මලය යනුවෙන් ප්‍රදේශයක් වංශ කතාවේ මුල් වරට සඳහන් වනුයේ ලංකා ඉතිහාසයේ මුල්ම රජු ලෙස මහාවංශය හඳුන්වන විජය රජුගේ සමයේදීය. විජය රජුට දාව කුවේනි බිසවට උපන් දරු දෙදෙනා එම බිසවද සමගින් විජය රජු විසින් නෙරපූ කල්හී ඔවුන් ලංකාපුර නගරයට යන මුත් එහිදී එහි සිටි පුද්ගලයකු කුවේනිය මරා දැමූ බැවින් දරු දෙදෙනා සුමනකූටයට පලා යයි. ඉන්පසු රජුගේ අවසරය සහිතව ඔවුන් එම මලය පෙදෙසෙහි විසූ බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
සුමනකූටය
බුදුන්වහන්සේගේ පළමුවන ලංකාගමනයේදී සුමනකූඨ පර්වත වාසී මහාසුමන දෙවියන් සර්වඥයන් වහනසේගේ කේශ ධාතු තැන්පත් කර මහියංගනයේ ථූපයක් කල බව මහාවංශයේ සඳහන් වේ. එසේම උන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී සුමනකූඨය මතුයෙහි පා සටහන පිහිටවූ බවද පැවසේ. දුටුගැමුණු රජු සමයේ සුමනකූඨ පර්වතයේ භික්ෂූන් 900 වැඩහුන් බවත් දුටුගැමුණු රජතුමන් මලයමහාදේව තෙරණුවන්ට පිදූ ඇඹුල් සහිත තණ බත් දානය ඒ හිමියන් එම 900 භික්ෂූන් සමග වැලදූ බවත් වංශ කතාවේ පැවසේ.
පළමුවන විජයබාහු රජතුමන් සමන්තකූඨ පර්වතයේ පිහිටි මුනි රජුගේ පා සටහන වඳනා පිණිස යන මිනිසුන්ගේ දන් වැටුප් පිණිස හැල් කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය යන ගම දුන් බවද, කදලිගම හරහා යන මාවතේ සහ හූව රටේ සිට එන මගේ ගිමන් හල් සාදා ඒවායේ නඩත්තුව උදෙසා ගම් දී, ඒ ගම් අනාගත කාලයේ එන රජවරුන් නොගණිත්වයි අකුරු කොටලා ටැම් පිහිටවූ බවද මහාවංශයේ සඳහන් වේ.
කීර්ති නිශ්ශංක නම් රජු (නිශ්ශංකමල්ල) සිව්රඟ සෙනග සමග සමන්තකූඨ පර්වතයට ගොස් එය වැඳ පුදාගත් බව මහාවංශයේ සඳහන්ය. එමෙන්ම එතුමා විසින් පිහිටවූ සෙල්ලිපි කීපයකම ඔහු සමනොළ නැගි බව සඳහන්ය. >> Link නැවත දඹදෙනි යුගයේදී දෙවන පරාක්‍රමබාහු රජතුමන්ද චතුරංග බලසේනා ඇතිව සමන්තකූඨ නැග ශාස්තෘන් වහන්සේගේ පද ලකුණු වැඳ ඒ ගිර හාත් පස දස ගව් පමණ තැන් වූ දනව්ව එම ශ්‍රි පාදයට පිදූ බවද මහාවංශයේ විස්තර වේ.
මේ ආදී වශයෙන් සමන්තකූඨ, සුමනකූඨ, සමනොළ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන මලය රටේ වූ ස්ථානය කිසිදු සැකයක් නොමැතිව වර්තමානයේ අප ශ්‍රී පාදය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ පා සලකුණ පිහිටියේයැයි වන්දනාමාන ලබන කඳු මුදුන ලෙස හඳුනාගත හැක.
