එම ලිපියට මෙතනින් පිවිසෙන්න Link >>
Saturday, August 1, 2020
ඉර නොබසිනවායැයි කී අධිරාජ්‍යයේ නිලමේතුමාලා කුරුනෑගල යුගයේ මෙරට ඉදි කල නගරශාලාව සොයාගනී
මෙතෙක් කල් මෙරට සංස්කෘතික උරුමයන් ලෙස පැහැදිලි සාදක සහිත ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථාන මුස්ලිම් සහ දමිල ජාතිවාදින් මෙන්ම දේශපාලකයන්ගේ අනුදැනුම සහිතව ව්‍යාපාරික අවස්ථා සඳහා විනාශ කරද්දි (උදාහරන වශයෙන් හිටපු ජඩපාලන ඇමතියා කලුදිය පොකුණ පරිශ්‍රයේ කටාරම් සහ සෙල්ලිපි සහිත ගල් ගුහා ඒවායේ තිබු බ්‍රාහ්මි සෙල්ලිපි ග්ර්යින්ඩර් කර හෝටල් ව්‍යාපෘතියකට පැවරිම ආදිය සිදුවද්දි) වගේ වගක් නැතුව සිටි, මා විසින් මේ ලිපි වල අපතයන් ලෙස හදුන්වන මෙරට විජාතික දේශපාලන පක්ෂ වල වහල්ලු (එම පක්ෂ මොනවාදැයි මගේ පෙර ලිපි කියවපු අය දන්නා බැවින් මෙහිදී නැවත සදහන් නොකරමි) පසුගිය සති කිහිපයේ හදිස්සියේ ඇති වූ ජාති ආලයකින් ඔද වැදි සිටියහ. ඒ තව දින කිහිපයකින් ජනතා ඡන්දයෙන් යන එන මන් නැති ලෙසට ඉල්ලන් කැමට නියමිත ඔවුන්ගේ පක්ෂ අවසාන මොහොතේ හෝ ඉන් මුදවාගැනීමට නොහැකි නම් ජාතික කඳවුරේ ජයග්‍රහනය හෝ අවම කරගැනිමට උපකාරි විය හැකි සිදුවිමක් කුරුණැගල ඔලමොට්ටල නගරාදිපතියා විසින් ඔවුන්ට ලබා දුන් බැවිනි. පෙර ලිපි දෙකකින්ම මා පෙන්වාදුන් පරිදි නගරාධිපතියා ඩෝසර් කල බුවනෙක හෝටලය කිසිසේත්ම බුවනෙකබාහු කෙනෙක් තබා අවම වශයෙන් 1815 න් පෙර යුගයකටවත් අයත් නොවන ඉදිකිරිමකි. මා අනුමාන කලේ එය බ්‍රිතාන්‍යය යුගයේ ඉදිකිරිමක් වීමට ඉඩ ඇති බවය. මේ වන විට ඒ බව ඉතාමත්ම පැහැදිලි ලෙස කරුණු සහිතව හෙලි කර ඇත. ඒ පර්යේෂකයෙකු, සහොදර බ්ලොග් කරුවෙකු සහ මිතුරෙකු වන ධනේශ් විසුම්පෙරුම මහතා විසිනි. ඔහුගේ ලිපියේ නිගමනය හෝ එහි අන්තර්ගතයෙන් කිසිවක් උපුටා ගැනිමකින් තොරව එහි යොමුව පමණක් පහත දක්වමි. කියවා දැනුවත් වන්න. විජාතික අපතයන්ගේ ජාති ආලයේ ගොදුරක් වුනි නම් ඉන් මිදෙන්න.
Subscribe to:
Post Comments (Atom)
සබැඳිය ගැන ස්තූතියි.
ReplyDeleteThis so funny, no one want see the facts, only see Green Blue or Red (none are so blind than those who refuse to see) Wijebahu
ReplyDelete+++++++++
ReplyDelete