකව ලියනවා. වර්ථමානය ඈඳා නොගෙන අතීතය ලියනවා නම් තවත් වැඩියෙන් අතීතය ලියවෙන නිසා හොඳයි. ඒත් භූශණ ලිවිය යුත්තේ ඔහු කැමති විදිහට. ඒවායින් මං කැමති දේ ආසාවෙන් කියවනවා. I. basically, am a history lover (there are particular periods and areas I prefer, for example: Ancient Greece/Rome, Medieval Britain, Anuradhapura and Portuguese era SL, but I like any history. Bushana writes very well about history and I enjoy reading it.

      අපොයි ඔය ගුරුලා නෙමෙයි මොණරාගේ පාදයක් නේ. අපේ හෙල රාවණ අධිරාජ්‍යයා සෞරග්‍රහ මණ්ඩයම සිවිලයිස් කරලා , ජනාවාස ඇතිකරලා, ඔක්කොම නම් කරලා, තාක්ෂනේ දීලා ඇවිල්ලා සීගිරියට දඬුමොණරේ බැස්සුවනෙ. අනිත් එක හෙල රාක්ෂ ජාන තාක්සනෙන් සිංහයාටත් පියාඹන්න පුලුවන් විදිහට ඇති කරලා තිබ්බෙ. රාවණා රජතුමා එතුමාගේ විද්යාඥයන් ඊජිප්තුවේ සිංහයන්ව Sphinx කරලා ග්‍රීසියේ එවුන්ව Griffins කලා වගේ. ලංකාවෙ සිංහයන්ට මොණර පාද තිබුනෙ. සීගිරියේ තිබුන ජෙනටික් ටෙක්නොලොජි ලැබ් එකේ උපකරණ ඔක්කොම බෙල් හොරකම් කරලා ඉන්ගලන්තෙට ගෙනිහිල්ලා පස්සෙ ඇමරිකාවට යැව්වා.

      මේ දේශකතුමා.... රූමස්සල අයිනේ මුහුද යට තියන බෝවන රෝග පිලිබඳ පර්යේෂණ කල රාවණාගේ ලැබ් එක ගැන කාටවත් කියන්න එපා හොඳේ?

      ඒක නෙමෙය් භූෂණ , අපේ සමහර හෙල අය විජයබාහු, පරාක්‍රමබාහු වගේ රජවරු ගැන වැඩිය නොදන්නවා වුනාට රාවණා විතරක් නෙමෙයි කුම්භකර්ණගේ නැන්දම්මාට දෑවැද්දට ලැබුන හාබර් එකේ කස්ටම් ඔෆිසර්ස්ලා ගැනවුනත් තීසිස් එකක් ලියන්න තරම් දන්නවානෙ. අපි නොදන්නා පුරාවිද්යාත්මක සාධක, ලිය කියවිලි, සෙල් ලිපි ආදී කොයිතරම් විශාල මූලාශ්‍ර සම්භාරයක් ඇද්ද නේද?

      Delete
    7. ඔය රාවණා කතාව මම දකින විදියට නන් ඉන්දියානු ව්‍යාප්තවාදයේම තව කොටසක්. අනික් අන්තය තමයි තමන්ගේ ඉතිහාසය ඇති සැටියෙන් පිලිගැනීමට නොහැකි හීනමානය. පාසල් වලින් ඉතිහාසය විශය අයින් කිරීමේ ප්රතිපල තමයි මේ... කොහොම වෙතත් කාලයක් තිස්සේ බලන් හිටපු හොද ලිපියක්... තවත් මේවගේ ලිපි ලියන්න ශක්තිය ධෛර්‍ය ලැබේවායි පතමි...