ඉහත ගිලීමලය ලෙස හැඳින්වෙන ප්‍රදේශය නොවෙනස්ව අද දක්වාද එම නමින්ම හඳුනාගත හැක. කදලිගම වර්තමාන කෙහෙල්ගමුව ලෙස හඳුනාගෙන ඇත. වංශ කතාවේ එන සඳහන තහවුරු කරමින් අඹගමුවෙන් සහ ගිලීමලෙන් හමුවී ඇති පළමුවන විජයබාහු රජු පිහිටවූ සෙල්ලි වල එතුමන් විසින් සමනොළ දක්වා එන රජරට මාර්ගයේ අවසන් ගව් පහ තුල ගව්වෙන් ගව්වට දානශාලා පිහිටුවා වන්දනාකරුවන්ට දන් දුන් බව සඳහන් වේ. මෙයින් අඹගමුව සෙල්ලිපිය කියවිය හැකි මුත් වචන කිහිපයක් හැර ගිලීමලය සෙල්ලිපිය කියවිය නොහැකි තරමට ගෙවී ගොස් ඇත (කෙසේ නමුත් එය අඩු වැඩි වශයෙන් අඹගමුව සෙල් ලිපියේම පිටපතක් බව හඳුනාගෙන ඇත.) අඹගමුව සෙල් ලිපියේ නොමැති ගිලීමලය, අගැවික වැව සහ වෙනත් වචන කිහිපයක් එහි හමුවේ.
අඹගමුව සෙල් ලිපිය සහ ශ්‍රී පාදයට පිදු ගම්
පළමුවන විජයබාහු රජතුමා ශ්‍රීපාදයට විල්බායේ කෙලගමුව, තිනියගල්, සොරගොඩ, බදුලු වනය, ලියවළ, උඩුහෝ යන ගම් සහ කළඟවෙල පිහිටි මකුළුමුල්, අඹගමුව,වැලිගම්පොළ, උලපනා යන ගම් පිදූ බව අඹගමුව සෙල් ලිපියේ සඳහන් වේ. එම ස්ථාන කිහිපයක්ම වර්තමානයේ හඳුනා ගත හැක.
විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
වංශ කතාවේ එසේ සඳහන් නොවුනත් සමනල කන්ද අවට පිහිටි මේ සියළු ප්‍රදේශ සමනල කන්ද අයත් වූ පුරාණ මලය රටට අයත් ව තිබූ බව පැහැදිලිය.
පොළොන්නරු යුගයේ මලය රට
දෙවෙනි ගජබාහු රජුට අයත් රජරට රාජධානියට පහරදීම අරඹන පරාක්‍රමබාහු සිය සටන අරඹන්නේ මහාමලය දේශය අයත් කරගනිමිනි. මහාමලය දේශය පිළිබඳව කදිම විස්තරයක් ඒ හා සම්බන්ධව මහාවංශයේ එයි. "නොයෙක් පර්වත දුර්ග ඇති බැවින්ද, චණ්ඩ සත්ව භයින්ද, දුකසේ බැස්ස යුතු වූ අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයෙන් යායුතු වූ අතිශයින් බියකරු වූ මිනිසුන් භක්ෂණය කරන්නා වූ කිඹුලුන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුනා වූ ..." ආදී ලෙසින් මහාවංශය මහාමලය දේශය හඳුන්වා දෙයි.
පරාක්‍රමබාහු කුමරා මහාමලයදේශයට අයත් යත්ථිකන්ද සහ දුම්බර ප්‍රදේශ අයත් කරගන්නේ එම පළාත් භාර ගජබාහුගේ දණ්ඩනායක රක්ඛ සෙනෙවියා ඔහු කෙරේ නම්මා ගැනීමෙනි. ඒ මගින් දුම්බර ප්‍රදේශය පහසුවෙන් යටත් කරගත් නමුත් යත්ථිකන්ද ප්‍රදේශය ගැනීම සඳහා රක්ඛ සෙනෙවියාට ගජබාහුගේ සේනා සමග පිළිවෙලින් තාලකෙත්ත, නාගපබ්බත, සුවණ්නදෝනි, රාමුච්චුවල්ලික, දෙමත්ථපාදත්තලි ආදි ගම් වලදි සටන් කිරීමට සිදුවිය. ඉන්පසු පරාක්‍රමබාහුගේ සේනා සයකෙත්ථක,රට්ඨබෙදුම සහ ධනුවිල්ලික යන ස්ථාන වල කරන සටන් වලින් අනතුරුව නිලගල්ලක ප්‍රදේශය යටත් කරගනිමින් ඉදිරියට යයි. ඉක්බිති ධනුමණ්ඩල සහ නිස්සේනික්කෙත්තක යන ප්‍රදේශ යටත් කරගනිමින් රක්ඛ සෙනෙවියා මජ්ජිමවග්ග ප්‍රදේශය ගැනීම සඳහා සටන් මෙහෙයවයි. එහිදී නිලගිර පාදක කරගනිමින් සටන් මෙහෙයවන හෙතම වාපිවාටක ප්‍රදේශය සහ මජ්ජිමවග්ග ප්‍රදේශ අල්ලා ගනී. ඉන්පසු රේරුපල්ලික ප්‍රදේශයද අත් පත් කරගනිමින් ඔවුන් පිවිසෙන්නේ කොසවග්ග ප්‍රදේශය යටත් කරගැනීමටය. ඒ සඳහා වූ සටන් වලදි සිසචින්නාකබෝධි යන ස්ථානයේ සටන් ඇවිලේ.එම ප්‍රදේශය අල්ලා ගැනීමත් සමගින් මලයදේශය පරාක්‍රමබාහුගේ අණසක යටතට පත්වූ බව වංශ කතාව පවසයි.
දුම්බර රට
ත්‍රීසිංහලයේ කඩඉම්පොතට අනුව මැදමහනුවර කන්දය, දියතලානුවර කන්දය, හුන්නස්ගිරි කන්දය යන කඳු තුන දුම්බර මායිම් වේ. වර්තමානයේද එම නම් ම භාවිතා වන මෙම කඳු මුදුන් තුන සීමා කරගනිමින් සහ එම මුදුන් පිහිටන කඳු පන්ති වලින් වටවූ මහවැලි ද්‍රෝණියේ සාපෙක්ෂව තැනිතලා ප්‍රදේශය පහත සිතියමේ දක්වා ඇති ආකාරයට හඳුනාගත හැක. පොළොන්නරු යුගයේද දුම්බර රට අඩු වැඩි වශයෙන් මෙම සීමාව තුල පිහිටි ජනාවාස වලින් සමන්විත වන්නට ඇත. අද වන විට එම ප්‍රදේශයෙන් අඩක පමණ ප්‍රමාණයක් නැතහොත් මුළු තැනිතලා ප්‍රදේශයම පාහේ වික්ටෝරියා ජලාශයට යටවී ඇත.
කෙසේ නමුත් ඉහත සඳහන් දුම්බර රට සහ යත්ථිකන්ද තුල තිබූ ස්ථාන කිහිපයක් වර්තමානයේද හඳුනාගත හැකිය. රාමුච්චුවල්ලික යනු තෙල්දෙණිය අසල පිහිටි රඹුක්වැල්ල ලෙසත් (රඹුක්වැල්ල නම් වූ ගමක් තෙල්දෙනියට නැගෙනහිර දෙසින්ද හමුවේ.), ධනුවිල්ලික යනු දුනුවිල ලෙසත් (හුනස්ගිරි කන්දට උතුරින්ද වෙනත් දුනුවිල නම් වූ ගමක් හමුවේ.) කොඩ්රිංටන් මහතා හඳුනාගෙන ඇත (සිතියම 2 බලන්න). සුවණ්නදෝනි යනු රන්දෙනිය විය හැකි මුත් වර්තමානයේ රන්දෙනිය නම් පෙදෙසක් මේ ප්‍රදේශයේ හමු නොවේ. නිල්ගල යන නම සහිත පෙදෙසක් තෙල්දෙනියට උතුරින් හමුවේ. නිලගිරි සහ/හෝ නිලගල්ලක යනු බොහෝවිට මෙම නිල්ගල විය හැක. පාතදුම්බරට අයත් උඩුගම්පහ කෝරලේ පිහිටි නාපාන, නාගපබ්බත බව කොඩ්රිංටන් මහතා හඳුනාගනී. එම නම අද එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාශයකට සීමා වී ඇත. මජ්ජිමවග්ගක යනු මැදිවක බවය කොඩ්රිංටන් මහතාගේ හඳුනාගැනීම (සිතියම 2). ක්‍රමයෙන් පරාක්‍රමබාහුගේ ආක්‍රමණ රජරට දෙසට යොමුවූ බව පෙනෙන බැවින් වාපිවාටක, රේරුපල්ලික සහ කොස්සවග්ග යන ප්‍රදේශ දුම්බරට උතුරින් මාතලේ ප්‍රදේශය දක්වා යොමු වූ නිම්න භූමියේ තිබූ ප්‍රදේශ ලෙසට අනුමාණ කල හැක.
මේ අනුව යත්ථිකන්ද වර්තමාන උඩු දුම්බර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු ප්‍රදේශය ලෙසත්, දුම්බර රට වර්තමාන පාත දුම්බර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසය ලෙසත්, නිලගල්ලක උඩු දුම්බර උතුරු ප්‍රදේශය ලෙසත්, උඩු දුම්බරට අයත් ගම්පහ කොරලේ පිහිටි මැදිවක අවට ප්‍රදේශය මජ්ජිමවග්ග ලෙසත් පරණවිතාන සහ නිකොලස් මහතුන් හඳුනාගනී.
සමාලෝචනය
මහාවංශයේ පරාක්‍රමබාහුගේ මලය රට අල්ලා ගැනීමේ සංග්‍රාමය පිළිබඳ වූ ඉහත විස්තරය ආරම්භයේදී 'මහාමලයදේශය' ලෙස එම ප්‍රදේශය හැඳින්වූවත් පසුව මුළු 'මලය දේශයම' අල්ලාගත් බව විනා මහාමලයදේශය අල්ලා ගත් බවක් නොකියවේ. මේ අනුව මහාමලය දේශය හා මලය දේශය එකම ප්‍රදේශයක් විනා ප්‍රදේශ දෙකක් නොවන බව පෙනේ. කෙසේ නමුත් පරාක්‍රමබාහුගේ සටන් පැවති ප්‍රදේශය මුලු මලය දේශයම නොව මලය දේශයේ ගජබාහු රජු යටතේ වූ කොටස පමණක් බව පෙනේ. දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පරාක්‍රමබාහු යටතේද එහි බටහිරට වන්නට වූ දක්ෂිණ දේශයට යාබද ප්‍රදේශය තිබුණා විය හැක. පොදුවේ පිළිගන්නා මතය වනුයේ මධ්‍යම කඳුකරය අයත් ප්‍රදේශය පුරාණයේ මලය දේශය ලෙස හැඳින්වූ බවය. කෙසේ නමුත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පවසනුයේ මායා රට ලෙස පසුව හැඳින්වූ ප්‍රදේශය මුල් යුගයේ හැඳින්වූයේ මලය රට ලෙස සහ එහි ඉහල කඳු ප්‍රදේශය මහාමලය දේශය ලෙස බවය. එම මතය පිළිබඳව සහ මලය දේශය පිළිබඳව තව දුරටත් ඉදිරියේදි විමසා බලමු.
මූලාශ්‍ර
සුමනකූටය
බුදුන්වහන්සේගේ පළමුවන ලංකාගමනයේදී සුමනකූඨ පර්වත වාසී මහාසුමන දෙවියන් සර්වඥයන් වහනසේගේ කේශ ධාතු තැන්පත් කර මහියංගනයේ ථූපයක් කල බව මහාවංශයේ සඳහන් වේ. එසේම උන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදී සුමනකූඨය මතුයෙහි පා සටහන පිහිටවූ බවද පැවසේ. දුටුගැමුණු රජු සමයේ සුමනකූඨ පර්වතයේ භික්ෂූන් 900 වැඩහුන් බවත් දුටුගැමුණු රජතුමන් මලයමහාදේව තෙරණුවන්ට පිදූ ඇඹුල් සහිත තණ බත් දානය ඒ හිමියන් එම 900 භික්ෂූන් සමග වැලදූ බවත් වංශ කතාවේ පැවසේ.
පළමුවන විජයබාහු රජතුමන් සමන්තකූඨ පර්වතයේ පිහිටි මුනි රජුගේ පා සටහන වඳනා පිණිස යන මිනිසුන්ගේ දන් වැටුප් පිණිස හැල් කෙත් ආදියෙන් සමෘධ වූ ගිලීමලය යන ගම දුන් බවද, කදලිගම හරහා යන මාවතේ සහ හූව රටේ සිට එන මගේ ගිමන් හල් සාදා ඒවායේ නඩත්තුව උදෙසා ගම් දී, ඒ ගම් අනාගත කාලයේ එන රජවරුන් නොගණිත්වයි අකුරු කොටලා ටැම් පිහිටවූ බවද මහාවංශයේ සඳහන් වේ.
ගිලීමලේට ශ්‍රිපාද කඳුවැටිය දිස්වන ආකාරය |
මේ ආදී වශයෙන් සමන්තකූඨ, සුමනකූඨ, සමනොළ ආදි විවිධ නම් වලින් හැඳින්වෙන මලය රටේ වූ ස්ථානය කිසිදු සැකයක් නොමැතිව වර්තමානයේ අප ශ්‍රී පාදය ලෙස හඳුන්වන බුදුන් වහන්සේගේ පා සලකුණ පිහිටියේයැයි වන්දනාමාන ලබන කඳු මුදුන ලෙස හඳුනාගත හැක.
කෙහෙල්ගමු ඔය නිම්නය |
පැරණි විල්බා ප්‍රදේශයේ ගම් |
පළමුවන විජයබාහු රජතුමා ශ්‍රීපාදයට විල්බායේ කෙලගමුව, තිනියගල්, සොරගොඩ, බදුලු වනය, ලියවළ, උඩුහෝ යන ගම් සහ කළඟවෙල පිහිටි මකුළුමුල්, අඹගමුව,වැලිගම්පොළ, උලපනා යන ගම් පිදූ බව අඹගමුව සෙල් ලිපියේ සඳහන් වේ. එම ස්ථාන කිහිපයක්ම වර්තමානයේ හඳුනා ගත හැක.
විල්බා යනු ගිණිගත්හේන ප්‍රදේශයෙන් දකුණු සහ ගිණිකොන දෙසට වන්නට පිහිටි වර්තමාන අඹගමුව කෝරළය බවත් කෙලගමුව වර්තමාන කෙහෙල්ගමුව බවත් (කෙහෙල්ගමුව යනුවෙන් ගමක් නොමැති මුත් කෙහෙල්ගමු ගල, කෙහෙල්ගමු ඔය සහ කෙහෙල්වරාව ගම ලෙසින් එය ශේෂ වි පවති.), තිනියගල් යනු වර්තමාන තිනියගල බවත්, සොරගොඩ වර්තමාන හොරකඩ බවත් නිකොලස් හඳුනාගනී. කළඟවෙල ප්‍රදේශය යනු වර්තමාන උලපනේ, නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය බවත් එහි පිහිටි ලෙස ඉහත සඳහන් වූ වැලිගම්පොළ, අඹගමුව යන ගම් අදද ඒ ආකාරයෙන්ම හමුවන අතර, උලපනා යන්න උලපනේ ලෙස වෙනස් වි ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
වංශ කතාවේ එසේ සඳහන් නොවුනත් සමනල කන්ද අවට පිහිටි මේ සියළු ප්‍රදේශ සමනල කන්ද අයත් වූ පුරාණ මලය රටට අයත් ව තිබූ බව පැහැදිලිය.
පැරණි කළඟවෙල ප්‍රදේශයේ ගම් |
දෙවෙනි ගජබාහු රජුට අයත් රජරට රාජධානියට පහරදීම අරඹන පරාක්‍රමබාහු සිය සටන අරඹන්නේ මහාමලය දේශය අයත් කරගනිමිනි. මහාමලය දේශය පිළිබඳව කදිම විස්තරයක් ඒ හා සම්බන්ධව මහාවංශයේ එයි. "නොයෙක් පර්වත දුර්ග ඇති බැවින්ද, චණ්ඩ සත්ව භයින්ද, දුකසේ බැස්ස යුතු වූ අන්‍ය මනුෂ්‍යයන්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයෙන් යායුතු වූ අතිශයින් බියකරු වූ මිනිසුන් භක්ෂණය කරන්නා වූ කිඹුලුන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුනා වූ ..." ආදී ලෙසින් මහාවංශය මහාමලය දේශය හඳුන්වා දෙයි.
පරාක්‍රමබාහු කුමරා මහාමලයදේශයට අයත් යත්ථිකන්ද සහ දුම්බර ප්‍රදේශ අයත් කරගන්නේ එම පළාත් භාර ගජබාහුගේ දණ්ඩනායක රක්ඛ සෙනෙවියා ඔහු කෙරේ නම්මා ගැනීමෙනි. ඒ මගින් දුම්බර ප්‍රදේශය පහසුවෙන් යටත් කරගත් නමුත් යත්ථිකන්ද ප්‍රදේශය ගැනීම සඳහා රක්ඛ සෙනෙවියාට ගජබාහුගේ සේනා සමග පිළිවෙලින් තාලකෙත්ත, නාගපබ්බත, සුවණ්නදෝනි, රාමුච්චුවල්ලික, දෙමත්ථපාදත්තලි ආදි ගම් වලදි සටන් කිරීමට සිදුවිය. ඉන්පසු පරාක්‍රමබාහුගේ සේනා සයකෙත්ථක,රට්ඨබෙදුම සහ ධනුවිල්ලික යන ස්ථාන වල කරන සටන් වලින් අනතුරුව නිලගල්ලක ප්‍රදේශය යටත් කරගනිමින් ඉදිරියට යයි. ඉක්බිති ධනුමණ්ඩල සහ නිස්සේනික්කෙත්තක යන ප්‍රදේශ යටත් කරගනිමින් රක්ඛ සෙනෙවියා මජ්ජිමවග්ග ප්‍රදේශය ගැනීම සඳහා සටන් මෙහෙයවයි. එහිදී නිලගිර පාදක කරගනිමින් සටන් මෙහෙයවන හෙතම වාපිවාටක ප්‍රදේශය සහ මජ්ජිමවග්ග ප්‍රදේශ අල්ලා ගනී. ඉන්පසු රේරුපල්ලික ප්‍රදේශයද අත් පත් කරගනිමින් ඔවුන් පිවිසෙන්නේ කොසවග්ග ප්‍රදේශය යටත් කරගැනීමටය. ඒ සඳහා වූ සටන් වලදි සිසචින්නාකබෝධි යන ස්ථානයේ සටන් ඇවිලේ.එම ප්‍රදේශය අල්ලා ගැනීමත් සමගින් මලයදේශය පරාක්‍රමබාහුගේ අණසක යටතට පත්වූ බව වංශ කතාව පවසයි.
හුන්නස්ගිරියට උතුරින් පිහිටි කොර්බට් ගැප් ස්ථානයට දිස්වන දුම්බර කඳු වැටිය |
ත්‍රීසිංහලයේ කඩඉම්පොතට අනුව මැදමහනුවර කන්දය, දියතලානුවර කන්දය, හුන්නස්ගිරි කන්දය යන කඳු තුන දුම්බර මායිම් වේ. වර්තමානයේද එම නම් ම භාවිතා වන මෙම කඳු මුදුන් තුන සීමා කරගනිමින් සහ එම මුදුන් පිහිටන කඳු පන්ති වලින් වටවූ මහවැලි ද්‍රෝණියේ සාපෙක්ෂව තැනිතලා ප්‍රදේශය පහත සිතියමේ දක්වා ඇති ආකාරයට හඳුනාගත හැක. පොළොන්නරු යුගයේද දුම්බර රට අඩු වැඩි වශයෙන් මෙම සීමාව තුල පිහිටි ජනාවාස වලින් සමන්විත වන්නට ඇත. අද වන විට එම ප්‍රදේශයෙන් අඩක පමණ ප්‍රමාණයක් නැතහොත් මුළු තැනිතලා ප්‍රදේශයම පාහේ වික්ටෝරියා ජලාශයට යටවී ඇත.