      Delete
    8. ප්‍රා ඔබගේ අන්තිම ඡේදයේ සඳහන් කල දේ ගැන යමක් කියනවා ඔතන වැදගත් දෙය ඔය වගේ දේවල් දන්නවාය කියලා කියන කට්ටියගේ මානසිකත්වය නෙමේ. ඔවුන් එක්කෝ දැන දැනම ඔවුන් කියන දේවල් විශ්වාස කරන මැට්ටෝ ඕනේ තරම් මේ රටේ ඉන්න බව දැනගෙන කතන්දර හදන කපටි රැලක්. එහෙම දේවල කියන එකෙන් ඔවුන්ට ලැබෙන ප්‍රචාරය සහ පොතක් එහෙම ප්‍රකාශයට පත් කරල ලබන ආර්ථික වාසිය වෙනුවෙන් ඔවුන් එහෙම කතන්දර හදන්නේ. මට පේන විදියට එහෙම කෙනෙකුට තියෙන හොදම උදාහරනය ආචාර්ය යැයි තමාටම කියාගන්නා සූරිය ගුණසේකර (ඔහුගේ ආචාර්ය උපාධිය ලැබූ විශ්ව විද්‍යාලය ඔහු පමණයි දන්නේ ) තවත් සමහරු ඉන්නවා හදවතින්ම ඔවුන්ම කියන බොරු විශ්වාස කරන. ඒක එක්තර මානසික රෝගයක් කියලයි මට නම් හිතෙන්නේ. මොවුන් කිසිම පිළිගත හැකි සාධකයක් නොමැතිව කියන ප්‍රලාඵ විශ්වාස කරන අති බහුතරයක් වූ පිරිසත් මේ කියපු දෙවන ගණයේ අය කියලයි මට හිතෙන්නේ. ඔවුන් සැම විටම කිසියම් හීනමාන ස්වභාවයකින් පෙලෙනවා. අපි මෙහෙම හිටියට ඉස්සර මෙහෙමයි කියල හිතන එක ඔවුන්ට එක්තරාඅ අන්දමක මානසික සහනයක්. ඉස්ස්සර තිබ්බ විදිහත් ඒකේ උපරිමයෙන්ම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සුද්දන්ට කලින් දියුණු වාරි තාක්ෂණයක් තිබූ ජාතියක් කියනවා වගේ දේවල් ඔවුන්ට මදි ඔවුන්ට අවශ්‍ය අපි මුලින්ම න්‍යෂ්ඨික තාක්ෂණය රොකට් තාක්ෂණය ගුවන් යානය වගේ දේවල හැදුවා කියන ජාතියේ ලොකු ටෝක්ස්. ඒ විතරක් මදි දැනටත් අපිට මෝටර් රථ ඇංජිමක්වත් මේ රටේ හදා ගන්න බැරි උනාට සුද්ද අර මුලින් කියපු ජාතියේ ඒවා හැදුවෙත් අපේ පුස්කොල පොත් උස්සන් ගිහින් වගේ ගුප්ත ඇභිරහස් කතන්දරයකුත් ඒත් එක්කම එන්න ඕනේ. ඕවා ඇහුව්වම ඔය කියන මානසික රෝගය තියෙන අයගේ මයිල් කෙලින් වෙනවා. හැබැයි ජේතවනය දැක්කම යෝධ ඇලේ තාක්ෂණය ගැනැ ඇහැව්වම ඔවුන්ට එහෙම ගතියක් දැනෙන්නේ නැහැ. ඔන්න ඔය හේතුව නිසා විජයබාහුල පරාක්‍රමබාහුල මහසෙන්ල ඔවුන්ට පොරවල් නෙමේ. පොරවල් වෙන්න නම් දඩුමොණරයෙන් උඩින්ම යන්න ඕනේ. දෝලාවෙන් ගිහින් මහ වැව් හැදෙව්වට මදි.

      Delete
    9. ස්තූතියි ෂෙනාල්. හීනමාන තත්වය පිළිබඳව මම කොමන්ටුව ලියන අතරෙම ඔබත් එය කියා තිබුණා. පාසලේ ඉතිහාසය ඉගැන්වීම කලත් මම හිතන්නේ ඔය තත්වය මග හැරෙන්නේ නැහැ. මොකද මේ කියන ඉතිහාසය හදන කට්ටිය මුලින්ම කරන්නේ කිසියම් දුරකට සාධක සහිතව ගොඩනැගී ඇති ඉතිහාසයට පහර දීලම වැඩේ පටන් ගන්න එක. ඔවුන්ට අනුව මහාවංශය ලියැවෙන්නේම ඔවුන් කියන 'සැබෑ ඉතිහාසය' සඟවන්න. එහෙම කියපු ගමන්ම ඔය අපි කතා කරන කට්ටියට හෙන චූන් එකක් දැනෙනවා.