මේ අනුව යත්ථිකන්ද වර්තමාන උඩු දුම්බර ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයේ දකුණු ප්‍රදේශය ලෙසත්, දුම්බර රට වර්තමාන පාත දුම්බර ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසය ලෙසත්, නිලගල්ලක උඩු දුම්බර උතුරු ප්‍රදේශය ලෙසත්, උඩු දුම්බරට අයත් ගම්පහ කොරලේ පිහිටි මැදිවක අවට ප්‍රදේශය මජ්ජිමවග්ග ලෙසත් පරණවිතාන සහ නිකොලස් මහතුන් හඳුනාගනී.
සමාලෝචනය
මහාවංශයේ පරාක්‍රමබාහුගේ මලය රට අල්ලා ගැනීමේ සංග්‍රාමය පිළිබඳ වූ ඉහත විස්තරය ආරම්භයේදී 'මහාමලයදේශය' ලෙස එම ප්‍රදේශය හැඳින්වූවත් පසුව මුළු 'මලය දේශයම' අල්ලාගත් බව විනා මහාමලයදේශය අල්ලා ගත් බවක් නොකියවේ. මේ අනුව මහාමලය දේශය හා මලය දේශය එකම ප්‍රදේශයක් විනා ප්‍රදේශ දෙකක් නොවන බව පෙනේ. කෙසේ නමුත් පරාක්‍රමබාහුගේ සටන් පැවති ප්‍රදේශය මුලු මලය දේශයම නොව මලය දේශයේ ගජබාහු රජු යටතේ වූ කොටස පමණක් බව පෙනේ. දක්ෂිණ දේශයේ පාලකයා ලෙස පරාක්‍රමබාහු යටතේද එහි බටහිරට වන්නට වූ දක්ෂිණ දේශයට යාබද ප්‍රදේශය තිබුණා විය හැක. පොදුවේ පිළිගන්නා මතය වනුයේ මධ්‍යම කඳුකරය අයත් ප්‍රදේශය පුරාණයේ මලය දේශය ලෙස හැඳින්වූ බවය. කෙසේ නමුත් මහාචාර්ය සිරිමල් රණවැල්ල මහතා පවසනුයේ මායා රට ලෙස පසුව හැඳින්වූ ප්‍රදේශය මුල් යුගයේ හැඳින්වූයේ මලය රට ලෙස සහ එහි ඉහල කඳු ප්‍රදේශය මහාමලය දේශය ලෙස බවය. එම මතය පිළිබඳව සහ මලය දේශය පිළිබඳව තව දුරටත් ඉදිරියේදි විමසා බලමු.
මලය දේශයට අයත් ලෙස ඉහත හඳුනා ගත් සියළු ප්‍රදේශ |
- University of Ceylon History of Ceylon Volume 1, Part 2, 1960.
- The Polonnaruva Period, A Special issue of The Ceylon Historical Journal, Edited by S.D. Saparamadu
- Nicholas C.W. 1963, Historical Topography of Ancient and Medieval Ceylon, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, New Series, Volume VI, Special Number.
- Chulavamsa, Being the more recent part of the Mahavamsa, Translated by Wilhelm Geiger And from the German into English by C. Mabel Rickmers, 1929
- මහාවංශය සිංහල - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- Archaeological Survey of Ceylon, Inscriptions of Ceylon Volume VI, G.S. Ranawella, 2007
- The Mahavamsa or The Great Chronicle of Ceylon, Translated into English by Wilhelm Geiger, 1950
- Mahavamsa The Great Chronicle of Sri Lanka, An Annotated new translation with Prolegomena by Ananda W. P. Guruge, 2005.
- කඩඉම්පොත් විමර්ශනය, H. A. P. අභයවර්ධන, 1996.
- සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක්, සී. ඩබ්ලිව්. නිකොලස්, ඇස්. පරණවිතාන, පරිවර්තන සංස්කාරක, ඇස්. බී. හෙට්ටිආරච්චි, 2005
- මායා රට ඉතිහාසය, සිරිමල් රණවැල්ල, 2016
- The national Atlas of Sri Lanka, Survey Department, 2007
- Notes on Ceylon Topography in the Twelfth Century, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXIX, No 75, 1922
- Notes on Ceylon Topography in the Twelfth Century II, H.W. Codrington, Journal of the Ceylon Branch of the Royal Asiatic Society, Vol XXX, No 78, 1925
- Village List