      Delete
  3. සියල්ලම වාණිජකරණය වූ විකෘති සමාජයක් තුල සත්‍යයට වැඩියෙන් ඉල්ලුමට සැපයුම ලබාදීම පහසු මෙන්ම ජනප්‍රිය සම්ප්‍රදාය බවට පත්ව ඇත

    ReplyDelete
  4. ඔන්න භූෂණට වැරදුනු තැන. ඔය තියෙන්නේ ගුරුලෙකුගේ පාදයක්. බොරු නම් බලන්ඩ වර්ගපූර්නිකාව. ඔය මහා වංශේ කියන්නේ මොකද්ද? ඒකෙ කොහෙද අපේ රාවණ රජ්ජුරුවෝ ගැන තියෙන්නේ? රාවණ රජ්ජුරුවෝ තමයි ඔය ගුරුලේක්ගේ හැඩයට සීගිරි කන්ද හැදුවේ. ඒ කාලේ ඔය කන්දට කිව්වේ ගුරුලාකන්ද. බොරු නං අපේ දිහා තියන මේ තාක් කවුරුවත් නොදැකපු පුස්කොලපොත් පෙන්නන්ඩ පුළුවන්....පුස් කොලපොත් අවුරුදු 40,000 තියනවද කියල කට කැඩිච්ච කතා කියන්ඩ එපා වස් වදිනවා. කාශ්‍යප කියන්නේ බෙල් ගේ වැඩේ කරපු ලංකාවේ මන්සුස්සයෙක් විතරයි. දෙන්නම උත්සාහ කලේ අපේ රාවණ රජ්ජුරුවන්ගේ අතීත ශ්‍රී විභූතිය මකලා දාන්ඩ. එව්වා කොහෙද? ඔය මහාවංශේ තියන ඔක්කොම බොරු...ඉන්ඩකෝ අපේ රාවණ රජ්ජුරුවෝ නැගිටිනකල්...අපි ආයෙත් හදනවා ගුරුලා....ශ්‍රී රාවණ සිද්ධම්!!!

    ReplyDelete
    Replies
    1. රාවණයන් ලෝන්ග් ඩිස්ටන්ට් ෆ්ලයිට්ස් සහ අබ්බවකාස තරණය සඳහා මොණර සමාගමේ යානා ගත්තට නාග ගෝත්‍රික කැරලි කරුවන් මර්ධනයට යොදා ගත්තෙ ගුරුලු ප්‍රහාරක ගුවන් යානා. ඉන්ගලන්ත ක්‍රිකට් ටීම් එකත් එක්ක ඇවිල්ලා ඉන්නවා ඒ ගැන හොයන්න ඔත්තුකාරයො
      https://www.news18.com/cricketnext/news/snake-on-the-pitch-england-team-practice-interrupted-by-a-cobra-in-sri-lanka-1909553.html

      Delete
    2. චැනල් මාරු කර කර ඉන්න වෙලාවක මාත් දැක්කා සියතෙද කොහෙද (මට චැනල් එක හරියටම මතක නෑ) රාවණා ගැන හෙන පොර ටෝක් වගයක් දුන්නා පොරක්..රාවණාව හෙට එක්කන් එන්න පුළුවන් වගේ පොර කතා කරේ.. :D

      Delete
  5. මේකෙ කමෙන්ට් ටික කියවල මගේ ඔලුවත් කැරකෙනව කලන්තෙ වගේ :)

    ReplyDelete
  6. බූෂණ, ඔයා හරිම වාසනාවන්තයි මේ වගේ විදග්ධ කට්ටියකගේ ප්‍රතිචාර ලබන්න. අපි ඔයාටත් වඩා වාසනාවන්තයි ඒවා කියවන්න!

    ReplyDelete
  7. ඔබගේ අදහස් වලට ගරු කරමි. ඉතා ගැඹුරු අධ්‍යාපනික වටිනා කමක් ඇත. සමහරු කියන දේ වලට ලේ කෝප වෙන්වා තමයි. ඒ වුණත් ආවේගශීලී නොවී පිළිතුරු දෙනමෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete